මුළු ගෙදරම පිරිසිදුව තියාගන්න Best House Cleaning Products

මුළු ගෙදරම පිරිසිදුව තියාගන්න Best House Cleaning Products

නිවස පිරිසිදු කරන්න Best House Cleaning Products ගැන හිතන්න වෙනවා. දැන් Daraz Mart වෙතින් Best House Cleaning Products මිලදී ගන්න අවස්ථාව තියනවා.

ඔයාලාත් මේ දවස්වල ගෙදරට අවශ්‍ය Best House Cleaning Products සොයනවාද? අපි අද ගෙදර පිරිසිදු කරන Best House Cleaning Products ගැන කියන්න හිතුවා.

නිවසක හැම අංගයක්ම පිරිසිදුව තියාගන්න එක ගෙදර ගෘහණියකගේ විතරක් නෙවෙයි හැමෝගෙම වගකීමක්. හැබැයි ඉතිං මේ ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ ගෙදරක ඉන්න ගෘහණිය තමයි. ඉතිං ගෙදර සාලය, කුස්සිය, කාමර, බාත්රූම් එක වගේම හැම අංගයක්ම පිරිසිදුව තිබුණොත් තමයි ඒ ගෙදර අංග සම්පූර්ණ වෙන්නේ. ගෙදරට එන අමුත්තෙක්ට නිවස ගැන ආකර්ෂණයක් ඇති වෙන්නේ නිවස සුන්දර වූ පමණින් නෙවෙයි. නිවසක් පිරිසිදු වුණොත් තමයි කාගේත් සිත් ඇඳගන්න පුළුවන් වෙන්නේ.

ගොඩාක් වෙලාවට හැම කෙනෙක්ම පිටත ආකර්ෂණය ගැන තමයි හිතන්නේ. හැබැයි ඊට වඩා වැඩියෙන් වටින්නේ නිතර පාවිච්චි කරන කුස්සිය, බාත්රූම් එක වැනි තැන් පිරිසිදුව තියාගැනීමයි. ගෙදරක් අපිළිවෙළ වෙන අනෙක් අවස්ථාව තමයි ගේ පුරාවට කිලිටු ඇඳුම් ගොඩ ගැසිලා තිබීම. ඒ නිසා නිවසක් පිරිසිදුව තියාගන්න නම්,  කිලිටු ඇඳුම් ගොඩගහලා තියනේනේ නැතුව ඒවා හොඳින් හෝදලා පිරිසිදු කරලා ගේ පිරිසිදුවට තියාගන්න වෙනවා. නිවසක් පිරිසිදුව තියාගන්න ඒ නිසාම Cleaning Products අතරට Laundry අයිටම්සුත් එකතු කරගන්න වෙනවා.

දැන් Laundry & Household Items ගන්න මතක් වෙන සැරයක් ගානේ ක‌‌ඩේට දුවන්න ඕන නෑ. ඔයාට අවශ්‍ය කරන මේ සියලු කළමනා දැන් Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. ගෙදර පිරිසිදුව තියාගන්න ලොකු වියදමක් දරන්න වෙනවා කියලා හිතන ඔයාලට ඒ හැඟිම නැති කරගෙන රු. 499ට අඩු මුදලකට Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Best House Cleaning Products මොනවාද කියලා අපි බලමු.

Dettol Spray

ගෙදරක් පිරිසිදුව තියන තරමට විෂබීජ ඇතුළු වීමේ ඉඩකඩත් අඩු වෙනවා. විෂබීජ ඇතුළු වීම නිසා තමයි ගොඩාක් දෙනෙක්ට ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙන්නෙත්.  විෂබීජවලින් නිවස ආරක්ෂා කරන්න සුදුසුම දෙයක් තමයි Dettol Spray එකක් පරිහරණය කරන එක. Dettol Spray එක බාත්රූම් එකට, කුස්සියට ඇතුළු ඕනම තැනකට ඉසින්න පුළුවන්. විෂබීජහරණ දියරයක් වන මේ හරහා විෂබීජ හා වෛරස් විනාශ කරනවා. භාවිතා කිරීමටත් ඉතා පහසුයි. මුළු ගෙදරම විෂබීජවලින් ආරක්ෂා කරගන්න මේ වගේ Dettol Spray එකක් ප්‍රයෝජනවත් අයිටම් එකක් වේවි.

