නාන කාමරයකට ගැළපෙන නවීන Bathroom Accessories

නාන කාමරයකට ගැළපෙන නවීන Bathroom Accessories

නිවසක අංග අතර නාන කාමරය පිරිසිදුවට හා පිළිවෙළට තියෙන්න ඕන තැනක්.  නාන කාමරයකට විවිධ Bathroom Accessories අවශ්‍ය වෙනවා. 

ඔයාත් නිවසේ නාන කාමරයට ප්‍රයෝජනවත් වන Bathroom Accessories සොයනවාද? දැන් Bathroom Accessories Online පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

අපි දවස පුරා වෙහෙස මහන්සි වෙලා relax වෙන්නේ ගෙදර ඇවිත් වොෂ් එකක් දාගත්තාට පස්සේයි. ඒ නිසා නිතරම නිවසක නාන කාමරය මනසට විවේකයක් ගෙනදෙන ආකාරයට සකසාගෙන තියෙන්න අවශ්‍යයි.  බාත්රූම් එකකට Bathroom Accessories ගණනාවක් එකතු කරගන්න වෙනවා. ගොඩාක් වෙලාවට බාත්රූම් එකේ තියන බඩුමුට්ටු එහෙමෙහෙ විසිරිලා තිබුණාම මුළු නාන කාමරයේම අපිළිවෙළ ගතියක් මතු වෙනවා. ඒ නිසා බඩුමුට්ටු පිළිවෙළකට තියාගන්න Top bathroom accessories  එකතු කරගන්න.

සියල්ල නවීන වෙලා තියන මේ කාලේ නාන කාමරයත් නවීන ආකාරයට සකසා ගන්න පුළුවන් නම් වටිනවා නේද? ඒ නිසා ඔයාගේ බාත්රූම් එකට Modern Bathroom Accessories එකතු කරගන්නත් අමතක කරන්න එපා.  නිවසක නාන කාමරය පිළිවෙළට තියාගන්න අවශ්‍ය Bathroom Accessories මොනවාද කියලා අපි බලමු.

Shelf Organizer

Click to Buy

Bathroom Accessories Ideas ගැන හිතද්දි බාත්රූම් එක පිළිවෙළට තියාගන්න පුළුවන් උපාංග වැඩියෙන් එකතු කරගමු නේද? Shampoo, Conditioner, Shower Gel වගේ විවිධ බඩුමුට්ටු නාන කාමරය පුරා එහෙමෙහෙ තියනවා වෙනුවට මේ වගේ Shelf එකක පිළිවෙළකට අඩුක් කරලා තියන්න පුළුවන්. බලන්නකො දැන් මේ වගේ නවීන ගැජමැටික්ස් තියන නිසා නාන කාමරයකට අලංකාරයක් එක් කරන්නත් මේ උපාංග උපකාරී වෙනවා. මේවා හොඳ කොලිටියෙන් නිපදවලා තියන නිසා දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවත් පවතිනවා.

Tooth Brush Holder

Click to Buy

Best bathroom accessories අතර එක්කර ගන්න පුළුවන් තවත් උපාංගයක් තමයි Tooth Brush Holder සහ Toothpaste Dispenser. මෙය නවීන නාන කාමරයකට විශිෂ්ට පෙනුමක් එකතු කරන උපකරණයක්. බිත්තියට සවි කරන්න පුළුවන් නිසා භාවිතා කිරීමත් පහසුයි. Toothpaste පාවිච්චි කරද්දි ඉවත යන ප්‍රමාණයත් වැඩියි. ඒත් මේ වගේ Dispenser එකක් තිබුණොත් Tooth Brush එකේ ප්‍රමාණයට විතරයි Toothpaste එන්නේ. ඒ වගේම නාන කාමරයක ගෙදර සියලුදෙනාගේම Tooth Brush තියන නිසා Tooth Brush Holder එකක සියලු Tooth Brush  පිළිවෙළකට තියාගන්න පුළුවන් වෙනවා.

Soap Holder

Click to Buy

ගෙදර ඉන්න හැමෝම පාවිච්චි කරන්නේ එකම සබන් වර්ගයක් නෙවෙයි නේද? පොඩි ළමයි ඉන්නවා නම් බේබි සබන් පාවිච්චි කරනවා. රෙදි සෝදන්න Sunlight, තරුණ වැඩිහිටි අය සුවඳ සබන් ආදි වශයෙන් එක එක්කෙනා විවිධ සබන් වර්ග භාවිතා කරනවා. මේ සබන් ඔක්කොම නාන කාමරයේ තැන් තැන්වල තියන්න බෑනෙ. මේ සියලු සබන් වර්ග පිළිවෙළකට තියන්න Soap Holder එකක් ඔයාගේ බාත්රූම් එකේ මතක ඇතුවම තියාගන්න.

