සීතල කාලේ උණුසුම් රස මිහිරක් විඳින්න Best Hot Beverages

සීතල කාලේ උණුසුම් රස මිහිරක් විඳින්න Best Hot Beverages

සීතල කාලෙට උණුසුම් රසයක් විඳින්න හැමකෙනෙක්ම Best hot beverages හොයනවා. Best hot beverages පානය කරාම නැවුම් රසයකින් ගත හිත පිබිදෙනවා.

මේ වැසි කාලයේ ඔයාත් Best hot beverages හොයනවාද? Daraz Mart වෙතින් ඔයාට අවශ්‍ය Best hot beverages ගෙදරටම ගෙන්වා ගන්න.

පහුගිය කාලයේ නම් තිබුණේ උණුසුම් දේශගුණයක්. ඒත් දැන් වැස්ස පටන්ගෙන තියන නිසා වැස්සත් එක්කම සීතල දේශගුණයක් තමයි මේ දවස්වල ගෙවෙන්නේ. උණුසුම් කාලෙට රස්නෙ වැඩියි කියලා හිතුණාට සීතල කාලේ පටන් ගත්තාම සීතල දරාගන්න ඊටත් වඩා අමාරුයි. රස්නෙ වැඩිවුණාම නම් Fan, A/C දාලා කූල් වෙන්න පුළුවන්. ඒ වගේම රස්නෙ කාලෙට කූල් වෙන්න කූල් බීම ජාතිත් ගොඩාක් දෙනෙක් පානය කරනවා. රස්නෙ කාලෙට කූල් ජාති හෙව්වාට සීතල කාලෙට කවුරුත් හොයන්නේ උණුසුම් පානයන්. ලාංකික අපි කෙහොමත් උණුසුම් පානයන්වලට පුරුදුවෙලා ඉන්නවා. ගෙදරට අමුත්තෙක් ආවාමත් තේකකින් හෝ කෝපි එකකින් සංග්‍රහ කරන එක ලාංකිකයන්ගේ ආචාර ධර්මයක් වෙලා.

සීතල වෙලාවට දේශගුණයේ තියන තත්වය නිසාම ගොඩාක් දෙනෙක්ට ඇඟට කම්මැලි ගතියක් දැනෙනවා.  ඒත් දේශගුණය වෙනස් වුණා කියලා අපිට අපේ එදිනෙදා කටයුතු ආපස්සට ගන්න බෑනෙ. අපිට උද්යෝගයෙන් අපේ වැඩ කටයුතු කරන්න වෙනවා. සීතල අඩුකරගන්න ඊට ගැළපෙන ඇඳුම් පැළඳුම් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි සීතලේ ඇඟට නැවුම් මිහිරක් ගෙනදෙන හොඳම දේ උණුසුම් පානයන්. ගත සිත ප්‍රබෝධමත් වෙන්න සීතල වෙලාවට ගොඩාක් දෙනෙක් හොයන්නෙත් උණුසුම් පානයන්. උණුසුම් පානයන් හැටියට ගොඩාක් දෙනා අතර වැඩියෙන් ජනප්‍රිය කිරි තේ, ප්ලේන්ටී සහ කෝපි ආදියයි. ඊට අමතරව තවත් පාන රැසක් දැන් වෙළෙඳපොළේ තියනවා. ගෙදර හැමෝම එකම පානයට කැමැති වෙන්නේ නෑ. එක එක්කෙනා විවිධ පානයක් සොයනවා. ගෙදරට බඩුමුට්ටු ගන්න Shopping යද්දි මේ පාන වර්ගයන් මතක ඇතුවම මිලදී ගන්න වෙනවා. ඒත් දැන් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඒ තරම් කරදර වෙන්න න නෑ.  දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පහසු කරන Daraz Mart වෙතින් ඔයාට අවශ්‍ය Groceries items සියල්ල ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

මේ සීතල කාලේ උණුසුම් පානයකින් පිබිදෙන්න Daraz Mart වෙතින් තෝරගන්න පුළුවන් Best hot beverages මොනවාද කියලා අපි බලමු.

Puredale kirithe

දිනපතා කිරි තේ බොන්න ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා. උදේට නැඟිට්ට ගමන් හොඳ කිරි තේකක් බිව්වොත් තමයි ඇඟට ෆිට් එකක් එන්නේ කියලා ඇතැම් අය කියනවා නේද? දවස ප්‍රබෝධයෙන් පටන් ගන්න කිරි තේ එකක් උපකාරයක් වෙන පානයක්. මේ දවස්වල සීතල දේශගුණයටත් උණුසුම් කිරි තේ පානයක් වඩාත් ගැළපෙනවා. කිරි තේ පානයට කැමැති ඔයාලාට Puredale Kirithea වෙතින් රසවත් තේ කෝප්පයක් හදාගන්න පුළුවන්. තේ සහ සීනි මුසු කළ සම්පූර්ණ යොදය සහිත කිරි පිටි අඩංගු වෙන නිසා සකසා ගැනීමත් හරිම පහසුයි.

