කඩවසම් පෙනුම වැඩි කරන Men’s Fashion Trends

කඩවසම් පෙනුම වැඩි කරන Men’s Fashion Trends

කඩවසම් පෙනුමෙන් හැඩවෙන්න පිරිමි පාර්ශ්වය Men’s Fashion Trends ගැන නිතරම උනන්දු වෙනවා.කාගේත් හිත් දිනාගන්න විදියට අඳින්න පළඳින්න නම් කාලයෙන් කාලයට වෙනස් වන Men’s Fashion Trends ගැන අවධානයෙන් ඉන්න ඕන.

ඔයාලාත් මේ දවස්වල Men’s Fashion Trends සොයනවාද? දැන් Daraz Fashion වෙතින් Men’s Fashion Trends පහසුවෙන්ම තෝරගන්න.

කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් විලාසිතා කරන්න කැමතියි. කාගේත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් විදියේ අලංකාර විලාසිතා කාන්තාවන් සොයද්දි පිරිමි අය වැඩිපුරම සොයන්නේ පහසු විලාසිතායි. තමන්ගේ කඩවසම් පෙනුම ඔප් නංවන විලාසිතා නිතර එක්කර ගන්න ඔවුන් වැඩිපුර උනන්දු වෙනවා. පිරිමි ළමයෙක්‌ගේ පෞරුෂය තවත් කැපී පෙනෙන් ඔවුන් අඳින පළඳින විලාසිතා අනූවයි.

ගැහැණු ළමයි නම් Shopping කරන්න යන්න හරිම කැමතියි. ඇතැම් වෙලාවට මුළු දවසම වුණාත් ඒ වෙනුවෙන් ගත කරනවා. ඒත් පිරිමි ළමයි Shopping කරන්න වැඩි කාලයක් ගත කරන්න කැමති නෑ. ඇඳුම් කඩේකට ගිහින් ඉක්මනින් තමන්ට ගැළපෙන ඇඳුමක් තෝරාගෙන එන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. ඔන්න දැන් පිරිමි ළමයින්ට Shopping කරන්න කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. නිතරම ෆෝන් එකත් එක්ක ඉන්න ඔයාලාට Daraz App එකට ගිහින් Daraz Fashion වෙතින් කැමතිම විලාසිතා Online තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියනවා.

පිරිමි ළමයින්ගේ විලාසිතා අතරටත් ඇඳුම් විතරක් නෙවෙයි සපත්තු, බෑග්, අත් ඔරලෝසු, අව් කණ්නාඩි ඇතුළු විලාසිතා උපාංග සියල්ල ඇතුළත් වෙනවා. මේ හැම‌දෙයක්ම දැන් Daraz Fashion වෙතින් තෝරගන්න ලැබීම කොයි තරම් නම් පහසුවක්ද? මේ දවස්වල ඔයාට ගැළපෙන Men’s Fashion Trends මොනවාද කියලා අපි බලමු.

Clothes

Pants

පිරිමි ළමයින්ගේ සැහැල්ලු ඇඳුම් අතර කලිසම් වඩාත් ජනප්‍රියයි. කොහේ ගියාත් ඩෙනිමයි ටී-ෂර්ට් එකයි ඇඳගෙන යන්න ඔයා කැමතියි නේද? හැබැයි ඩෙනිම් වගේම දැන් මේ වගේ Slim fit chino pants නවීන විලාසිතා අතරට එක්වෙලා තියනවා. ස්මාර්ට් ගතියට අඳින්න ෂර්ට්ස් හා ටී- ෂර්ට්ස් සමඟින් මෙවැනි කලිසම් වඩාත් කදිමයි. එහෙට මෙහෙට යද්දි ලේසියට ඇඳගෙන යන්න ඩෙනිම් කලිසමක් තෝරගත්තාට ඔෆිස් එකට හෝ විශේෂ ගමනකට යද්දි අඳින්න මේ වගේ Pants හොඳයි නේද?මේ Pants ඔයාගේ සිරුරේ හැඩයටත් හොඳට ෆිට්‌ වේවි.

