Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

ලංකාවේ මේ දවස්වල තියන Power Cut Schedule එක නිසා හැමෝම අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මේ Power Cut එකේ විදියට දැන් අපේ වැඩ කටයුතුත් කරගෙන යන්න සිද්ධ වෙලා.

Power Cut Schedule එකේදි කරන්ට් එක ලබාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයා සොයමින් ඉන්නවාද? ඉතිං ඒ නිසාම Power Cut Schedule එක ක්‍රියාත්මක වන කාලයේ ඔයාගේ වැඩ කටයුතු කරගන්න උපකාරී වන ඉලෙක්ට්‍රොනික් උපාංග කිහිපයක් හඳුන්වාදෙන්න අපි හිතුවා.

නිතර නිතර කරන්ට් යන එක දැන් ‌හැමෝගෙම වැඩවලට බාධාවක් වෙලා. ඒත් නිතරම කරන්ට් යනවා කියලා අපේ වැඩ පාඩු කරගන්නත් බෑනෙ. අපිට අපේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන්න වෙනවා.  ඒ නිසා අපිට සිද්ධ වෙනවා කරන්ට් එක ගන්න පුළුවන් විවිධ විකල්ප සොයාගෙන යන්න. ඊට තියන හොඳම විසඳුම තමයි ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කිරීම.

මේ දවස්වල හැමෝම විවිධ ඉලෙක්ට්‍රොනික් උපාංග සොයාගෙන යන නිසා එවැනි උපාංග ගන්න වෙළෙඳපොළට යන ඔයාලාට ගොඩාක් වෙලාවට අහන්නේ ලැබෙන්නේ out of stock කියලා නේද?ඒත් Daraz Mall වෙතින් කරන්ට් එක ලබාගන්න උපකාරී වන ඉලෙක්ට්‍රොනික් උපාංග මිලදී ගැනීමේ අවස්ථාව තියනවා. කරන්ට් යන ප්‍රශ්නෙට මඳ හෝ සහනයක් ගන්න ඔයාට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික් උපාංග Daraz වෙතින් කිසිම අපහසුතාවයක් නැතුව ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Daraz Mall වෙතින් ඔයාට අවශ්‍ය කරන උපාංග Select කරලා order කරගන්න.

Power Cut Schedule එකෙන් අපහසුතාවයට පත්වෙලා ඉන්න ඔයාලාට සහනයක් වෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ මොනවාද කියාල අපි අද බලමු.

Rechargeable Table Lamp

සවස් කාලයේදී කරන්ට් යන එක ලොකු අපහසුතාවයක් නේද? දවල් කාලයේදී නම් එළිය තියන නිසා කරන්ට් ගියාත් අඳුරු බවක් දැනෙන්නේ නෑ. ඒත් රාත්‍රියේදී කරන්ට් ගියාම කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා.  මේ වගේ වෙලාවට Rechargeable Lamp එකක් පාවිච්චි කරලා එළිය ලබාගන්න පුළුවන්. අඳුරු වෙලාවෙදී තමන්ගේ කාමරය එළිය කරගන්න මේ වගේ Lamp එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේස ලාම්පුවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.  රාත්‍රියේදී පාඩම් කරන අයට මේ පවර් කට් එකෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු බාධාවක් වෙනවා. ඉතිං කරන්ට් ගිය වෙලාවට තමන්ගේ පාඩම් වැඩ කරගන්න මේ වගේ Lamp එකක් භාවිතා කරන්න හැකියාව තියනවා.

Rechargeable Torch

කරන්ට් කපන මේ දවස්වල ඔයාගේ ගමන්බිමන් නතර කරන්නත් බෑනෙ. ඒ වගේම හවසට ගෙදර එන වෙලාවටම කරන්ට් කපලා තියන අවස්ථාත් ගොඩාක් ඇති. ඔන්න එහෙම වෙලාවට පාර වරද්දගන්නැතුව යන්න Rechargeable Torch එකක් අවශ්‍යම වෙනවා. මේ වගේ Torch එකක් අවස්ථා රැසකදීම ප්‍රයෝජනවත් වෙනවා. කරන්ට් ගියාම ගේ ඇතුළේ රස්නෙ වැඩිකමට ඉන්න බැරි වුණාම එළියට යන්න හිතෙනවා නේද? ඒත් අඳුරු නිසා එළියට යන්න බයක් ඇති වෙනවා. හැබැයි මෙහෙම Torch එකක් ඔයාගේ අතේ තියාගත්තොත් එහෙමෙහෙ ඇවිදින්නත් පුළුවන්. එළියට යන්න විතරක් නෙවෙයි කරන්ට් ගිය වෙලාවට ඔයාට ගේ ඇතුලේ දල්වලා තියාගන්නත් ගේ ඇතුලේ එහා මෙහා ඇවිදන්නත් මේ වගේ Torch එකක් හරිම ප්‍රයෝජනවත් වෙනවා. Daraz Mall වෙතින් මේ වගේ වටිනා Rechargeable Torch එකක් මිලදී ගැනීමේ අවස්ථාව තියනවා.

