චමත්කාරයෙන් සැරසෙන්න Special Occasion Outfits Ideas

චමත්කාරයෙන් සැරසෙන්න Special Occasion Outfits Ideas

උත්සව අවස්ථාවලට ලස්සනට හැඩවෙලා යන්න නම් Special Occasion Outfits Ideas ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. Special Occasion Outfits Ideas ගැන හිතලා ඇඳුම් පැළඳුම් ඇඳලා ගියාම කාගේත් හිත දිනාගන්න පුළුවන් වෙනවා.

ඔයාලාත් මේ දවස්වල Special Occasion Outfits Ideas ගැන සොයමින් ඉන්නවාද? සාදයකට, වෙඩින් එකකට වගේ විශේෂ අවස්ථාවලට ගැළපෙන Special Occasion Outfits Ideas හඳුන්වලා දෙන්න අපි අද හිතුවා.

අපිට කාලයෙන් කාලයට විවිධ විශේෂ අවස්ථාවලට යන්න සිද්ධ වෙනවා. වෙඩින්වලට, උපන්දින සාදවලට, ඔෆිස් පාටි වගේ විශේෂ උත්සව අවස්ථා අවුරුද්ද පුරාවට යෙදෙනවා. කවුරුහරි උත්සව අවස්ථාවකට ආරාධනා කරාට පස්සේ අපේ හිතට ඇති වෙන ගැටලුවක් තියනවා. ඒ තමයි ඇඳගෙන යන්නේ මොන වගේ ඇඳුමක් ද කියන ප්‍රශ්නය. පිරිමි ළමයි නම් ලේසියෙන් ඇඳුමක් තෝරගත්තාට ගැහැණු ළමයින්ට නම් උත්සව අවස්ථාවලට ගැළපෙන ඇඳුමක් තෝරන එක හරිම අමාරු දෙයක්.

අපි විශේෂ අවස්ථාවකට සහභාගී වෙද්දි ලස්සනට ඇඳගෙන යන්න ඕන කියලා නිතරම හිතනවා. හැබැයි ආකර්ෂණීයව යන්න නම් ඇඳගෙන යන ඇඳුම විතරක් නෙවෙයි ඇඳුමට ගැළපෙන්න සපත්තු, හෑන් බෑග්, ජුවලරිස් මේ හැමදේමත් දාගෙන යන්න වෙනවා. මේ හැමදේම ගන්න Shopping යනවා කියලා හිතද්දිත් මහන්සියි වගේ නේද? දැන් ඒ තරම් කරදර වෙන්න ඕන නෑ. ඔයාට අවශ්‍ය කරන මේ හැමදෙයක්ම Daraz සමඟින් Shop කරලා Daraz Fashion වෙතින් තෝරගන්න අවස්ථාව තියනවා.

Daraz Fashion සමඟින් Shop කරලා ඔයාට තෝරගන්න පුළුවන් Special Occasion Outfits Ideas ගැන අපි අද හොයලා බලමු.

Cocktail Dress

දිග ගවුම් අඳින එක දැන් විලාසිතාවක් වෙලා. වෙඩින් එකකට, Cocktail Party එකකට මේ වගේ ඇඳුමක් වඩාත් සුදුසු වෙනවා.  මේ වගේ Sleeveless ගවුමක් ඔයාගේ පෙනුමට Stylish ගතියක් එකතු කරනවා. ඇඳුමට ගැළපෙන්න ලස්සන ජුවලරිස්, සපත්තුත් දැම්මාම මේ ගවුමේ වටිනාකම තවත් වැඩි වෙනවා. මේ වගේ ඇඳුමක් පිරිසක් අතරේ ඔයාව කැපිලා පේන ඇඳුමක් වේවි.

Mini Dress

කොහේ ගියාත් සමහරු කැමති හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන යන්න තමයි. සැහැල්ලුවට ඇඳගෙන යන එක ගැන වැඩියෙන් හිතන අයට ගැළපෙන ඇඳුමක් තමයි මේ. හවස පාටියකට මේ වගේ ඇඳුමක් හොඳින් ගැළපෙනවා. පාටි look එක තියනවා වගේම හරිම පහසුවෙන් ඇඳගෙන ඉන්නත් පුළුවන්. ඒ නිසා පාටියට ගිහින් ඇඳුම නිසා අපහසුතාවයෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ. බොහොම සැහැල්ලුවෙන් පාටි එක Enjoy කරලා එන්න පුළුවන් මේ වගේ ඇඳුමක් තෝරගත්තාම.

