සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ගැළපෙන Beachwear Fashion

සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ගැළපෙන Beachwear Fashion

සැහැල්ලුවෙන් කාලය ගත කරන්න බොහෝදෙනෙක් මුහුදු වෙරළ තෝරගන්නවා. ඔයාත් නිතර මුහුදු වෙරළේ ඇවිදින්න යන කෙනෙක් නම් Beachwear Fashion ගැනත් හිතන්න වෙනවා.

රස්නෙ වැඩි මේ කාලේ Beachwear Fashion ගැන ඔයාත් උනන්දු වෙනවාද? මේ දවස්වල කූල් එකේ ඉන්න බීච් එකේ ඇවිදින්න යනවා නම් ඊට ගැළපෙන ඇඳුම් පැළඳුම් එකතු කරගන්න.

මුහුදු වෙරළ කියන්නේ කාගේත් ගතට වගේම හිතටත් සැහැල්ලුවක් ගෙනදෙන තැනක්. මේ දවස්වල තියන රස්නෙත් එක්ක බීච් එකේ ගිහින් ඇවිදලා එන්න පුළුවන් නම්, නියමයි නේද? කවුරුත් බීච් එකට යන්නේ රැල්ල පාගන්න ආසාවෙන්. ඒ නිසා ඊට ගැළපෙන ඇඳුම් අපිට ඇඳගෙන යන්න වෙනවා. සාමානයෙන් අඳින ඇඳුම් බීච් එකට ගැළපෙන්නේ නෑ. ඒ නිසා මේ දවස්වල Beachwear Fashion ගැන අපි හොයලා බලමු. ඇඳුම් වගේම විවිධ විලාසිතා උපාංගත් Beachwear Fashion සඳහා එක්කර ගන්න පුළුවන්.

ඒ වගේම Beach Party ගොඩාක්දෙනා අතර ජනප්‍රිය දෙයක්. Beach Party එකකට යනවා නම් සාමාන්‍ය පාටියකට වඩා වෙනස් විදියේ ඇඳුම්වලින් හැඩවෙන්න කැමතියි නේද? මේ හැමදේටම ගැළපෙන Beachwear Fashion දැන් Online සොයාගන්න.

Women’s Beach Clothes

බීච් අඳින්න ගැළපෙන ඇඳුම් හොය හොයා කඩවල් ගානේ මහන්සි වෙනවාට වඩා, Beachwear Clothes Online තෝරගන්න එක ඔයාට වඩාත් පහසුයි නේද? Beachwear for Women හොයනවා නම්, දැන් තෝරාගැනීම් ගණනාවක්ම තියනවා. බීච් එකට කවුරුත් අඳින්න කැමති සැහැල්ලු ඇඳුම්. ඉතිං ඒ නිසා මේ වගේ 3 Pieces Bikini set සැහැල්ලු වගේම ආකර්ෂණීය ඇඳුමක් වෙනවා. මෙහි Short එකයි Top එකයි වගේම තව ආවරණයකුත් තියනවා. ඔයාට මේ වගේ Pieces කිහිපයක් එකට තියන ඇඳුම් ගන්න පුළුවන් වගේම වෙන වෙනම්ම Shorts, Skinnies ආදියත් තෝරගන්න පුළුවන්.

Beach Party එකකට යනවා නම්, තරුණියන්ට ගැළපෙනම විලාසිතාවක් තමයි ගවුම්. මේ වගේ Floral long dress අඳින එක දැන් අලුත් trend එකක් වෙලා. ඒ වගේම ඇතැම් තරුණියන් Short dress අඳින්නත් කැමති නිසා Beach පාටිවලට අඳින්න සිත්ගත් ගවුම් විලාසිතා ඔයාගේ Fashionable ඇඳුම් අතරට එකතු කරගන්න.

Men’s Beach Clothes

පිරිමි ළමයි කොහේ ගියාත් ෂෝර්ට් එකයි කලිසමයි දාගෙන සැහැල්ලුවෙන් ගමන්බිමන් යන්න තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. Men’s beachwear fashion අතර තරුණයන්ගේ Handsome Look එක වැඩි කරන මේ වගේ Shorts, Shirts ආදිය එක්කර ගන්න පුළුවන්. Latest beachwear fashion ගැන ඔයා හොයනවා නම්, Printed Shirts වැඩිපුර දකින්න ලැබෙනවා. Beach Party එකකට ඇඳගෙන යන්න Printed Shirts කදිම විලාසිතාවක්. ඒ වගේම සාමාන්‍යයෙන් අඳින Shortsවලට වඩා මේ වගේ විසිතුරු Shorts බීච් එකට අඳින්න තෝරගත්තා නම් වැඩි ආකර්ෂණයක් ලැබෙයි නේද?