Power Bank

ඔයා ස්මාර්ට් ෆෝන්, ඉයර්බඩ්ස්, ටැබ්ලට්ස් වැනි ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් නිතර පාව්චිචි කරන කෙනෙක් නම් මේ දවස්වල කරන්ට් ගියාම ඒවායේ බැටරි බැහැලා වැඩකරගන්න බැරිව අපහසුතාවයට පත්වෙන අවස්ථා ගොඩාක් ඇති නේද? ඒ නිසාම මේ වගේ ඉලෙක්ට්‍රොනික් උපාංග පාවිච්චි කරන කෙනෙක් ළඟ Power Bank එකක් තියනේනම ඕන. දැන් ගොඩාක් දෙනා නිවසේ සිට වැඩ කරන ක්‍රමයට හුරු වෙලා තියනවා. නිවසේ ඉඳන් වැඩ කරන්නේ ලැප්ටොප්වලින්. හැබැයි කරන්ට් ගියාම ලැප්ටොප්වල චාර්ඡ් බැස්සාම ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඒ නිසා ලැප්ටොප් චාර්ජ් කරගන්නත් Power Bank එකක් අවශ්‍ය වෙනවා. කරන්ට් ගිය වෙලාවක හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් Power Bank එකක් ඔයාගේ ළඟ තියන එක ගොඩාක් වාසිදායක වෙනවා. Daraz සමඟ Shop කරලා සුවිශේෂී වට්ටම් සහිතව පහසු මිල ගණන්වලට Power Bank එකක් මිලදී ගන්න.

Solar Light

කරන්ට් ගියාම ගෙදර වත්තෙන් පිටතට යන එක ලොකු ගැටලුවක් නේද? අඳුරු පරිසරයක් තියද්දි එළියට යන්නේ කොහොමද කියලා කවුරුත් හිතනවා. ඒකට හොඳම විසඳුම තමයි Solar Light එක. මෙහි motion sensor එකක් තියන නිසා අපේ චලනයන් හඳුනාගෙන එය දැල්වෙනවා. කරන්ට් ගිය වෙලාවට ඔයාගේ මනස නිදහස් කරගෙන එළියට වෙලා ඉන්න මේ උපාංගය ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒ වගේම දහවල් කාලයේදී මේ උපාංගය ඔටෝම චාර්ජ් වෙනවා.  Water proofing නිසා වැස්ස වෙලාවක වුණාත් මේ වගේ Light එකක ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. ඔයාගේ ගෙවත්තෙත් මේ වගේ Solar Light එකක් තිබුණොත් කරන්ට් ගිය වෙලාවට නිදහසේ මිදුලේ සැරිසරන්න පුළුවන්. Daraz Mall වෙතින් හොඳම Solar Light එකක් තෝරගන්න.

Rechargeable Fans

කරන්ට් ගියාම තියන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි අධික රස්නය. ගොඩාක් දෙනා ගෙවල්වල ෆෑන් දාගෙන ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මේ දවස්වල තියන රස්නෙත් එක්ක ෆෑන් දාන්නැතුව කොහොමත් ඉන්න බෑ. ඔන්න එහෙම ෆෑන් දාගෙන ඉන්න අයට කරන්ට් ගියාම ෆෑන් එක නැතුව ඉන්න හරිම අමාරුයි. රාත්‍රි කාලයේදී කරන්ට් ගියාම විශේෂයෙන්ම පුංචි ළමයින්ට නිදාගන්න බැරිව ඔවුන් අපහසුතාවයට පත්‌ වෙනවා. ඉතිං මේකට තියන හොඳම විසඳුම තමයි Rechargeable Fan එකක් ඔයාගේ ගෙදර තියාගන්න එක. කරන්ට් ගිය වෙලාවට ෆෑන් එකේ සිසිලස විඳින්න පුළුවන් කදිම උපාංගය මෙය තමයි. කරන්ට් ගිය වෙලාවටත් කූල් එකේ ඉන්න හොඳම Rechargeable Fan එකක් Daraz Mall වෙතින් මිලදී ගන්න.

