මුළු නිවසම සුන්දර කරගන්න Best Deals on Home Items

මුළු නිවසම සුන්දර කරගන්න Best Deals on Home Items

නිවස සුන්දර කරගන්න හිතනවා නම් මේ දවස්වල තියන Best Deals on Home Items ගැන හොයන්න වෙනවා. Best Deals on Home Items හොයාගත්තොත් අඩු මුදලකින් මුළු ගෙදරම අලංකාර කරගන්න පුළුවන්.

ඔයාලාත් මේ දවස්වල Best Deals on Home Items සොයනවාද? එහෙනම් ඔන්න Daraz Mid-Year Madness සේල් එකෙන් Best Deals on Home Items විශේෂ දීමනා සහිතව තෝරාගන්න අවස්ථාව තියනවා.

Daraz Mid-Year Madness Sale

මීළඟ දැවැන්තම ඔන්ලයින් සේල් එකට ඔයාලා ලෑස්තිද? Daraz සමඟින් Shop කරන ඔයාලාට වාසි රැසක් ගෙනදෙන Mid-Year Madness ජූලි 26 වැනිදා සිට ආරම්භ වෙනවා. ඉලෙක්ට්‍රොනික්, විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ ඇතුළු නිෂ්පාදන සඳහා මිලියන 50ක් වටිනා වට්ටම් හිමිකර ගැනීමේ අනඟි අවස්ථාවක් මෙහිදී උදාවෙනවා. බැංකු වට්ටම් හා එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගන්න අපහසුතා ඇති අයට මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද රැසක්.

මේ කාලයේ තමන්ගේ නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න බැරුව ගොඩාක් දෙනා පසුතැවෙනවා. ඒකට එක් හේතුවක් තමයි දැන් සියලුම භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිනුයි තියන්නේ. ඒ වගේම රටේ තියන තත්වය නිසා පෝලිම් ගානේ ඉඳලා දැඩි වෙහෙසකට පත්වෙන ජනතාවට ගෙදරට අමතර උපාංග මිලදී ගන්න Shopping යන්න වෙලාවක් වෙන් කරගන්නත් අමාරුයි. නිවසක් සුන්දරව තියාගන්න වැඩි වශයෙන් උනන්දු වෙන්නේ ගෙදර ඉන්න ගෘහණියන්. ගෙදරක් සුන්දර වෙන්නේ ගෙදරට ඇතුල් වෙද්දිම දකින ඉස්තෝප්පුව විතරක් නෙවෙයි නිවසේ කාමර, මුළුතැන්ගෙය, නාන කාමරය ඇතුළු නිවසේ හැම අංගයක්ම පිරිසිදුව පිළිවෙළට තිබුණොත් තමයි.

මේ දවස්වල නිවසට එළියක් එක් කරන අලුත් උපකරණ මිලදී ගන්න ක්‍රමයක් නැතුව ඔයා පසුතැවෙනවාද? Daraz Mid-Year Madness සේල් එකෙන් Furniture & Décor, Bedding & Bath, Kitchen & Dinning වැනි Home Items සියල්ල විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න හොඳම අවස්ථාවක් ලැබෙනවා. අපි බලමු මේ දැවැන්ත සේල් එකෙන් ඔයාගේ නිවස අලංකාර කරගන්න මිලදී ගන්න පුළුවන් Best Deals on Home Items මොනවාද කියලා.

අලංකාර Furniture & Deco

Daraz Mid-Year Madness වෙතින් Arpico, Phoenix Industries, De Charles Trading Company, Nilkamal, Soul Creations, The Concept Store, V-TEC FURNITURE, VTEC HOME, Titus Stores, Gamini Homco (Pvt) Ltd, and DSI PLASTICS වැනි වෙළෙඳ නාමවලට අයත් Furniture & Deco සඳහා 65%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

Living Room Table

නිවසක තියන ගෘහ භාණ්ඩ පරණ වුණාම ඒ නිවසේ අලංකාර බවත් අඩුවෙනවා. ඒ නිසාම නිවසට එළියක් එක්කර ගන්න නම්, කාලෙන් කාලයට නිවසට අලුත් ගෘහ භාණ්ඩ එකතු කරගන්න වෙනවා. ගෙදර ඉඩකඩ ගොඩාක් ඇහිරෙන්නැති වෙන්න මේ වගේ හුරුබුහුටි මේසයක් නිවසකට හොඳින් ගැළපෙනවා.

