ගෙදරදීම හදාගන්න Best Tea Time Snacks Ideas

ගෙදරදීම හදාගන්න Best Tea Time Snacks Ideas

තේ වෙලාවට අමතර රසයක් එකතු කරගන්න Best Tea Time Snacks Ideas කදිම දෙයක්. හවසට තේ බොන ගමන් පොඩි දෙයක් කන්න කවුරුත් ආසයි.

ඔයාලාත් තේ බොන වෙලාවට කන්න Best Tea Time Snacks Ideas ගැන හිතනවාද? ගෙදරදීම රසවත්ව හදාගන්න පුළුවන් Best Tea Time Snacks Ideas ගැන හොයලා බලමු.

අපේ ප්‍රධාන ආහාර වේල් තුනට අමරතව ලාංකිකයන් උදේ හවස තේ, කෝපි පානයට හුරුවෙලා ඉන්නවා. උදේට දවස ප්‍රබෝධමත්ව පටන් ගන්නේ තේ එකකින්. හවසට නම් තේ බොන්නේ අමතර රසයකටයි. කිරි තේ, ප්ලේන්ටී, කෝපි වගේ පානයන් තමයි කවුරුත් අතර ජනප්‍රිය. හවස තේ වෙලාවට තේ එකත් එක්ක  මොනාහරි කෙටි ආහාරයක් කන්න තිබුණොත් හොඳයි නේද?

බොහෝ දෙනෙක් හවස තේ වෙලාවට තේ එකට අමතරව කෙටි ආහාරත් එකතු කරගන්නවා. මේ දවස්වල කෙටි අහාරවල මිල ගණනුත් වැඩි වෙලා තියන නිසා කඩෙන් මිලදී ගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා තේ වෙලාවට සුදුසු කෙටි ආහාර ගෙදරදීම හදාගන්න පුළුවන් නම් වටිනවා නේද? වියදමත් අඩුයි. පිරිසිදුවට වැඩි රසයකට හදාගන්න පුළුවන්. ඒ  නිසා අපි අද ඔයාලට ගෙදරදීම හදාගන්න Best Tea Time Snacks Ideas හඳුන්වාදෙන්න හිතුවා. මේ කෑම වර්ග හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

මේ රෙසිපිවලින් තේ වෙලාවට කෙටි ආහාර හදාගෙන ගෙදර අය සමඟින් රසවිඳින්න පුළුවන් වගේම ගෙදරට එන අමුත්තන්ටත් ඔයාගේ අතින්ම හදපු කෑමවලින් සංග්‍රහ කරන්න ඉඩ ලැබෙනවා.

බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි 250g
  • සීනි 250g
  • බටර් හෝ මාගරින් 250g
  • බිත්තර 4
  • වැනිලා තේ හැදි 2
  • බේකින් පවුඩර් තේ හැදි 2

සාදන ආකාරය :

  1. පළමුව සීනි දියවන තුරු බටර් හා සීනි හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයටම බිත්තර එකතු කරන්න.(වරකට එක බිත්තරයක් බැගින්)
  2. ඉන්පසු බේකින් පවුඩර් සහ පිටි හොඳින් පෙනේරයකින් හලා ගන්න.
  3. හලා ගත් පිටි ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.
  4. අවසානයේ වැනිලා එකතු කර නැවත හොඳින් කලවම් කරන්න.
  5. ඉන්පසු තැටියක් ගෙන එහි ඇතුළත බටර් ගා සාදා ගත් මිශ්‍රණය එයට එකතු කරන්න. උෂ්ණත්වය 180 ’C වන අවන් එ‍කක විනාඩි 25ක් පමණ බේක් කරගන්න.

