අවුරුදු සමයේ සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න Best Camera for Photography

අවුරුදු සමයේ සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න Best Camera for Photography

ජීවිතේ මතකයන් හැමදාම ළඟ තියාගන්න Best camera for photography තෝරාගන්න වෙනවා. මේ අවුරුදු කාලේ මතක අතරට තවත් අලුත් මතක එකතු වෙනවා.

ඔයාගේ ආදරණීය මතකයන් හැමදාම රඳවා තියාගන්න සුදුසු Best camera for photography මොනවාද කියලා හොයමින් ඉන්වාද? අපි බලමු මේ අවුරුදු කාලේ මිලදී ගන්න පුළුවන් Best camera for photography මොනවාද කියලා.

Daraz අවුරුදු වාසි දැන් විඳගන්න

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි දැන් Live විඳගන්න. බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් ඔයාගේ ඔයාගේ වැඩ කටයුතුවලට සුදුසු කැමරාවක් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න දැන් අවස්ථාව තියනවා. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Shop කරන්න පටන් ගන්න.

GoPro, Canon, Sony, Xiaomi, Hikvision, Nikon, Godox, Daraz ඇතුළු වර්ග ගණනාවක් සඳහා 25%ක් දක්වා වට්ටම් දිනාගන්න. වවුචර්, නොමිලේ ඩිලිවරි, Freebie bundles ඇතුළු තවත් අනඟි දීමනා රැසක් අත්විඳින්න.

විවිධ කාලවලදි අපේ ජීවිතයට අලුතින් මතක එකතු වෙනවා. ඒ අතරින් අවුරුදු කාලේ කියන්නේ විශේෂම කාලයක්. අවුරුදු කාලේට නෑදෑ හිත මිතුරන් හැමෝම එකතු වෙනවා. ඉතිං නෑදෑයෝ යාළුවෝ හැමෝම එකතු වෙන අවස්ථා හැමදාම මතකයේ තියාගන්න කැමතියි නේද? ඒ විතරක් නෙවෙයි අවුරුදු කාලෙට අවුරුදු සාද, අවුරුදු උත්සව මේ හැමදේකටම අපි යනවානේ. අවුරුදු උත්සවවල විශේෂ අවස්ථා, අවුරුදු සාදවල යාළුවෝ එකතු වෙන අවස්ථාවලදී ඒ මතකයන් අපි හැමදාම තියාගන්නේ ෆොටෝ එකකින්. ඒ නිසාම මතකයන් හැමදාම සිහිවටනයක් විදියට තියාගන්න නම් හොඳ කැමරාවකින් ෆොටෝ capture කරන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි අවුරුදු කාලෙට දිග නිවාඩුවක් ලැබෙන නිසා කට්ටියත් එක්ක එහෙමෙහෙ ට්‍රැවල් කරන්නත් හිතාගෙන ඉන්නවා ඇති. එක එක්කෙනාගේ විනෝදාංශ අතර ඇතැම් අය ඡායාරූපකරණයට වැඩියෙන් ඇලුම් කරනවා. ඉතිං ඒ වගේ අයට මේ අවුරුදු කාලේ Daraz අවුරුදු වාසි වෙතින් සුවිශේෂී වට්ටමකට මිලදී ගන්න පුළුවන් Best camera for photography මොනවාද කියලා අපි දැනගනිමු.

GoPro Hero 

ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කරපු ප්‍රමාණයෙන් සාමාන්‍ය කැමරාවලට වඩා, කුඩා කැමරා වර්ගයක්. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝවලට. සරලවම කිව්වොත් ක්‍රීඩා කටයුතු සහ විවිධ විදියේ ඇක්ෂන් වැඩ කටයුතුවලදී මේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන්. අතේ, පයේ, පපුවේ, හිසේ, නැතිනම් බෝට්ටුවේ, බයිසිකලේ, කාර් එකේ වුණාත් මේ කැමරාව මවුන්ට් කරගෙන ගිහින් ඒ අවස්ථාව වීඩියෝ කරගන්න හැකියාව තියෙනවා. ලංකාවේත් ගෝ ප්‍රෝවලින් ගත්ත ශොට්ස් දැන් රූපවාහිනියේ සහ සිනමාවෙත් දකින්නට තියෙනවා. අවුරුදු කාලේ දිග නිවාඩුවක් ලැබෙන හින්දා එහෙමෙහෙ ට්‍රැවල් කරන්න ඔයාලා හිතාගෙන ඇති. හිතලා බලන්න කිතුල්ගල වගේ තැනකට ගිහින් වෝටර් රාෆ්ටින් කරන අවස්ථාවක්. එතැනදී අපිට බැහැ ෆෝන් එකක් හෝ කැමරාවක් අරං ගිහින් ඒවා එක්ක හැරෙන්න. මොකද අත් දෙකෙන්ම හබල අල්ලගෙන පැදීමක් තමයි තියෙන්නේ රාෆ්ටින්වලදි. ඒ වගේ තැනකදි අපේ වැඩ ටික සහ අපි දකින තැන හොඳට බලාගන්න කැමරාව හිසේ සවිකර ගන්න පුළුවන්. ගෝ ප්‍රෝ කැමරා‍වල ක්ලිප් ටිකක් එඩිට් කරලා අපි යන සංචාරයක ලස්සන වීඩියෝ එකක් හදාගන්නත් ගෝ ප්‍රෝවලින් ලබාදෙන ගෝ ප්‍රෝ Quick ස්ටුඩියෝ සොෆ්ට්වෙයා එක හරහා පුළුවන්කම ලැබෙනවා.