Cif- All Purpose Cleaner

මුළු ගෙරදම පිරිසිදුව තියාගන්න, එක විසඳුමක් ඔයා හොයනවාද? ඔන්න එහෙනම් ඒ සඳහා හොඳම දේ තමයි මේ වගේ All Purpose Cleaner එකක් පාවිච්චි කරන එක. ඕනම මතුපිටක් මත තියන කුණු පැල්ලම් ඉවත් කරලා පිරිසිදු කරන්න මේ Cleaner එක භාවිතා කරන්න පුළුවන්. 

Bio Cleaner

ඔයාගේ නිවස විෂබීජවලින් තොරව නැවුම්ව තියාගන්න කැමතියි නේද? ටයිල් කරපු නිවසක් පිරිසිදුව තියාගන්න එක ලේසි දෙයක් නෙවෙයි. කුණු පැල්ලම් ටිකක් ගෑවුණාත් අපිරිසිදු වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. කොහොඹ සාරය අඩංගු Bio Clean 99%ක් විෂබීජ විනාශ කරනවා. Bio Clean මඟින් පිරිසිදු කිරීමෙන් 10 වතාවකට වැඩි ආරක්ෂාවක් සපයනවා. පොළොවේ ටයිල් විතරක් නෙවෙයි සින්ක්, කුස්සියේ Counters, බාත්රූම් එකේ අංග මේ ඕනම තැනක් Bio Clean මඟින්රි සිදු කරන්න පුළුවන්. මුළු නිවසම විෂබීජවලින් තොරව දීප්තිමත්ව තබන්න සහාය වෙනවා. නිවස පිරිසිදුව වගේම සුවඳවත්ව තියන්න ඔයාට කැමති සුවඳ වර්ග 7කින් තෝරා ගැනී‌මේ අවස්ථාව තියනවා.

Lifebuoy Soap

පිරිසිදු නිවසක සබන් වර්ග නැතුවම බැරි දෙයක්. බාත්රූම් එකේ, කුස්සියේ සබන් වරදින්නැතුවම තියනවා. ගෙදර පිරිසිදුව තියන්න නම් ගෙදර බඩුමුට්ටුත් හොඳින් සෝදලා පිරිසිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම නිතර අපේ දෑත් පිරිසිදු කරගෙන විෂබීජවලින් ආරක්ෂා වෙන්න සබන් පාවිච්චි කරන්න වෙනවා. අද්විතීය සුවඳක් සමඟින් ස්වභාවික ද්‍රව්‍යවලින් සාදලා තියන Lifebuoy සබන් කෑල්ලක් ඔයාගේ නිවසේ පිරිසිදුකාරක ද්‍රව්‍ය අතරට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Lysol Kitchen Cleaner

පිරිසිදු නිවසක මුළුතැන්ගෙය කොහොමත් පිරිසිදුවට තියෙන්නම ඕන. නිවසක ඉන්න හැම කාන්තාවක්ම නිතරම උයන පිහන කටයුතු කරන නිසා නිතරම කුස්සිය හැඩිවෙනවා. හැබැයි කුස්සිය පිරිසිදුව තියාගන්න එක ගෙදර ගෘහණියකගේ වගකීමක්. උයන්න පිහන්න ගියාම හොඳි හැලිලා කුණු පැල්ලම් තැන් තැන්වල බැඳෙන අවස්ථාත් ඕන තරම් තියනවානේ. ඔන්න ඒ නිසා කුණු, දූවිලි ඉවත් කරලා කුස්සිය පිරිසිදුව තියාගන්න Lysol Kitchen Cleaner එකක් Daraz Mart වෙතින් තෝරගන්න.

VIM Dishwash Liquid

ගෙදරට එන අමුත්තන්ට හොඳින් සංග්‍රහ කරන්න නම්, රසවත් කෑම බීම හදලා දෙන්න අවශ්‍යයි වගේම අමුත්තන්ට පිරිසිදුව සංග්‍රහ කරනත් ඕන. කෑම බීම පිළිගන්වන භාජන, ඒ එන අයට ආහාරපාන ගන්න ලබාදෙන පිඟන් කෝප්ප ආදිය පිරිසිදුව තිබුණේ නැත්තම් අමුත්තන්ගේ හිතේ චකියක් ඇති වෙන්න පුළුවන්. එ් නිසා ඉඳුල් පැල්ලම් යන්න‌ භාජන, පිඟන් කෝප්ප හොඳින් පිරිසිදු කරලා තියන්න වෙනවා. VIM Dishwash Liquid එකෙන් හරිම පහසුවෙන් කුස්සියේ බඩු මුට්ටු පිරිසිදු කරන්න පුළුවන්. ලෙමන් සුවඳ නිසා ප්‍රබෝධමත් සුවඳක් හා අත්දැකීමක් ලබාදෙනවා. ඒ වගේම ආහාරවල ආරක්ෂාවටත් හානියක් වෙන්නේ නෑ. කුණු පැල්ලම් ඉවත් කරලා කුස්සියේ බඩුමුට්ටු පිරිසිදුව තියාගන්න ඔයාගේ කුස්සියේ පරිහරණයට මතක ඇතුවම VIM Dishwash Liquid එකක් එකතු කරගන්න.

