Make Money Online සඳහා හොඳම ක්‍රම 5ක්

Make Money Online සඳහා හොඳම ක්‍රම 5ක්

Make Money Online ක්‍රම මඟින් දැන් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන්. ඒ නිසා කොහේ හිටියාත් පහසුවෙන් මුදල් හම්බ කරන ක්‍රම ගැන දැනුවත් වෙන්න.

ඔබත් Online මුදල් උපයන්නේ කොහොමද කියලා හොයනවාද? හොඳම Make Money Online ක්‍රම 5ක් ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

අද කාලේ හැමදේටම සල්ලි ඕන වෙනවා. හැමෝම මුදල් හොයාගන්න විවිධ ක්‍රම ගැන උනන්දු වෙන්නේ ඒ නිසාමයි.  අද තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝදෙනා මුදල් හම්බ කරන්‌නේ Online ක්‍රමය හරහායි. Make Money Online දැන් කවුරුත් අතර ජනප්‍රිය ක්‍රමයක්.  ඔබත් Online මුදල් හම්බ කරන්න හිතනවා නම්, Online Money Making Strategies ගැන දැනගෙන ඉන්න වෙනවා.

ගොඩාක් දෙනෙක්ගේ මුදල් උපයන ප්‍රධාන මාර්ගය වෙලා තියන්නේ Online ක්‍රමයයි. ඒ වගේම ඇතම් දෙනා රැකියාවක නිරත වෙන ගමන් අමතර අදායම් මාර්ගයක් හැටියටත් Online මුදල් හම්බ කිරීම තෝරාගෙන තියනවා. Proven Ways to Make Money Online ක්‍රම ගැන අපි මේ ලිපියෙන් දැනගනිමු.

Online භාණ්ඩ විකිණීම

Online මුදල් උපැයීමට හැකි හොඳම ක්‍රමයක් වන්නේ Online Products අලෙවි කිරීමයි.  මේ සදහා ඔබට විශ්වාසවන්ත Platform එකක් තෝරාගන්න වෙනවා. Online Products අලෙවි කළ හැකි හොඳම Platform එක ලෙස Daraz හඳුන්වාදෙන්න පුළුවන්. e – commerce හා නිවසේ සිට Online මුදල් ඉපැයීම ගැන උනන්දුවක් දක්වන අයට Darazහි විකුණුම්කරුවෙක් බවට පත්වීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදාකරගත හැකි වෙනවා. Daraz යනු විකුණුම්කරුවන්ට තමන්ගේම Store එකක් හදාගෙන මිලියන 3කට අධික පාරිභෝගිකයන් වෙත ළඟා වීමට ඉඩ සලසාදෙන වේදිකවකි.

Online විකුණුම් Daraz සමඟින් අරඹන්න

Darazහි විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට කිසිඳු ලියාපදිංචි ගාස්තුවක් අය‌ නොකෙරෙන අතර ඔබට කොමිස් මුදලක් ගෙවීමට සිදුවන්නේ Platform එකේ විකුණන විට පමණි.

Darazහි විකුණුම්කරුවෙකු ලෙස සාර්ථක වීමට මෙම කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

  • හොඳම කොලිටියේ නිෂ්පාදන ලැයිස්තුගත කරන්න.
  • පාරිභෝගිකයන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබාදෙන්න.
  • Search visibility මත Products Optimize කරන්න.

Daraz සමඟින් සම්බන්ධ වී වැඩි අදායමක් උපයන්න.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ගැන දැනගන්න. ලියාපදිංචි කිරීමේ අයඳුම්පත මෙතනින් හෝ Daraz Desktop වෙබ් අඩවියේ ඉහළින් හෝ Daraz App එකේ පහළින් හොයාගන්න පුළුවන්.

  • ඔබේ දුරකථන අංකය ඇතුළත් කර ගිණුමක් සකසන්න. OTP අංකය ලබාගැනීමට දකුණු දෙසට toggle කරන්න.
  • ඔබේ දුරකථන අංකය Verify කරන්න. OTP අංකය ඇතුළත් කරන්න.
  • ‘ගිණුමක් සකසන්න’ Click කරන්න.
  • ඊළඟට ඔබේ ගිණුම Verify කිරීමට Profile, ලිපිනය, හැඳුනුම්පත් අංකය, බැංකු විස්තර වැනි Seller verification තොරතුරු පිරවිය යුතුයි.
  • ඔබේ ගිණුමට නිෂ්පාදන එකතු කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පුරවන්න.
  • ඔබේ ගිණුම Verify වූ පසු, ඔබට Darazහි විකුණුම් කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ.