Formal Shirts

තරුණයන්ගේ පෞරුෂත්වය කැපිලා පෙනෙන්න අඳින ඇඳුම් බලපානවා. පිරිමි ළමයි බොහොම සාමාන්‍ය විදියේ විලාසිතාවලට ආස කරාට ඔෆිස් යද්දි නම් Formal විදියට අඳින්න වෙනවා. ඔෆිස් එකට ගැළපෙන Professional  පෙනුමක් ලැබෙන්නේ Formal විදියට ඇන්ඳාමයි. ඔෆිස් අඳින්න පිරිමි ළමයින්ට වෙන්වුණු Official ෂර්ට්ස් ගණනාවක්ම තියනවා. අත් කොට ෂර්ට්ස් වගේම අත් දිග ෂර්ට්ස් තමන්ගේ තේරීම් අතරට එකතු කරගන්න පුළුවන්.  සමහරු කලිසමට යට කරලා ෂර්ට්ස් අඳිනවා වගේම ඇතැම් විට ෂර්ට්ස් උඩින් දාලාත් අඳිනවා. ඒ නිසා ඔයා අඳින විදියට ගැළපෙන්න Formal ෂර්ට්ස් Daraz Fashion වෙතින් මිලදී ගන්න.

Casual Shirts

පිරිමි ළමයි නිතර පාටිවලට යන්න කැමතියිනේ. යාළුවෝ කට්ටිය සෙට් වෙලාත් පොඩි පාටි දානවා වගේම සති අන්තයේ හෝ නිවාඩු දවස් ආවාම කොහේ හරි යන්න ගමන් දාගන්නවා නේද? මේ වගේ සාමාන්‍ය ගමන් යද්දි ඔෆිස් අඳින Formal ෂර්ට්ස් අඳින්න බෑනෙ.ඒ වගේ ගමන්වලට ගැළපෙන්නේ Casual shirts. පිරිමි ළමයින්ගේ Casual shirts අතර Printed shirts දැන් Trend එක වෙලා තියනවා. පාටියකට ගියාම ගැහැණු ළමයින්ගේත් අවධානය දිනාගන්න මේ ව‌ගේ ආකර්ෂණීය ෂර්ට්ස් තෝරාගමු නේද?

T-Shirts

සැහැල්ලු විලාසිතා අතර  වඩාත් ජනප්‍රිය ඩෙනිමයි ටී-ෂර්ට් එකයි . හැබැයි ඉතිං නිකම්ම නිකං ටී-ෂර්ට්ස් තෝරාගන්නවා වෙනුවට පොඩි ස්ටයිලිෂ් ගතියක් තියන අලුත් Trend එකේ ටී-ෂර්ට්ස් තෝරගන්න එක ගැන හිත්නන එපැයි. Polo shirts තරුණයන් අතර ජනප්‍රිය විලාසිතාවක්. එවැනි ෂර්ට්ස් ඇඳගෙන ඉන්න පහසුයි වගේම ස්ටයිලිෂ් Look එකකුත් එකතු වෙනවා.

Shoes

Casual Shoes

සපත්තු විලාසිතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ අතර Sneakers දැන් බොහෝදෙනා පළඳින සපත්තු විලාසිතාවක්. සපත්තු දෙකක් තෝරගනිද්දි කකුල් දෙකට පහසුයිද කියලා තමයි අපි මුලින්ම හිතන්න ඕන. හොඳ කොලිටි Material එකකින් හදලා තියන නිසා මුළු දවසම වුණාත් මේ වගේ සපත්තුවක් දාගෙන පහසුවෙන් ඉන්න පුළුවන්. සාමාන්‍ය ගමන්බිමන්වලට වගේම විශේෂ අවස්ථාවල දාගෙන යන්නත් මේ වගේ සපත්තුවක් වඩාත් සුදුසුයි.

