අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න Best Home Appliances

අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න Best Home Appliances

අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න Best Home Appliances ඕන වෙනවාමයි. අලුත් අවුරුද්දේ හැමදේම අලුත්වෙද්දි ගෙදර පාවිච්චි කරන උපකරණ අලුත් වුණේ නැත්තම් ඒක අඩුවක් වෙනවා.

ඔයාලා දන්නවාද අලුත් අවුරුද්දට ගෙදරට ගන්නම ඕන Best Home Appliances මොනවාද කියලා.අපි බලමු අලුත් අවුරුද්දේ නිවසට අසිරියක් කැන්දන Best Home Appliances මොනවාද කියලා.

Daraz අවුරුදු වාසි සමඟින් අවුරුදු අසිරිය දොරකඩටම

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට.  බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් අලුත් අවුරුදු අසිරිය නිවසට කැන්දන්න අලුත් ගෘහ උපකරණ මිලදී ගන්න. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ගෙදරට ගැළපෙන ගෘහ උපකරණ මේ අතරින් තෝරාගන්න.

LG, Abans, Samsung, Nikai, Arpico, Panasonic, Singer, Hisense ඇතුළු සන්නාම ගණනාවක් සඳහා 60%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිනාගන්න. නොමිලේ Shipping හා වවුචර්ස් දිනාගන්න.

Best Home Appliances නිසා ගෙදරට අසිරිය ගෙනඑනවා විතරක් නෙවෙයි ගෙදරදොරේ වැඩ කටයුතු කරගන්නත් පහසු වෙනවා. අවුරුදු කාලය කියන්නේ ගෙදර වැඩ වැඩි වෙනම කාලයක්. නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් අවුරුදු කාලේට නෑගම් එනවා. ඉතිං ඒ නිසා අලුත් උපකරණ ටිකක් ගත්තොත් අපිට අවුරුදු කාලේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නත් පහසුවක් වෙනවා.

අවුරුදු අසිරිය නිවසට කැන්දන Best Home Appliances ගැන අපි හොයලා බලමු. මේ හැම ගෘහ උපකරණයක්ම ඔයාට Daraz අවුරුදු වාසි වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන්.

Fridge

අවුරුදු කාලේ කියන්නේ  ගෙදර දොරේ කෑම බීම පිරෙන කාලයක්. අවුරුද්දට කට්ට්ය නෑගම් එන්න පටන් ගන්නේ පෝළිමටනේ. ඉතිං මේ එන හැමෝටම හොඳින් සංග්‍රහ කරන්න නම් ගෙදර Fridge එකේ බඩු පුරවගෙන තියාගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු කාලෙට ගෙදර හැමෝම ඉන්න නිසා නිතරම Fridge එක ඇර ඇර මොනවාද තියන්නේ කියලා හොයනවා නේද? මේ අවුරුදු කාලේ වැඩි වැඩියෙන් උයන්න මස්, මාළු එහෙමත් Fridge එකේ store කරලා තියාගන්න වෙනවා. ඒ වගේම තමයි කූල් බීම ජාති, අයිස්ක්‍රීම් මේ හැමෙදේම වැඩි වැඩියෙන් පාවිච්චි වෙන කාලයක්නේ දැන් මේ ළඟ ළඟම එන්නේ. ඉතිං ඒ නිසා මේ අවුරුදු කාලේ අලුත් අවුරුදු අසිරිය තවත් වැඩි වෙන්න අලුත් Fridge එකක් ගෙදරට ගත්තා නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි නේද?

Microwave oven

මයික්‍රොවේව් එකක් කියන්නේ අද කාලේ කුස්සියක අනිවාර්යෙන්ම තියෙන්න අවශ්‍ය උපකරණයක්. විවිධ ජාතියේ කෑම හදන්නත් හදපු කෑම රත් කරන්නත් මයික්‍රොවේව් අවන් එකක් විශේෂයෙන් උපකාරී වෙනවා. බහුකාර්ය අවන් එකක් හැටියට තමයි කවුරුත් හඳුන්වන්නේ. ඉතිං මේ අවුරුදු කාලෙට මේ වගේ උපකරණයක් තිබුණොත් නිවසට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අවුරුදු කාලේ නෑගම් එන අමුත්තන්ට හැමදාම එකම විදියේ රෙසිපිවලින් සංග්‍රහ කරන්න බෑනේ. අලුත් අවුරුද්දට අලුත් විදියේ කෑම හදලා දුන්නොත් එයාලා ගොඩාක් ආස වෙයි.