GoPro ලොව හොඳම වෙළෙඳ නාම අතර තාක්ෂණය හා නිර්මාණකරණයෙන් ප්‍රමුඛයා බවට පත්වෙලා තියනවා. අවුරුද්දක international seller warranty එකක් සමඟින් GoPro Hero 9 Daraz අවුරුදු වාසි වෙතින් බැංකු කාඩ් සඳහා සුවිශේෂී වට්ටමක් සමඟින් මිලදී ගන්න පුළුවන්.

Sony Alpha

සෝනි කියන්නේ කැමරා සෙන්සර් හැදීමේ තවත් ප්‍රමුඛතම වෙළෙඳ නාමයක්. දැනට වෙළඳපොළේ ඇති බොහොමයක් ෆෝන් කැමරාවල තියෙන්නේ සෝනි සෙන්සර්. මේ සෝනි සමාගමේ පොකට් කැමරාත් වෙළඳපොළේ හොඳින් විකිණෙනවා. මිරර්ලස් කැමරා කියන්නේ DSLR තරම් ප්‍රමාණයෙන් විශාල නොවුණාත් ඒ තත්ත්වයේම වීඩියෝ සහ ෆොටෝ ලබාගන්න පුළුවන් හුරුබුහුටි කැමරා විශේෂයක්. DSLRවලට වගේම මිරර්ලස්වලටත් ඒ ඒ වටපිටාවන්ට අනුව ලෙන්සස් මාරුකර ෆොටෝ ගැනීමේ හැකියාව තියනවා. මෙහිදී මිරර්ලස් කැමරාවට පතිත වෙන ආලෝකය වීදුරුවක හෝ ප්‍රිස්මයක වදින්නේ නැතිව කෙලින්ම සෙන්සරය වෙත පතිත වෙනවා. වීඩියෝ වැඩවලදී ඉක්මනින් ෆෝකස් වෙනවා. සෝනි ඇල්ෆා වෙළඳපොළට ඇවිත් අවුරුදු ගණනාක් ගත වුණාත්, තවමත් මිරර්ලස් බජට් කැමරාවන් අතර මුල්පෙළේ නම කියවෙන කැමරාවක්.මේ අවුරුදු කාලේ අපූරු මතකයන් වීඩියෝ ගත කරගන්න මේ වගේ කැමරාවක් Daraz අවුරුදු වාසි වෙතින් තෝරගන්න.

Nikon DSLR

DSLR කැමරාවක් ගන්න අදහසක් තියනවා නම්, ඔන්න ඔයාට ගැළපෙනම කැමරා වර්ගයක් තමයි නිකොන් ඩී 3500 කියන්නේ. DSLR කැමරාවකින් විශාල කාර්යක් කරන්න පුළුවන්. මේ කැමරාව ටිකක් පොඩියි. ඒ නිසා හැසිරවීමත් රැගෙන යෑමත් පහසුයි. කැමරාවේ බැටරියත් ට්‍රිප් එකක් යද්දි දවස් දෙක තුනක් ෆොටෝ ගහන්න තරම් බලවත්. මේ වගේ කැමරාවකට වුණාත් ගැළපෙන වටිනා ලෙන්ස් සවිකරගන්න පුළුවන් නම්, සෑහෙන සුපිරි ෆොටෝ අපිට ඒ හරහා නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. හොඳ ෆොටෝ එකක් ගන්න නම් photographer කෙනෙක් ඕනෙ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් මේ වගේ කැමරා එකක් තියනවා නම් photographer කෙනෙක් අවශ්‍ය වෙන්නෙත් නෑ. විශේෂ අවස්ථා ඉතා අලංකාරව වීඩියෝ කරගන්න පුළුවන්. බහු කාර්ය ගමන් සඳහා වඩාත් සුදුසුයි. අවුරුදු කාලේ අමතක නොවන අවස්ථා මේ වගේ කැමරා එකකින් ඡායාරූපගත කරගන්න පුළුවන්.

