ක්‍රියාශීලි කාන්තාවන්ට WOW වෙතින් Smart Tech Gadgets

ක්‍රියාශීලි කාන්තාවන්ට WOW වෙතින් Smart Tech Gadgets

ක්‍රියාශීලිව වැඩ කරන කාන්තාවන්ට Smart Tech Gadgets අවශ්‍ය වෙනවා. Smart Tech Gadgets මඟින් කාන්තාවන්ගේ වැඩ කටයුතු පහසු කරනවා.

ඔයාලාත් මේ දවස්වල Smart Tech Gadgets මිලදී ගන්න සොයනවාද? කාන්තාවන් සඳහාම WOW වෙතින් හොඳම මිලට Smart Tech Gadgets ගන්න හොඳම දවස්ටික තමයි මේ පටන් ගන්නේ.

WOW වෙතින් අඟනා Tech Items හොඳම මිලට

Daraz සමඟින් Shop කරන ඔයාලාට WOW – Women of Wonder අගෝස්තු 26 සිට සැප්තැම්බර් 1 දක්වා අත්විඳින්න අවස්ථාව උදා වෙනවා. කාන්තාවක් හැටියට ඔයාත් විවිධ භූමිකාවල ඉන්නවා ඇති. ගෘහණියක් විදියට ගෙදරදොරේ වැඩ කටයුතුවලට විතරක් සීමා වුණු කාන්තාවන් ඉන්නේ ටික දෙනෙක් විතරයි. අද කාන්තාවන් බොහෝදෙනෙක් රැකියාවල විවිධ තනතුරු දරනවා.  ඔයා බිරිඳක්, අම්මා කෙනෙක් හැටියට තමන්ගේ පවුලේ වගකීම් දරන ගමන් රැකියාවල නිරත වෙද්දි බොහෝ විට ගත කරන්න‌ වෙන්නේ කාර්යබහුල Life එකක්. ඊට අමතරව තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ව්‍යායාම්, ක්‍රීඩාවලත් අද කාලේ බොහෝ කාන්තාවන් හරිම උනන්දුවෙන් නිරත වෙනවා. ඔයා මේ සියල්ලම බැලන්ස් කරගෙන කරන කෙනෙක් නම් සැබැවින්ම ක්‍රියාශීලී කාන්තාවක්. දවස පුරා වැඩ කිහිපයක නිරත වෙන ක්‍රියාශීලි කාන්තා ඔබ ඒ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ලැප්ටොප්, මොබයිල්ස්, හෙඩ්සෙට් ඇතුළු Smart Tech Gadgets WOW වෙතින් හොඳම මිලට තෝරගන්න සූදානම්ද?

Original products සොයන ඔයාලාට Daraz Mall වෙතින් අඩුම මිලට සැබෑ නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම සමඟින් shop කරන්න. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

Computer & Laptop උපාංග

WOW වෙතින් HP, Kingston, Canon, PROLiNK, UGREEN, ASUS, Lenovo, BASEUS, Fantech, Dell, Viewsonic, Lexar, Acer, Armaggeddon, Logitech, Western Digital, Belkin, ALCATROZ, SanDisk, TP Link, QUANBU, Razer, Huawei, Apple, Wacom, WIWU, Adata, Gigabyte, ZTE, Acer, Apple, Daraz, Dell,Epson,E-Tel, Fantech, Huawei, JEDEL, Lenovo, Logitech, MSI, PROLiNK, Samsung, Transcend, Xiaomi වැනි වෙළෙඳ නාම සඳහා 40%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවිරි සහ වවුචර්ස්.

 Laptops

ක්‍රියාශීලිව වැඩ කරන කාන්තාවන්ට ලැප්ටොප් එකක් අවශ්‍යම දෙයක්. ගෙදරදොරේ වැඩත් එක්ක ඔෆිස් එකේ වැඩත් සමබරව කරගෙන යන්න කාන්තාවන් ගොඩාක් වෙහෙසෙනවා. ඇතැම් වෙලාවට ඔෆිස් එකේ වැඩ ගෙදර ඇවිත් කරන්න වෙන අවස්ථාත් තියනවා. ඒ වගේම පහුගිය දවස්වල වගේ නිවසේ සිට වැඩ කරද්දිත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන් ලැප්ටොප් එකක් තෝරගන්න වෙනවා.  සැහැල්ලුවෙන් එහෙමෙහෙ ගෙනියන්න පහසු, හොඳ බැටරි ධාරිතාවයක් තියන,වැඩි මතක ධාරිතාවක් සහිත අඟනා ලැප්ටොප් එකක් HP, ASUS, Lenovo, Dell, Acer වැනි Brands අතරින් තෝරගන්න.

