ලේසියෙන් කෑම වර්ග හදාගන්න අවශ්‍ය Cookware Essentials

ලේසියෙන් කෑම වර්ග හදාගන්න අවශ්‍ය Cookware Essentials

විවිධ කෑම වර්ග ගෙදරදීම පහසුවෙන් හදාගන්න Cookware Essentials යොදාගන්න පුළුවන්. කඩෙන් මිලදී ගන්න කෑම ගෙදරදීම හදාගන්න පුළුවන් නම් වඩාත් රසවත් වෙනවා.

ඔයාත් ගෙදරදීම විවිධ කෑම වර්ග හදාගන්න  Cookware Essentials සොයනවාද? ඔයාගේ කුස්සියට අවශ්‍ය වන Kitchen Cookware Essentials ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

ඉඳිආප්ප, පිට්ටු,‌ ආප්ප වගේ කෑම වර්ග බොහෝදෙනා අතර ජනප්‍රියයි. උදේ කෑමට පාන්, බත්වලට අමතරව මේ වගේ කෑම ජාති එකතු කරගන්න කවුරුත් කැමතියි.  මේ කෑම ගෙදරදී හදාගන්නවාට වඩා ගොඩාක් දෙනෙක් ලේසියට කරන්නේ කඩෙන් මිලදී ගැනීමයි. ඒත් කඩෙන් ගනිද්දි අපිට රසවත් බව, පිරිසිදු බව ගැන ලොකු විශ්වාසයක් තියාගන්න බෑ. මේ වගේ කෑම ගෙදරදී හදාගන්න පුළුවන් නම් ප්‍රණීත කෑමවල මිහිර විඳින්න පුළුවන්.

ඉඳිආප්ප, පිට්ටු,‌ ආප්ප වගේ කෑම ගෙදරදී හදාගන්න නම්,  Cookware Essentials අපිට අවශ්‍ය වෙනවා. ඔයාගේ Cookware Essentials list එකට එකතු කරගන්නම අවශ්‍ය Best Cooking Items ටිකක් හඳුන්වලා දෙන්න අපි අද හිතුවා.  

ඇැතම් අය ඉඳිආප්ප, පිට්ටු, තෝසෙ වගේ කෑම ජාති කන්න ප්‍රිය කරනවා වගේම තවත් පිරිසක් උදේ කෑමට හදාගන්නේ පෑන් කේක්, පැටිස්, රෝල්ස් වගේ කෙටි කෑම. නිවසක විවිධ විදියේ කෑම වර්ග කන්න ප්‍රිය කරන අය ඉන්න නිසා මේ හැමෝටම ගැළපෙන්න කෑම හදන්නත් එපැයි. මේ සියලු කෑම වර්ග ලේසියෙන් හදාගන්න අවශ්‍ය Cooking  Essentials ටික ඔයාගේ මුළුතැන්ගෙයි තියාගන්න. ඉඳිආප්ප වංගෙඩි, පිට්ටු බම්බු, ආප්ප තාච්චි වගේ Cookware Essentials උපකරණ දැන් Online order කරලා ගෙන්නගන්න පුළුවන් කියලා ඔයා දන්නවාද? මෙවැනි උපකරණ සොයාගන්න Daraz සමඟින් Shop කරන්න.

Idly Pot

Click to Buy

උදේ කෑමට ඉඩ්ලි කන්න ඔයා කැමතියිද? සයිවර් කඩේකට ගියාම කන්න තියන කෑම අතරින් ඇතැම් අය විශේෂයෙන්ම කැමති කෑමක් තමයි ඉඩ්ලි.  ඔයා ගාව Idly Pot එකක් තිබුණොත් රසවත් විදියට ඉඩ්ලි ගෙදරදීම හදාගන්න පුළුවන්. ගෙදර හැමෝටම රස බලන්න එකවර ඉඩ්ලි වැඩි ප්‍රමාණයක් හදාගන්න මේ වගේ Aluminum Idly Pot එකක් ඔයාගේ කුස්සියට අවශ්‍ය උපකරණ අතරට එක්කර ගමුද?