ඒ වගේම තමයි අවුරුදු කාලෙට ගෙදරට අමුත්තන් ආවාම ඒ අයට සංග්‍රහ කරන්නත් ඕන. ඒ අයව හොඳින් පිළිඅරගෙන කතාබහ කරන්නත් ඕන. ඉතිං මේ දෙකම එකට කරන්න අමාරුයිනේ. ගෙදරට එන අමුත්තන් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න නම් කෑම බීම කලින් හදලා තියාගන්න ඕන. හැබැයි කවුරුත් කෑම කන්න ආස උණුවෙන්නේ. මේකට හොඳම විසඳුම තමයි මයික්‍රොවේව් අවන් එක. ඔයාගේ ගෙදර මයික්‍රොවේව් එකක් තිබුණොත් කලින් කෑම ජාති හදලා තියලා අමුත්තන් ආව වෙලේට රත් කරලා හොඳින් සංග්‍රහ කරන්න පුළුවන්. ඉතිං ඔයාගේ කුස්සියේ තාමත් මයික්‍රොවේව් අවන් එකක් නැත්තම් මෙදා සැරේ Daraz අවුරුදු වාසි වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මයික්‍රොවේව් අවන් එකක් මිලදී ගන්න.

Washing Machine

අවුරුදු කාලෙට කෑම බීම වගේම ඇඳුම් පැළදුම් වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා. අවුරුදු කාලේ Shopping කරලා ඇඳුම් බෑග් පිටින් අරගෙන තමයි ගෙදර හැමෝම එන්නේ. අවුරුද්දට ඇඳුම් ගන්නවා වගේම මේ ඇඳුම් හෝදන්න ඕන කියලාත් මතක තියාගන්න. අවුරුදු කාලෙට ගන්න අලුත් ඇඳුම් ඇඳගෙන තමයි අවුරුදු නෑගම් යන්නේ. අවුරුද්ද දවස් දෙකකට සීමා වුණාට අවුරුදු නෑගම් නම් ඒ මාසෙ පුරාම කට්ටය යනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු පාටිත් ඒ දවස්වල සංවිධානය වෙන නිසා මේ කාලෙට ගමන් බිමන් නම් අඩුවක් වෙන්නේ නෑ. හැම ගමනකටම එකම ඇඳුම ඇඳගෙන යන්නත් බෑනේ. ගොඩාක් වෙලාවට එකම නෑදෑයෝ තමයි ගෙවල් කිහිපයකදිම හමුවෙන්නේ. ඒ නිසා අලුතෙන් ගත්ත ඇඳුම් ඔක්කොම ඒ කාලෙට අඳින්න වෙනවා. අඳින අඳින මේ ඇඳුම් හෝදන්නත් එපැයි. අතේ රෙදි හෝදන කාලේ දැන් ඉවර වෙලා තියන්නේ. ඇඳුම් වැඩි වැඩියෙන් අඳින්න වෙන මේ කාලේ ගෙදර වොෂින් මෙෂින් එකක් තිබුණොත්‌ ලේසියෙන්ම රෙදි හෝදලා වේලගන්න පුළුවන් නේද? තාමත් ඔයා  වොෂින් මෙෂින් එකක් අරගෙන නැත්තම් තියන වොෂින් මෙෂින් එක හරියට වැඩ කරන්නේ නැත්තම් Daraz අවුරුදු වාසි වෙතින් අලුත් වොෂින් මෙෂින් එකක් සුවිශේෂී මිලකට තෝරගන්න.

Steam Iron

Shopping ගිහින් අවුරුදු කාලෙට ඇඳුම් අරගෙන ආවාම මේ ඇඳුම් ඇඳගෙන යනකන් ඉවසිල්ලක් නෑ නේද? හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගත්තාට වැඩක් නෑ ඒ ඇඳුම් Iron කරලා පිළිවෙළකට ඇඳගෙන ගියේ නැත්තම්.  මේ අවුරුදු කාලේ අලුත් වෙන්න පිළිවෙළකට අඳින්නත් පුරුදු වෙන්න. ඇඳුම් iron කරාත් iron එක හරියට වැඩ වෙන්නේ නැත්තම් ඇඳුම මැඳලා කියලා පේන්නේවත් නැති වෙනවා. ඒ නිසා මේ අවුරුදු කාලේ Daraz වෙතින් අලුත් අවුරුද්දට ගත්ත ඇඳුම් ලස්සනට ඇඳගෙන යන්න Steam iron එකකුත් ගන්න.

