කුස්සියේ වැඩ පහසු හා පිළිවෙළ කරන Essential Kitchen Items  

කුස්සියේ වැඩ පහසු හා පිළිවෙළ කරන Essential Kitchen Items  

අලුත් නිවසක කුස්සියේ වැඩ පහසුවෙන් කරගන්න Essential Kitchen Items අවශ්‍ය වෙනවා. නව නිවසක හැමදේම අලුත් කරගනිද්දි Essential Kitchen Items එකතු කරගන්නත් හිතන්න වෙනවා.

ඔයාලාත් අලුත් නිවසේ කුස්සියට Essential Kitchen Items සොයනවාද? Daraz වෙතින් කුස්සියේ වැඩ පහසුවෙන් කරගන්නත් කුස්සිය පිළිවෙළකට තියාගන්නත් Essential Kitchen Items ඔන්ලයින්ම තෝරාගන්න අවස්ථාව තියනවා.

අලුතින් විවාහා වුණු යුවළක් තමන්ගේම නිවසකට ගියාම නිවසේ හැම අංගයකටම අවශ්‍ය විවිධ උපකරණ මිලදී ගන්නවා. ඒ අතරින් කුස්සියේ වැඩ කටයුතු වැඩි වශයෙන් කරන්නේ ගෘහණියන් නිසා කුස්සියට අවශ්‍ය උපකරණ මිලදී ගන්න ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා. අලුත් ගෘහණියකට කුස්සියේ ඉවුම්පිහුම් කටයුතු එකවර පටන් ගනිද්දි විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. කොහොම වුණාත් කුස්සිය පිළිවෙළට තියාගන්න එක ගෘහණියකගේ වගකීමක්.

දැන් ඉස්සර වගේ නෙවෙයි ඉවුම්පිහුම් කටයුතු පහසු කරන උපකරණ ගණනාවක්ම තියනවා. ඒ උපකරණ පාවිච්චි කරලා වැඩි වෙලාවක් ගන්නැතුව උයන පිහන කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන්. වර්තමාන ගෘහණියන් ගොඩාක් කාර්යබහුල නිසා උයන්න වැඩි වෙලාවක් වෙන් කරගන්නත් අමාරුයි. ඒ නිසා ඉවුම්පිහුම් ලේසි කරන උපකරණ පාවිච්චි කරොත් වඩාත් වාසිදායකයි. අලුත් ගෙදරකට ගිය නිසා අමුත්තන් වුණාත් නිතරම ආවාම එයාලාටත් හොඳින් සංග්‍රහ කරන්න විවිධ උපකරණ කුස්සියට එකතු කරගන්න වෙනවා. මුළුතැන්ගෙයට අවශ්‍ය කරන උපකරණ ගන්න මේ දවස්වල ඔයා Shopping යන්න හිතනවාද? දැන් එහෙමෙහෙ Shopping යන්න රස්තියාදු වෙන්න ඕන නෑ. Daraz වෙතින් ඔන්ලයින් ඕඩර් කරලා මේ උපකරණ සියල්ල ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. අපි බලමු ඔයාගේ අලුත් කුස්සියට එකතු කරගන්න පුළුවන් Essential Kitchen Items මොනවාද කියලා.

Rice Cooker

බත් උයන්න ලේසිම ක්‍රමය තමයි රයිස් කුකර් එකක් පාවිච්චි කරන එක. ගෑස් ලිපේ බත් උයනවාට වඩා දැන් ගොඩාක් අය බත් උයන්නේ රයිස් කුකර් එකේ. පහුහිය දවස්වල ගෑස් අර්බුදයත් එක්ක ගොඩාක් දෙනෙක් බත් විතරක් නෙවෙයි එළවළු ජාතිත් රයිස් කුකර් එකේම හදාගන්න පුරුදු වුණා. වැඩි වෙලාවක් යන්නැතුව ඉක්මනින් රයිස් කුකර් එකේ බත තියාගන්න පුළුවන් වගේම රස්නයත් වැඩි වෙලාවක් රැඳිලා තියෙනවා. රයිස් කුකර් එකෙන් එළවළු සහ මාළු ජාති රත් කරගන්න පුළුවන්. අලුත් ගෘහණියකට ලේසියෙන්ම ඉවුම්පිහුම් කටයුතු කරගන්න රයිස් කුකර් එක කදිම අයිටම් එකක් වෙනවා.

Juice Blender

පළතුරු කියන්නේ ඇඟට ගුණදායක ආහාරයක්. ගෙදර නිතරම ඉවුම් කටයුතු කරනවා වගේම Juice, Smoothies හදන්න බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පළතුරු ජාති සාමාන්‍යයෙන් කැවෙන්නැති කෙනෙක්ට වුණාත් Juice හැඳුවාම පළතුරු ටිකක් ඇඟට වැටෙනවා. අලුත් ගෘහණියක් තමන්ගේ ආදරණීය සැමියාට විවිධ ආහාරපාන හදලා දෙන්න කැමැතියිනේ. අතින් ජූස් ජාති හදනවායි කියන්නේ ටිකක් වෙලා යන වැඩක්. බ්ලෙන්ඩර් එකක් තිබුණොත් ජූස් ජාති හදන්න හරිම ලේසියි. රසවත් ජූස් පානයන් ඔයාගේ සැමියාටත්, ගෙදරට එන අමුත්තන්ටත් හදලා දෙන්න මේ වගේ Rechargeable  blender එකක් තෝරගන්න.

