ඔබගේ ජංගම දුරකථන වෙළඳාම අන්තර්ගත කරන්නේ කොහොමද?

ඔබගේ ජංගම දුරකථන වෙළඳාම අන්තර්ගත කරන්නේ කොහොමද?

ජංගම දුරකථනයේ වෙළඳ වටිනාකමට කිසිදාක වෙළඳපොලක හිඟයක් ඇති වී නැත. ජංගම දුරකථන පරිශීලකයන් සැමවිටකදීම බලාපොරත්තු වන්නේ, නව විශේෂාංග සහිත නව ජංගම දුරකථන, වඩාත් සහනශීලී මුදලට ලබා ගැනීමටයි. මෙම හේතූන් මත, අන්තර්ජාලගත ජංගම දුරකථන වෙළඳාමට සම්බන්දවීම වඩාත් ලාභදායී වේ.

ඔබ අපේක්ෂා කරන ආදායම එලෙසම ලබාගැනීමට, ඔබ ජංගම දුරකථන වෙළඳාමේ යෙදීමම ප්‍රමාණවත් නොවන්නට පුලුවන්. මෙයට හේතුව, වෙළඳාමේ යෙදීම සඳහා ඔබ මිලදී ගන්නා ජංගම දුරකථන මිල අධික බවින් යුක්ත වීම විය හැකියි. සාර්ථකත්වය වෙනුවෙන් සෑම ව්‍යාපාරයක් පාහේම ආදායම හා වියදම එක අගයන් හී පවතින, ලාභ නැති අවධීන් වලට අවම වශයෙන් හෝ මුහුණ දී ඇත. මෙය හේතු කොට ගෙන සාර්ථක වීමට නම්, යම් කිසි මිනුමක් සහ සැලැස්මක් අනුගමනය කිරීම වැදගත් වේ.

Sri Lanka, sell on Daraz today හි වෙළඳ සාමාජිකයෙක් වීමට ඔබට පිළිපැදිය හැකි දෑ :

නාමාවලියක් සකස් කරන්න.

  1. කාණ්ඩ තෝරාගන්න.
    • ඔබ ජංගම දුරකථන සහ අනෙකුත් උපාංග වඩාත් ලොකු පරාසයකින් විකිණීමට අදහස් කරන්නේ නම්, කාණ්ඩ සෑදීම ඔබගේ ව්‍යාපාරයට වඩාත් සහයෝගී වේ. ඔබට ඔබේ ජංගම දුරකථන, නිපදවූ සමාගම් වලට අනුව කාණ්ඩ කල හැක. ඔබට අනෙකුත් උපාංග මෙවලම් වර්ගය අනුව කාණ්ඩ කල හැක.
      උදාහරණයක් ලෙස : ජංගම දුරකථන කවර, හෙඩ්ෆෝන, වැනි දෑ වේ.
  2. මිල තීරණය කරන්න.
    • මෙය පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ තීරණය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන බැවින්, වඩාත් වැදගත් කොටසක් වේ. මිල තීරණය කිරීමට ඔබ කල යුත්තේ, ඔබ භාණ්ඩ මිලදී ගත් මුදල සහ, ඔබගේ අනෙකුත් තරඟකාරී වෙළඳුන් එම භාණ්ඩයම විකුණන මිල සලකා බැලීමයි.මෙලස වාසි සහගත මිල තීරණයක් ගත්තද, මුල් අවධියේදී, ලාභය හැකි තාක් අවම මට්ටමෙන් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. නව ව්‍යාපාරයක් ලෙස ඔබගේ ප්‍රමුඛතාව විය යුත්තේ, වැඩි පාරිබෝගිකයන් ප්‍රමාණයක් ඔබගෙන් මිලදී ගැනීමත් සහ වෙළඳුන් අතර කැපී පෙනීමත් ය. බොහෝ අවස්ථා වලදී, අඩු මිලකට භාණ්ඩ විකිණීම , පෙර සඳහන් ඉලක්ක සාක්ෂාත් කරගැනීමට උපකාර වේ.
  3. භාණ්ඩ වල පින්තූර ලැහැස්ති කිරීම.
    • පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා භාණ්ඩ වල පින්තූර ඉතා වැදගත් වේ. එකම භාණ්ඩයේ පින්තූර අවශ්‍ය පමණට වඩා ගැනීමෙන් වැළකී, භාණ්ඩය වඩාත් පැහැදිලි ලෙස දැකිය හැකි, ගුණාත්මක තත්වයෙන් උසස් පින්තූර දෙක තුනක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
  4. භාණ්ඩ විස්තරය ලිවීම.
    • ඔබ ඩරාස් හී යම් කිසි භාණ්ඩයක් විකිණීමේදී, භාණ්ඩයේ විස්තර කිරීම බෙහෙවින් වැදගත් වේ. භාණ්ඩය ජංගම දුරකථනයක් වේ නම්, එහි විස්තරය තවත් වැඩියෙන් වැදගත් වේ. විස්තරයේ අන්තර්ගතය තුල ජංගම දුරකථනයේ විශේෂාංග සහ අනෙකුත් වාසි ඇතුලත් විය යුතුය. භාණ්ඩ විස්තරය තවත් ගුණාත්මක කිරීමට, SEO මුල පද භාවිතා කරන්න.