Office Shoes

ඔෆිස් යන්න ඔෆිස් ෂර්ට්ස්, කලිසම් වගේම ඊට ගැළපෙන සපත්තුත් දැම්මොත් තමයි ඔයාගේ Look එකට Professional ගතියක් ඇතිවෙන්නේ. ඔෆිස් සපත්තු තෝරාගනිද්දිත් අපිට සුවපහසුව ගැන හිතන්න වෙනවා. අපහසු සපත්තු දෙකක් දාගෙන හිටියොත් වැඩ කරද්දිත් අපිට  අපහසුතාවයක් දැනෙන්න තියන ඉඩකඩ වැඩියි. දැන් ඔෆිස් සපත්තුවල මිල ගණන් නම් ටිකක් වැඩිවෙලායි තියන්නේ. ඒත් Daraz Fashion වෙතින් පහසු මිලට ආකර්ෂණීය සපත්තු දැන් Online මිලදීගෙන හැඩට වැඩට ඔෆිස් යන්න.

Sport Shoes

ඔයා නිතරම ක්‍රියාශීලිව ඉන්න කැමති තරුණයෙක්ද? ව්‍යායාම් හා ක්‍රීඩා කටයුතු ඔයාගේ ජීවන රටාවේ කොටසක් බවට පත් කරගෙන තියනවා නම්,  ඒ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය විලාසිතා ගැනත් හිතන්න වෙනවා. ව්‍යායාම් කටයුතු කරද්දි අපි සාමාන්‍යයෙන් පළඳින සපත්තු භාවිතා කරන්න බෑනෙ. ක්‍රීඩා කටයුතු සඳහාම වෙන්වුණු විශේෂ සපත්තු වර්ග තියනවා.ඒ වගේ සපත්තු තෝරාගත්තාම ඔයාට පහසුවෙන්  ව්‍යායාම් හා ක්‍රීඩා කටයුතු කරන්න පුළුවන්. විලාසිතා තෝරගනිද්දි ඔයාගේ ව්‍යායාම් කටයුතුවලට ගැළපෙන විලාසිතා තෝරගන්නත් අමතක කරන්න එපා.  

Accessories

Sunglasses

සාමාන්‍යයෙන් අපි Sunglasses පාවිච්චි කරන්නේ අව්වෙන් ආරක්ෂා වෙන්න. ඒත් දැන් Sunglass පළඳින එක නවීන විලාසිතාවක් වෙලා. Sunglasses දෙකක් දැම්මාම පිරිමි ළමයින්ගේත් පෙනුමට අමුතු ගතියක් එකතු වෙනවා. කඩවසම් පෙනුම වැඩි කරන විලාසිතා සොයනවා නම්,  Sunglasses දෙකක් ඔයාට කදිමෙට ගැළපෙන උපාංගයක් වේවි.  ස්ටයිලිෂ් Sunglasses දැන් Daraz Fashion වෙතින්ම තෝරගන්න.

Watches

සාමාන්‍යයෙන් අපි අත් ඔරලෝසුවක් පළඳින්නේ වෙලාව බලාගන්නයි. ඒත් දැන් ඔරලෝසුවෙන් වෙලාව බලන පිරිස හරිම අඩුයි. හැමෝගෙම අතේ ෆෝන් එකක් තියන නිසා දැන් ගොඩාක් දෙනෙක් වෙලාව බලා ගන්නේ ෆෝන් එකෙන්. ඒත් වෙලාව බලාගත්තේ නැති වුණාට අත් ඔරලෝසුවක් අතේ බැන්දෙ නැත්තම් අපිට පොඩි අඩුවක් දැනෙනවා. විලාසිතාවක් හැටියට ස්ටයිල් එකට තමයි ඔරලෝසු පළඳින්න බොහෝ අය පුරුදු වෙලා ඉන්නේ. ඔයාත් විලාසිතා ගැන උනන්දුවෙන තරුණයෙක් නම් නවීන විලාසිතා අතරට ස්ටයිලිෂ් අත් ඔරලෝසුත් එක්කර ගන්න කැමතියි නේද?