Hand Mixer

Hand Mixer එකක් මුළුතැන්ගෙයි උපකරණ අතර තියෙන්න අවශ්‍යම දෙයක්. විවිධ ආහාර හදන්න Hand Mixer එක ප්‍රයෝජනවත් වෙනවා. ක්‍රීම් විප් කරන්න, බිත්තර ගසා ගන්න, කේක් බැටර් සහ කුකී පිටි මිශ්‍ර කරන්නත්, සලාද සැරසිලි නිර්මාණය කරන්නත් වඩාත් සුදුසු වෙනවා.  Mashed potatoes හදන්නත් භාවිතා කිරීම ජනප්‍රිය දෙයක්. ඔයා විවාහා ජීවිතයට අලුතින් පිවිසුණු ගෘහණියක් නම් ගෙදරදී විවිධ කෑම ජාති අත්හදා බලන්න  හිතනවා ඇතිනේ. කේක්, කුකීස්, පුඩින් ජාති වගේ විවිධ ආහාර හදන්න Hand Mixer එකක් මතක ඇතුවම ඔයාගේ කුස්සියේ තියාගන්න.

Microwave Oven

මයික්‍රොවේව් එකක් කියන්නේ කාර්යන් රැසක් කරන අවන් එකක්. කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට ගැළපෙනම උපකරණයක් තමයි මයික්‍රොවේව් අවන් එක.  අලුත බැඳපු ජෝඩුවකගේ නිවසට වඩාත් සුදුසුයි වගේම කියා ගන්න බැරි තරම් වටිනවා. විවිධ වර්ගයේ කෑම ජාති කඩෙන් ගන්නවාට වඩා ඔයාගේ අතින්ම හදලා ඔයාගේ හස්බන්ඩ්ටත් ගෙදරට එන අමුත්තන්ටත් පිළිගන්වන්න මයික්‍රොවේව් අවන් එක ප්‍රයෝජනවත් වෙනවා. උයපු කෑම රත්කර ගන්නත් අවස්ථාව තියන නිසා කලින් දවසේ ඉතුරු වුණු කෑමක් වුණාත් මයික්‍රොවේව් එකක් තිබුණොත් පහුවදාට රත් කරලා කෑමට ගන්න පුළුවන්. අලුත් ගෘහණියකගේ කුස්සියකට අත්‍යවශ්‍යම උපාංගයක් හැටියට මයික්‍රොවේව් අවන් එකක් Daraz වෙතින්ම මිලදී ගන්න.

Coconut Scraper

ඉවුම් පිහුම් කටයුතු අතර පොල් ගෑම නම් හැමෝටම එපා වෙන වැඩක්. ඉස්සර කාලේ අම්මලා පරණ තාලෙට හිරමනේ වාඩිවෙලා පොල් ගෑවාට දැන් නම් කුස්සිවල ඒ වගේ හිරමන වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. පොල් බිඳලා පොල් ගාලා පොල් මිරිකලා කෑම හදන්න දැන් ඉන්න ගෘහණියන්ට වෙලාව නෑ. ලේසියට ගොඩාක් දෙනෙක් පිටි කළ පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. ඒත් සමහර කෑම ජාතිවලට නම් පොල් ගාලා ගන්නම වෙනවා. ඒ නිසා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් Coconut Scraper එකක් තෝරගන්න.

Dinner set

අලුත බැඳපු ජෝඩුවක් අලුතින් ‌ගෙදරකට ගියාට පස්සේ නිතරම අමුත්තන් එනවානේ. ඉතිං ඒ එන අමුත්තන්ට අපි හොඳින් සංග්‍රහ කරන්න ඕන. රසවත් කෑම ජාති හදලා දෙනවා වගේම ඒ කෑම ජාති නිසියාකාරව පිළිගැන්නුවොත් තමයි ඔවුන්ටත් ඒ කෑම රසවිඳින්න ආසාවක් ඇති වෙන්නේ. ගෙදර කනබොන පිඟාන් කෝප්පවලින් අමුත්තන්ට සංග්‍රහ කරන්න බෑනෙ. ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් වෙනම්ම පිඟන් කෝප්ප අපිට වෙන් කරලා තියාගන්න වෙනවා. ඔයා අලුතින් නිවසක පදිංචියට ගියා නම් මතක ඇතුව අමුත්තන්ට සංග්‍රහ කරන්න අලංකාර Dinner Set එකක් ගත්තා නම් හොඳයි නේද?

