අලුත් නිවසේ නිදන කාමරය සුන්දර කරගන්න Affordable Bedroom Items

අලුත් නිවසේ නිදන කාමරය සුන්දර කරගන්න Affordable Bedroom Items

අලුත් නිවසක නිදන කාමරය සුන්දරව නිර්මාණය කරගන්න Affordable Bedroom Items අවශ්‍ය වෙනවා. නිදන කාමරය සුවපහසු වෙන්නේ Affordable Bedroom Items භාවිතා කරලා සුන්දරව සකස් කර ගත්තාමයි.

ඔයාලාත් අලුත් ගෙදර නිදන කාමරයට මේ දවස්වල Affordable Bedroom Items සොයනවාද? නිදන කාමරයට අවශ්‍ය Affordable Bedroom Items සියල්ල Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.

අලුතින් විවාහා වුණු කපල් එකක් තමන්ගේ ජීවිතේ අලුතින් පටන් ගන්න බොහෝ වෙලාවට තෝරගන්නේ නව නිවසක්. අලුත බැඳපු කපල් එකක් අලුත් නිවසකට ගියාම නිවසට බඩුමුට්ටුත් අලුතින් ගන්න සිද්ධ වෙනවා. තමන්ගේම කියලා ගෙදරකට ගියාම ඒ ගෙදර හැම අංගයක්ම සුන්දරව තියාගන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. ඒ ගෙදර පිළිවෙළකට තියාගන්න ඉබේම ආසාවක් හිතට ඇති වෙනවා.

ඕනම නිවසක නිදන කාමරය කියන්නේ සුන්දරව, සුවපහසුව තියාගන්න අවශ්‍ය තැනක්. දවස පුරා වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවාම ඒ වෙහෙස නිවාගන්නේ නිදන කාමරයට ඇවිත්. ඒ නිසාම නිදන කාමරයක් ගතට වගේම හිතටත් සැහැල්ලුවක් දැනෙන ආකාරයට නිර්මාණය කරගෙන තියෙන්න ඕන. නිදන කාමරයක් සුන්දර වගේම සුවපහසු වෙන්නේ ඒ නිදන කාමරයට අවශ්‍ය කළමනා තිබුණොත් තමයි.  අලුතින් විවිහා වෙලා අලුත් නිවසකට ගිය ඔයාලාගේ නිදන කාමරය සුන්දරව තියාගන්න ඔයාත් කැමතියිනේ. නිදන කාමරය සුන්දර කරගන්න අවශ්‍ය කළමනා හොයන්න Shopping යන්න හිතනවා නම් මහන්සි වෙන්න ඕන නෑ. Daraz සමඟින් Shop කරලා Daraz Mall වෙතින් Affordable Bedroom Items ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

Pillows

නිදන කාමරයේ සුවපහසුම තැන තමයි නිදන ඇඳ. නිදන ඇඳට අඩුමකුඩුම ගණනාවක් අවශ්‍ය වෙනවා. සුවබර නින්දක් ලබන්න නම් නිදන ඇඳේ උපාංග සුවපහසු විදියට තියෙන්න අවශ්‍යයි. සමහරුන්ට නම් ඇඳට වැටුණ ගමන් නින්ද යන්නේ නිඳන ඇඳ ගොඩාක් සුවපහසු වුණාමයි. මෘදු, සුවපහසු කොට්ට හොයන ඔයාලාට Celcius වැනි ප්‍රියතම වෙළෙඳ නාම වෙතින් මෘදු කොට්ට තෝරගන්න පුළුවන්. ඇතැම් කොට්ටවල ගොරෝසු ගතියක් දැනෙනවා. එහෙම වුණාම කොට්ටයට ඔළුව තිබ්බාම හරියට නින්ද යන්නෙත් නෑ. ඒ නිසා මනසටත් ඇඟටත් සැහැල්ලුවක් දැනෙන්න නම් සිනිඳු කොට්ට පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේම කොට්ටවල දූවිලි හා විෂබීජ රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා එකම කොට්ටය දිගු කාලයක් පාවිච්චි කරන්නැතුව කාලෙන් කාලෙට කොට්ට මාරු කරන එක වඩාත් හොඳයි. ඔයාගේ අලුත් නිවසේ නිඳන කාමරයටත් මේ වගේ කොට්ට තොරගන්න.