Drop Shipping ව්‍යාපාරයක් ඇරඹීම

ඩ්‍රොප්ෂිපින්ග් කියන්නෙත් දැන් Online මුදල් උපයන ජනප්‍රිය ක්‍රමයක්. මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාර දෙකක් තියනවා.  සිල්ලර වෙළෙන්දකු විසින් නිෂ්පාදකයකු හෝ තොග ගබඩාවක් සමග සම්බන්ධතාවක් ඇති කරගෙන, තමාගෙන් පාරිභෝගිකයා ඇණවුම් කරන දේ ඔවුන් වෙත ඉදිරිපත් කොට ඍජුව ලබාදීමට ඉඩ සැලසීම එක් ක්‍රමයක්. අනෙක් විදිය නම්, තමා වෙත ලබාගෙන නැවත පාරිභෝගිකයන් වෙත යැවීමයි.එහිදී වැඩිපුරම සිදුවන්නේ මෙම ක්‍රමයයි. පාරිභෝගිකයා සිල්ලර වෙළෙන්දාගේ Online store එකෙන් නිෂ්පාදනයක් ඇණවුම් කරයි. සිල්ලර වෙළෙන්දා auto හෝ manually ඇණවුම සහ පාරිභෝගික තොරතුරු ඩ්‍රොප්ෂිපින් කරන සැපයුම්කරු වෙත යොමු කරයි. ඩ්‍රොප්ෂිපින් සැපයුම්කරු සිල්ලර වෙළෙන්දාගේ නමින් ඇණවුම ඍජුවම පාරිභෝගිකයාට යැවීම මෙහිදී සිදු වේ.   

Drop Shipping හරහා සාර්ථක වීමට ඉහළ ඉල්ලුමක් තියන නිෂ්පාදන තේරාගත යුතු වෙනවා. මේ සඳහාත් ඔබට Daraz සමඟින් සම්බන්ධ වීමට පුළුවන්.

Online Freelance වැඩවල නිරත වීම

ඇතැම් දෙනා පුර්ණ කාලීන රැකියාවක නිරත වෙන්න කැමැත්තක් දක්වන්නේ නෑ.  ඔවුන් බොහෝවෙලාවට තෝරගන්නේ නිදහසේ වැඩ කිරීමේ ක්‍රමයයි (Freelance work). දැන් Online නිදහසේ වැඩ කිරීමේ අවස්ථා රැසක් තියනවා. ඒ වගේම පූර්ණ කාලීන රැකියාවක නිරත වෙන කෙනෙක්ට වුණාත් අමතර ආදායමක් ලබන්න Freelance වැඩ කරන්න පුළුවන්. ඔබට ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස, පිටපත් රචකයෙක් ලෙස නිදහස් රැකියා අවස්ථා තෝරාගැනීමේ ඉඩකඩ පවතිනවා. ඔබට පූර්ණකාලීන රැකියාවක නිරත වෙද්දි උපයන මාසික ආදායමට සමාන හෝ ඊට වඩා වැඩි මුදලක් හෝ ඇතැම්විට Freelance වැඩ කිරීමෙන් ඉපැයිය හැකි වෙනවා. Make Money Online සඳහා තවත් හොඳම ක්‍රමයක් ලෙස Freelance වැඩ කිරීම හඳුන්වාදෙන්න පුළුවන්කම තියනවා.

Blog හෝ YouTube නාලිකාවක් පටන් ගැනීම

ඔබට ලිවීමේ හැකියාව තියෙන කෙනෙක්ද? එහෙනම් Proven Ways to Make Money Online සඳහා තවත් හොඳම අවස්ථාවක් තමයි වෙබ් අඩවියක් සමඟ සම්බන්ධ වෙලා ලිපි ලිවීම. ඒ වගේම තමන්ගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරලාත් ලිපි ලියලා පළ කරලා පුළුවන්. හැබැයි මේ ක්‍රමයේදී බ්ලොග් එක පාඨකයන් අතර ජනප්‍රිය වුණාට පස්සේ තමයි මුදල් උපයන්න පුළුවන් වෙන්නේ.

