කාර්යබහුල මවකට සිත්ගත් පෙනුමකට Best Beauty Products

කාර්යබහුල මවකට සිත්ගත් පෙනුමකට Best Beauty Products

කාර්යබහුලත්වය නිසාම ලස්සන වෙන්න Best Beauty Products ගැන හිතන්න ඔයාලාට වෙලාවක් නැතුව ඇති. ඒත් කාන්තාවකගේ සුන්දරත්වය ආභරණයක් වගෙයි.

වැඩ වැඩිකම නිසා හැඩවෙන්න වෙලාවක් නැතිවුණ ඔයාලා Best Beauty Products මේ දවස්වල හොයනවාද? Daraz WOW වෙතින් කාන්තා ඔබට Best Beauty Products තෝරගන්න කදිම අවස්ථාවක් උදාවෙනවා.

WOW වෙතින් Health & Beauty Products සඳහා දීමනා

WOW – Women of wonder සතිය 2022 අගෝස්තු 26 සිට සැප්තැම්බර් 1 දක්වා අත්විඳින්න සූදානම්ද? කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය හැමදෙයක්ම Daraz වෙතින් විශේෂ වට්ටම් සහිතව හොඳම මිලට. ඔයා කැමතිම රූපලාවණ්‍ය නිෂ්පාදන අතරින් තෝරාගත් අයිටම්ස් සඳහා 50%ක් දක්වා වට්ටම්. Vaseline, Ponds, Tresemme, Lakme, Nature’s Secret, Kumarika, Velvet, CCUK, Prevense, Janet, Luvesence, Revlon වැනි වෙළෙඳ නාම සඳහා WOW වෙතින් මෙම වට්ටම් හිමිවෙනවා. ඒ විතරක් නෙවෙයි, නොමිලේ ඩිලිවරි සහ තවත් තෑගි.

දැන් කාන්තාවන් බොහෝදෙනෙක් කාර්යබහුලයි. ඉස්සර වගේ ගෙදරට පමණක් සීමා වුණු ගෘහණියන් දැන් ඉන්නේ සුළු පිරිසක් පමණයි. වැඩි දෙනෙක් තමන්ගේ ගෘහ ජීවිතයේ කටයුතුත් එක්කම රැකියාවකත් නිරත වෙනවා.ඒ නිසාම බොහෝ කාන්තාවන් ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක්. ඉතිං මේ කාර්යබහුලත්වය නිසා තමන්ගේ රූ සපුව ගැන හිතන්න වෙලාවක් නැතුව යනවා. හැබැයි කාන්තාවන් කවුරුත් ලස්සනට ඉන්න කැමතියි නේද? නිතර සැලූන් ගිහින් හැඩවැඩ වෙන්න හැමෝටම වෙලාවක් නෑනෙ. සෑලුන් යනවාටත් වඩා කාර්යබහුල මවකට වුණාත් අත්‍යවශ්‍ය රූපලාවණ්‍ය කළමනා ගෙදරම තිබුණොත් තමන්ගේ රූ සපුව පවත්වාගෙන යන්න පුළුවන්. 

මව්වරුන් හැටියට හැම කාන්තාවක්ම වැඩි අවධානයක් යොමු කරන්නේ තමන්ගේ තමන්ගේ දරුවන්ගේ කටයුතු සඳහායි. ඒත් ඔයා ලස්සනට හිටියොත් ඔයාගේ දරුවන්ටත් එය ආඩම්බරයක් වේවි. ඒ නිසාම සිත්ගත් පෙනුමකට අවශ්‍ය රූපලාවණ්‍ය අයිටම්ස් ඔයාගේ ගෙදරම තියාගන්න.  කාර්යබහුල ඔයාලට Best Beauty Products හොයන්න සාප්පු ගානේ Shopping කරන්න වෙලාවක් නෑ නේද? Daraz සමඟින් Shop කරන ඔයාලාට Best Beauty Products ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. WOW වෙතින් ප්‍රියතම වෙළෙඳ නාම සහිත ඔයාට ගැළපෙන රූපලාවණ්‍ය අවශ්‍යතා සොයාගන්න.

Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට සැබෑ නිෂ්පාදනම මිලදී ගන්න. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

Kumarika Oil

කාන්තාවකගේ පෙනුම කෙරෙහි කෙස් කළඹේ සුන්දරවත්වය බලපානවා. කාර්යබහුලත්වය නිසාම කොණ්ඩෙට සත්කාර කරන්න ගොඩාක් කාන්තාවන්ට වෙලාවක් නැතුව යනවා. ඒත් නිරෝගිමත් කෙස් කළඹක් සඳහා කොණ්‌ඩෙට තෙල් ජාතියක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු කුමාරිකා වැනි තෙල් එකක් ඕනම කොණ්ඩයකට ගැළපෙනවා. හිස්සොරි ඇති වීම වළක්වා සවිමත් නිරෝගිමත් කෙස් කළඹක් ලබාදෙනවා.