Small Shoe Cabinet

නිවසක් සුන්දර වෙන්න ඒ නිවස පිළිවෙළකට තියෙන්න ඕන. ගොඩාක් වෙලාවට නිවසක් අපිළිවෙළ වෙන්නේ බඩුමුට්ටු එහෙමෙහෙ විසිරිලා තිබුණාමයි. බොහෝ නිවෙස්වල දකින දෙයක් තමයි ගෙදර උදවිය නිතර පාවිච්චි කරන පාවහන් ගේ පුරාවට විසි කරලා දාලා තියන එක. ගෙදරට ඇතුල් වෙන තැනම වුණාත් සෙරෙප්පු පෝලිමක් ඇතැම් වෙලාවට දකින්න ලැබෙනවා. ඒ නිසා ඊට හොඳම පිළියමක් හැටියට Shoe Cabinet එකක් නිවසක තියාගන්න. බලන්නකො මේ වගේ Shoe Cabinet එකක සෙරෙප්පු, සපත්තු පිළිවෙළකට තියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ Shoe Cabinet එක ආකර්ෂණීය විදියට හදලා තියන නිසා නිවසට එළියක් එක් කරනවා.

TV Stand

ගෙදර ඉන්න හැමෝම රූපවාහිනිය නරඹන වෙලාවට එකතු වෙනවා. මුළු දවසම වෙහෙස මහන්සි වෙලා මනසට විවේකයක් ගන්න තමයි හැමෝම එකතු වෙලා රූපවාහිනිය නරඹන්නේ. ඒ නිසා බොහොම සුවපහසු විදියට හා සුන්දර ලෙස රූපවාහිනිය නරඹන ස්ථානය සකස් කරගෙන තියාගන්න වෙනවා.  රූපවාහිනිය නිසි ඇස් මානයක සිට නරඔන්න නම්, රූපවාහිනී Stand එකක් අවශ්‍යයි.  මේ වගේ TV Stand එකක් නිවසට අමුතුම අලංකාරයක් එක් කරනවා. මේ Stand එකේ රූපවාහිනියට අමතරව නිතර භාවිතා කරන පොත්පත්, සඟරා, පුවත්පත් ආදියත් පිළිවෙළකට අඩුක් කරලා තියන්න පුළුවන්. නිවසට අවශ්‍ය මෙවැනි ගෘහ භාණ්ඩ මෙවර Daraz දැවැන්ත සේල් එකෙන් අඩුම මිලට සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න ලැබෙන එක ලොකු සහනයක්‌ නේද?

Wall Art Frame

නිවසකට අමුත්තන් ඇතුල් වෙද්දි මුලින්ම නෙත ගැටෙන්නේ  නිවසේ සාලයයි. ඒ නිසාම නිවසක සාලය බොහොම සුන්දර හා ආකර්ෂණීය අයුරින් නිර්මාණය කරගන්න අවශ්‍යයි. නිවසක් අලංකාර කරගන්න ගෘහ භාණ්ඩ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ගෘහ භාණ්ඩ වගේම ආකර්ෂණීය සැරසිලි උපාංග ගැනත් අපි හිතන්න ඕන. බලන්නකො ඔයාගේ ගෙදර සාලයේ මේ වගේ Wall art picture frame සවි කරොත් අමුතුම එළියක් ලැබෙයි නේද කියලා. සම්පූර්ණයෙන්ම රාමු කරන ලද Element multi panel බිත්ති සැරසිලි නිවසට කලාත්මක බවක් එක් කරනවා. ස්වභාවික පරිසරයක මිහිර සමීප ආකාරයෙන් දැනෙන විදියට ඉතා නිර්මාණශීලිව හදලා තියන මේ වගේ සැරසිලිත් ඔයාගේ නිවසට එක් කර ගන්න.

