Bedroom Essentials සමඟින් නිදන කාමරය අලංකාර කරගමු

Bedroom Essentials සමඟින් නිදන කාමරය අලංකාර කරගමු

නිදන කාමරයක් සුන්දර කරගන්න විවිධ Bedroom Essentials අවශ්‍ය වෙනවා. නිදන කාමරයට ඇතුල් වෙද්දිම අපේ හිත ඇඳිලා යන්නේ නිදන කාමරය සුන්දරව සකසාගෙන තිබුණොත් පමණයි.

ඔයාත් නිදන කාමරයට අවශ්‍ය Bedroom Essentials සොයනවාද? Buy Bedroom Essentials Online සඳහා තැන් හොඳම තැන Daraz.

නිවසක තියන සුන්දරම අංගයක් තමයි නිදන කාමරය. එය සුන්දරව විතරක් නෙවෙයි සුවපහසුවෙන් තියාගන්න අවශ්‍ය තැනක්. දවස පුරා විවිධ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙන අපි මහන්සි වෙලා ගෙදර ආවාම ඒ වෙහෙස නිවාගන්නේ නිදන කාමරයට ඇවිත්. ඒ නිසාම නිදන කාමරයක් ඇඟට වගේම හිතටත් සැහැල්ලුවක් දැනෙන ආකාරයට නිර්මාණය කරගන්න වෙනවා. නිදන කාමරයක් සුන්දර වගේම සුවපහසු වෙන්නේ ඒ නිදන කාමරයට අවශ්‍ය Bedroom Essentials තිබුණාමයි.

සාමාන්‍යයෙන් නිවසකට අමුත්තන් ආවාම ඔවුන්ගේ ඇස ගැටෙන්නේ නිවසක ඉස්තෝප්පුව. ඒත් ළඟම නෑදෑ හිතමිතුරන් ආවාම ඔවුන් නිදන කාමරයටත් එනවානේ. ඒ නිසා මේ හැමදේ ගැනම හිතලා Bedroom Essentials එකතු කරගෙන ඔයාගේ නිදන කාමරය අලංකාර අයුරින් හදාගන්න. අලුතින් විවාහා වුණු කපල් එකක් අලුත් නිවසකට යන්න හිතාගෙන ඉන්නවා නම් New Bedroom Essentials ගැන දැනුවෙත් වෙන එක වඩාත් හොඳයි.

Bedsheets

Click to Buy

Bedroom Essentials List එකට එකතු කරගන්න අවශ්‍යම දෙයක් තමයි Bedding Essentials. Bedroom Sets අතර නිදන ඇඳ නොවරදවාම තියන උපාංගයක්. ඒ වගේම නිදන කාමරයේදී අපි සුවපහසුවක් අත්විඳින්නේ නිදන ඇඳ තුළයි. නිදන ඇඳ සුවපහසු වෙන්නේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි මේ සියල්ල සුවපහසු වුණාමයි. ඔයාගේ නිදන ඇදේ සුවපහසු නින්දක් ලබන්න නම් මෘදු, සුමුදු Material එකේ කොලිටි Bedsheets තෝරගන්න. විවිධ මෝස්තර සහිත අලංකාර වර්ණවල Bedsheet ඔයාගේ නිදන කාමරය සුන්දර කරගන්නත් උපකාරී වෙනවා.

Pillows

Click to Buy

ඇතම් වෙලාවට ඇඳට වැටුණ ගමන් නින්ද යන්නේ නිඳන ඇඳේ කොට්ටමෙට්ට සුවපහසු වුණාමයි. මෘදු, සුවපහසු කොට්ට හොයන ඔයාලාට Celcius වැනි වෙළෙඳ නාම වෙතින් කොට්ට තෝරගන්න පුළුවන්. ගොරෝසු කොට්ට පාවිච්චි කරද්දි හරියට නින්ද යන්නෙත් නැති වෙනවා.  ඒ නිසා සුවබර නින්දක් ලබන්න නම්,  සිනිඳු කොට්ට පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේම කොට්ටවල දූවිලි හා විෂබීජ රැඳෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා එකම කොට්ටය දිගු කාලයක් පාවිච්චි කරන්නැතුව කාලෙන් කාලෙට කොට්ට මාරු කරන එක වඩාත් හොඳයි. මේ වගේ Bundle Offers තියද්දි හොඳ මිලකට එකවර කොට්ට 2, 3 මිලදී ගන්න අවස්ථාව තියනවා.

Duvets

Click to Buy

සමහර කාලවලදි අපිට සීතල තදින්ම දැනෙන්න පටන් ගන්නවා. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න තෝරාගන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. අලුත් නිවසක් බොහෝවිට හදලා තියන්නේ නවීන මාදිලියටයි. ඔයාලාගේ අලුත් නිවස වායු සමීකරණය කරලා නම් තියන්නේ සීතල ගතිය වැඩියෙන් දැනෙනකොට Duvets එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්න පුළුවන්, දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන මේ වගේ මෘදු Duvets Bedroom Essentials අතරට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Mosquito Net