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 500g
  • මාගරින් 100g
  • ශිතකළ වතුර ස්වල්පයක්
  • බේකින් පවුඩර් තේ හැන්දක්
  • ලුණු ස්වල්පයක්
  • ගැඹුරු තෙලේ බැඳ ගැනීමට තෙල්

පිරවුම සදහා :

  • සැමන් ටින් පොඩි එකක්
  • තම්බා පොඩි කර ගත් අල ගෙඩි දෙකක්
  • සිහින්ව කපා ගත් ලූනු,අමුමිරිස් ,ඉගුරු,සුදු ළුෑනු
  • ලුණු අවශ්‍ය පමණ
  • රම්පෙ සහ කරපිංචා
  • ගම්මිරිස්

සාදන ආකාරය :

  1. මුලින්ම තෙල් ස්වල්පයක් දැමූ තාච්චිය ලිපේ තබා ලූණු, සුදු ඵෑනු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්  සහ ඉඟුරු දමා බැදෙන්නට ඉඩ හරින්න. එයට පොඩි කරගත් සැමන් සහ අල එක් කරන්න.
  2. ටික වෙලාවක් මිශ්‍රණය තෙම්පරාදු කරගන්න.එයට ඇති පමණට ලුණු සහ ගම්මිරිස් යොදන්න.
  3. පිටි,බේකින් පවුඩර්, ලුණු සහ මාගරින් වතුර ස්වල්පය බැගින් දමා අතේ නොඇලෙන පදමට අනාගන්න.
  4. මෙම පිටි මිශ්‍රණය විනාඩි 30 ක් පමණ පිපෙන්නට තබා ඉන්පසුව මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් ගෙන රෝලින් පින් එකකින් තුනී කරගන්න.
  5. ඉන්පසුව පැටිස් කටරයකින් හෝ රවුම් බෝතල් මූඩියකින් තුනී කරන ලද මිශ්‍රණයෙන් රවුම් කපා ගන්න.
  6. කලින් සාදන ලද පිරවුම රවුමේ මැඳට තබා එය දෙකට නවාගන්න.පිරවුම පිටතට යාම වළක්වා ගන්න ගෑරුප්පුවක් ගෙන වටේට තද කරන්න.
  7. ඉන්පසු ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැඳ ගන්න.
  8. ගැඹුරු තෙලේ බැඳ ගැනීම ඔබට අපහසු නම් සාදා ගන්නා ලද පැටිස් අවන් එකෙහි රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.අවන් එකේ බේක් කරගන්න කලින් සාදා ගත් පැටිස් උඩින් බ්‍රෂ් එකකින් මාගරින් තවරාගන්න.

මිනි පීසා

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති
  • මොසරැල්ලා චීස් 250g
  • කොළ පාට සහ රතු පාට බෙල් පෙපර්
  • ටොමෑටෝ පේස්ට්
  • සෝස්

සාදන ආකාරය :

  1. බෙල්පෙපර් කුඩා කොටුවලට කපා ගන්න.
  2. පාන් පෙති යාන්තමට ටෝස්ට් කරගෙන ටොමෑටෝ පේස්ට් ස්වල්පය බැගින් ගා ගන්න.
  3. දැන් ඒ මත කොළපාට සහ රතු පාට බෙල් පෙපර් කැබැලි ස්වල්පයක් අසුරගන්න.
  4. දැන් චීස් ගේට් කර පාන් පෙති වැසී යන ආකාරයට දමා, මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක දමා චීස් උණුවී යනතුරු බේක් කර ගන්න.‍
  5. උඩින් සෝස් දමා කැමති ආකාරයකට කපා රසවිඳින්න.