Flameless Candles

ඔයාගේ ගෙදර පුංචි දරුවන්, සුරතල් සතුන් ඉන්නවා නම්, ගිනිදැල් සහිත ඉටිපන්දම් දල්වන එකේ යම් අවදානමක් තියනවා. ඊ‌ට හොඳම විකල්පයක් හැටියට Flameless Candles පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ වගේ ඉටිපන්දම් කාමරය ලස්සන කරගන්න සැරසිල්ලක් හැටියටත් යොදා ගන්නවා. ඉතිං කරන්ට් කපන මේ කාලයේ නම් සැරසිල්ලක් හැටියට විතරක් නෙවෙයි කාමරය එළිය කරගන්න ප්‍රයෝජනවත් උපාංගයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. බොත්තමක් එබීමෙන් මේ ඉටිපන්දම් ක්‍රියාත්මක වෙනවා. සැබෑ ඉටිපන්දම්වලින් එන ගිනි අවදානම මෙහි නැති නිසා පුංචි ළමයි ඉන්න තැනක වුණාත් කිසිම බයක් නැතුව මේ වගේ ඉටිපන්දම් තියලා තියන්න පුළුවන්.  නිවසට උණුසුම් ආලෝකයක් දෙන මේ ඉටිපන්දම් සාමාන්‍ය ඉටිපන්දනම්වලට වඩා ප්‍රායෝගික භාවිතා කිරීමේ හැකියාව තියනවා. මේ ඉටිපන්දම් උත්සව අවස්ථාවලටත් විශේෂයෙන් යොදා ගන්නවා. කරන්ට් යන මේ කාලේ ඔයාලාගේ උත්සව චමත්කාරයෙන් සරසාගන්නත් Flameless Candles පත්තු කරන්න පුළුවන්. Daraz Mall සමඟ සැරිසරලා ඔයා කැමති වර්ණවලින් මෙම ඉටිපන්දම් තෝරාගන්න.

Uninterrupted Power Supply

UPS එකක් කියන්නේ කරන්ට් එක නැති වෙලාවේත් ක්‍රියාත්මක වන විශාල බැටරි පැකේජයක්. විදුලිය විසන්ධි වුණ වෙලාවක පවර් එක රැඳිලා තියනේ Power Supply එක හරහායි. හදිසියේ කරන්ට් ගියාම පරිගණකවලට හානි වෙන්න පුළුවන්. නමුත් UPS එකක් තිබුණාම ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ආරක්ෂාව සපයනවා. ඒ වගේම ගෙදර ඉඳන් වැඩ කරන දවස්වලට ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න අතරතුරේ කරන්ට් එක ගියාම ඔයාගේ පරිගණකයේ බැටරි බැහැලා අදාළ වැඩේ කරගෙන යන්න බැරුව අපහසුතාවයට පත්වෙනවා නේද? ඉතිං එහෙම වෙලාවට UPS එකක් විශාල කාර්යක් ඉටු කරනවා. නිතර කරන්ට් කපන මේ කාලයේදී ඔයාගේ ඉලෙක්ට්‍රොනික් උපකරණවල ආරක්ෂාවටත් වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් Power Supply UPS එකක් තියාගන්න එක ප්‍රයෝජනවත් වෙනවා.  ඉලෙක්ට්‍රොනික් උපකරණ සමඟ එදිනෙදා කටයුතු කරන ඔයාලා Daraz Mall වෙතින් UPS එකක් මිලදී ගන්න අමතක කරන්න එපා.

මේ දිනවල නිතර කරන්ට් කැපීමෙන් අපහසුතාවයට පත්වෙලා ඉන්න ඔයාලාට විදුලිය ලබාගන්න උපකාරී වන ඉලෙක්ට්‍රොනික් උපාංග ගැන අදහසක් දෙන්න තමයි අපි අද මේ උපකරණ හඳුන්වාදුන්නේ. Daraz සමඟින් Shop කරලා Daraz Mall වෙතින් සුවිශේෂී වට්ටම් සමඟින් හොඳම උපකරණ තෝරාගෙන ගෙදරටම ගෙන්වාගන්න.

කරන්ට් කපන මේ කාලයේ උණුසුම නැති කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ ගැන දැනගන්න 6 Electronic Devices to Beat the Heat and Remain Cool ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php