නිතර ගමන් යන අය ළඟ තියෙන්නම අවශ්‍ය Travel Beauty Essentials 

නිතර ගමන් යන අය ළඟ තියෙන්නම අවශ්‍ය Travel Beauty Essentials 

ඔයා නිතර ගමන්බිමන් යන ට්‍රැවල් කරන කෙනෙක් නම් Travel Beauty Essentials ඔයාගේ ළඟ තියෙන්නම අවශ්‍ය දෙයක්. නිතර ට්‍රැවල් කරාත් ඔයාගේ රූ සපුව ගැන හිතනවා නම් Travel Beauty Essentials බෑග් එකේ තියාගන්නම වෙනවා.

එහෙමෙහෙ ගමන්බිමන් යන ඔයාත් මේ දවස්වල Travel Beauty Essentials සොයනවාද? Daraz Mall වෙතින් ඔයාට අවශ්‍ය කරන Travel Beauty Essentials ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න.

විවිධ අය විවිධ විනෝදංශවලට ප්‍රිය කරනවා. ඒ අතරින් ට්‍රැවල් කරන එක ඇතැම් දෙනාගේ විනෝදාංශයක්. සමහරු තනියම ට්‍රැවල් කරන්න වැඩියෙන් ආස කරද්දි තවත් පිරිසක් යාළුවෝ, නෑදෑයන් එකතු කරගෙන එහෙමෙහෙ ට්‍රැවල් කරන්න පුරුදු වෙලා ඉන්නවා. විවිධ ප්‍රදේශවල සුන්දර තැන් නරඹමින් ට්‍රැවල් කරන එක ඇත්තෙන්ම කාගේත් මනසට හා හිතට සැනසීමක් එක්කරන දෙයක්. රට වටේ ට්‍රැවල් කරාත් ලෝකෙ පුරා ට්‍රැවල් කරාත් තමන් ගාව තියාගන්න අවශ්‍ය කළමනා රැසක් තියනවා. ට්‍රැවල් කරද්දි අව්ව, වැස්ස හැමදේටම ඔරොත්තු දෙන්න වෙනවා.

ට්‍රැවල් කරන්න හැමකෙනෙක්ම ආස කරන්නේ කාන්තා පිරිමි භේදයකින් තොරව වගේම වයස් භේදයකිනුත් තොරවයි. පිරිමි අයට නම් ට්‍රැවල් කරද්දි තමන්ගේ බෑග් එකේ වැඩි දෙයක් තියාගන්න ඕන වෙන්නේ නෑ. ඒත් කාන්තාවන් කොහේ ගියාත් තමන්ගේ බෑග් එකට අඩුමකුඩුම රැසක් එකතු කරගන්නවා. තමන්ගේ රූ සපුව ගැන වැඩියෙන් හිතන්න වෙන නිසා රූපලාවණ්‍ය කළමනා කාන්තාවකගේ බෑග් එකේ වරදින්නේ නෑ. නිතර ට්‍රැවල් කරනවා නම් තමන්ගේ බෑග් එකේ තියාගන්න Travel Beauty Essentials ඔයාත් සොයනවා ඇති. දැන් Daraz Mall වෙතින් ඔයාට අවශ්‍ය Beauty Essentials ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක කොයිතරම් නම් පහසුවක්ද කියලා හිතන්නකො.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ හැකියාවත්.

නිතර ට්‍රැවල් කරන ඔයාගේ ළඟ තියාගන්න Daraz Mall වෙතින් තෝරගන්න පුළුවන් Travel Beauty Essentials මොනවාද කියලා අපි බලමු.

Moisturizer Cream

තමන්ගේ මුහුණ පැහැපත්ව සුමුඳුව තියාගන්න කවුරුත් කැමැතියි. සම ආරක්ෂා කරගන්න නම් Moisturizer Cream එකක් පාවිච්චි කරන්න වෙනවා.  ට්‍රැවල් කරද්දි රැයක් දවාලක් ගැන හිතන්න වෙන්නේ නෑ. ඒ නිසා විටමින් බහුලව අඩංගු Moisturizer Cream එකක් තෝරගන්න එක වඩාත් සුදුසුයි. මේ වගේ Cream එකක් ඕන සමකට ගැළපෙනවා. Moisturizer Cream එකක් පාවිච්චි කරොත් කොහේ ඇවිදින්න ගියාත් ඔයාගේ සම සිනිඳුව නැවුම්ව තියාගන්න පුළුවන්.