ගෙවීම් ක්‍රමයක් තෝරාගන්න.

අන්තර්ජාලය මගින් ජංගම දුරකථන විකිණීමේදී, ඔබට තෝරාගැනීමට ගෙවීම් ක්‍රම දෙකක් ඇත. ඒවා Cash on Delivery (COD) සහ Online Payments වේ. ඔබගේ අන්තර්ජාල ගබඩාව සඳහා ආරක්ෂිත ගෙවීම් විකල්පය  අන්තර්ගත කිරීම යෝග්‍ය අදහසක් වන අතර, COD ගෙවීම් ක්‍රමයට ද පාරිභෝගිකයන් රැසක් පෙළඹේ.

අපනයනය සඳහා ඉඟි.

E වාණිජ අපනයන, පරිපූර්ණ ලෙස ගතහොත් නම්‍යශීලී විය යුතුයි. මතකයේ තබා ගත යුතු අනිවාර්යය දේවල් අතුරින් ස්වල්පයක් : ඔබ යම් කිසි ප්‍රදේශයකට භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ නැත්නම්, එය සම්බන්ධව ඔබගේ පාරිභෝගිකයන් දැනුවත් කිරීම, භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලියේ භාණ්ඩය ඇති තත්වය ගැන භාණ්ඩයට අදාල පාරිභෝගිකයා නිතර දැනුවත් කිරීම සහ, දළ වශයෙන්, පාරිභෝගිකයාට භාණ්ඩය ලබා දෙන දිනයක් ප්‍රකාශ කිරීම. තව දුරටත්, පාරිභෝගිකයා යම් කිසි මුදල් වියදම් ගණනයක් ඉක්ම වූ පසු ප්‍රවාහන ගාස්තු රහිතව භාණ්ඩය ඔවුන් හට ප්‍රවාහනය කිරීමත්, පාරිභෝගිකයන් වැඩි වීමට නිසැකවම හේතු වේ.

ඔබගේ ගබඩාවට ඇති පාරිභෝගික ගමනාගමනය වැඩි කරගැනීම.

මූලික අධියර අවසන් කල ඔබට දැන් තරමක් අසීරු කාර්යයක් ඇත. එය ඔබගේ ගබඩාවට පාරිභෝගික ගමනාගමනයක් නිර්මාණය කිරීමයි. කොතෙක් දුරට වෙළඳ වටිනාකමක් ඇති භාණ්ඩ පිරී තිබුනත්, පාරිභෝගික ගමනාගමනය ඇති වී නැත්නම්, සෑහෙන්නේ නැත.