String Hopper Maker

Click to Buy

ගෙදරදී ඉඳිආප්ප හදාගන්න නම්, ඉඳිආප්ප වංගෙඩියක් වගේම ඉඳිආප්පු තට්ටු අත්‍යවශ්‍යම උපකරණ වෙනවා. වැඩි කාලයක් පාවිච්චි කරන්න නම් මේ වගේ උපකරණ මිලදී ගනිද්දි හොඳ කොලිටියෙන් තෝරගන්නත් අමතක කරන්න එපා. පහසුවෙන් හා ඉක්මනින් ඉඳිආප්ප හදාගන්න ඇලුමිනියම් වංගෙඩියක් හා ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු තියන සෙට් එකක් අඩුම මිලට ලේසියෙන් සොයාගන්න. උදේ කෑමට වගේම රෑ කෑමටත් ගොඩාක් දෙනෙක් ඉඳිආප්ප එකතු කරගන්න නිසා මේ වගේ උපකරණ ගෙදර තියන එක ඔයාට ප්‍රයෝජනවත් වේවි.

Pittu Maker

Click to Buy

ඔයා පිට්ටු කන්න කැමති කෙනෙක්ද? පිට්ටු එහෙමත් නැත්නම් කේරලෙන් මෙහෙට ආව පුට්ටු කියන්නෙ රෑ කෑමක් විදියටයි උදේ කෑමක් විදියටයි ලංකාවෙ අපි අතර සෑහෙන ජනප්‍රිය කෑමක්. හරිම විදියට හාල් පිටිවලට පොල් කලවම් කරලා හදන මේ පිට්ටුවේ එක එක ප්‍රභේද දැන් තියෙනවා. ඉතිං කඩෙන් ගිහින් පිට්ටු ගන්නවාට වඩා ගෙදරදීම පිට්ටු හදාගන්න පුළුවන් නම් වැඩියෙන් රසවත් වේවි. පිට්ටු හදන්න පිට්ටු බම්බුව කියන්නේ නැතුවම බැරි උපකරණයක්. ඔන්න පිට්ටු බම්බුත් දැන් ඔයාට Online මිලදී ගන්න අවස්ථාව තියනවා. 

Roti Maker

Click to Buy

උදෑසන ආහාර අතර රොටි කියන්නේ කවුරුත් කැමති කෑමක්.  රොටි කිව්වාම අපිට මතක් වෙන්නේ පොල් රොටි, පරාටා වගේ රොටි ජාතිනෙ. හැබැයි ඉතින් රොටි කියන්නෙ එක එක විදියට රස රැසකින් හදාගන්න පුළුවන් කෑමක්.  පොඩි බඩගින්නට වගේම උදේකට හරි රෑකට හරි කෑම වේල සම්පූර්ණ කරගන්න මේ රොටි උපකාරී වෙනවා.   ඒ වගේම රොටි කියන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් රස ගුණ දෙකම පිරි කෑමක්. රොටි රසට වගේම හැඩයට හදලා ගන්න මේ වගේ Wooden Roti Maker එකක් ඔයා ළඟ තියාගන්න.

Hopper Pan

Click to Buy

ආප්ප කන්න කවුද ආස නැත්තේ? සාමාන්‍ය ආප්පවලටත් වඩා බිත්තර ආප්ප කන්න තමයි ගොඩක් දෙනා කැමති. කඩෙන් ආප්ප අරන් කනවාට වඩා ගෙදරදීම උණු උණුවෙන් ආප්ප හදාගෙන කන්න පුළුවන් නම් නියමයි නේද? කර කර රසට හැපෙන්න ආප්ප ගෙදරදීම හදාගන්න ආප්ප තාච්චියක් Cookware Essentials අතර ඔයාගේ කුස්සියේ තිබුණොත් හොඳයි නේද? හොඳම කොලිටියේ ඇලුමිනියම් ආප්ප තාච්චියක් පාවිච්චි කරන එක සෞඛයටත් හිතකර වෙනවා. භාවිතයටත් පහසු මේ වගේ උපකරණ  ඔයාගේ ඉවුම්පිහුම් කටයුතුවලට තෝරගන්න.

