Birthday Sale වෙතින් තෝරගන්න Top Mobile Brands

Birthday Sale වෙතින් තෝරගන්න Top Mobile Brands

අලුත් ෆෝන් එකකට මාරු වෙන්න හිතනවා නම් Top Mobile Brands ගැන හිතන්න වෙනවා. අලුත් ටෙක් ගැජට්ස් හොයන කවුරුත් Top Mobile Brands ගැන උනන්දුවක් දක්වනවා.

ඔයාලාත් මේ දවස්වල Top Mobile Brands හොයනවාද? Daraz Birthday Sale වෙතින් Top Mobile Brands වට්ටම් සමඟින් මිලදීගෙන අලුත් ෆෝන් එකකට මාරු වෙන්න අවස්ථාව උදා වෙනවා.

Daraz Birthday Sale වෙතින් Mobiles සඳහා 40%ක් දක්වා වට්ටම්

Daraz 6 වැනි උපන්දිනය සමරන්න ඔයාත් ලෑස්තිද? 75%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Birthday Sale සැප්තැම්බර් 27 වැනිදා සිට අත්විඳින්න. මෙගා ඩීල්ස්, බැංකු වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම  ඇතුළුව තවත් තෑගි රැසක්. විලාසිතා, දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස් ඇතුළු ඔබට අවශ්‍ය හැමදේටම හොඳම වට්ටම්.

මේ දිනවල අලුත් ෆෝන් එකකට මාරු වෙන්න ඔයා හිතනවාද? හැමදේම මිල ගණන් වැඩිවෙලා තියන මේ කාලයේ ෆෝන් එකක් අලුතින් මිලදී ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.  ඒත් Daraz Birthday Sale වෙතින් ඔයා කැමති විදියේ හොඳම ෆෝන් එකක් දීමනා සහිතව මිලදී ගන්න පුළුවන්.  Samsung, Xiaomi, Realme, Nokia, Hontinga, Biruiqu, Apple, LENUO, Xiaomi Redmi, BASEUS, TCL, Dudao, Lereach, UGREEN, Vivo, OPPO, Huawei, ThinkWay, lthmy, ZTE, vantime, ETOP, Nillkin, ASPOR, Jizetin, Infinix, Yoobao, Greentel, DATAMINI, UCUC, HCAXY, ShopMe™, BestGO, Casinglee, Amazon, OUKITEL, MTB, BlueWow, TEC MOBILES, E-Tel, BLKNAIM, BlackView., TechMobile, KOKKO, Panasonic, Leweisi, SONY, OST, Zigo, joyroom, Yahya වැනි ප්‍රියතම වෙළෙඳ නාම සඳහා 40%ක් දක්වා වට්ටම්.

අලුතෙන් ෆෝන් එකක් මිලදී ගනිද්දි ඒ ෆෝන් එකේ තියන features, බැටරිය, මිල ගණන් මේ හැමදේම ගැන හිතන්න වෙනවා. ඒ වගේම තමයි අපිට පහසුවෙන් අවශ්‍ය වැඩ ටික කරගන්නත් පුළුවන් වෙන්න ඕන.  Daraz Birthday Sale වෙතින් ගන්න පුළුවන් ඔයාට ගැළපෙන Top Mobile Brands මොනවාද කියලා බලමු.

Apple iPhone 13

ලෝකයේ සුපතළ නාමයක් දිනා තියෙන ඇපල් මාදිලියේ ෆෝන් මිලදී ගන්න තරුණ පිරිස වැඩි කැමැත්තක් දක්වනවා. Hard use කරන්න ගැළපෙන ෆෝන් එකක් ඔයා හොයනවා නම් අලුත්ම Version එකක් වන iPhone 13 ඒ සඳහා වඩාත් සුදුසුයි. මෙහි A15 ඇපල් ප්‍රොසෙරසරය අඩංගු වෙන නිසා Applications ඉක්මනින් open වෙලා වේගයෙන් වැඩ කරගන්න පුළුවන් ‌වෙනවා. පැය 17ක් එක දිගට වීඩියෝ නැරඹීමේ හැකියාවත් තියනවා. කැමරාව ගැන කියද්දි 12MP 4k front කැමරාව නිසා වීඩියෝ කොන්ෆරන්ස් බොහොම පැහැදිලිව හසුරවන්න පුළුවන්. Back කැමරාව 12MP 4k වන අතර HD Recording පහසුකම තියනවා. නවතම වැඩිදියුණු කළ Night mode විශේෂාංගය තියන නිසා කළුවරේ වුණාත් පැහැදිලිව ෆොටෝ ගන්න පුළුවන්. Ceramic තාක්ෂණයෙන් හදලා තියන මේ ෆෝන් එක ගොඩාක් ශක්තිමත්. කල්පැවැත්ම අතිනුත් වැඩියි. IP68 තාක්ෂණය නිසා වතුරට වුණාත් ඔරොත්තු දෙනවා. නවතම features සමඟින් මෙහෙයුම් පද්ධතිය IOS 15 භාවිතයට පහසු User friendly ෆෝන් එකක්. Magsafe උපාංගයෙන් සමන්විත වන නිසා Wireless චාර්ජින්වලට support වෙලා ඉක්මනින් චාර්ජ් වෙනවා. iPhone එකකට මාරු වෙන්න හිතෙනවා නම්, Daraz Bitrthday Sale වෙතින් වට්ටම් සහිතව ෆෝන් එකක් තෝරගන්න.