YouTube කියන්නෙත් අද කාලේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ජනප්‍රිය ක්‍රමයක්. YouTube නාලිකාවක් හරි විදියට ආරම්භ කළොත් විශාල ආදායමක් වගේම නොසිතූ ජනප්‍රියත්වයක් පවා ලබන්න හැකි වෙනවා.  මේ සඳහා මුලින්ම Food, Travelling, Craft, Jokes වගේ තමන්ට පහසු, කැමති වි​ෂයක් තෝරගන්න ඕන. ඊටපස්සේ චැනල් එක ආරම්භ කරලා අදාළ විෂයට අනූව සකස් කරපු වීඩියෝ පළ කරන්න තමයි තියන්නේ. මුදල් ලැබෙන්නේ ජනතාව ඒවා බලන්න පටන් ගත්තාට පසුවයි. ඒ නිසා චැනල් එක ටිකක් Promote කරන්න වෙනවා. කාලයක් යද්දි ලිමිට් එකෙන් පස්සේ ලැබෙන Viewsවලට අනූව YouTube ආයතනයෙන් ඔබට ගෙවීම් කරනවා.

අනුබද්ධ අලෙවිකරණය (Affiliate Marketer)

අන්තර්ජාලය හරහා මුදල් ඉපැයිය හැකි තවත් හොඳම ක්‍රමයක් වන්නේ අනුබද්ධ අලෙවිකරණයයි (Affiliate Marketer). නිශ්චිත පුද්ගලයකු හෝ සමාගමක් විසින් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබද්ධ අලෙවිකරුවෙකු කොමිස් මුදලක් උපයන ක්‍රියාවලිය  අනුබද්ධ අලෙවිකරණය ලෙස හඳුන්වනවා. මෙහිදී ඔබට අවශ්‍ය වන්නේ ඔබ විකිණීමට කැමති නිෂ්පාදනයක් සොයා ගැනීම, එම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ ඔබ සාර්ථකව අලෙවි කරන ඕනෑම නිෂ්පාදනයකින් ලාභයක් උපයා ගැනීම පමණි.

අනුබද්ධ අලෙවිකරණ සමඟ බ්ලොග් ලිවීමේ අවස්ථාවත් පවතිනවා. පසුව ඔබේ අනුබද්ධ වැඩසටහනේ කොටසක් වන නිෂ්පාදන ප්‍රචාරණය කිරීම හෝ සම්බන්ධ කරනවා. ඔබේ එක් Link එකකින් නිෂ්පාදනයක් ක්ලික් කිරීමෙන් පසු ඔබේ බ්ලොග් පාඨකයන්ගෙන් එක් අයෙකු මිල දී ගන්නා සෑම අවස්ථාවකම, ඔබේ උත්සාහය සඳහා ඔබට කොමිස් මුදලක් ලැබේ. එසේම, අනුබද්ධ අලෙවිකරණය යනු ඔබ බ්ලොග්කරුවෙකු නම් හෝ ඔබේ ඊ-වාණිජ්‍ය වෙළඳසැළ සඳහා වෙළඳ නාම බ්ලොග් එකක් තිබේ නම් මුදල් ඉපැයීමේ ප්‍රධාන ක්‍රමයකි. ආරම්භකයින් සඳහා එය සැමවිටම හොඳම නොවන නමුත්, SEO සඳහා දක්ෂතාවයක් ඇති නිදහස් ලේඛකයින්ට උසස් තත්ත්වයේ සන්නාම සහ ඩිජිටල් නිෂ්පාදන සමඟ හවුල් වීමෙන් ශක්තිමත් ආදායම් මාර්ගයක් වර්ධනය කරගත හැකි වෙනවා.

මේ සියලු ක්‍රම මඟින් ඔබට ගෙදර හෝ ඕනම තැනක සිට Make Money Online කටයුතුවල නිරත වීම සඳහා අවස්ථාව තියනවා.  Online Money-Making Strategies පිළිබඳ අවධානය යොමු කරලාම මේ අතරින් ඔබට පහසු හොඳම ක්‍රමය තෝරාගන්න. Online ඔබේ Products විකුණන්න ක්‍රමයක් හොයනවා නම් අදම Daraz විකුණුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php