Lysol Surface & Floor Cleaner

නිවසක තියන අංග අතරින් විෂබිජ ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියන්නේ, නාන කාමරය හරහායි. ඒ නිසා බාත්රූම් එක ඉතා පිරිසිදුව තියාගන්න අවශ්‍යයි. බැක්ටීරියා හා වෛරස් විනාශ කරලා බාත්රූම් එක නැවුම්ව සුවඳවත්ව තියාගන්න Lysol Surface & Floor Cleaner එකක් භාවිතා කරන්න පුළුවන්. Daraz Mart වෙතින් අඩුම මිලට මේ සියල්ල තෝරාගන්න අවස්ථාව තියනවා.

Harpic Toilet Cleaner

Harpic Toilet Cleaner එක වැසිකිළියේ කුණු පැල්ලම් ඉවත් කරන්න විෂබීජනාශක දියරයක් හැටියට යොදා ගන්න පුළුවන්. තද පැල්ලම් ඉවත් කරන්න උපකාරී වෙනවා වගේම නානකාමරය සුවඳවත්ව තබනවා. සාමාන්‍ය බ්ලීච්, ඇසිඩ් හා ෆීනයිල්වලට වඩා මේ වගේ දියරයක් පාවිච්චි කරන එක වඩාත් සුසුසුයි. මතුපිට භාවිතා කරන්න ආරක්ෂාවක් තියනවා. ප්‍රබල පිරිසිදුකාරක ද්‍රව්‍ය තියන නිසා විෂබීජ රහිත නාන කාමරයක් නිර්මාණය කරනවා.

Sunlight Detergent Powder

ගෙදර පිරිසිදුව තියාගන්න නම් කිලිටු රෙදිපිළි එහෙම හෝදලා ගෙදර පිළිවෙළකට තියාගන්න වෙනවා.  රෙදි තොගයක් හෝදද්දි පිරිවැය ගැනත් අපිට හිතන්න වෙනවානේ. අඩු පිරිවැයකට රෙදි තොගයක් හෝදගන්න Detergent Powder එකක් තෝරගන්න එක තමයි හොඳම විසඳුම. ලෙමන්, දොඩ්ම් සාරය අඩංගු Sunlight Detergent Powder ඔයාගේ රෙදි සේදීමේ කාර්ය පහසු කරනවා. ඒ වගේම රෙදිවලට නැවුම් සුවඳක් එක් කරනවා. ගෙදර පිරිසිදුව තියාගන්න නම් Laundering කාර්යත් හරියට කරන්න අමතක කරන්න එපා.

Diva Germ Guard Liquid

දැන් ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නේ Washing Machine එකෙන් රෙදි සෝදන්න. Washing Machine එකෙන් රෙදි සෝදන අයට විශේෂයෙන්ම Diva Germ Guard Liquid එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ඇඳුම් නැවුම්ව පිරිසිදුව තියාගන්න පරිසරයටත් හානියක් නොවෙන මේ වගේ Liquid එකක් තෝරගන්න. ඇඳුම් පැළඳුම් සෝදලා පිළිවෙළකට තියාගත්තාම ගෙදරත් පිරිසිදුව තියාගන්න පුළුවන්.

මුළු නිවසම පිරිසිදුව තියාගන්න කැමති ඔයාලාට අදහසක් දෙන්න තමයි අපි අද Best House Cleaning Products හඳුන්වලා දුන්නේ. මෙහි තියන විශේෂත්වය තමයි මේ හැම අයිටම් එකක්ම රු. 499ට අඩු මුදලකට මිලදී ගන්න ලැබීම.  මේ කාලයේ රු.499ට අඩු මුදලකට මේ නිෂ්පාදන මිලදී ගන්න ලැබෙන එක ඔයාලාට ලැබෙන ලොකු වාසියක්. මේ අතරින් ඕනම අයිටම් එකක් Daraz Mart වෙතින්ම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. Daraz Mart යනු ඔයාලාගේ දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගන්න සුදුසුම ස්ථානයයි.  දැන්ම Daraz Mart සමඟින් Shop කරන්න.

Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Baby Care Products ගැන දැනගන්න සිඟිති පැටියාගේ සුව පහසුවට Online වෙතින් Best Baby Care Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php