Canon EOS

කැනන් කියන්නේ කැමරා සඳහා ඉහළ කීර්තියක් අත්කරගෙන තියන දිගු කාලයක් සිට විශ්වාසයක් දිනා ඇති වෙළෙඳ නාමයක්. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වෙනවා.  ඉහළ කල්පවත්නා බවක් තියන මේ කැනන් කැමරා බඳට විශාල පරාසයක ලෙන්ස් සවි කරන්න පුළුවන්.  කැනන් කැමරාවක් සොයන විට මිරර්ලස් හෝ DSLR කැමරාවක් තෝරාගැනීමේ ඉඩ තියනවා. Canonහි DSLR පරාසය EOS DSLR ලෙස හඳුන්වලා දීලා තියනවා. උසස් කොලිටි එකකින් නිපදවලා තියන මේ කැමරාව බහුකාර්යතාවය හා ආකර්ෂණීයත්වය අතින් ඉදිරියෙන්ම තියනවා. මේ කැමරාවේ ඔටෝ ෆෝකස් පහසුවත් සැකසී තියනවා.

Fujifilm Instax Mini

ඡායාරූපකරණයේ ආධුනිකයන්ට වඩාත් ගැළපෙන කැමරා වර්ගයක් ලෙස ෆුජිෆිල්ම් කැමරා වර්ගය හඳුන්වන්න පුළුවන්. ෆුජිෆිල්ම් ඉන්ස්ටැක්ස් මිනි version දැන් බොහෝ දෙනාගේ තේරීම වෙලා තියනවා. ක්ෂණික ලෙස ඡායාරූප ගන්න කදිමෙට ගැළපෙන කැමරා එකක්. මෙයින් සම්භාව්‍ය ක්ෂණික පෙනුමක් ලබාගන්න පුළුවන් වගේම අධික වෙනසකින් හා ලෝ – ෆයි වර්ණවලින් යුක්ත වෙනවා. එළිමහනේ ෆොටෝස් ගනිද්දි මේ කැමරාව හොඳින් ක්‍රියා කරනවා. මෙහි අඩංගු ක්ෂණික කැමරාව වඩා හොඳ පින්තූර ගැනීමට සහාය වෙනවා. වෙනස් කරන්න පුළුවන් කාචයක් තියන නිසා සියලු ආකාරයේ සමීප ඡායාරූප ගන්නත් පුළුවන්. ඉතිං වඩාත් හොඳ ඡායාරූප අත්දැකීමක් විඳින්න මේ වගේ කැමරා එකක් මේ අවුරුදු කාලේ Daraz වෙතින්ම ගන්න.

EKEN H9R Action Camera

අඩු මුදලකට ගන්න පුළුවන් ඇක්ෂන් කැමරාවක් හැටියට මේ කැමරා එක හඳුන්වාදෙන්න පුළුවන්. මෙගා ෆික්සල් 20ක කැමරා කාචයක් තියනවා. මේක වීඩියෝවලටම නිර්මාණය කරපු කැමරා එකක් වුණාට මෙයින් ගන්න ෆොටෝස්වලත් හොඳ කොලිටි එකක් දැකබලා ගන්න පුළුවන්. මේකෙ කැමරාව නිසා ගොඩාක් හොඳ සිනෙමැටික්ස් වීඩියෝ වගේම යූටියුබ් ව්ලොග් වගේ දේවලුත් රෙකෝඩ් කරගන්න පුළුවන්. කැමරාවේ තියන මේ පහසුකම නිසා යූටියුබ් අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට වගේම Hard use කරන්න කැමරාවක් හොයන කෙනෙක්ට වුණාත් වඩාත් සුදුසු කැමරාවක්. අඟල් 2ක LCD Display එකකින් සමන්විතයි. අව්ව තියන වෙලාවකට වුණාත් මේ කැමරාවේ view එක හොඳින් පැහැදිලිව බලාගන්න පුළුවන්. අංශක 170ක angle එකක් මේ කැමරාව හරහා capture කරන්න පුළුවන්. Water proofing case එක ගොඩාක් හයිය ප්ලාස්ටික් material එකකින් තමයි නිර්මාණය කරලා තියන්නේ.මේ කැමරා එකේ casing එක දාලා ඔයාට මීටර් 30ක් යනකන් වතුර යට වීඩියෝස් රෙකෝඩ් කිරීමේ හැකියාව ලැබෙනවා. මේ ඇක්ෂන් කැමරාවට වයිෆයිත් ලැබෙන නිසා ‌ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරලා ෆොටෝස් share කරගන්න පුළුවන්.

හැම මතකයක්ම ලස්සනට ඡායාරූපගත කරගන්න කැමති, ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන ඔයාලාට මේ අවුරුදු කාලේ සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් කැමරා ගැන අදහසක් දෙන්න තමයි අපි මේ කැමරා ටික හඳුන්වාදුන්නේ.

මේ අවුරුදු කාලේ ඔයාගේ වැඩ පහසු කරගන්න Daraz අවුරුදු වාසි වෙතින් මිලදීගන්න පුළුවන් ලැප්ටොප් පිළිබඳත් දැනගන්න සුපිරි අත්දැකීමක් විඳගන්න Best Laptop Brands in Sri Lanka ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php