Samsung A12

ස්මාර්ට් ෆෝන්වලින් Samsung brand එකේ ෆෝන් එකකට කැමති ඔයාට A12 series එකත් වඩාත් ගැළපේවි. 128GB ROM එක නිසා වැඩිපුර දත්ත ගබඩා කිරීමේ හැකියාව තියනවා. වීඩියෝ, කැමරා, documents ගොඩාක් Save කරලා තියාගන්න පුළුවන්.  Application වේගවත්ව open වෙනවා. 4GB මතක ධාරිතාවයක් අන්තර්ගත නිසා application ඉක්මනින් respond කරනවා. නවතම IPS තාක්ෂණය සමඟින් Display එකෙන් real full HD Color එකක් ලබාදෙනවා. 8MP full HD කැමරාවක් හා වැඩිදියුණු කළ Back cam 48MP අඩංගුයි. ඒ නිසා ultrawide තාක්ෂණයෙන් ෆොටෝ ගන්න පුළුවන්. ඕනම අවස්ථාවකදි මතක ධාරිතාව වැඩිකරගන්න memory card එකක් සම්බන්ධ කිරීමේ හැකියාවත් තියන නිසා ඔයාට අවශ්‍ය සියල්ල Save කරගන්න ඉඩක් තියනවා. Dual sim support කරනවා. වැඩි දියුණු කළ 5000mAh බැටරිය නිසා වැඩි වෙලාවක් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්.

Realme C11

ෆෝන් එකක් තෝරද්දි එක එක්කෙනා හොයන ‌features වෙනස්. ටිකක් ලොකු Screen එකක් තියන ෆෝන් එකකට ඔයා කැමතිද? Realme බ්‍රෑන්ඩ් එකේ C11හි අඟල් 6. 5ක screen එකක් අඩංගු වෙනවා. Helio G35 ගේමින් ප්‍රොසෙසරයකින්ද සමන්විත නිසා ගේම් ගහන අයට විශේෂයෙන් හදපු ෆෝන් එකක් කියන්න පුළුවන්. ඔයා නිතර ෆෝන් එකෙන් ගේම් Play කරන කෙනෙක් නම් මේ වගේ ෆෝන් එකක් වඩාත් සුදුසුයි. Night scape ද්විත්ව කැමරාව නිසා සුපැහැදිලි දසුන් ලබාගන්න වඩාත් කදිමයි. රාත්‍රි කාලයේ ගන්න ෆොටෝස් වුණාත් පැහැදිලිව පේනවා. 5000mAh අති විශාල බැටරියකින් සමන්විත වන නිසා අනිකුත් ෆෝන්වලට සම කළ නොහැකි දවස් 40ක් දක්වා Standby Mode එකෙන් තියාගන්න ලැබීම මෙයින් ලැබෙන වැඩි වාසියක්. මෙහෙයුම් පද්ධතිය Realme UI නිසා නවතම features හා අත්දැකීමක් විඳගන්න ඉඩ සලසා දෙනවා.  

Redmi Note 11

Xiaomi වෙළෙඳ නාමයේ Redmi Note 11 මඟින් HD තාක්ෂණය අනඟිව අත්විඳීමේ අවස්ථාව තියනවා.  full HD පහසුකම නිසා ෆොටෝ ගන්න කැමති අයට හොඳම ෆෝන් එකක්. HD display එක නිසා වීඩියෝස් පැහැදිලිව නරඹන්න පුළුවන්. 128GB දත්ත ගබඩා කිරීමේ ධාරිතාවයත් ඉතා ඉහළයි. 11 4GB RAM එකකින් හා 64 GB ROM එකකින් සමන්විතයි. 33w fast charging තියන නිසා ඉතා කෙටි කාලයකින් චාර්ජ් වෙනවා. මෙහෙයුම් පද්ධතිය Android 11 සමඟින් ඉතා කාර්යක්ෂමව වැඩ කටයුතු කරගන්න පුළුවන්. විවිධ මාදිලියේ වර්ණවලින් සමන්විත  නිසා සිතැඟි පරිදි තෝරා ගැනීමේ අවස්ථාව තියනවා.

