පොඩ්ඩන්ට ආසාවෙන් කන්න හිතෙන Kid Friendly Breakfast Ideas

පොඩ්ඩන්ට ආසාවෙන් කන්න හිතෙන Kid Friendly Breakfast Ideas

පොඩ්ඩන්ට උදේ කෑම හදලා දෙන්න නම් Kid friendly breakfast Ideas ගැන දැනගෙන ඉන්නම වෙනවා. පුංචි ළමයින්ට ආසාවෙන් කෑම කන්න හිතෙන්නෙත් Kid friendly breakfast Ideas ගැන හිතලා කෑම හදලා දුන්නොත් තමයි.

ඔයාලාත් පොඩ්ඩන්ට කෑම කවන්න Kid friendly breakfast Ideas ගැන සොයමින් ඉන්නවාද? ඔයාගේ ගෙදර ඉන්න දූලා පුතාලාට ගැළපෙන Kid friendly breakfast Ideas ටිකක්  ගැන අපි අද කියන්න හිතුවා.

පුංවි ළමයින්ට කෑම කවාගන්න එක හරිම අමාරු දෙයක්. අපි අහලා තියනවා උදේට කන්න ඕන රජෙක් වගෙයි කියලා. හැබැයි පුංචි ළමයින්ට කෑම කවාගන්න අමාරුම උදේට තමයි. ඉතිං ඒ නිසා එයාලාට ආසාවෙන් කන්න නම් ආස හිතෙන විදියට විවිධ උපක්‍රම යොදාලා කෑම රෙසිපි හදන්න වෙනවා. ඒ වගේම තමයි අපි පුංචි ළමයින්ට කෑම හදලා‌ දෙද්දි ගුණදායක බව හා පෝෂණය ගැනත් හිතන්න වෙනවා.

ගෙදර ඉන්න පුංචි බාබාලාටත්, මොන්ටිසෝරි හෝ පාසල් යන වයසේ පොඩ්ඩන්ටත්, පාසලට උදේ කෑමට ගෙනියන්න මේ Kid friendly breakfast Ideas රෙසිපි ටික ට්‍රයි කරලා බලමුද?

මේ රෙසිපි හදන්න අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඔයාලාට දැන් Daraz Mart වෙතින් මිලදී ගන්න අවස්ථාව තියනවා. Daraz Mart යනු, දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඔන්ලයින් මිලදී ගන්න සුදුසුම ස්ථානයයි. ඔන්ලයින්ම Grocery Shopping කරලා මේ රෙසිපි ඔයාලාගේ පොඩ්ඩන්ට හදලා දෙමු.

Oatmeal Pancakes

ඕට්ස් කියන්නේ හරිම ගුණදායක ආහාරයක්. ඉතිං ඒ නිසා පෝෂණ ගුණය ගැනත් හිතලා උදේ ආහාරයට ඕට්ස් පෑන් කේක් ටිකක් ඔයාගේ පොඩ්ඩාට හදලා දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • ඕට්ස් කෝප්ප 1
  • බිත්තර 2
  • සීනි කෝප්ප ¼
  • පැණි මේස හැඳි 1
  • වැනිලා ස්වල්පයක්
  • බේකින් පව්ඩර් තේහැඳි ½

සාදන ක්‍රමය :-

  1. ඕට්ස් ටික පෑන් එකට දාලා විනාඩි 5ක් විතර රෝස්ට් කරගන්න.
  2. ඊළඟට මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  3. බෝල් එකකට බිත්තර 2ක් දාගන්න.
  4. මේකට සීනි, පැණි හා වැනිලා දාලා හොඳට විස්ක් කරගන්න.
  5. ඊළඟට කුඩුකරගත් ඕට්ස් ටිකත් දාලා බේකින් පවුඩර් දාලා හොඳට විස්ක් කරගන්න.
  6. තික් වැඩි නම් වතුර චුට්ටක් එකතු කරන්න.
  7. දැන් නන්ස්ටික් පෑන් එකට බැටර් එක දාලා දෙපැත්ත පිසගන්න.