Laojee Tea

ඇතැම් දෙනා කිරි තේවලට හුරු වෙලා හිටියාට තවත් පිරිසක් පුරුදු වෙලා ඉන්නේ ප්ලේන්ටී බොන්න. කිරිපිටිවලට කැමැති නැති අය උණුසුම් පානයකට තෝරගන්නේ ප්ලේන්ටී. රසවත් ප්ලේන්ටී කෝප්පයක මිහිර විඳින්න නම් හොඳ තේ කොළ වර්ගයක් තෝරගන්න වෙනවා. ලාඕජි වැනි විශ්වාසනීය වෙළෙඳ නාමයක තේ කොළ තෝරගත්තොත් රසවත් ප්ලේන්ටියකින් උණුසුම් වෙන්න පුළුවන්. කහට, පාට, සුවඳ හරි හරියටම මුසු වෙලා තියන නිසා තේ රසය හොඳින්ම දැනේවි.

Nescafe

ඔයා‌ කෝපි බොන්න කැමති කෙනෙක්ද? සීතල වෙලාවට කෝපි කෝප්පයක රස විඳින්න කවුද කැමති නැත්තේ. සීතලේ උණුසුම් වෙන්න ගැළපෙනම පානයක් හැටියට කෝපි තෝරගන්න පුළුවන්. ක්ෂණික කෝපි පානයක රසවිඳින්න Nescafe වැනි පානයන් වඩාත් කදිමයි. එක දිගට වැඩ කරලා ඔයාට ටිකක් refresh වෙන්න හිතෙනවා නම් ඉක්මනින් හදාගන්න පුළුවන් Nescafe එකක රස බලන්න.‌ගෙදරට එන අමුත්තෙක්ට සංග්‍රහ කරන්නත් මෙවැනි පානයන් වඩාත් සුදුසුයි.

Milo

ඔයා චොකලට් රසයට කැමති කෙනෙක් නම් මයිලෝ වැනි පානයන්ටත් කැමතියි නේද? ඒ වගේම මයිලෝ ශක්තිජනක පානයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කිරි, කොකෝ, මෝල්ට් වගේම අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණත් මෙහි අඩංගු‌ වෙනවා. ඒ නිසා පුංචි ළමයින්ටත්, තරුණ අයටත් මයිලෝ වැනි පාන ලබාදෙන එක වඩාත් සුදුසුයි. විශේෂයෙන් ක්‍රිීඩා කටයුතුවල නියැළෙන්නන්ටත් ප්‍රබෝධයෙන් කටයුතු කරන්න මයිලෝ අනඟි පානයක්. උණුසුම් විදියටත් කූල් කරලාත් මයිලෝ පානයක රස විඳින්න පුළුවන්. මේ දවස්වල සීතලේ උණුසුම් වෙන්න නම් ගැළපෙන්නෙම Hot Milo.

Viva

සාමාන්‍යයෙන් බොන තේ එකට, ප්ලේන්ටියට අමතරව වෙනත් රසවත් පානයන් ඔයා සොයනවාද? ඔයාට අවශ්‍ය එවැනි පාන Daraz Mart වෙතින් ඔන්ලයින්ම තෝරගන්න අවස්ථාව තියනවා.  Viva මෝල්ට් රසය අඩංගු තවත් ශක්තිමත් පානයක්. ඔයා හදන තේ එකේ රස මදියි කියලා හිතෙනවා නම් Viva හැන්දක් එකතු කරලා තේ එකේ රසය වැඩිකරගන්න. මේ සීතල කාලයේ මෙවැනි පානයන් ඔයාට උණුසුම් වෙන්න වඩාත් සුදුසු වෙයි නේද? ගෙදර ඉන්න පිරිසට ගැළපෙන්න ඔයාට අවශ්‍ය ප්‍රමාණයේ පැකට් තෝරගන්න.

Horlicks

Horlicks දිගු කාලයක ඉඳලා බොහෝ දෙනෙකුගේ තෝරාගැනීම් අතර ජනප්‍රිය පානයක්. මෝල්ට් රසයට කැමති අයට මෙවැනි පාන වඩාත් කදිමයි. මෝල්ට් අඩංගු සාමාන්‍ය Horlicks පානයට අමරතව චොකලට් රසැති Flavors එකත්   තියන නිසා ඔයා කැමති රසයෙන් තෝරගන්න පුළුවන්. කුඩා දරුවන්ට දෙන්නත් Horlicks වඩාත් ගැළපෙනවා. කුඩා දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය වැදගත් පෝෂ්‍ය පදාර්ථ 23ක් මෙහි අඩංගුයි. මෙම පෝෂ්‍ය පදාර්ථ අස්ථි, මාංශ පේශි, සාමාන්‍ය රුධිරය සෑදීම සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා සහාය වෙනවා.