Bodycon Dress

ඔෆිස් එකේ Get Together එකක්, යාළුවෝ එක්ක එකතු වෙලා දාන පාටි එකක් වගේ අවස්ථාවකට මේ වගේ Dress එකක් වැඩියෙන් ගැළපෙනවා.  ඇඟට ෆිට් එකටම තියන නිසා මේ Dress එක ඇන්දාම ඇඟේ හැඩයත් කැපිලා පේනවා. High Heels සපත්තු දෙකක් මේ වගේ ගවුමකට දැම්මාම ඔයාගේ ආකර්ෂණීය ගතිය තවත් වැඩි වෙන්න ඉඩ තියනවා.

High Waist Jumpsuit

ගැහැණු ළමයි හැමෝම උත්සව අවස්ථාවලට ගවුම්ම ඇඳගෙන යන්න කැමති නෑනෙ. ඔන්න ඒ වගේ අයට මේ වගේ ඇඳුමක් වඩාත් සුදුසු වෙනවා. හරිම සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් වගේම මේ වගේ ඇඳුමක වෙනස්ම Look එකක් තියනවා. පුංචි Side bag එකක්, Court Shoes දෙකක් මේ ඇඳුමට තවත් ගැළපෙනවා. වෙනස් විදියේ ඇඳුම් අඳින්න හොයන අයට පාටියකට ඇඳගෙන යන්න කියාපුම ඇඳුමක් හැටියට හඳුන්වන්න පුළුවන්.

Lehenga

ලෙහෙන්ගා විලාසිතාව ඉන්දියාවෙන් ආපු විලාසිතාවක්. ඒත් දැන් ලංකාවේ ගැහැණු ළමයි ගොඩාක් දෙනා වෙඩින්වලට ලෙහෙන්ගා එහෙම අඳිනවා. ලෙහෙන්ගා සාරි, ගවුම්, ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් වගේ මේ ඕනම විදියකින් හදාගන්න පුළුවන්. ලෙහෙන්ගා එකේත් ගවුම් ඩිසයින් එක තමයි වැඩිපුරම වෙඩින්වලට ගැළපෙන ගතියක් තියන්නේ. ඔයාට හරියන මේ වගේ ලස්සන ලෙහෙන්ගා Daraz Fashion වෙතින් තෝරගන්න අවස්ථාව තියනවා. මේ ලෙහෙන්ගාවලට ගැළපෙන ජුවලරිසුත් තියන නිසා මැච් කරලා ඒවාත් තෝරගන්න වෙනවා.

Shalwar

ගැහැණු ළමයි ආස කොහේ ගියාත් පහසු විලාසිතා අඳින්න. පුංචි බබාලා ඉන්න තරුණ අම්මලාට වුණාත් වෙඩින් එකකට යද්දි ශල්වාර් එකක් ඇඳලා කරදරයක් නැතුව ඉන්න පුළුවන්. අත් දිගට, අත්‌ කොටට විවිධ ස්ටයිල්ස්වලට ශල්වාර්ස් තියනවා.  මේ වෙග් වර්ක් එකක් තියන ශල්වාර් එකක් ඇන්දාම වැඩිය හෙවි ජුවලරිස් එහෙමත් දාන්න අවශ්‍ය නෑ. අඩි උස සපත්තු දෙකක් දාලා ලූස් හෙයාර් දාලා ගියාම මේ වගේ ශල්වාර් එකකට හොඳින් ගැළපෙනවා.

Mid Heel Muller Sandals

වෙඩින් එකකට, පාටි එකකට අපි යන්නේ හොඳින් විනෝද වෙලා එන්න. හැබැයි අපි ඇඳගෙන යන ඇඳුමක්, සපත්තුවක් නිසා අපහසුතාවයෙන් ඉන්න වුණොත් අපිට ඒ ගිය තැන හරියට Enjoy කරන්නවත් ලැබෙන්නේ නෑ. ලස්සනට ආකර්ෂණීය විදියට ඇඳගෙන යන්න ඕන වගේම සුවපහසුව ගැනත් අපිට හිතන්න වෙනවා. උත්සව අවස්ථාවලට යද්දි ඇඳුම විතරක් නෙවෙයි සපත්තුවත් සුවපහසු වෙන්න ඕන. ඒ වගේම තමයි Stylish ගතියත් තියෙන්න එපැයි. ඉතිං Stylish සුවපහසු සපත්තුවක් හොයන ඔයාලාට මේ වගේ සපත්තු දෙකක් ගත්තොත් හරිම සුවපහසුවට දාගෙන යන්න පුළුවන්.