Apple Pancakes

පුංචි ළමයින්ට පළතුරු ජාති දෙන එක කොහොමත් හොඳයි. පළතුරු කන්න‌ හොර පොඩ්ඩොන්ට ඇපල්වලින් රසවත් පෑන් කේක් හදලා උදේට ආහාරයට දුන්නොත් නම් ආස වෙයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • ග්‍රේට්කරගත් ඇපල් ගෙඩි 1
  • පාන්පිටි කෝප්ප 1
  • සීනි මේස හැඳි 2
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1
  • ලුණු ස්වල්පයක්
  • කිරි කෝප්ප 1
  • බිත්තර 2
  • ඇපල් සෝස් කෝප්ප ¼

සාදන ක්‍රමය :-

  • බෝල් එකකට පාන්පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා හා ලුණු දාලා විස්ක් කරගන්න.
  • මේකට බිත්තර, ඇපල් සෝස් හා කිරි දාලා විස්ක් කරන ගමන් ග්‍රේට්කරගත් ඇපල් ටික දාගන්න.
  • හොඳට කලවම් කරලා තික් වැඩි නම් තව වතුර ටිකක් දාලා කලවම් කරගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.

Instant Pizza

චීස්, බටර් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයි. පොඩ්ඩො කොහොමත් චීස් බටර් කන්න නම් ආසයි. ඒ නිසා උදේ කෑමට චීස්, බටර් වගේම අනෙක් එළවළු ජාතිත් දාලා පීසා හදලා දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පාන් පිටි හෝ පාන් පෙති කිහිපයක්
  • බේකින් පවුඩර් ටිකක්
  • චීස් සහ බටර්
  • ලුණු සහ තක්කාලි සෝස්
  • කැමති ආකාරය ක කුඩාවට කපාගත් එළවළු
  • පීසා සෝස්

සාදන ක්‍රමය :-

මේ සඳහා පාන් පෙති හෝ සාමාන්‍ය රොටී මිශ්‍රණය භාවිතා කරන්නට පුළුවන් .

  1. රොටි මිශ්‍රණයේ සකසනවා නම් පාන් පිටි ටිකකට බටර් ලුණු දමා වතුර සමඟ හොඳින් අනා කුඩා බෝල සාදා පැතලි කර ගන්න .
  2. බේකින් පවුඩර්, ඔබ ගන්නා ප්‍රමාණය අනුව අවශ්‍ය පමණට මිශ්‍ර කරන්න.
  3. දැන් එම රොටිය හෝ පාන් පෙත්ත ගෙන එහි තක්කාලි සෝස් තවරන්න .
  4. ඒ මතින් චීස් තට්ටුවක් අතුරන්න.ඔබ කැමති විවිධ වර්ගයේ එළවළු කිහිපයක් උඩින් අතුරන්න.
  5. ඔයාට කැමති විදියට හදාගන්න පුළුවන් නිසා ඕනෑම දෙයක් එකතු කරන්නට පුළුවන්. වැඩියෙන් රසවත් වෙන්න පීසා සෝස් එක්කරගන්න පුළුවන්.
  6. නැවතත් උඩින් චීස් තට්ටුවක් දමන්න.
  7. දැන් අංශක එකසිය පනහක් උෂ්ණත්වයේ විනාඩි තිහක් පමණ බේක් කර ගන්න

Vegetable Sandwiches

පොඩ්ඩන් හරිම හොරයි එළවළු කන්න. එළවළු කන්න හොර පුංචි දුලා පුතාලාට රසයෙන් වගේම ගුණයෙන් සපිරි සැන්ඩ්විච් හදලා දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • පාන් පෙති
  • සිහින්ව කපා ගත් ගෝවා 50 g
  • සිහින්ව කපා ගත් කැරට් 50 g
  • තමන් කැමති වර්ණ තුනකින් බෙල් පෙපර්
  • කපා ගත් පාස්ලි කොළ ස්වල්පයක්
  • කපා ගත් රතු ගෝවා ස්වල්පයක්
  • කපාගත් සලාද කොළ ස්වල්පයක්
  • කුඩාවට කපා ගත් සුදු ළුණු තේ හැඳි 01
  • මයෝනීස් සෝස්
  • අබ ක්‍රීම්