Click to Buy

සුවබර නින්දකට ලොකුම බාධාව තමයි මඳුරු කරදරේ. මඳුරු කරදරෙන් මිදෙන්න කාගේත් තේරීම වෙන්නේ මඳුරු දැලයි. නිදන කාමරයකට මඳුරු දැලක් අවශ්‍යම උපාංගයක්.  දැන් වෙළෙඳපොළේ තියන මඳුරු දැල් ආකර්ෂණීය විදියට හදලා තියන නිසා මඳුරු දැලෙන් නිදන කාමරයට අලංකාරයක් එකතු කිරීමටත් පුළුවන් වෙනවා. අලංකාර මෝස්තර සහිත මේ වගේ මඳුරු දැල් ඔයාගේ බිත්තියේ පාටට මැච් කරලා කැමති පාටවලින් තෝරගන්නත. මඳුරු කරදරෙන් බේරෙනවා වගේම ඔයාගේ නිදන කාමරය සුන්දර කරගන්න මේ වගේ Bedroom Essentials ප්‍රයෝජනවත් වෙනවා.

Mattress Protector

Click to Buy

Bedding Essentials අතර මෙට්‍රස් කියන්නේ සුවපහසුවට තියෙන්නම අවශ්‍ය දෙයක්. සුව නින්දක් ලබන්න නිදන ඇඳේ සියලු කළමනා සුවපහසු වෙන්න එපැයි. මෙට්‍රස් එක පහසුවට තිබුණොත් තමයි අපිට හොඳ නින්දක් ලබන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් වැඩි ගාණක් ගෙවලා මෙට්‍රස් එකක් අලුතින් මිලදී ගන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්නයි. හැබැයි වැඩි කාලයක් Mattress එකක් පාවිච්චි කරන්න නම් Mattress Protector එකක් භාවිතා කරන්නම වෙනවා.  මෙට්‍රස් එකට දූවිලි,විෂබීජ ඇතුළු වීම වළක්වලා දිගු කාලයක් පිරිසිදුව පාවිච්චි කරන්න Mattress Protector එකක් Bedding Essentials අතරට මතක ඇතුවම එක්කර ගන්න.

Storage Boxes

Click to Buy

නිදන කාමරය අලංකාරව තියාගන්න Bedding Essentials ගැන විතරක් හිතලා මදි. නිදන කාමරයක් අලංකාර වෙන්නේ මුළු කාමරයම පිළිවෙළට තිබුණාමයි. බඩුමුට්ටු එහෙමෙහෙ විසි කරලා දාලා තිබුණාම මුළු කාමරයම අපිළිවෙළ ගතියක් ගන්නවා. ඔන්න ඒ නිසා ඔයාගේ කාමරයේ තියෙන විවිධ කළමනා පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම උපාංගයක්තමයි Storage boxes. බඩමුට්ටු එහෙමෙහෙ දාලා තියාගන්නේ නැතුව අවශ්‍ය බඩුමුට්ටු Store කරලා තියාගන්න හොඳ කොලිටියකින් හදලා තියන Storage boxes ඔයාගේ නිදන කාමරයට ප්‍රයෝජනවත් වෙයි නේද?

Wall Stickers

Click to Buy

කාන්තාවන් කොහොමත් නිවසේ හැම අංගයක්ම සුන්දරව තියාගන්න කැමැතියි. ඒ අතරින් තමන් නිදන කාමරය සුන්දරව තියාගන්න වැඩි උනන්දුවක් දක්වනවා. කොට්ටමෙට්ට, ඇඳ ඇතිරිලි වගේ  නිදන කාමරයට ප්‍රයෝජනවත් වෙන උපාංග මිලදී ගන්න වෙනවා වගේම නිදන කාමරය අලංකාර කරගන්න Nice Bedroom Ideas‌ අතරට මේ වගේ Wall stickers ආදිය එක්කර ගන්න පුළුවන්. මේ ස්ටිකර්ස් අලවලා ලේසියෙන් ඉවත් කරන්න පුළුවන් නිසා භාවිතයටත් පහසුයි. ඔයාගේ නිදන කාමරයට වැඩි ආකර්ෂණීයත්වයක් එකතු කරගන්න මේ වගේ Bedroom Items තෝරගන්න.

Night Light

Click to Buy

රාත්‍රි කාලයේ ලයිට් නිවා දැම්මාට පස්සේ මුළු නිදන කාමරයම අඳුරු වෙනවා. ඒත් ඇතැම් දෙනා තමන්ගේ කාමරය සම්පූර්ණයෙන්ම කළුවර වෙනවාට කැමති නෑ. ඒ නිසා තමයි Night Light එකක් දල්වලා තියන්නේ. බලන්නකො මේ වගේ මල් මෝස්තර සහිත අලංකාර LED Night Light එකක් ඔයාගේ නිදන කාමරයට ආරදණීය බවක් එක් කරයි නේද කියලා.  නිදන කාමරයේ Décor එකක් හැටියට මේ වගේ Light එකක් එක්කර ගන්න පුළුවන්.

ඔයාගේ නිදන කාමරය සුවපහසුවට හා සුන්දරව සකසාගන්න මේ Bedroom Essentials තෝරගන්න. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

විවිධ කෑම වර්ග හදාගන්න අවශ්‍ය Cookware Essentials ගැන දැනගන්න ලේසියෙන් කෑම වර්ග හදාගන්න අවශ්‍ය Cookware Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php