Bedsheets

ළඟදි විවාහා වෙලා ඔයා අලුත් ගෙදරකට ගිහිල්ලා නම් ඉන්නේ අලුත් ගෙදර බලන්න නෑදැයෝ, යාළුවෝ නිතරම එනවා නේද? ඉතිං අලුත් ගෙදරට ආවාම ඔයාගේ Bedroom එකත් ලස්සනට තියාගෙන ඉන්නවාද බලන්නත් කට්ටිය එනවානේ. ඒ නිසා දකින කෙනෙක්ගේ සිත් ඇඳගන්නා විදියට නිදන කාමරය ලස්සනට සකස් කරලා තියාගන්න අවශ්‍ය වෙනවා. නිදන ඇඳට දාලා තියන ඇඳ ඇතිරිලි ආකර්ෂණීය වුණාම මුළු කාමරයටම අලුත් එළියක් ඇති වෙනවා. ඒ නිසා ලස්සන,ලස්සන ඇඳ අතිරිලි Select by Daraz වැනි  වෙළඳ නාම වෙතින් තෝරාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඳ ඇතිරිලි සුන්දර වෙන්න ඕන වගේම සුවපහසු වෙන්නත් ඕන. සමහර වෙලාවට දවසම මහන්සි වෙලා නිදා ගන්න ඇඳට ආවාම හරියට නින්ද යන්නැති අවස්ථාවලට ඔයාලා මුහුණ දීලා ඇති. ඊට බලපාන එක හේතුවක් තමයි නිදන ඇඳේ Bedsheets සුවපහසු නොවීම. Bedsheet එකක් තෝරගනිද්දි හොඳ කොලිටි එකක් තියෙන Bedsheet එකක් තෝරගැනීම අවශ්‍යම දෙයක්. දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුවපහසු,  හොඳ කොලිටි එකක Bedsheets ගන්න හොඳම තැන තමයි Daraz Mall.  ඔයාගේ නිදන කාමරයේ බිත්තිවල වර්ණයට අනූව ගැළපෙන්න ආකර්ෂණීය Bedsheets සොයාගන්න.

Mosquito Net

සුවපහසු නින්දකට තියන එක බාධාවක් තමයි මඳුරු කරදරේ. මේ මඳුරු කරදරෙන් මිදෙන්න කාගේත් තේරීම වෙන්නේ මඳුරු දැලයි. අලුත් නිදන කාමරයකට මඳුරු දැලක් අවශ්‍යම වෙනවා.  ඒ වගේම තමයි දැන් තියන මඳුරු දැල් ආකර්ෂණීය විදියට හදලා තියන නිසා නිදන කාමරයට මඳුරු දැලෙන් අලංකාරයක් එකතු කිරීමටත් පුළුවන් වෙනවා. ඔයාගේ අලුත් ගෙදර නිදන කාමරයට Net එකක් ගන්න හිතනවා නම් දැන් ඉස්සර වගේ කොකු දාලා Net එල්ලන්න කරදර වෙන්න ඕනත් නෑ. Wall hanging net Daraz Mall වෙතින් තෝරගන්න පුළුවන් නිසා හරිම පහසුවෙන් බිත්තියට සවි කරලා ඇඳේ අතුරවන්න පුළුවන්. අලංකාර මෝස්තර සහිත මේ වගේ මඳුරු දැල් ඔයාගේ බිත්තියේ පාටට මැච් කරලා අදම මිලදී ගන්න. මඳුරු කරදරෙන් බේරෙනවා වගේම ඔයාගේ අලුත් නිදන කාමරයට තවත් අලංකාරයක් එක් කරාවි.

Pillow Cases

නිදන කාමරයට ඇතුළු වෙන කෙනෙක්ට නිදන ඇඳ ඇස ගැටෙනවා. නිදන ඇඳ සුන්දර කරගන්න ඇඳ ඇතිරිලි වගේම කොට්ට උරත් උපකාරී‌ වෙනවා. සුවබර නින්දක් ලබන්න නම්, සුවපහසු කොට්ට පාවිච්චි කරන්න වෙනවා වගේම නිදන ඇඳ සුන්දර කරන්න වර්ණවත් කොට්ට උරත් භාවිතා කරන්න පුළුවන්. කොට්ටවලට විෂබීජ ඇතුළු වීමේ ඉඩකඩත් වැඩි නිසා කොට්ට ආවරණය කරන්න කොට්ට උර උපකාරී වෙනවා. ඔයාගේ නිදන කාරමයට අලංකාරයක් එක් කරගන්න ඇඳ ඇතිරිලිවල වර්ණයට ගැළපෙන්නම කොට්ට උර තෝරගන්න Daraz Mall සමඟින් Shop ක‌රන්න.