Khao Shong Coffee

ඔයා වෙනස් විදියේ කෝපි අත්දැකීමක මිහිර විඳින්න කැමැතිද? විශේෂයෙන් හදලා තියන කෝපි රසයකට කැමති ඔයාලාට Khao Shong Coffee වඩාත් ගැළපේවි. Khao Shong සන්නාමයේ කෝපි වර්ග කිහිපයක්ම තියෙනවා.  කැරමල් වැනි රසයන්ගේ කෝපිත් අත්විඳින්න පුළුවන්. rich coffee එකක රස බලන්න Khao Shong කෝපි තෝරගන්න. ගෙදරට එන අමුත්තෙක්ට වුණාත් සාමාන්‍ය කෝපි එකක් හදලා දෙනවා වෙනුවට මේ වගේ අලුත් රසයක් එක්ක කෝපි පානයකින් සංග්‍රහ කරොත් වඩාත් කැමති වෙයි නේද?

BRU Original Coffee

කෝපිවල විවිධ රසයන් පවතිනවා. ඒ අතුරින් සැබෑම කෝපි රසය විඳින්න ඔයා කැමති නම් BRU Original coffee බෝතලයක් තෝරගන්න. මේ වගේ Beverages ඔයාට Shopping ගිහින් හොයාගන්න අපහසු නම් Daraz Mart වෙතින්  මේ හැමදෙයක්ම ඔන්ලයින් තෝරගෙන ගෙදරටම ගෙන්න ගන්න. මේ සීතල දවස්වල මෙවැනි උණුසුම් කෝපි පානයන් ඔයාගේ සිතට ගතට අලුත් ප්‍රබෝධයක් එකතු කරාවි.

Dilmah Tea bags

ලේසියෙන් තේ එකක් හදාගන්න ගොඩාක් දෙනෙක්ගේ තෝරාගැනීම වෙන්නේ Tea bags. සීතල කාලෙට උණුසුම් පානයක අවශ්‍යතාවය අපිට වැඩියෙන් දැනෙනවා. ඔයාට ඔෆිස් එකට ගියාමත් ඔයා කැමති විදියට තේ එකක් හදාගන්න ඕන නම් Tea Bags සෙට් එකක් ළඟ තියාගන්න එක හරිම ප්‍රයෝජනවත්. මේ වගේ පැක් එකක් ගත්තාම පැකට් 50ක්ම තියන නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.

Ahmad Lemon & Ginger Tea

ඔයා තේ රසයට ඇලුම් කරන කෙනෙක්ද? හැමදාම බොන තේ එකට අමතරව අලුත් තේ රසයක් විඳින්න ඔයා කැමතිද? Ahmad Tea වෙතින් අලුත් රසයන් සහිත තේ වර්ග හඳුන්වලා දීලා තියෙනවා. ඒ අතුරින් ඉඟුරු සහ ලෙමන් රසය අඩංගු තේ එකක රසයට ඔයා කැමතිද? අපිට සෙම්ප්‍රතීශියාව, උගුරේ වේදනාව වැනි අසනීප තත්වයන් ඇති වුණාම අපි උණුසුම් පානයන් වැඩිපුර භාවිතා කරනවා. ඉඟුරු තේ වැනි පාන මෙවැනි අසනීපවලට වඩාත් සුදුසුයි. ඉඟුරු කෑලි හොයාගෙන ඉඟුරු තලලා ඉඟුරු තේ හදනවාට වඩා මෙම රස අඩංගු Tea Bags තියෙන එක කාටත් වඩාත් පහසුයි.  

Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mart වෙතින් මෙවැනි Beverages දැන් තෝරගෙන ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. විවිධ රස සහිත පානයන්වලට ගොඩාක් දෙනෙක් ආස කරනවා. මේ දවස්වල කූල් පානයන් වෙනුවට හැමකෙනෙක්ම සොයන්නේ උණුසුම් පානයන්. ගත සිත ප්‍රබෝධමත් කරගෙන ඔයාගේ වැඩ කටයුතු කරන්න මෙවැනි උණුසුම් පාන මිලදීගෙන ගෙදර හැමෝම සමඟින් රසවිඳින්න. දැන්ම Daraz Mart සමඟින් Shop කරන්න.

Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Snacks වර්ග ගැන දැනගන්න නිවසේ සිට පාඩම් වැඩ කරන පොඩ්ඩන්ට Fun Snack Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php