Caps

පිරිමි ළමයින්‌ගේ විලාසිතා අතර නිතර භාවිතා වෙන උපාංගයක් තමයි Caps. යාළුවෝ එක්ක එකතු වෙලා ගමන්බිමන් යද්දි, ඇවිදන්න යද්දි, ට්‍රිප් එකක් යද්දි  Cap එකක් වරදින්නේ නෑ. අව්වෙන් ආරක්ෂවා වෙනවාටත් වඩා පිරිමි ළමයි Caps දාන්නේ ස්ටයිල් එකට. ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා කැප් එකක් දැම්මාම කඩවසම් පෙනුම තවත් වැඩිවෙනවා.

Bags

Crossbody Bags

කාන්තාවන්ගේ හෑන්බෑග්වල බඩුමුට්ටු ගණනාවක් තිබුණාට පිරිමි ළමයි නම් බෑග්වල බඩු ගොඩාක් පුරවගන්න කැමති නෑ. අවශ්‍යම දේවල් දාගෙන යන්න තමයි පිරිමි ළමයි බෑග් භාවිතා කරන්නේ.  තරුණයන්ගේ බෑග් විලාසිතා අතර Crossbody බෑග්ස් වඩාත් ජනප්‍රියයි. අවශ්‍ය කළමනා දාගෙන යන්න හොඳ කල්පැවැත්මක් තියන ස්ටයිලිෂ් බෑග් ලෙස Crossbody බෑග් ආකර්ෂණීය බෑග් විලාසිතාවක් වේවි.

Backpacks

දැන් තරුණ පරපුරේ ගොඩාක් දෙනා බඩුමුට්ටු ඔක්කොම ලේසියෙන් දාගෙන යන්න පාවිච්චි කරන්නේ Backpack. නව විලාසිතා අතර Backpack ජනප්‍රිය බෑග් වර්ගයක්. ඔෆිස් යද්දිත් ලැප්ටොප් එකත් එක්ක අනෙකුත් අඩුමකුඩුමත් ඔක්කොම Backpack එකක පහසුවෙන් දාගෙන යන්න පුළුවන්.  පහසුවෙන් පාවිච්චි කරන්නත් නවීන විලාසිතා Trend එකක් හැටියටත් Backpack එකක් ඔයාට වඩාත් ප්‍රයෝජනවත් වේවි.

Gym Bags

තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ඇඟ හදාගන්න ඔයාත් Gym යන කෙනෙක්ද? Gym එකට යද්දි බඩුමුට්ටු රැසක් අවශ්‍ය වෙනවා. ඔයාට අවශ්‍ය කරන සියල්ල දාගෙන යන්න මේ වගේ බෑග් එකක් තිබුණොත් වඩාත් පහසුයි නේද? බෑග්  එකක් තෝරගනිද්දි ස්ටයිලිෂ් ගතිය වගේම වැඩි ඉඩක් තියනවාද කියලා හිතන්න ඕන. ප්‍රබෝධයෙන් Gym එකට යන්න මේ වගේ  බෑග් එකක් Daraz fashion වෙතින් තෝරගන්න.

කඩවසම් පෙනුම වැඩිකරගන්න මෙම Men’s Fashion Trends සමඟින් හැඩවෙන්න. Daraz Fashion සමඟ Shop කරලා ඔයාට ගැළපෙන විලාසිතා දැන්ම සොයාගන්න.

උත්සව අවස්ථාවලට ගැළපෙන ආකර්ෂණීය විලාසිතා ගැන දැනගන්න උත්සව අවස්ථාවලට ගැළපෙන රු.7999ට අඩු Occasion Wear 2023 ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php