Tresemme Shampoo

ෂැම්පු එකක් කියන්නේ  හැම කෙනෙක්ම පාවිච්චි කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. සබන් ගාලා නානවා වෙනුවට දැන් ගොඩාක් දෙනෙක් පාවිචිචි කරන්නේ ෂැම්පු. සුන්දර වරලසකට හිමිකම් කියන්න හොඳ තෙල් ජාතියක් වගේම ෂැම්පු එකක් තෝරගන්න වෙනවා. Tresemme Keratin Smooth ෂැම්පු එකෙන් හිසකෙස් පලුදු වීම වළක්වා කෙස් කළඹ සුමුදුව තබනවා. වැඩ වැඩිකම නිසා නිතර එහෙමෙහෙ දුවන කාර්යබහුල ගෘහණියන්ට තමන්ගේ කොණ්ඩයට සාත්තු කරන්න වෙලාවක් නැතුව ඇති. හැබැයි මේ වගේ ෂැම්පු එකක් පාවිච්චි කරොත් ඔයාගේ වරලස නිරෝගිමත්ව තියාගන්න උපකාරී වෙනවා.

Vaseline Gel cream

කොතරම් වයසට ගියාත් තමන්ගේ සම සුමුඳුව තිබුණොත් තමයි කාන්තාවකගේ මෘදු බව තවත් රැකෙන්නේ. අපි‌ වැඩ කරන්නේ Air condition තියන ඔෆිස්වල නිසා සම නිතරම වේලෙනවා. නිතර සම වේලීමෙන් ආරක්ෂා වෙන්න සුදුසුම රූපලාවණ්‍ය නිෂ්පාදනය තමයි Vaseline. Vaseline මඟින් සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. මෙහි අඩංගු විටමින් B3 නිසා සමට දීප්තියක් රැකදෙනවා. Vaselineහි Ice cool Gel Cream එකෙන් ඔයාගේ සම කූල් කරනවා. කාර්යබහුලත්වය නිසා Stress වෙලා ඉන්න ඔයාලට මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා කූල් වෙන්න පුළුවන්.

Nature Secret Face Wash

මුහුණ පිරිසිදු කරන්න ෆේස් වොෂ් භාවිතා කරනවා. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා මෙයින් වළක්වනවා.  දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්නත් ෆේස් වොෂ් එකක් ප්‍රයෝජනවත් දෙයක්. ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක් වුණාත් කොහේ හරි ගිහින් ආවාත් ෆේස් වොෂ් එකකින් ලේසියෙන් හා පහසුවෙන් මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්.  Nature Secret වෙතින් Papaya, Cucumber, Carrot වැනි ඔයාගේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක් Select කරගන්න.

Ponds Cream

ඔෆිස් එකේ වැඩයි, ගෙදර වැඩයි එක්ක කාර්යබහුල වෙන මව්වරුන්ට සැලූන්වලට යන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි.  හැබැයි සැලූන් ගියේ නැති වුණාට නිසි රූපලාවණ්‍ය නිෂ්පාදන පාවිච්චි කරොත් ඔයාගේ රූ සපුව සුන්දරව පවත්වාගෙන යන්න පුළුවන්. අත්‍යවශ්‍ය රූපලාවණ්‍ය කළමනා අතරට Day Cream එකක් එකතු කරගත්තොත් හොඳයි නේද? Ponds White Beauty Day Cream ඕනම සමකට ගැළපෙනවා. ඒ වගේම විටමින් B3 අඩංගු වෙලා තියන නිසා ළප කැළල් ඉවත් කරලා සම දීප්තිමත් කරනවා.

Revlon Lipstick

කාර්යබහුල මව්වරුන් උයන පිහන වැඩයි ගෙදරදොරේ වැඩ කටයුතු ඔක්කොමයි ඉවර කරලා ඔෆිස් යද්දි මේකප් දාගන්න වෙලාවක් නැති තරම්. කොහොමත් ඔෆිස් යද්දි ලොකුවට මේකප් දාගෙන යන්න බෑනෙ. චාම් මේකප් එකක් දාන කෙනෙක් වුණාත් භාවිතා කරනම රූපලාවණ්‍ය අයිතමයක් තමයි ලිප්ස්ටික්.  ලිප්ස්ටික් එකක් තෝරගනිද්දි කොලිටි එක ගැන හිතන්න වෙනවා. නැත්තම් තොල් කළු වෙන්නත් ඉඩ තියනවා. හොඳ කොලිටියේ ලිප්ස්ටික් හොයන ඔයාලට Revlon වැනි සන්නාම වෙතින් ඔයාගේ තොල්වල පාටට Match වෙන ලිප්ස්ටික් එකක් තෝරගන්න පුළුවන්.