Hair Dryer Holder

Click to Buy

නාලා ඉවරවෙලා ගොඩාක් වෙලාවට නාන කාමරයේ ඉඳලාම තමයි තරුණියන් කොණ්ඩය වේලගන්නේ. ඒ නිසා නාන කාමරයේම Hair Dryer එකක් තියාගන්න එක වඩාත් පහසුයි. මේ Hair Dryer එක බාත්රූම් එකේ තැන් තැන්වලට තියන්න බෑනෙ. ඒ නිසා Hair Dryer එක එල්ලලා තියන්න Hair Dryer Holder එකක් නවීන නාන කාමරයකට වඩාත් ගැළපෙනවා.

Toilet Paper Holder

Click to Buy

දැන් නවීන බාත්රූම්වල Toilet Papers අනිවාර්යෙන්ම තියන දෙයක්. ඒ නිසා Toilet Paper Holder එකකුත් අවශ්‍යයි. Toilet Paper Holder එකක දාලා Papers භාවිතා කරදිද් අහක යන ප්‍රමාණයත් අඩුවෙනවා. ඒ වගේම ගොඩාක් දෙනා බාත්රූම් එකට ෆෝන් අරගෙන යන්නත් පුරුදු වෙලා ඉන්නවානේ. බාත්රූම් එකට ෆෝන් අරන් ගිහින් වතුර වැටුණොත් තමයි ප්‍රශ්නෙ වෙන්නේ. හැබැයි මේ වගේ Toilet Paper Holder එකක් ඔයාගේ බාත්රූම් එකේ තිබුණොත් Toilet Papers රඳවනවා විතරක් නෙවෙයි, ඔයාගේ Phone එකත් ඒ මත තියන්න පුළුවන්.  

Bath Mat

Click to Buy

බාත්රූම් එකේ වතුර වැටිලා මඩ වුණාම මුළු නාන කාමරයම අපිරිසිදු වෙනවා. ඒ නිසා Bath Mat එකක් ඔයාගේ බාත්රූම් එකේ මතක ඇතුවම තියන්න. ඇතැම් වෙලාවට Bath Mat එක නිසා ලිස්සලා යන අවස්ථාත් තියනවා. ඒ නිසා හොඳ කොලිටියෙන් හදලා තියන Bath Mat එකක්  ඔයාගේ බාත්රූම් එකට ඇතුළ් වෙන තැන තියන්න. මේ වගේ පාපිසි පිරිසිදු කිරීමත් පහසුයි. ඒ නිසා දූවිලි, විෂබීජ ආදිය වැඩිය රැඳිලා තියෙන්නෙත් නෑ. වතුර හොඳින් අවශෝෂණය වෙන මෙැනි හුරුබුහුටි Bath Mat එකක් නවීන නාන කාමරයකට වඩාත් සුදුසුයි.

Bathroom Scale

ඔයා ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් උනන්දු වෙන කෙනෙක්ද? හැම උදෑසනකම බර මැන බලන්න පුරුද්දක් කරගෙන තියනවා නම් ඔයාගේ බාත්රූම් එකේ ඩිජිටල් බාත්රූම් ස්කේල් එකක් තියාගන්න එක වඩාත් පහසුයි. බාත්රූම් එකේ බර මනිද්දි ඔයාට බර ප්‍රමාණයම නිශ්චිතවම මැන ගැනීමේ අවස්ථාව තියනවා. ඒ නිසා නවීන නාන කාමරයකට වඩාත් උචිත උපාංගයක් ලෙස Bathroom Scale එක හඳුන්වන්න පුළුවන්.

Rain Shower Head

බාත්රූම් එකේ වැඩි වෙලාවක් ගත කරන්නේ නැතුව ඉක්මනින් නාලා යන්න පුළුවන් නම් හොඳයි නේද? හැබැයි ගොඩාක් දෙනෙක්ට බාත්රූම් එකේ නාන්න පටන් ගත්තාට පස්සේ වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.  විවේකී අත්දැකීමක් ගෙනදෙන ස්වභාවික වැස්සක අත්දැකීම බාත්රූම් එක තුළ විඳින්න ඔයාත් කැමතියි නම්, Rain Shower Head සුබෝපභෝගී උපාංගයක් හැටියට නවීන නාන කාමරයට වඩාත් ගැළපෙනවා.

Buy bathroom accessories online සඳහා හොඳම තැනක් හොයනවා නම් Daraz එකේ Shop කරන්න. ඔයාගේ නාන කාමරය පිළිවෙළට හා පිරිසිදුවට තියාගන්නත් නවීන ආකාරට නිර්මාණය කරගන්නත් මෙම Bathroom Accessories දැන් Daraz වෙතින් මිලදී ගන්න.

නිදන කාමරයකට අවශ්‍ය Bedroom Essentials ගැන දැනගන්න Bedroom Essentials සමඟින් නිදන කාමරය අලංකාර කරගමු ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php