Duvets

සමහර කාලවලට සීතල තදින්ම දැනෙන්න පටන් ගන්නවා. සීතල දේශගුණයක් තියෙද්දි ඉතිං හොඳට නින්ද නම් යනවා. හැබැයි සීතල වැඩි වෙද්දි අපිට ඒක දරාගන්න අමාරුයි. සීතළ වැඩි වුණාම සෙම්ප්‍රතීශියාව වැනි රෝග තත්වයන් වුණාත් හැදෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න තෝරාගන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. අලුත් කපල් එකකගේ අලුත් නිවසක් බොහෝවිට නවීන විදියට තමයි හදලා තියන්නේ. ඉතිං ඔයාලාගේ අලුත් නිවස වායු සමීකරණය කරලා නම් තියන්නේ සීතල ගතිය වැඩියෙන් දැනෙනකොට Duvets එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්න පුළුවන්, දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන මේ වගේ මෘදු Duvets එකක් අලුත් නිදන කාමරයේ උපාංග අතරට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Storage Boxes

ඔයාගේ අලුත් නිවසට එන අමුත්තන් නිදන කාමරයකට ඇතුළු වෙද්දි නිදන කාමරය පිළිවෙළට සකස් කරලා තියන එක ඔයාගේ වගකීමක්. කාමරයක් වැඩිපුර හැඩි වෙන්නේ කාමරයේ බඩු මුට්ටු එහෙමෙහෙ විසි කරලා දාලා තිබුණාමයි. බඩුමුට්ටු පිළිවෙළකට අඩුක් කරලා තිබුණොත් එහෙම අපිළිවෙළ වෙන්නේ නෑ. ඔන්න ඒ නිසා ඔයාගේ කාමරයේ තියෙන විවිධ කළමනා පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි Storage boxes. Daraz Mall වෙතින් ඔයාගේ බඩුමුට්ටුවල ප්‍රමාණයට අනුව හොඳ කොලිටියකින් හදලා තියන Storage boxes තෝරගන්න පුළුවන්.

Bedroom Wall Stickers

කාන්තාවන් කොහොමත් සුන්දර දේවල්වලට කැමැතියි. මුළු නිවසම අලංකාරව තියාගන්න තමයි හැම ගෘහණියක්ම උත්සාහ කරන්නේ. ඒ අතරින් තමන් නිදන කාමරය සුන්දරව තියාගන්න වැඩි උනන්දුවක් දක්වනවා. අලුතෙන් විවාහා වෙලා තමන්ගේ යුග දිවිය අලුතෙන් ආරම්භ කරාට පස්සේ නව නිවස ලස්සන කරගන්න විවිධ විදියේ අයිටම්ස් එකතු කරගන්නවා. නිදන කාමරයට ප්‍රයෝජනවත් වෙන උපාංග මිලදී ගන්න වෙනවා වගේම නිදන කාමරය අලංකාර කරන මේ වගේ Stickers කදිම අයිටම්ස් වෙනවා. අලුතින් විවාහා වුණු ඔයාලාට මේ වගේ සුන්දර දේවල්වලින් නිදන කාමරය අලංකාර කරගත්තාම ආදරණීය බව වැඩියෙන් දැනේවි.

Rechargeable Light

රාත්‍රි කාලයේ අඳුරේදී නිදන කාමරයට එළියක් එක්කර ගන්න Night Light එකක් අවශ්‍ය වෙනවා. මේ දවස්වල කරන්ට් යන ප්‍රශ්නෙත් එක්ක හැමෝම අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. රාත්‍රි කාලයේදී කරන්ට් ගියාම මුළු කාමරේම අඳුරු වෙනවා. ඒ නිසා Rechargeable Light එකක් ඔයාලාගේ නිදන කාමරයේ තියාගන්න එක වඩාත් ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි, සමහර ලයිට් ඇසට හානිකර වෙන්න පුළුවන්. ඒත් මෙය Eye Protection ලයිට් එකක් නිසා ඇසටත් කිසිම හානිකර තත්වයක් ඇති වෙන්නේ නෑ. මේ වගේ අලංකාර Rechargeable Light එකක් Daraz Mall වෙතින් තෝරාගත්තොත් ඔයාගේ නිදන කාමරයට තවත් සුන්දරත්වයක් එකතු වෙයි නේද?

අලුත් නිවසකට පිවිසිලා තමන්ගේ නිදන කාමරය සුන්දර කරගන්න උපාංග සොයන අයට අදහසක් දෙන්න තමයි Affordable Bedroom Items ඔයාලාට හඳුන්වා දුන්නේ. Daraz Mall වෙතින් දැරිය හැකි මිලකට හොඳම ගුණාත්මක භාණ්ඩ සොයාගෙන ගෙදරටම ගෙන්වා ගන්න අනඟි අවස්ථාවක් තියනවා. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

නිවසේ සිට පහසුවෙන් වැඩ කරන්න Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන් උපකරණ ගැන දැනගන්න පහසුවෙන් වැඩ කරගන්න Work from Home Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php