පැහැපත් පෙනුමකින් හැඩවෙන්න අවශ්‍ය Best Beauty Care Products

පැහැපත් පෙනුමකින් හැඩවෙන්න අවශ්‍ය Best Beauty Care Products

ලස්සනට ඉන්න නම් Best Beauty Care Products අවශ්‍ය වෙනවා. කාන්තා පිරිමි භේදයකින් තොරව හැමදෙනෙක්ම Best Beauty Care Products ගැන උනන්දු වෙනවා.

ඔයාලාත් මේ දවස්වල Best Beauty Care Products සොයනවාද? දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පහසු කරන Daraz Mart වෙතින් දැන් Best Beauty Care Products ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

කාන්තා පිරිමි භේදයකින් තොරව වගේම වයස් භේදයකින් තොරව ලොකු, පොඩි කවුරුත් ලස්සන වෙන එක ගැන හිතනවා. හැමෝටම ස්වභාවිකවම ලස්සනක් උරුම වෙලා තියනවා. ඊට අමතරව තමන්ගේ රූ සපුව ලස්සනට තියාගන්න නම් විවිධ රූපලාවණ්‍ය කළමනා පාවිච්චි කරන්න වෙනවා. කොතරම් ප්‍රශ්න තිබුණාත් අපි නිරන්තරයෙන් අපේ පෙනුම ගැන හිතන්න ඕන. ලස්සනට පිරිසිදුව පිළිවෙළකට ඉන්නකොට තමයි කාගේත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් තරුණ පිරිස තමන්ගේ පෙනුම පවත්වාගෙන යන්න විවිධ Beauty Care Products භාවිතයට ගන්නවා.

මුහුණට, සමට, කෙස් කළඹට මේ හැමදේටම ගැළපෙන විවිධ විදියේ Best Beauty Care Products දැන් වෙළෙඳපොලේ තියනවා. Beauty Care Products තෝරගනිද්දි අපි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියනවා. විශේෂයෙන් Quality එක ගැන අපිට හිතන්න වෙනවා. ඒ වගේම එක එක්කෙනාගේ සමේ ස්වභාවය වෙනස් නිසා තමන්ගේ සමට ගැළපෙන Beauty Care Products පාවිච්චි කරන්න වෙනවා. සුන්දර රූ සපුවක් සඳහා Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Best Beauty Care Products මොනවාද කියලා අපි බලමු.

ඒ වගේම Beauty Monday වෙතින් සෑම සඳුදා දිනයකදීම විශේෂ වට්ටම් සහිතව Beauty products තෝරගන්න පුළුවන්.

Fair Skin Pack

දිදුලන පැහැපත් සමක් ලබාගන්න මේ Fair skin pack එක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. 100%ක් ස්වභාවික ශාකසාරවලින් නිපදවලා තියන නිසා සමට කිසිඳු අහිතකර තත්වයක් ඇති වෙන්නෙත් නෑ. දොඩම් සාරය අඩංගු නිසා ඔයාගේ සමට පැහැපත් එළියක් එකතු කරනවා.  දිදුලන පැහැපත් සමකට උරුමකම් කියන්න ඔයාත් කැමැති නම් මේ වගේ Fair Skin Pack එකක් තෝරගන්න.

Body Butter

අපේ මුහුණ විතරක් නෙවෙයි මුළු ශරීරයම සිනිඳුව තියාගන්න මේ වගේ Body Butter එකක් පාවිච්චි කරන්න පුළුවන්. සුසිනිඳු ශරීරයකට අවශ්‍ය රූපලාවණ්‍ය කළමනා ගණනාවක්ම දැන් තෝරාගන්න අවස්ථාව තියනවා. ස්ට්‍රෝබරි සුවඳට ඔයා වැඩි කැමැත්තක් දක්වනවා නම් ස්ට්‍රෝබරි සාරයෙන් නිපදවලා තියන මේ වගේ Body Butter එකක් ඔයාගේ මුළු ශරීරයම සුමුඳුව තියන්න උපකාරී වේවි.

Veet Waxing Kit

කාන්තාවන් තමන්ගේ එදිනෙදා චර්යා අතර waxing කිරීම ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. බොහෝ වෙලාවට waxing කිරීම තනිවම සිදු කරගන්න දෙයක්. පහසුවෙන් Waxing කටයුතු කරගන්න Veet full body waxing kit එක තමයි හොඳම තෝරාගැනීම.