සුවපහසු Bedding & Bath Items

Daraz Mid-Year Madness දැවැන්ත සේල් එකෙන් Bedding & Bath Items සඳහාත් සුවිශේෂී වට්ටම්. Celcius, The Bedsheet factory, southern smart, Linberry, Halcyon, Mirani Mosquito Net, and Gentelle වැනි වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Cozy Pillows

නිදන කාමරය සුවපහසු වෙන්නේ එහි තියන උපාංග  සුවපහසු වුණාමයි. නිදන කාමරය තුළ සුවපහසු නින්දක් ලබන්න නම්, කොට්ට මෙට්ට ඔක්කොම පහසුවට තියෙන්න ඕන. ඒ වගේම තමයි කොට්ටවල ඉක්මනින් විෂබීජ රැඳෙන නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරන එක සුදුසු දෙයක්. ඔයාගේ නිදන කාමරයට අලුත් කොට්ට හොයනවා නම් Daraz නවතම සේල් එකෙන් සුවපහසු කොටිලි නිෂ්පාදන තෝරාගන්න පුළුවන්.

Colourful Bed Sheets

ගෙදරට එන අමුත්තෙක් ඔයාගේ නිදන කාමරයට ආවොත් මේ වගේ ආකර්ෂණීය ඇඳ ඇතිරිලිවලින් ඔයාගේ කාමරය සකසලා තිබුණාම ඔවුන්ටත් සුන්දරත්වයක් දැනෙයි. ඒ වගේම තමයි මුළු දවසම මහන්සි වෙලා නිදාගන්න ඇඳට ආවාම ඇතැම් අයට නින්ද යන්නැති අවස්ථා තියනවා නේද? ඒකට එක හේතුවක් තමයි ඇඳ ඇතිරිලි සුවපහසු නොවීම. ඒ නිසා Daraz වෙතින් හොඳම Materialsවලින් හදලා තියන සුවපහසු ආකර්ෂණීය Bed Sheets තෝරාගන්න.

Elegant Net

සුවපහසු නින්දකට එක් බාධාවක් තමයි මඳුරු කරදරේ. මේ මඳුරු කරදරෙන් මිදෙන්න කාගේත් තේරීම වන්නේ මඳුරු දැලයි. ඒ වගේම දැන් තියන මඳුරු දැල් නිවසක නිදන කාමරයට අලංකාරයක් එක් කිරීමට හැකි අයුරින් තමයි නිර්මාණය කරලා තියන්නේ. මේ වගේ සුවපහසු අලංකාර මඳුරු දැල් හොඳම මිලට තෝරාගන්න Daraz සමඟින් Shop කරන්න.

Bath Towels

නාන කාමරයක Bath Towels තියෙන්නම අවශ්‍ය දෙයක්. ප්‍රබෝධමත් හැඟීමක් එක් කරන Bath Towels විවිධ වර්ණවලින් තියෙද්දි නාන කාමරයට ආකර්ෂණයක් එක් කරනවා. සුදු පාට තුවාම තෝරාගන්නවා වෙනුවට විවිධ වර්ණයන් සහිත තුවා කට්ටලයක් ඔයාගේ නාන කාමරයට අවශ්‍ය කළමනා අතරට එක්කර ගන්න.

මුළුතැන්ගෙයට Kitchen & Dinning Items

මුළුතැන්ගෙයට අවශ්‍ය කරන Kitchen & Dinning Items Daraz Mid-Year Madness වෙතින් සුවිශේෂී මිල අඩු කිරීම් සහිතව මිලදී ගන්න පුළුවන්. Budrey Scales, Dankotuwa Porcelain PLC, Homelux Pvt (Ltd), Laksela Lifestyle, Lanka Housewares, MMS Group Pvt (Ltd), Noritake, Promolanka Marketing (Pvt) Ltd, Royal Fernwood Porcelain (Pvt) Ltd වැනි වෙළෙඳ නාම සඳහා 60%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Dinner Set