Headphones

ක්‍රියාශීලි කාන්තාවන්ට වැඩ කරන්න ඉතිං වෙලාවක්, තැනක් නෑනෙ. කොහේ හිටියාත් තමන්ගේ වැඩ ටික හරියට කරනවා. නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය පහුගිය දවස්වල වැඩි වශයෙන් ජනප්‍රිය වුණා. කාන්තාවන් බොහෝ දෙනෙක්ට නිවසේ සිට වැඩ කරද්දි ටෙක් ගැජට්ස් අවශ්‍ය වෙනවා. නිවසේ සිට වැඩ කරද්දි ඔන්ලයින් මීටින්ස්වලට එහෙම සම්බන්ධ වෙන්න ඔයාගේ ලැප්ටොප් එකත් එක්ක හෝ Desktop එකත් එක්ක මේ වගේ Headphone එකක් Connect කරගන්න පුළුවන්.  ඒ වගේම නිතර ක්‍රියාශීලි ඔයාලා සින්දු රසවිඳින්න එහෙමත් කැමතියි නේද? සංගීතය රසවිඳිමින් ඔයාගේ වැඩ Cool එකේ කරගන්න මේ වගේ Headphone එකක් WOW වෙතින් මිලදී ගන්න.

USB Adapters

ක්‍රියාශීලිව වැඩ කරන අයට ටෙක් ගැජට්ස් රැසක් අවශ්‍ය වෙනවා. Data transfer කරන්න USB Adapter එකක් වඩාත් ප්‍රයෝජනවත් ගැජැමැටික් එකක්. Macbook pro, Galaxy, ipad ඕනම වර්ගයකට මේ USB Adapter එක ගැළපෙනවා. සින්දු, Movies, Pictures මේ හැමදේම transfer කරන්න පුළුවන්. එහෙටමෙහෙට Data transfer කරන්න මේ වගේ USB එකක් ඔයාගේ වැඩවලට වඩාත් පහසු වේවි.

Printers

ඩිජිටල් උපාංග අතර Printers දැන් අත්‍යවශ්‍යම දෙයක්. නිවසේ සිට වැඩ කරද්දි වගේම අධ්‍යාපන කටයුතුවලදී වැඩි වශයෙන් print out ගන්න සිද්ධ වෙනවා. ඉතිං ඔයා තාමත් හැමවෙලේම Print out ගන්න Communication ගානේ දුවනවාද?  ඔයාගේ ගෙදරම Printer එකක් තිබුණොත් වැඩ කටයුතු කරගන්න වැඩි පහසුවක් වෙයි නේද? ළමයින්ගේ ඉස්කෝල වැඩවලටත් ඔයාගේ වැඩවලටත් නිතර Print out අවශ්‍ය වෙනවානේ. ක්‍රියාශීලි කාන්තා ඔයාලාට Printer එකක් ගෙදරම තියන එක වඩාත් පහසුවක් වේවි.   ඔයා වෙනුවෙන්ම මේ තාක්ෂණික ගැජට්ස් මිලදී ගන්න හොඳම අවස්ථාව තමයි දැන් උදාවෙලා තියන්නේ.

Tv. Audio, Gaming ගැජට්ස්

NIKAI, Xiaomi, Samsung, Apple, JBL, Gearbong, ,Fantech,Lenovo,TWS, Panasonic ඇතුළු වෙළෙඳ නාම ගණනාවක් සඳහා WOW වෙතින් 70%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවිරි සහ වවුචර්ස්.

Smart TV

ගෙදර ‌හැමෝම එකතු වෙන තැන තමයි රූපවාහිනිය නරඹන වෙලාව. දවස පුරාම මහන්සි වෙලා වැඩ කරලා මනසට විවේකයක් ගන්න ගොඩාක් දෙනා තෝරගන්නේ රූපවාහිනිය. දැන් නවීන තාක්ෂණයත් සමඟ සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. ක්‍රියාශීලි කාන්තාවන් වෙන ඔයාලා විනෝදයටත් වඩාත් කැමැතියි නේද?  කැමති නාට්‍ය මාලා, විවිධ වැඩසටහන් දියුණු අත්දැකීමක් සමඟින් නරඹන්න ස්මාර්ට් TV  හරහා ඉඩ ලැබෙනවා. USB සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. ඒ වගේම Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබාගන්න ටෙක් ගැජට්ස් අතරට ස්මාර්ට් ටී.වී. එකක් එකතු කරගන්න.

Airpods

ඔයා ක්‍රියාශීලිව එහෙමෙහෙ දුවලා වැඩ කරන කෙනෙක් නම්, වයර් පටලැවෙන ගැජට්ස් පාවිච්චි කරන එක කරදරයි නේද? වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුම තමයි වයර්ලස් Airpod එකක් පාවිච්චි කරන එක.  Airpod එකක් ලැප්ටොප් එකට, ෆෝන් එකට දෙකටම සම්බන්ධ කරන්න පුළුවන්. ඔෆිස් එකේ වැඩ ගෙදර ඉඳන් කරන්නත් Airpod එකක් වඩාත් ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි හොඳ කොලිටි එකට සින්දු අහන ගමන් ඔයාගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් Airpod එකක් භාවිතා කරන්න පුළුවන්. මේ දවස්වල එයාර්පොඩ් එකක් WOW වෙතින් Discounts සහිතව මිලදී ගන්න අවස්ථාව තියනවා.