Coffee Machine

ශ්‍රී ලාංකික අපි ගෙදරට එන හැමෝටම තේ හෝ කෝපි පානයකින් සංග්‍රහ කරන්න පුරුදු වෙලා ඉන්නවා. අවුරුදු කාලෙට ගෙදරට එන නෑදෑ හිත මිතුරන්ට කැවිලි පෙවිලි සමඟ තේ හෝ කෝපි කෝප්පයක් අපි පිළිගන්වනවා. අවුරුදු කාලෙට ගෙදරට සෙනඟ නිතරම එද්දි Coffee machine එකක් තිබුණා නම් ලේසියෙන්ම කෝපි කෝප්පයක් අමුත්තන්ට සංග්‍රහ කරන්න පුළුවන් නේද? අලුත් අවුරුද්දේ නිවසට අලුත් අසිරියක් එක් කරන්න Coffee machine එකක් මෙදා සැරේ ගමුද?

Gas Cooker

අවුරුදු කාලෙට ගෙදර ඉන්න කාන්තාවන්ට උයන පිහන වැඩ කටයුතු ගොඩාක් වැඩි වෙනවානේ. මේ කාලේට නම් restaurant වලින් කෑම ගන්නවාට වඩා ගෙදරදීම හදන කෑමවලින් තමයි ගෙදරට එන අයට සංග්‍රහ කරන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔයා කෑම හදන්නේ එකම ගෑස් කුකර් එකෙන්ද? ඔන්න එහෙනම් අලුත් ගෑස් කුකර් එකකට මාරු වෙන්න මේ හොඳම කාලය‍. Daraz අවුරදු වාසි වෙතින් මේ අලුත් අවුරුද්දේ ඔයාගේ කුස්සියට අලුත් අසිරියක් එක් කරන්න අලුත් Gas Cooker එකක් මිලදී ගන්න.

Samsung Home appliances – TV

අවුරුදු කාලෙට කෑම බීම ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි විනෝදාස්වාදයත් අපිට අවශ්‍යයි. අවුරුද්දට නෑදෑයෝ යාළුවෝ ගෙදරට ආවාම හැමෝම එකට එකතු වෙලා එදා දවසේ ටී.වී. බලනවා. අවුරුදු අසිරිය දැන් රූපවාහිනි තිරය හරහාත් නිවසට සමීප කරන්න පුළුවන්. මේ කාලටෙ ගෙදරට එන හැමෝම එකට එක්වෙලා අවුරුදු වැඩසටහන් නරඹද්දි අවුරුදු ගැම්ම හිතට තව තවත් දැනෙන්න පටන් ගන්නවා. වඩාත් හොඳ විනෝදාස්වාදයක් ලබාගන්න අලුත් අවුරුද්දේ අලුත්ටී. වී එකක් ගෙදරට ගත්තා නම් හොඳයි නේද?

අප්‍රේල් මාසේ එන සිංහල අලුත් අවුරුද්දට හැමෝම සූදානම් වෙන්නේ මාර්තු මාසයේ ඉඳලාමයි. අවුරුදු අසිරිය මාර්තු මාසේ ඉඳන් අපිට දැනෙන්න පටන් ගන්නවා. අලුත් අවුරුද්ද යන නාමයේම අලුත් යන අර්ථය ගැබ්වෙලා තියනවා. ඒ නිසා අලුත් අවුරුද්දේ හැමදේම අලුත් කරගන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. ඉතිං අලුත් වෙන හැමදේම අතරේ ගෙදර උපකරණත් අලුත් කරගන්න පුළුවන් නම් අවුරුදු අසිරිය තව තවත් වැඩි වෙනවා. ඔයාලාගේ ගෙදරත් අලුත් ගෘහ උපකරණවලින් අලුත් කරගන්න අදහසක් දෙන්න තමයි Best Home Appliances ටිකක් අපි හඳුන්වලා දුන්නේ. Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා ඔයාගේ ගෙදර අලුත් ගෘහ උපකරණවලින් අලුත් කරගන්න.

නිවස අලුත් කරගන්න පුළුවන් තවත් Home Appliances ගැන දැනගන්න Make your house a beautiful home with the best home appliances brands ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php