Beach Hats

බීච් එකට යන්න ඊට ගැළපෙන ඇඳුම්වලට අමතරව Beachwear accessories අවශ්‍ය වෙනවා. ස්ටයිල් එකට අඳින්න කැමති නම්, Trendy beach hats දාගෙන යමු නේද? කොයි විදියේ ඇඳුමක් ඇන්දාත් Beach Hat එකක් පළඳින්න පුළුවන්. තරුණියන් සඳහාම වෙන්වුණු අනර්ඝ මෝස්තරවල Hats තියනවා වගේම තරුණයන්ටත් පළඳින්න පුළුවන් විවිධ Fashionable hats දැන් වෙළෙඳපොළේ තියනවා. අපි බීච් යද්දි Hat එකක් පළඳින්නේ ස්ටයිල් එකට විතරයක් නෙවෙයි. අව්වෙන් ආරක්ෂා වෙන්නත් එය හොඳම උපාංගයක්. අපි බීච් එකට යන්නේ ඉඩ ලැබෙන නිදහස් වෙලාවකදීයි. ඉතිං අපිට අව්ව ගැන හිතන්න බෑනෙ. කොයි වෙලාවක ගියාත් ඊට ගැළපෙන උපාංග තමන් ගාව තියාගන්න එක තමයි හොඳම දේ.

Slippers

බීච් එකේ රැල්ල පාගන්නේ අපි සෙරෙප්පු, සපත්තු ගලවලා.ඒත් බීච් එකට යද්දි සෙරෙප්පු නැතුව යන්නේ නෑනෙ. ඇතැම් අයට නම් බීච් එකට පයින් ඇවිඳගෙන යන දුරක් තමයි තියන්නේ. ඒත් බීච් එකක් ළඟ නැති අය නෑදෑ හිත මිතුරන් එක්ක එකතු වෙලා මුහුදු වෙරළට එන අවස්ථාත් තියනවා.කොහේ ඉඳන් ආවාත් සෙරෙප්පුවක් දාගෙන එන්න එපැයි. බීච් එකට එනවා කියලා කලින්ම Plan කරලා එනවා නම්, වතුරට වැලිවලට ඔරොත්තු දෙන සෙරෙප්පු දෙකක් දාගෙන එන එක තමයි වඩාත් සුදුසු. Waterproof මේ වගේ Beach Sandals කාන්තා පිරිමි දෙපාර්ශ්වය සඳහාම වෙළෙඳපොළේ තියනවා. ඒ වගේම රබර් සෙරෙප්පුත් Beach එකට දාගෙන යන්න ගැළපෙන පාවහන් ලෙස හඳුන්වන්න පුළුවන්.

Sunglasses

ස්ටයිල් එකට අඳින්න කැමති අයගේ විලාසිතා අතර වරදින්නැතුවම තියන උපාංගයක් තමයි Sunglasses.  සාමාන්‍යයෙන් අව්වෙන් ආරක්ෂා වෙන්න අපි Sunglasses පළඳිනවා. ඒත් තරුණ තරුණියන් නම්, Sunglasses දාන්නේ  Fashionable පෙනුම වැඩිකර ගන්නයි.  Beach එකට යද්දි සැහැල්ලු ඇඳුම් ඇඳලා Sunglasses දෙකකුත් දැම්මාම ඔයාගේ Look එකට අමුතුම ගතියක් එකතු වෙයි නේද? තරුණයන්ගේ කඩවසම් පෙනුම වැඩිකර ගන්නත් තරුණියන්ගේ ආකර්ෂණය වැඩි වෙන්නත් Sunglasses උපකාරී‌ වෙනවා. Beach එකට යද්දි මේ වගේ උපාංග අමතක නොකරම දාගෙන යන්න.

සැහැල්ලුවෙන් හා නිදහසේ කාලය ගත කරන්න ඔයාත් නිතර මුහුදු වෙරළේ ඇවිදන්න යන කෙනෙක් නම් හෝ Beach Party සඳහා නිතර සහභාගී වෙන කෙනෙක් නම් Beachwear Fashion ඔයාගේ විලාසිතා අතරට එක්කරගෙන තියාගන්න. ඔයාට අවශ්‍ය මේ සියලු Beach Clothes & Accessories දැන් Daraz වෙතින් Online තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. දැන්ම Daraz Fashion සමඟින් Shop කරන්න.

හැඩකාර පෙනුමකට ගැළපෙන බෑග් හා සපත්තු ගැන දැනගන්න හැඩකාර හා නව පෙනුමකට Elegant Shoes & Bags ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php