Foot Care Cream

රූපලාවණ්‍ය කළමනා අවශ්‍ය වෙන්නේ අපේ මුළු ශරීරයටමයි. මුහුණ ඇඟපත වගේම පාද සුමුදුව තියාගන්න Foot Care Cream පාවිචිච් කරන්න පුළුවන්. පාදවල කැසීම, වියළීම වළක්වලා පාද සුනිඳුව තබන්න මෙය උපකාරී වෙනවා. මෙහි කෝමාරිකා සාරය අඩංගු නිසා සමට පෝෂණයක් ලබාදෙනවා. පාද සුමුදුව තියද්දි ඔයාගේ මුළු ඇඟටම පහසුවක් දැනෙයි.

Vaseline Body Lotion

සම ආරක්ෂා කරගන්න තරුණ තරුණියන් වගේම වැඩිහිටි අයත් උනන්දු වෙනවා.  අපි‌ වැඩ කරන්නේ Air condition තියන ඔෆිස්වල නිසා අපේ සම නිතරම වේලෙනවා. නිරන්තරයෙන් සම වේලීමෙන් ආරක්ෂා වීමට සුදුසුම රූපලාවණ්‍ය නිෂ්පාදනය තමයි Vaseline. Vaseline මඟින් සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. මෙහි අඩංගු විටමින් B3 නිසා සමට දීප්තියක් රැකදෙනවා. ඒ නිසා Vaseline එකක් පාවිච්චි කරොත් ඔයාගේ සම වේලෙන එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඔයාගේ මුහුණ වගේම ශරීරයත් සිනිඳුව පැහැපත්ව තියාගන්න නම් මේ වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන වඩාත් යෝග්‍යයි.

Moisturizing Cream

සම ආරක්ෂා කරගන්න නම් Moisturizer Cream එකක් පාවිච්චි කරන්න වෙනවා. දිවා කාලයේත් ඔයාගේ සම වියළීමෙන් ආරක්ෂා කරගන්න විටමින් බහුලව අඩංගු Moisturizer Cream එකක් තෝරගන්න. මේ වගේ Cream එකක් ඕන සමකට ගැළපෙනවා. ඒ වගේම තමයි Moisturizer Cream එකක් පාවිච්චි කරොත් ඔයාගේ සම සිනිඳුව නැවුම්ව තියන්න පුළුවන්. Vitamin e අඩංගු මෙවැනි ක්‍රීම් එකක් මඟින් සමට පෝෂණයක් ලබාදෙනවා.

Face Wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතර මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා මෙයින් වළක්වනවා.  දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්නත් මෙය උපකාරී වෙනවා. ඔයාගේ මුහුණෙත් නිතර කුරුළෑ වැනි ඇතිවීමෙන් ඔයා පීඩා විඳිනවා නම් කූරුළෑ ඉවත් කරන මෙවැනි ෆේස් වොෂ් එකක් ඔයාගේ රූපලාවණ්‍ය කළමනා අතරට එකතු කරගන්න.

Shampoo

ෂැම්පු එකක් කියන්නේ අද කාලේ තරුණ තරුණියන් අනිවාර්යෙන්ම භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. අතීතයේ නම් බොහෝ දෙනෙක් සබන් ගාලා නෑවාට දැන් නම් කොණ්‌ඩෙට සබන් පාවිච්චි කරන කෙනෙක් නැති තරම්.කාන්තාවන්ගේ රූ පසුව කෙරෙහි කෙස් කළඹේ සුන්දරත්වය බෙහෙවින් බලපානවා. ඒ නිසා සුන්දර වරලසකට හිමිකම් කියන්න නම් හොඳ ෂැම්පු එකක් තෝරගන්න වෙනවා. ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවක් සපයනවා. හැබැයි අපි නිතරම අපේ කොණ්ඩයට ගැළපෙන විදියේ ෂැම්පු එකක් තෝරගන්න අවශ්‍යයි. ඔන්න ඒ නිසා ඔයාට ගැළපෙනම ෂැම්පු වර්ගයක් Daraz වෙතින් මිලදී ගන්න.