සමෝසා

අවශ්‍ය  ද්‍රව්‍ය :

සමෝසා පිටි මිශ්‍රණය සඳහා:

  • පාන් පිටි කප් 3
  • රස අනුව ලුණු
  • බේකින් සෝඩා තේ හැදි 1/2
  • සූදුරු තේ හැදි 1
  • වතුර අවශ්‍ය ප්‍රමාණයට
  • ගිතෙල් හෝ වෙජිටබල් ඔයිල් මේස හැදි 4

සමෝසා පිරවුම සඳහා:

  • තම්බා පොඩි කර ගත් අල ටිකක්
  • හීනියට කපා ගත් රට ලූණු ටිකක්
  • පොඩියට කපා ගත් තක්කාලි ටිකක්
  • හීනියට කපා ගත් සුදු ළුෑනු ටිකක්
  • හීනියට කපා ගත් කොත්තමල්ලි කොළ ටිකක් හා ලූනු කොළ ටිකක්
  • ගරම් මසාලා, කහ කුඩු , මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, අබ හා රස අනුව ලුණු

පිටි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය:

  1. වතුර හැර අනිත් සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න .
  2. පසුව එයට වතුර ටික ටික දමා මෘදු පිටි මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් අනාගෙන පැයක් පමණ වසා තබන්න.

පිරවුම සාදා ගන්නා ආකාරය:

  1. මුලින් භාජනයක් ලිපේ තියලා එයට තෙල් ටිකක් දමා රත් වු පසු සුදුරු ටිකක් හා අබ ටිකක් දමා ගන්න.
  2. එයට හීනියට කපා ගත් සුදු ළුෑනු ටික හා කපා ගත් රට ලූනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න. එයට කපා ගත් තක්කාලි ටික ද දමා හොදින් බැදෙන්නට හරින්න.
  3. ටික වේලාවකට පසු එයට අවශ්‍ය ප්‍රමාණයට කහ, මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, ගරම් මසාල, මැංගෝ පවුඩර්, රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  4. පසුව එයට පොඩි කර ගත් අල හා හීනියට කපා ගත් කොත්තමල්ලි කොළ හා ලූනු කොළ දමා හොඳින් කලවම් කරගෙන ටික වේලාවක් තියා ලිප නිවන්න.
  5. පසුව අල මිශ්‍රණය හොඳින් නිවෙන්න හරින්න.

සමෝසා සාදා ගන්නා ආකාරය:

  1. සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හොඳින් තුනියට රෝල් කරන්න.
  2. පසුව ටිකක් ලොකු රවුමක් තියා රවුමට පිටි මිශ්‍රණය කපා ගන්න.
  3. දැන් කපා ගත් පිටි මිශ්‍රණය කොටස් දෙකකට කපා ගන්න.
  4. දැන් එම කපා ගත් බාගේ කොටසක් අරගෙන ගොට්ටක් ආකාරයට සාදා ගන්න. එලෙස ගොට්ට සාදා ගැනීමේ දී එක කොටසකට වතුර බිදක් ගා ගෙන අනිත් කොටස හොඳින් අලවා ගන්න.
  5. දැන් සාදා ගත් ගොට්ටට අල මිශ්‍රණයෙන් ටිකක් මැදට දමා පුරවා ගෙන උඩ කොටස වටේම වතුර බිඳක් නැවත ගා ගෙන සමෝසා එක හොඳින් අලවා ගන්න .
  6. ඉන්පසුව සාදා ගත් සමෝසා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.

වැදගත්:

  • මෙයට තමන් කැමති ආකාරයේ පිරවුමක් සකස් කර ගත හැකියි.
  • මේ සඳහා සමෝසා ෂීට් භාවිතා කළ හැකියි.
  • ගැඹුරු තෙලේ බැඳ ගැනීම වෙනුවට, කලින් 200ºC (400ºF) රත් කර ගත් අවන් එකක විනාඩි 20ක් පමණ බේක් කරගෙන මෙය සාදාගත හැකියි.