Tea Set

දවල් කෑමට හෝ රාත්‍රි කෑමට අමුත්තන් ගෙදරට එනවා නම් කලින්ම දැනුම්දීලා තමයි එන්නේ. හැබැයි හදිසියේම අමුත්තන් ගෙදරට එන අවස්ථාත් ඕන තරම් තියනවා. එහෙම වෙලාවට කෑමකට හිටියේ නැති වුණාට තේකකින් හෝ කෝපි එකකින් සංග්‍රහ කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. අමුත්තන්ට තේ, කෝපි පිළිගන්වන්න මේ වගේ ආකර්ෂණීය Tea Set එකක් වඩාත් අනඟි උපකරණ වේවි.

Dish Rack

නිවසක කුස්සිය පිරිසිදුව වගේම පිළිවෙළකට තියාගන්න අවශ්‍යයි. කුස්සියේ නිතර පාවිච්චියට ගන්න පිඟාන් කෝප්ප එහෙමෙහෙ විසිරිලා තිබුණාම ඉබේම කුස්සිය හැඩි වෙනවා. එතකොට කවුරුහරි ගෙදරට ඇවිත් ඔයාගේ කුස්සියට ආවොත් අපිළිවෙළ ගතියක් දැනෙන්න පුළුවන්. ඒ නිසා බඩු මුට්ටු පිළිවෙළකට තියාගන්න Dish Rack එකක් ඔයාගේ කුස්සියට එකතු කරගන්න. පිඟාන්, කෝප්ප, හැඳි වගේ නිතර පාවිච්චි කරන බඩුමුට්ටු පිළිවෙළකට Dish Rack එකේ අඩුක් කරන්න.

Spice Organizer

ආහාර රසවත්ව උයන්න විවිධ කුළුබඩු පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට මේ කුළුබඩු ප්ලාස්ටික් බෝතල්වල තමයි දාලා තියන්නේ. බලන්නකො මේ වගේ Spice Organizer එකක් ඔයාගේ කුස්සියට කොතරම් වටිනවාද කියලා.බෝතල් 12ක්ම තියන නිසා ඔයාගේ කුළුබඩු ජාති ඔක්කොම හරිම පිළිවෙළකට මේකෙ දාලා තියන්න පුළුවන්. ඒ නිසා ඉවුම්පිහුම් කරද්දි කුළුබඩු හොයාගන්න වඩාත් ලේසි වෙනවා. ඒ වගේම තමයි මේ Rack එක හදලා තියන්නේ හරිම ආකර්ෂණීය විදියට. මේ වගේ අයිටම්ස් එකතු කර ගත්තාම ඔයාගේ කුස්සියටත් එළියක් එකතු වෙනවා.

Cutlery Set

කුස්සියක හැඳි, ගෑරුප්පු, පිහි අනිවාර්යෙන්ම තියන දෙයක්. වඩාත් රසවත් ආහාර අත්දැකීමක් විඳින්න හැඳි, ගෑරුප්පු අවශ්‍ය වෙනවා. ඇතැම් අය අතින් ආහාර ගන්න පුරුදු වෙලා හිටියාට සමහරු ආහාර ගන්න හැඳි, ගෑරුප්පු භාවිතා කරනවා. ඒ වගේම ඉවුම්පිහුම් කටයුතුවලදීත් හැඳි, ගෑරුප්පු සහ පිහි වගේ කළමනා භාවිතා කරන්නම වෙනවා. මේවා වෙන වෙනම්ම මිලදී ගන්නවාට වඩා හැඳි, ගෑරුප්පු, පිහි ඔක්කොම එකට තියන Set ගන්න එක වඩාත් ලේසියි. ඔයාගේ කුස්සියට අවශ්‍ය වන මේ Utensil Daraz වෙතින් ඔන්ලයින්ම ඕඩර් කරගන්න පුළුවන්.

අලුතින් විවාහා වෙලා අලුත් නිවසක පදිංචියට ගිය ගෘහණියකට කුස්සියේ වැඩ පහසුවෙන් කරගන්න මිලදී ගන්න සුදුසු උපකරණ ගැන අදහසක් දෙන්න තමයි  Essential Kitchen Items  අපි අද හඳුන්වාදුන්නේ. මේ උපකරණ මිලදීගෙන ඔයාගේ කුස්සියේ ඉවුම්පිහුම් පහසු කරගන්න වගේම කුස්සියට එන අයගේ හිත් ඇඳගන්නා විදියට පිළිවෙළකට තියාගන්න. මේ සියලු උපකරණ ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ගෙන්න ගන්න දැන්ම Daraz සමඟින් Shop කරන්න.

අලුත් නිවසක නිදන කාමරය අලංකාර කරගන්න අවශ්‍ය වන උපාංග පිළිබඳ දැනගන්න අලුත් නිවසේ නිදන කාමරය සුන්දර කරගන්න Affordable Bedroom Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php