Nonstick Pan භාවිතා කරලා රසවත් කෑම හදාගමු

Nonstick Pan භාවිතා කරලා රසවත් කෑම හදාගමු

කුස්සියේ ඉවුම්පිහුම් කටයුතු කරගන්න අපි විවිධ උපකරණ භාවිතා කරනවා. ඒ අතරින් රසවත් කෑම පහසුවෙන් හදාගන්න යොදාගන්න මුළුතැන්ගෙයි උපාංගයක් තමයි Nonstick Pan. හැබැයි  ගොඩාක් දෙනෙක් Nonstick Pan එකෙන් කෑම හැදුවාට, එය නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා නිසි අවබෝධයක් නෑ. හරි විදියට Nonstick Pan භාවිතා කරේ නැති වුණාම එහි කල්පැවැත්ම අඩුවෙනවා.

Nonstick Pan එකක් ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන් විදියට භාවිතා කරන්නේ කොහොමද කියලා දන්නවාද?  ඒ ගැන දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න.

Nonstick Pan වැඩි කාලයක් භාවිතා කරන්න උපදෙස්

භාවිතයට පෙර පිරිසිදු කරන්න

Nonstick Pan එකකින් කෑම හදන්න කලින් මුලින්ම එය පිරිසිදු කරන්න අවශ්‍යයි.  මුලින්ම සබන් දාලා හොඳින් හෝදලා ගන්න. හේදුවාට පසුව වතුර ගතිය නැතිවෙන්න නැවත ස්පොන්ජ් එකකින් වේලලා තමයි පාවිච්චියට ගන්න ඕන.

අදාළ හැඳි භාවිතය

Nonstick Pan සඳහා ඕනෑම වර්ගයක හැන්ඳක් භාවිතා කරන්න බෑ. ගොඩාක් Nonstick Pan  සඳහා ඒ වෙනුවෙන්ම විශේෂිත වූ හැන්ඳක් තියනවා. ඔයා මිලදී ගන්න Nonstick Pan එකේ හැන්ඳක් ආවේ නැත්තම්, Nonstick Pan සඳහාම නිපදවලා තියන හැන්දක් මිලදී ගන්න වෙනවා. ඒ වගේම තමයි ගොරෝසු දාර නැති, Heat resistant silicon හැඳි භාවිතා කරන්නත් පුළුවන්.

ලිපේ ගින්දර හා තෙල් අඩුවෙන් යොදාගන්න

Nonstick Panවල කෑම ඇලෙන්නේ නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා Nonstick Panවල කෑම හදද්දි තෙල් ස්වල්පයක් යොදාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අනිත් විශේෂ කාරණාව නම් Nonstick Pan එකේ උයද්දි ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. සාමාන්‍ය හෝ අඩු ගින්දරක් තියාගෙන කෑම හදන එක තමයි Nonstick Pan භාවිතා කිරීමේදී වඩාත් සුදුසු වෙන්නේ.

හදපු කෑම Nonstick Pan එකේම තියාගන්න එපා

Nonstick Pan එකක කෑම හැදුවාට පස්සේ ඒ හදපු කෑම වෙනත් භාජනයකට මාරු කරන්න වෙනවා. ආම්ලික ආහාර දිගු වෙලාවක් Nonstick Pan එකේම තැබුවාම පෑන් එකේ ආලේපනයට හානිවීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා Nonstick Pan එකේ හැඳුවාට පස්සේ මතක ඇතුවම වෙනත් භාජනයකට දමන්න.

භාවිතයට පසු පිරිසිදු කරන්න

Nonstick Pan එක ලිපෙන් ඉවතට ගත්තාට පස්සේ ඒ සැණින්ම වතුරට ඇල්ලීම සුදුසු දෙයක් නෙවෙයි. එය පිරිසිදු කරන්න කලින් මුලින්ම රස්නෙ ගතිය නැතිවෙන්න හරින්න ඕන. ඒ නිසා පිරිසිදු කරන්න කලින් සිසිල් වෙන්න තියන්න.

සාමාන්‍යයෙන් භාජනයක් පිරිසිදු කරන විදියට Nonstick Pan එකක් පිරිසිදු කරන එක හොඳ නෑ. එය ඉතා පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඇතැම් Dish Wash, සබන් වර්ග සහ පිරිසිදු කාරකයන් මගින් Nonstick පෑන්වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා මෘදු සේදුම් කාරකයක් මඟින් Nonstick pan පිරිසිදු කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම ප්ලාස්ටික් ස්ක්‍රබ් , steel wool වර්ග හෝ බ්‍රශ් වර්ග භාවිතා කිරීම මඟිනුත් Nonstick පෑන්වලට දැඩි හානි සිදු වීමට ඉඩ තියනවා. ඒ නිසා ඒවා වෙනුවට මද උණුසුම් වතුර සහ සබන් භාවිතයෙන් Nonstick pan පිරිසිදු කිරීම වඩාත් හොඳයි.

ඒ වගේම තමයි Nonstick Pan එක භාවිතයෙන් පසු අනෙකුත් භාජන ගොඩේ තියන්නේ නැතුව වඩාත්ම සුදුසු එල්ලා තැබීමයි. දිගු කාලයක් පාවිච්චි කරන්න නම් මේ වගේ Tips මතක තියාගන්න.

Nonstick Pan භාවිතා කරලා හදන කෑම වර්ග

Eggs – බිත්තර කියන්නේ අපි කවුරුත් ආස කෑම වර්ගයක්. බිත්තරයක් ලේසියෙන් ඔම්ලට් දාගන්නේ, බිත්තරයක් බැඳගන්නේ Nonstick Pan එකෙන්.

Sausages – කවුරුත් අතර ජනප්‍රිය කෑමක් තමයි සොසේජස්. සොසේජස් බැඳලා ගන්න හොඳම උපකරණය Nonstick Pan එක.

Pan Cakes – පෑන් කේක් හදාගන්නත් අපිට Nonstick Pan භාවිතා කරන්න පුළුවන්. විවිධ විදියේ රසවත් පෑන් කේක් වර්ග Nonstick Pan එකෙන් ලේසියෙන් හදාගන්න.  

Cheesy Dishes – චීස් සැන්ඩ්විච් එහෙම Nonstick Pan එකේ දාලා ගත්තාම තවත් රසවත් කරගන්න පුළුවන්.

Seafood – මාළු, ඉස්සෝ, දැල්ලෝ ආදිය ලේසියෙන් බැඳලා ගන්න Nonstick Pan එක ප්‍රයෝජනවත් වෙනවා.

Roti – රොටි, තෝසෙ වගේ කෑම හදද්දිත් අපිට Nonstick භාවිතා කරන එක වඩාත් පහසුයි.

විවිධ Nonstick Pan දැන් Daraz වෙතින්

ඔයාගේ  ඉවුම්පිහුම් කටයුතුවලට Nonstick Pan ගන්න හොයනවාද? දැන් Daraz වෙතින්  Online order කරලා ඔයා කැමති විදියේ Nonstick Pan එකක් තෝරගන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔයාගේ ඉවුම්පිහුම් කටයුතුවල වුවමනාව මත Nonstick Pan එකක් සොයාගන්න අවස්ථාව තියනවා.

පහසු මිලට හොඳම කොලිටියේ Nonstick Pan කැමතිම වෙළෙඳ නාම වෙතින් ගෙදරටම ගෙන්න ගන්න.

නිවස පිළිවෙළට තියාගන්න අවශ්‍ය උපදෙස් ගැන දැනුවත් වෙන්න නිවස පිළිවෙළට හා පිරිසිදුව තියාගන්න Perfect Advice ලිපිය කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php