ගෙදරට අමුත්තන් ආවාම හොඳින් සංග්‍රහ කරන්න රසවත් කෑම ජාති හදලා දෙනවා වගේම ඒ කෑම ජාති නිසියාකාරව පිළිගන්වන්නත් ඕන. අපි ගෙදර කන බොන පිඟාන් කෝප්පවලින් අමුත්තන්ට සංග්‍රහ කරන්න බෑනෙ. ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් වෙනම්ම පිඟාන්, කෝප්ප ‍වෙන් කරලා තියාගන්න වෙනවා. ඔයා ගාව ඒ සඳහා වෙන් කරලා තියන පිඟාන්, කෝප්ප දැන් පරණ වෙලා නම් අලුත් Dinner set එකක් මේ දැවැන්ත සේල් එකෙන් අඩු මිලකට මිලදී ගන්න පුළුවන්.

Dish Rack

නිවසක කුස්සිය පිරිසිදුව වගේම පිළිවෙළකට තියාගන්න අවශ්‍යයි. කුස්සියේ නිතර පාවිච්චියට ගන්න පිඟාන්, කෝප්ප, හැඳි එහෙමෙහෙ විසිරිලා තිබුණාම ඉබේම කුස්සිය හැඩි වෙනවා. ඒ නිසා කුස්සියේ බඩු මුට්ටු පිළිවෙළකට තියාගන්න Dish Rack එකක් ඔයාගේ කුස්සියට අවශ්‍යම උපකරණයක් වේවි.

Pizza Tray

කුස්සිය කියන්නේ විවිධ රසවත් ආහාර අත්හදා බලන තැනයි. දිනපතා අපි ගන්න ආහාරවලට අමතරව විවිධ රෙසිපි ට්‍රයි කරලා බලන්න ගෙදර කට්ටියටම අදහසක් එන අවස්ථා ඕනෑ තරම් තියනවානේ. අත්හදා බලන  විවිධ ආහාර අතර ගොඩාක් දෙනෙක් පීසා වැනි ආහාර ගෙදරදීම හදාගන්න උත්සහ කරනවා. ඉතිං එවැනි කෑම හදන වෙලාවට මේ වගේ Pizza Tray වැනි උපාංග තියන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි නේද?

Rice Cooker

ගෑස් ප්‍රශ්නය නිසා මේ දවස්වල ඉවුම් පිහුම් කටයුතු කරන්න ගෘහණියන් විවිධ විකල්ප සොයාගන්නවා. ඒ අතරින් රයිස් කුකර් එකක් කියන්නේ මේ දවස්වල ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උපකරණයක්. බොහෝ දෙනෙක් බත් එක ලේසියෙන්ම උයාගන්න තෝරගන්නේ රයිස් කුකර් එක. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල ගෑස් අර්බුදය නිසා බොහෝදෙනෙක් රයිස් කුකර් එකේ එළවළු ජාතිත් උයන්න පුරුදු වෙලා. ඒ නිසා ගෙදර ඉන්න පිරිසේ ප්‍රමාණයට ගැළපෙන්න අලුත් රයිස් කුකර් එකක් හොඳම වට්ටම් සහිතව මෙවර Daraz සේල් එකෙන් ඔයාත් තෝරගන්න.

නිවස සුන්දර කරගන්න අලුත් උපකරණ සොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි Best Deals on Home Items අපි හඳුන්වාදුන්නේ. ජූලි 26 වැනිදා සිට ආරම්භ වෙන Daraz Mid-Year Madness සේල් එකෙන් ඔයාට අවශ්‍ය කරන මේ Items පහසු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. Daraz Mid-Year Madness සමඟින් Shop කරන්න දැන්ම ලෑස්ති වෙන්න.

Mid-Year Madness වෙතින් මිලදී ගන්න පුළුවන් එදිනෙදා අත්‍යවශ්‍ය කළමනා පිළිබඳ දැනගන්න අඩුම මිලට පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න Essentials for Daily Life ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php