Powder Pack

පැහැපත් පෙනුමකට මුහුණේ ආකර්ෂණය වැඩි වශයෙන් බලපානවා. මේකප් දාන්න කාන්තාවන් කොහොමත් කැමැතියිනේ. හැමෝම හැම මේකප් අයිටම් එකක්ම පාවිච්චි කරන්නේ නෑ. ඇතැම් අය විවිධ විදියේ මේකප් යොදාගනිද්දි සමහරු බොහොම සරල, චාම් මේකප් තෝරගන්නවා. සරල මේකප් එකක් කරන‌ කෙනෙක් වුණාත් පවුඩර් පැක් එකක් බහුලව පාවිච්චි කරන දෙයක්. පවුඩර් පැක් තෝරගනිද්දි තමන්ගේ සමට ගැළපෙන එකක් තෝරගන්න වෙනවා. නැත්තම් සමේ පැහැය වෙනස් වෙන්න පුළුවන්.  ඒ වගේම පවුඩර් පැක් එකක් අපි මුහුණට යොදන දෙයක් නිසා කොලිටි එක‌ හොඳ වෙන්නත් ඕන. හොඳම කොලිටි සහිත ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරගන්න නම් Daraz Mart සමඟින් Shop කරන්න.

Shower Gel

ෂවර් ජෙල් එකක් තෝරගන්න එක ඔයා හිතනවාටත් වඩා ඇඟට නැවුම් බවක් එකතු කරන දෙයක් වෙනවා. දවස පුරාවටම මහන්සි වෙලා ඒ මහන්සියෙන් මිඳෙන්නේ වොෂ් එකක් දාගත්තාට පස්සෙයි. හිත ගත සැහැල්ලු වෙන්න වොෂ් එකක් දාද්දි ෂවර් ජෙල් එකක් භාවිතා කරන එක ඔයාගේ ගතටත් හිතටත් සහනයක් එක් කරන දෙයක් වේවි. දවස පුරා විවිධ වැඩවලට එහෙමෙහෙ ගියාම අපේ ශරීරයට විෂබීජ ඇතුල්වීමේ ඉඩකඩත් වැඩි වෙනවා. විෂබීජ ඉවත්කරලා ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියන්න ෂවර් ජෙල් එකක් වඩාත් උපකාරී වෙනවා. වෙළෙඳපොළේ තියන විවිධ වර්ගයේ ෂවර් ජෙල් අතරින් ඔයාගේ ශරීරයට ගැළපෙන ෂවර් ජෙල් එකක් Daraz Mart වෙතින් තෝරගන්න.

Deodorant

මොන තරම් සුන්දර පෙනුමකින් රූ සපුව හැඩ වුණාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් ආවොත් කවුරුත් ඔයාගෙන් ඈත් වෙනවා. ඒ නිසා පෙනුම ගැන හිතද්දි සුවඳවත්ව ඉන්න එක ගැනත් හිතන්න වෙනවා. දවස පුරා අපි එකම තැන ඉන්නේ නෑනෙ. ඔෆිස් යනවා, සාදවලට යනවා, විවිධ ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා.  එතොකො ඉතිං නිතරම දාඩිය දානවානේ. ඔයාගේ ළඟින් දාඩිය ගඳක් ආවොත් ඔයාගේ ලස්සන පෙනුමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මේකට හොඳම විසඳුම තමයි Deodorant එකක් පාව්ච්චි කරන එක. සමහර දවස්වලට අපිට මුළු දවසම එකම ඇඳුම ඇඳගෙන ඉන්න වෙනවා. ඉතිං දවසම කොහේ ගියාත් Deodorant එකක් පාවිච්චි කරොත් කොච්චර දාඩිය දැම්මාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් එන්නැතුව ශරීරයේ සුවඳවත් බවක් රැඳිලා තියනවා. ඒ නිසා Deodorant එකක් ඔයාගේ රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ ලැයිස්තුවට එකතු කරගන්න. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන විවිධ වර්ගයේ Deodorant දැන් හඳුන්වා දීලා තියනවා.

පැහැපත් රූ සපුවකින් හැඩවෙන්න අවශ්‍ය Best Beauty Care Products හොයන්න දැන් කොහේවත් යන්න ඕන නෑ. Daraz Mart වෙතින් මේ හැම නිෂ්පාදනයක්ම ඔන්ලයින් ඕඩර් කරලා ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Daraz Mart සමඟින් Shop කරන්න.

ඔයාගේ Makeup Bag එකේ තියෙන්නම අවශ්‍ය Makeup Bag Essentials ගැන දැනගන්න සුන්දර පෙනුමකින් හැඩ වෙන්න Makeup Bag Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php