සාදන ක්‍රමය :-

  1. අඩිය නොඇලෙන සාස් පානකට ඔලිව් ඔයිල් හෝ බටර් ස්වල්පයක් දමා රත් කරගන්න.
  2. එයට පළමුව සුදු ළුණුත් දෙවනුව කැරට්සහ අනෙකුත් ද්‍රව්‍ය ක්‍රමයෙන් එක්කරමින් තෙම්පරාදු කරගන්න.
  3. ලිපෙන් ඉවතට ගෙන ගම්මිරිස් කුඩු ,මයෝනීස් සෝස් මේස හැඳි 4 ,5 එකතු කර මිශ්‍ර කර පසෙකින් තබන්න.
  4. පාන් පෙති ගෙන අබ ක්‍රීම් තවරා මැදට එළවලු පුරවා ගන්න.
  5. කැමති නම් ටෝස්ට් කරගන්න.

Carrot Pancakes

කැරට් කියන්නේ එළවළු අතරින් ගුණයෙන් වැඩිම දෙයක්. අපේ පොඩ්ඩන් මේ වගේ ගුණ දේවල් කන්න අදිමදි කරනවා. ඒ නිසා කැරට්වලින් පෑන් කේක් හදලා දෙන එක හොඳ අදහසක් නේද?

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
  • පාන්පිටි කෝප්ප 1
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1
  • චොප්කරගත් වෝල්නට්ස් ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • කිරි කෝප්ප 1
  • වැනිලා ස්වල්පයක්
  • සීනි කෝප්ප ½
  • බිත්තර 1

සාදන ක්‍රමය :-

  1. බෝල් එකකට පාන්පිටි, කුරුඳු කුඩු, බේකින් පව්ඩර්, ලුණු හා වෝල්නට්ස් ටික දාගන්න කැරට් ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකලා වතුර අයින් කරගන්න.
  2. බෝල් එකකට කිරි හා වැනිලා දාලා කැරට් ටිකත් දාගන්න.
  3. මේකට බිත්තරය හා සීනි දාලා හොඳට කලවම් කරගන්න.
  4. දැන් මේ මිශ්‍රණය පිටි මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න.
  5. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.

Fried Rice

ෆ්‍රයිඩ් රයිස් කන්න නම් කවුරුත් ආසායිනේ. උදේට බත් කන්න කැමැති නැති පොඩ්ඩන්ට එළවළු ජාති ඔක්කොම හොඳට මික්ස් කරලා ෆ්‍රයිඩ් රයිස් එකක් දුන්නොත් නම් අදිමද නොකරම කන්න හිතෙයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බටර් මේස හැන්දක්
  • චොප් කරගත් සුදුළූණු / ඉඟුරු ස්වල්පයක්
  • කොටුවට කපාගත් ළූණු, කැරට්, බෝංචි හා බෙල් පෙපර්
  • පිසින ලද බත් කෝප්ප 2
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • කපාගත් ළූණු කොළ ටිකක්

 සාදන ක්‍රමය :-

  1. මුලින්ම භාජනයක් අරගෙන රත් වෙන්න තියලා ඒකට තලතෙල් සහ බටර් ටික දාගන්න. දැන් චොප් කරගත් සුදු ළූණු හා ඉඟුරු ටික දාගෙන බැදෙන්න දෙන්න. ඊටපස්සෙ ළූණු ටික එකතු කරන්න. හොඳට කලවම් කරන්න.
  2. දැන් කැරට්, බෝංචි හා බෙල්පෙපර් ටික දාගන්න. විනාඩි 2ක් විතර පිසගන්න. සෝයා සෝස් ටික දාගන්න. ඒකටම චිලී සෝස් ටිකත් දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරන්න.
  3. උයාගත් බත් කෝප්ප දෙක මේකට එකතු කරගෙන වැඩි ගින්දරේ ඉක්මණින් කලවම් කරගන්න.
  4. රස අනුව ලුණු දාගන්න. හොඳට කලවම් කරලා උඩින් ළූණු කොළ ටිකක් ඉහලා ලිපෙන් අයින් කරගන්න.