එය සාක්ෂාත් කරගැනීම සඳහා, අදහස් ස්වල්පයක් :

  1. සෙවුම් යාන්ත්‍රනයේ ගුණාත්මක භාවය (SEO)
    • යනු, ඔබගේ ගබඩාව ප්‍රශස්තීකරණය කර පාරිභෝගික ගමනාගමනය වැඩි කිරීමට ඇති යාන්ත්‍රනයකි. මෙය කාලය යොදා සැළස්මක් සමග , ඔබගේ ව්‍යාපාරයට අදාල මුල පද යෙදීමෙන් ලබා ගත හැක. එම නිසා සෙවීම් යාන්ත්‍රන වල, පාරිභෝගිකයන් දත්ත සෙවීමේදී, ඔබගේ ගබඩාව, සෙවීමේ ප්‍රතිඵල අතර උඩින් ම මතු වීමේ සම්භාවිතාව වැඩිවේ.
  2. අන්තර්ගතයෙහි අලෙවිය
    • පාරිභෝගිකයන් විය හැකි අය හට කියවීමට සිත්ගන්නා සුලු සහ තොරතුරු කේන්ද්‍ර ගත වූ බ්ලොග් පිටු නිර්මාණය කිරීම, තව තවත් පාරිභෝගික ආකර්ෂණය ලැබීමට හේතු වේ. පාරිභොගික ගමනාගමනය  ලබා ගැනීම සඳහා එම බ්ලොග් පිටුවේ, ඔබගේ ගබඩා පිටුවට සබැඳි ලින්ක් එක සඳහන් කරන්න. අලෙවිය, ඔබට අවශ්‍ය කරන තැනට පාරිභෝගික ගමනාගමනය රැගෙන යාමට සහ, ඔබගේ ව්‍යාපාරයේ වෙළඳ නාමය කැපී පෙනීමට භාවිතා කල හැකි සියුම් සහ තොරතුරු කේන්ද්‍රීය ක්‍රමයක් වේ.

මෙම පෙන්වා දී ඇති අදහස් අනුගමනය කිරීමෙන්, ඔබගේ ජංගම දුරකථන වෙළඳාව වැඩි දියුණු වීමක් හා තව තවත් වැඩි ආදායමක් උපයා ගැනීමට හැකියවක් මතු කෙරේ.

The Daraz Seller Program ඔබට වටිනා අවස්ථාවක් ලබා දෙන්නේ ලංකාව තුල සිටිනා විශාලතම වාණිජ නාමය තුල වෙළඳ හිමිකරුවෙක් වීමටයි. ලියාපදිංචි වීම ඉක්මනින් සහ පහසුවෙන් කරගත හැක.

Daraz Seller Center Program හි ප්‍රතිලාභ

  • පරිභෝගිකයන් මිලියන ගණනකට සම්බන්ද වීමට අවස්ථාව.
  • ලේඛන ගාස්තු නැත, ඔබ ගේවීමක් කරන එකම අවස්ථාව , ඔබෙන් යමක්, යමෙක් මිලදී ගන්නා අවස්ථාවේ පමණයි
  • ඔබගේ භාණ්ඩ අපනායන ප්‍රවාහනයට, වේගවත් සහ ආරක්ෂිත සේවාවක්.
  • ආරක්ෂා සහගත හා වේගවත් මුදල් ගෙවීම්
  • සැම විටම, ඔබ වෙනුවෙන් වෘත්තීය මට්ටමෙන් උසස් සේවාවන්

මෙතරම් ප්‍රතිලාභ තිබෙන තැනක, දෙසරයක් නොසිතන්න.

ඩරාස් වෙළඳ සභාවට එකතු වී, අදම ඩරාස් සමග වෙළඳාම් කරන්න!

daraz seller center
Click on the image to download!

Amaani Inthikab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php