CCUK Foundation

උදෑසන කඩිමුඩියේ ඔෆිස් යන කාන්තාවන්ට මේකප් කරන්න වැඩි වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි. ඒ නිසා ලේසියෙන් හා ඉක්මනින් පාවිචිචි කරන්න පුළුවන් මේකප් තමයි තෝරගන්නේ. මේකප් එකක් දාන්න කලින් ෆවුන්ඩේෂන් එකක් ආලේප කරොත් මුහුණේ ළප කැළැල් පවා පේන්නේ නැති වෙනවා.  ෆවුන්ඩේෂන් අතරින් ෆවුන්ඩේෂන් ස්ටික් එකක් තෝරගත්තොත් ලේසියෙන් ආලේප කිරීමේ හැකියාව තියනවා. තමන්ගේ සමේ පාට අනූව තමන්ගේ මුහුණට ගැළපෙන ෆවුන්ඩේෂන් එක තෝරගන්න. ඔයාත් කාර්යබහුල අම්මා කෙනෙක් නම් උදේට වැඩට යද්දි සරල මේකප් එකක් දාගෙන යන්න ෆවුන්ඩේෂන් ස්ටික් එකක් ළඟම තියාගන්න.

Luvesense Cleansing Facial

කාර්යබහුල මවක් හැටියට ඔයාට ෆේෂල්වලට යන්න වෙලාවක් නැතුව ඇති. හැබැයි ෆේෂල්වලට නොගියාත් ගෙදර ඉඳන්ම ලස්සන වෙන්න භාවිතා කරන්න පුළුවන් රූපලාවණ්‍ය අයිටම්ස් ගණනාවක් දැන් තියනවා. Luvesence වෙතින් හඳුන්වා දී තියන Cleansing Facial ඔයාගේ මුහුණ පිරිසිදු කරලා පැහැපත් කරන්න උපකාරී වෙනවා. කිරි සාරය අඩංගු නිසා මුහුණට නැවුම් බවක් එක් කරනවා. Daraz වෙතින් ඔන්ලයින්ම Cleansing facial එකක් තෝරගන්න.

Prevence Toner

ටෝනර් එකක් කියන්නේ මුහුණ පිරිසිදු කරගත්තාට පස්සේ වැඩි ආරක්ෂාවට ආලේප කරන දියරමය ආලේපනයක්. මුහුණ පිරිසිදු කරන්න පාවිච්චි කරන්නේ ක්ලෙන්සර්. ක්ලෙන්සර් එකෙන් මුහුණේ සම මත තියෙන අපේ පියවි ඇහැට පේන්නේ නැති ඉතා කුඩා සිඳුරු විවෘත වෙනවා. ඒවා විවෘත වෙලා කුණු, දූවිලි පිරිසිදු වෙලා ඉවතට ගියාට පස්සේ ඒ සිඳුරු ඉබේම වැහෙන්නේ නෑ. ඒ නිසා එළියට ගියාම ඉක්මනින් කුණු, දුවිලි මේ සිඳුරු තුළට ඇතුල් වෙනවා. එතකොට තමයි කුරුළෑ ඇති‌ වෙන්නේ. මේ ගැටලුව වළක්වන්න පුළුවන් ටෝනර් එකට.මුහුණ පිරිසිදු කරාට පස්සේ මුහුණේ සිදුරු වැසීම තමයි ටෝනර් එකෙන් කරන්නේ. ඒ නිසා ඔයා කාර්යබහුල කෙනෙක් හැටියට නිතර ගමන්බිමන් යනවා නම්  ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න.

Janet Medicated Pac

වයස් භේදයකින් තොරව කාන්තාවන් ගොඩාක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි මුහුණේ කුරුළෑ ඇති වීම. මේ කුරූළෑ මකන්න ආයුර්වේද ශාකසාර රැසක්ම තියනවා. ඒත් කාර්යබහුල කාන්තාවකට මේ ශාකසාර හොයාගෙන ගාන්න වෙලාවක් නෑනෙ. හැබැයි ආයුර්වේද නිෂ්පාදන අඩංගු  medicated soothing pac එකක් මිලදී ගත්තා නම් වඩාත් පහසුයි නේද? කූරුළෑ ඉවත් කරලා ඔයාගේ මුහුණ නිරෝගිමත්ව පැහැපත්ව තබන්න උපකාරී වෙනවා.

Daraz WOW – Women of wonder වෙතින් ඔයාට ගැළපෙනම රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගෙන සිත්ගත් පෙනුමකින් හැඩවෙන්න.

WOW වෙතින් මිලදී ගන්න පුළුවන් කුස්සියට අවශ්‍ය ගෘහ උපකරණ පිළිබඳ දැනගන්න Top 9 Appliances for the Kitchen Enthusiast in You ලිපියත් කියවන්න. 

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php