Smart Watches

ස්මාර්ට් වොච් එකක් කියන්නේ වෙලාව බලා ගැනීමට එහා ගිය අලුත් අත්දැකීමක් ගෙනදෙන උපාංගයක්. ස්මාර්ට් ජංගම දුරකථන වගේම ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ස්මාර්ට් වොච් එකකින් එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු වෙනවා. මේ ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා. ඔයාගේ Heart rate එකත් ස්මාර්ට් වොච් එකකින් Monitor කරනවා. ඔයා ක්‍රියාශීලි කාන්තාවක් හැටියට ඔයාගේ Heart rate එකත් ඔයාගේ අතේ තියන ගැජට් එකකින් මනින එක කොතරම් වාසි දෙයක්ද?   

Mobiles උපාංග

මොබයිල්ස් උපාංග අතරින් Samsung, Xiaomi, Realme, Nokia, Hontinga, Biruiqu, Apple, LENUO, Xiaomi Redmi, BASEUS, TCL, Dudao, Lereach, UGREEN, Vivo, OPPO, Huawei, ThinkWay, lthmy, ZTE, vantime, ETOP, Nillkin, ASPOR, Jizetin, Infinix, Yoobao, Greentel, DATAMINI, UCUC, HCAXY, ShopMe, BestGO, Casinglee, Amazon, OUKITEL, MTB, BlueWow, TEC MOBILES, E-Tel, BLKNAIM, Black View., Tech Mobile, KOKKO, Panasonic, Leweisi, SONY, OST, Zigo, joyroom, Yahya වැනි වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි.

Android Phones

අලුතෙන් ෆෝන් එකක් ගනිද්දි ඒ ෆෝන් එකේ තියන features, බැටරිය, මිල ගණන් මේ හැමදේ ගැනම හිතන්න ඕන. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වැඩ ටික පහසුවෙන් කරගන්නත් පුළුවන් වෙන්න ඕන. ඇතැම් කාන්තාවන් පුරුදු වෙලා ඉන්නේ Android Phones  පාවිච්චි කරන්න නිසා අලුතෙන් ෆෝන් එකකට මාරු වෙද්දිත් Android Phone එකක්ම සොයනවා.Samsung. Xiaomi, Realme, Redmi, VIVO. OPPO වැනි ඔයා කැමතිම Brands වෙතින් ක්‍රියාශීලිව වැඩ කරන ඔයාගේ වැඩ කටයුතු පහසු කරගන්න කදිම ෆෝන් එකක් තෝරගන්න.

iPhones

ඇපල් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් සියලුම Tech gadgets තෝරගන්නේ ඇපල් බ්‍රෑන්ඩ් එකෙන්. ඔයා ක්‍රියාශීලිව වැඩ කරන කාන්තාවක් හැටියට ඔයා හොයන්නේ ඉක්මනින් වැඩ කරන්න පුළුවන් ෆෝන් එකක් නේද? ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරද්දි වැඩ කරන්න වඩතාත් පහසුයි. Application හරිම වේගයෙන් Open වෙනවා. අලුත් features සමඟින් මෙහෙයුම් පද්ධතිය IOS 15 සමඟ භාවිතයට පහසු User friendly ෆෝන් එකක්. vireless චාර්ජින්වලට support වෙලා ඉක්මනින් චාර්ජ් වෙනවා. iPhone එකකට මාරු වෙන්න හිතෙනවා නම් WOW වෙතින් වට්ටම් සමඟින් iPhone එකක් මිලදී ගන්න.

Selfie Stick

ෆෝන් එකක් ගත්තාට මදි. ෆෝන් එකකට තවත් ගැජට්ස් කිහිපයක් අවශ්‍ය වෙනවා. ක්‍රියාශීලිව වැඩ කරන ඔයා නිතර එහෙමෙහෙ ඇවිදින්නත් යනවා‌ නේද? එහෙම ගියාම ඔයාගේ ජීවිතේට අලුත් මතක එකතු වෙනවා ඇති. ඒ වෙලාවට ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න Selfie stick එකක් තිබුණොත් කොහොමද? පහසුවෙන්ම එක එක ස්ටයිල්වල ෆොටෝස් ඔයාට කැමැති විදියට ගන්න. යාගේ යාළුවෝ, නෑදෑයෝ සමඟින් අපූරු ඡායාරූප අත්දැකීමක් විඳින්න පුළුවන්.

ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් සොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි Smart Tech Gadgets හඳුන්වා දුන්නේ. WOW වෙතින් ක්‍රියාශීලි කාන්තා ඔබට අවශ්‍ය වන ටෙක් ගැජට්ස් තෝරගන්න දැන්ම Shop කරන්න.

කාර්යබහුල මවකට සුන්දර වෙන්න අවශ්‍ය වන රූපලාවණ්‍ය කළමනා ගැන දැනගන්න කාර්යබහුල මවකට සිත්ගත් පෙනුමකට Best Beauty Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php