චොකලට් ඩෝනට්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 500g
  • බිත්තර 1
  • යීස්ට් 15g
  • කිරිපිටි 50g
  • සීනි 75g
  • වතුර 750ml
  • මාගරින් 50g
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට (15g පමණ)
  • වැනිලා ස්වල්පයක්

සාදන ආකාරය :

  1. පිටි සහ මාගරින් එකට දමා හොදින් කලවම් කරන්න.
  2. එයට සීනි, ලුණු දමා නැවතත් කලවම් කරන්න.
  3. යීස්ට්, කඩාගත් බිත්තරය, වැනිලා ස්වල්පයක් හා කිරිපිටි  දමා හොඳින් කලවම් කරන්න.
  4. අවසානයේ වතුර දමමින් ඩෝ එක හදාගන්න.හොඳින් අනාගන්න. වතුර වැඩි කර ගන්නේ නැතුව අතේ ඇලෙන්නැති වෙන්න තියෙන්න ඕන.
  5. ඉන්පසු ලෑල්ලක පිටි තවරා ඩෝ එක රෝලර් පින් එකකින් තුනී කර ගන්න. අගල් 1 පමණ ඝනකම සිටින සේ තුනී කරගන්න.
  6. කටර් එකකින් රවුම් කපා ගන්න. එම කපා ගත් රවුමේ මැදින් නැවතත් කුඩා රවුමක් කපා ඉවත් කර ගන්න.බෝතල් පියනකින් වුණාත් රවුම් කපාගන්න පුළුවන්.
  7. කපාගත් ඩෝනට්ස් විනාඩි 10ක් පමණ තියන්න.
  8. පෑන් එකකට තෙල් දමා ගැඹුරු තෙලේ බැඳගන්න.

Sauce එක සඳහා :

Fresh Milk 200ml

කුකින් චොකලට් 200g

සාදන ආකාරය :

  1. Fresh Milk පෑන් එකකට දමා උණු කරගන්න. එයට කුකින් චොකලට් දමා උකු වන තෙක් හැදි ගාන්න. ඉන්පසු ලිප නිවන්න.
  2. දැන් හදාගත් ඩෝනට් එකක් අරන් උඩ කොටස චොකලට් සෝස් එකේ ඔබලා පැත්තකින් තියන්න.
  3. මඳක් නිවුණු පසු පිළිගන්වන්න.

අල වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල්පිටි 100g
  • උඳුපිටි 100g
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  • අල 500g
  • ලූනු ගෙඩියක්
  • අමුමිරිස් කරල් දෙකක්
  • කරපිංචා
  • මිරිස්කුඩු තේ හැඳි 2
  • කහකුඩු තේ හැඳි 1/2
  • ගරම් මසාලා තේ හැඳි 1/2
  • අබ තේ හැඳි 2ක්
  • සුදුළූනු බික් 3-4

සාදන ආකාරය :

  1. අල ටික තම්බා ගන්න.
  2. පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ලියාගත් ලූනු, සුදුළූනු, අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
  3. මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා, ලුණු අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ෆිලින් එක හදාගන්න. දැන් අල පොඩි කරලා මේකට එකතු කරන්න.
  4. බැටර් එක හදාගන්න හාල්පිටි හා උඳු පිටිවලට මිරිස්කුඩු, කහකුඩු, බේකින් පවුඩර් හා ලුණු දාලා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.
  5. අල කරි එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැඳගන්න.

මේ රෙසිපි අතරින් පැණි රසයට වැඩියෙන් කැමති අයට බටර් කේක්, ඩෝනට් වගේ ආහාරත් ටිකක් සැර ගතියට කැමති අයට සමෝසා, පැටිස්, මිනි පීසා, අල වඩේ වගේ කෙටි ආහාරත් හදාගන්න පුළුවන්. ඔයාත් අදම මේ රෙසිපි ට්‍රයි කරලා බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරටම ගෙන්වාගෙන අනර්ඝ Grocery Shopping අත්දැකීමක් අත්විඳින්න Daraz Mart සමඟින් Shop කරන්න.

පොඩ්ඩන්ට ආසාවෙන් කන්න උදේ කෑමට හදලා දෙන්න පුළුවන් රෙසිපි ගැන දැනගන්න පොඩ්ඩන්ට ආසාවෙන් කන්න හිතෙන Kid friendly breakfast Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php