OPPO A53

Mobile Brands අතරින් OPPO Brand එකට ඔයා කැමතිද? OPPO A53 8.4 mm ඝනකම සහ 186 ග්‍රෑම් බරක් සහිතව අලංකාර මැට් නිමාවකින් යුක්ත වෙනවා. A53 බලගන්වන්නේ Qualcomm SM4250 Snapdragon 460 ප්‍රොසෙසරය හරහායි. octa-core CPU එකක් ඇති අතර එය මෘදුව වැඩ කටයුතු කරන්න ඉඩ සලසා දෙනවා. ඒ විතරක් නෙවෙයි 13MP ප්‍රාථමික කැමරාවක් සහ 16MP ඉදිරිපස කැමරාවකින්ද සමන්විතයි. කොලිටි ෆොටෝස් ගන්න වීඩියෝස් පටිගත කරන්න සුපිරි පහසුවක් ගෙනදෙනවා. OPPO A53 හි දැවැන්ත 5000mAh බැටරියක් තිබීම මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ විශේෂත්වයක්. විශාල බැටරිය නිසා එය දින ගණනක් පාවිච්චි කරන්න පුළුවන්.

Samsung Galaxy S22

Samsung Galaxy S22 කියන්නේ Samsung brand එකේ තියන හොඳම ෆෝන් එකක්. මෙහි තියන විශේෂත්වය තමයි සිනිඳු විදියට හදලා තියන්නේ. වතුරට, දූවිලිවලට ඔරොත්තු දෙන්න හදලා තියන නිසා හොඳ කල්පැවැත්මක් තියනවා. අඟල් 6.1 ක AMOLED Display එකකින් සමන්විත නිසා වීඩියෝ නරඹන්න වඩාත් සුදුසුයි. මේ මොබයිල් එකේ 8GB RAM සහ 128GB ROM එකක් තියන ඉහළ කාර්යක්ෂතාවයකින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. Galaxy S22 5G 50MP ප්‍රාථමික කැමරාවක් සහ 10MP සෙල්ෆි කැමරාවක් ද සමන්විතයි. ෆොටෝස් ගන්න විඩියෝ කරන්න කැමති අයට කියාපුම ෆෝන් එකක්. සාමාන්‍ය ෆෝන්වලට වඩා තරමක් වැඩි 3700mAh බැටරියකින් සමන්විත වන නිසා දෛනික කාර්යයන් සඳහා දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියනවා. මේ ෆෝන් එකේ ගාන ටිකක් වැඩි වුණාට Birthday Sale වෙතින් හොඳ වට්ටමකට මේ වගේ ෆෝන් එකක් මිලදී ගන්න සැප්තැම්බර් 27 සිට අවස්ථාව තියනවා.

VIVO Y1s

VIVO Y1sහි features ගණනාවක්ම තියනවා. ඔයා කැමතිම වීඩියෝස්, ෆොටෝස්, ගේම්ස් Save කරලා තියාගන්න වැඩි ඉඩක් තියන ෆෝන් එකක් හොයනවාද? එහෙනම් මේ ෆෝන් එක ඔයාට වඩාත් ගැළපෙනවා. ෆෝන් එක හරිම slim. අඟල් 6. 5ක HD පුළුල් තිරයකින් සමන්විත වෙනවා.ඔයාගේ ෆෝන් එකේ Password එක වෙන කෙනෙක් දැනගත්තාම ෆෝන් එක Unlock කරන්න පුළුවන්කම තියනවා. ඒත් Vivo Y1sහි face access තියන නිසා  ඔයාගේ මුහුණ හඳුනාගෙන ඔයාට විතරයි Auto Unlock වෙන්නේ. ඒ නිසා ෆොන් එකට වැඩි ආරක්ෂාවක් සපයනවා. 4030 mAh බැටරි ධාරිතාවයක් තියන නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 13MP front camera එකක් සහ 5MP back කැමරාවකින්ද සමන්විතයි. පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ආකර්ෂණිය නිමාවක් සහිත ඇස ගැටෙන ෆෝන් එකක්.

ඔයා කැමතිම Top Mobile Phone Brands හොඳම මිලට තෝරගන්න Daraz Birthday Sale සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න.

නවීන නිදන කාමරයකට අවශ්‍ය කළමනා සඳහා Birthday Sale වෙතින් හිමිවන වටට්ම් ගැන දැනගන්න Minimalist and Modern Bedding Essentials Up To 50% Off ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php