Chicken Pie

පාසල් යන පොඩ්ඩන්ට කෑම පෙට්ටියට දාලා හදලා යවන්න මේ වගේ කෙටි ආහාරයක් ගැළපෙනවා. දැන් ෂෝර්ටීස් කඩෙන් ගන්නවා නම් ලොකු වියදමකුත් යන නිසා ගෙදරම මේ වගේ දෙයක් හදලා දෙන්න පුළුවන් නම් වියදමත් අඩුයි. රසයත් වැඩියි. ගෙදරම හදන නිසා පොඩ්ඩන්ට බය නැතුව දෙන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-

ක්‍රස්ට් එකට

  • පාන්පිටි කෝප්ප 2
  • බටර් ග්‍රෑම් 200
  • ලුණු
  • සීනි තේ හැඳි 2
  • කිරි කෝප්ප 1
  • ග්‍රේට්කරගත් චීස් ස්වල්පයක්

ෆිලින් එකට

  • කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 200
  • බටර් මේස හැඳි 2
  • චොප්කරගත් ළූණු ගෙඩි 1
  • චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  • චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/2
  • ලුණු හා ගම්මිරිස්කුඩු

බිත්තර හා ක්‍රීම් මිශ්‍රණයට

  • බිත්තර 2
  • ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප
  • ඔරිගානෝ ස්වල්පයක්
  • ලුණු හා ගම්මිරිස්කුඩු
  • ගාර්ලික් පවුඩර් ස්වල්පයක්

සාදන ක්‍රමය :-

  1. ෆිලින් එක හදන්න පෑන් එකට බටර් ටික දාලා දියකරගන්න. ටිකකින් ළුෑණු ටික දාලා මැලවෙන්න අරින්න. මේකටම සුදුළූණු ටිකත් දාගන්න. චිකන් ටික පොඩියට කපලා මේකට එකතු කරන්න. චිකන් ටික තැම්බුනාම බෙල්පෙපර් ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
  2. බිත්තර, ෆ්‍රෙශ් ක්‍රීම් පේස්ට් එකට අදාළ ද්‍රව්‍ය එකට විස්ක් කරගන්න.
  3. ඩෝ එක හදන්න පාන්පිටි හා බටර් හොඳට ඇඟිලි තුඩින් පොඩි කරමින් කලවම් කරගන්න. සීනි හා ලුණු දාලා කලවම් කරලා කිරි ටික ටික එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  4. මේක හොදට නීඩ් කරලා රැප් කරලා විනාඩි 30ක්‍ ෆ්‍රිජ් එකේ දාගන්න.
  5. පිටි ටිකක් ඉහලා මේක හොඳට තුනී කරල පයි කප්ස් සයිස්වලට රවුම් කපාගන්න. කපාගත් රවුම් කප්ස් ඇතුළට බස්සලා වටේ වැඩි කෑලි කපාගන්න.
  6. ෆිලින් එක දාන්න කලින් ගෑරැප්පුවෙන් ටිකක් ඇනලා හිල් කරන් සෙල්සියස් 180°ට විනාඩි 5ක් බේක් කරගන්න.
  7. දැන් මේක එළියට අරන් චිකන් ෆිලින් එක දාලා බිත්තර හා ක්‍රීම් මිශ්‍රණය වක්කරගන්න. උඩින් ග්‍රේට්කරගත් චීස් ටිකක් දාලා නැවත විනාඩි 20ක් බේක් කරගන්න.

කෑම කන්න අදිමදි කරන ඔයාලාගේ පොඩ්ඩන්ට ආසාවෙන් කන්න හුරු කරන්න තමයි අපි අද Kid friendly breakfast Ideas ටික හඳුන්වලා දුන්නේ. මේ සියලුම රෙසිපි රසයෙන් වගේම ගුණයෙනුත් සපිරියි. මේ රෙසිපි ට්‍රයි කරලා බලන්න අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල Daraz Mart සමඟින් Shop කරලා මිලදීගෙන ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියනවා.

 රැකියාවට යන අයට උදේ ආාහාරයට හදාගන්න පුළුවන් ‌ලේසි රෙසිපි ගැන දැනගන්න  Quick and Easy Breakfast Recipes For The Workaholic Souls ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php