Puri & Chapati Press Machine

Click to Buy

සයිවර් කඩේ කෑමවලට ඔයා කැමති කෙනෙක් නම් පූරි, චපාති කියන්නේ අමතක කරන්නම බැරි කෑම වර්ග. සයිවර් කඩේට ගිහින් කන පූරි, චපාති රසම රසට ගෙදරදීම හදාගන්න ඔයා කැමතියිද? මේ වගේ කෑම ගෙදරදී හදාගන්නවා කියන්නේ ටිකක් අමාරු වෙයි කියලා ඔයාට හිතෙයි.  ඒත් දන්නවාද දැන් පූරි, චපාති ලේසියෙන් හදාගන්න පුළුවන් Press Machine වෙළෙඳපොළේ තියනවා කියලා? මෙන්න මේ වගේ Cookware Items භාවිතා කරලා රසවත් කෑම ලේසියෙන් හදාගන්න.

Dumpling Maker

Click to Buy

ඉඳිආප්ප, පිට්ටු, චපාති වගේ කෑමවලට ඇතැම් දෙනා කැමැති වුණාට තවත් පිරිසක් කැමති රෝල්ස්, පැටිස් වගේ කෙටි කෑම වර්ගවලට. දැන් තරුණ පරපුරේ අය වගේම පොඩි ළමයිනුත් උදේ කෑමට මේ වගේ කෑම කන්න තමයි වැඩියෙන් ප්‍රිය කරන්නේ. පැටිස් වගේ කෑමක් ගෙදරදි හදාගන්න නම් ටිකක් වෙලා යනවා. ඒත් මේ වගේ Dumpling Maker එකක් ඔයා ගාව තිබුණොත් හරිම ලේසියෙන් වැඩි වෙලාවක් යන්නේ නැතුවම ඔයාට පැටිස් වගේ කෙටි කෑම හදාගන්න පුළුවන්. ඔයා මීට කලින් මේ වගේ කෑම ගෙදරදී හදලා හුරුවක් නැති කෙනෙක් වුණාත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. හරිම ලේසියෙන් මෙවැනි කෑම හදාගන්න කල්පැවැත්මක් තියන හොඳ කොලිටියේ Cooking Items මිලදී ගන්න.

Pancake Maker

Click to Buy

පෑන් කේක් කියන්නේ ලොකු, පොඩි කවුරුත් ආස කෑමක්. පෑන් කේක් විවිධ විදියට හදාගන්න පුළුවන්. උදේ කෑමට පෑන් කේක්  නියමෙට ගැළපෙනවා. පොඩ්ඩන්ටත් ලේසියෙන් හදලා දෙන්න පුළුවන් කෑමක්.  බනානා පෑන් කේක්, චොකලට් පෑන් කේක්, ඕට්ස් පෑන් කේක්, පොටෑටෝ පෑන්‌ කේක්, බිත්තර පෑන් කේක් වගේ විවිධ රසයන් සහිත පෑන් කේක් වර්ග ගණනාවක්ම තියනවා.  ඔයාට කැමති විදියේ පෑන් කේක් වර්ගයක් ලේසියෙන් හදාගන්න  මේ Pancake Maker ප්‍රයෝජනවත් උපකරණයක් වේවි.

විවිධ කෑම වර්ග ලේසියෙන් ගෙදරදීම හදාගෙන ප්‍රණීතව රසවිඳින්න මේ Cookware Essentials මුළුතැන්ගෙයි උපකරණ අතරට එකතු කරගන්න. දැන් අඩුම මිලට හොඳ කොලිටියේ මෙවැනි උපකරණ Daraz වෙතින් පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න.

Nonstick Pan භාවිතා කරලා රසවත් කෑම හදාගන්න විදිය ගැන දැනගන්න Nonstick Pan භාවිතා කරලා රසවත් කෑම හදාගමු ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php