High Heel Shoes

සමහර අය අඩි උස සපත්තු දාගෙන යන්න වැඩිපුර කැමැත්තක් දක්වනවා. විශේෂයෙන් වැඩිය උස නැති අය පෙනුමෙන් කැපී පෙනෙන්න නම් අඩි උප සපත්තු පාවිච්චි කරනවා. ඇත්තටම ඉතිං හීල් එකක් දැම්මාම පොඩි ගතියක් තියනවානේ. විශේෂයෙන් අපි පාටියකට වෙඩින් එකකට යද්දි ගවුමක්, සල්වාරි, සාරි වගේ ඇඳුම් තමයි ඇඳගෙන යන්නේ. ඒ ඇඳුම්වලට High Heels දෙකක් හොඳින්ම මැච් වෙනවා.  හැබැයි High Heels දැම්මා කියලා අපිට අපහසුවෙන් ඉන්නත් බෑනේ. ඒ නිසා මේ වගේ පහසු අඩියක් තියන Fashionable ගතියත් තියන Shoes දෙකක් Daraz වෙතින්ම තෝරගන්න.

Evening Bag

ගැහැණු ළමයින්ගේ අතේ බෑග් එකක් නම් වරදින්නෙම නෑ. කොහේ ගියාත් තමන්ගේ අඩුමකුඩුම ටික දාගෙන යන්න පොඩි බෑග් එකක් හරි අවශ්‍යම වෙනවා. වෙඩින් එකකට, පාටි එකකට යද්දි අපිට ලොකු බෑග් අරගෙන යන්න බෑනෙ. ඒවාට වෙන්වුණු වෙනම්ම අලංකාර Bags තියනවා. බලන්නකො Daraz Fashion සමඟින් Shop කරන ඔයාලාට උත්සව අවස්ථාවලට ගෙනියන්න මේ වගේ ලස්සන බෑග් මිලදී ගන්න පුළුවන්. විවිධ වර්ණ තියන නිසා ඔයාගේ ඇඳුමේ පාටට ගැළපෙන්න තෝර ගැනීමේ අවස්ථාවත් තියනවා. Stylish ගතියක් තියනවා වගේම ඔයාට අවශ්‍ය කරන කලමනා ටිකත් මේ බෑග් එකේ දාගෙන යන්න පුළුවන්.

Jewelry Set

විශේෂ උත්සව අවස්ථාවලට ආකර්ෂණීය විදියට සැරසිලා යන්න නම් ඇඳුම් පැළඳුම්,සපත්තු විතරක් නෙවෙයි අපි පළඳින ආභරණත් වැදගත් වෙනවා. ජුවලරිස් ගැන කතා කරද්දි දැන් කාලෙ රත්තරන්ල ගණන් හැටියට රත්තරන් ආභරණ නම් දාගෙන යන්න බෑ. දැන් රත්තරන් බඩු පළඳින ට්‍රෙන්ඩ් එකක් ඇත්තෙත් නෑ. තරුණ ගැහැණු ළමයි නවීන ආභරණ විලාසිතාවන්වලට හුරුවෙලා තියනවා. දැන් රත්තරන්වලට වඩා ලස්සන ලස්සන මෝස්තරවලින් විවිධ විිදියේ ජුවලරිස් තියනවා. බලන්නකො මේ වගේ අලංකාර ජුවලරි සෙට් එකක් ඔයාට කොතරම් ගැළපෙයිද කියලා. මේ සෙට් එකේ මාලයයි, මාලෙට ගැළපෙන්න Heart හැඩේ පෙන්ඩන් එකයි, කරාබු දෙකයි, මුද්දයි ඔක්කොම තියනවා. ඉතාම සාධාරණ මිලකට මේ වගේ සෙට් එකක්ම ගන්න ලැබෙනවා කියන්නේ ඔයාට ලැබෙන‌ ලොකු වාසියක්. මේ වගේ සෙට් එකක් ඇන්දාම එක දවසකට විතරක් නෙවෙයි උත්සව අවස්ථා කිහිපයකටම මැච් කරලා දාගෙන යන්න පුළුවන්. ඒ නිසාම මේ වගේ ජුවලරිස් සෙට් එකක්ම ගන්න එක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

Daraz Fashion සමඟින් Shop කරන ඔයාලාට ප්‍රියතම වෙළෙඳ නාමයන් සඳහා සුවිශේෂී වට්ටම් සහිතව මේ ඇඳුම් පැළඳුම් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. දැන් Shopping කරන්න ඉස්සර වගේ මහන්සි වෙන්න ඕන නෑ. විශේෂ උත්සව අවස්ථාවලට  කාගෙත් සිත් ඇඳබැඳ ගන්නා විදියට සැරසිලා යන්න කවුරුත් උනන්දු වෙනවා. ඉතිං ඒ අයට අදහසක් දෙන්න තමයි අපි අද මේ Special Occasion Outfits Ideas හඳුන්වලා දුන්නේ. Daraz Fashion සමඟින් Shop කරලා ඔයාගේ සිත්ගත් විලාසිතා මිලදී ගන්න.

ඔෆිස් අඳින්න ගැළපෙන විලාසිතා ගැන දැනගන්න හැඩට වැඩට ඔෆිස් යන්න ගත පුබුදුවන Best Office Outfits ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php