Body Lotion

නිතර ට්‍රැවල් කරන්න යනවා නම් මුහුණ පමණක් නෙවෙයි මුළු ශරීරයම සිනිඳුව තියාගන්න එක ගැන හිතන්න එපැයි. සම වේලීමෙන් ආරක්ෂා වෙන්න සුදුසුම රූපලාවණ්‍ය නිෂ්පාදනය තමයි Body Lotion එකක් පාවිච්චි කරන එක. Vaseline මඟින් සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. මෙහි අඩංගු විටමින් B3 නිසා සමට දීප්තියක් රැකදෙනවා. Vaselineහි Ice cool Gel Cream එකෙන් ඔයාගේ සම කූල් කරනවා. ඉතිං කොහේ ගියාත් කූල් එකේ ට්‍රැවල් කරන්න මේ වගේ දෙයක් වඩාත් උපකාරයක් වේවි.

Moisture Gel

ගමන්බිමන් ගිහින් කොහේ ට්‍රැවල් කරාත් Refresh වෙලා ඉන්න කවුරුත් කැමතියි. ගත සිත නැවුම්ව පිබිදෙන්න Moisture Gel එකක් ඔයාට වටිනා රූපලාවණ්‍ය කළමනාවක් වෙයි නේද? කෝමාරිකා සාරය අඩංගු මේ වගේ Soothing & Cooling ජෙල් එකක් ඔයා ගාව තියාගන්න එක ඔයාගේ ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර වේවි.   

Face Wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතර මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා මෙයින් වැළකෙනවා. නිතර ගමන්බිමන් යන ඔයාගේ බෑග් එකේ ෆේස් වොෂ් එකක් තියාගත්තාම කොහේ ගියාත් ෆේස් වොෂ් ගාලා ඔයාගේ මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්. දවස පුරා ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්නත් මෙය උපකාරී වෙනවා.

Toner

ටෝනර් එකක් කියන්නේ මුහුණ පිරිසිදු කරගත්තාට පස්සේ වැඩි ආරක්ෂාවට යොදාගන්න දියරමය ආලේපනයක්. මුහුණ පිරිසිදු කරන්න අපි ක්ලෙන්සර් පාවිච්චි කරනවා. ක්ලෙන්සර් එකෙන් මුහුණේ සම මත තියෙන අපේ පියවි ඇහැට පේන්නේ නැති ඉතා කුඩා සිඳුරු විවෘත වෙනවා. ඒවා විවෘත වෙලා කුණු, දූවිලි පිරිසිදු වෙලා ඉවතට ගියාට පස්සේ ඒ සිඳුරු ඉබේම වැහෙන්නේ නෑ. ඒ නිසා එළියට ගියාම ඉක්මනින් කුණු, දුවිලි මේ සිඳුරු තුළට ඇතුල් වෙනවා. එතකොට තමයි කුරුළෑ ඇති‌ වෙන්නේ. මේ ගැටලුව වළක්වන්න පුළුවන් ටෝනර් එකට. මුහුණ පිරිසිදු කරාට පස්සේ මුහුණේ සිදුරු වැසීම තමයි ටෝනර් එකෙන් කරන්නේ. ඒ නිසා නිතර එහෙමෙහෙ ට්‍රැවල් කරන්න ගමන්බිමන් යන කෙනෙක් නම් මතක ඇතුව ටෝනර් එකක් ඔයාගේ ළඟ තියාගන්න.

Cleanser

ට්‍රැවල් කරන කෙනෙක්ගේ බෑග් එකේ තියෙන්න වුවමනා රූපලාවණ්‍ය කළමනා අතරේ ක්ලෙන්සර් එකත් අවශ්‍යම උපාංගයක්. ක්ලෙන්සර් එකකින් කරන්නේ මුහුණේ කුණු, දූවිලි, තෙල් ගතිය ඉවත් කරලා මුහුණ පිරිසිදු කරන එක. ඔයා ගමන්බිමන් යද්දි මේකප් දාගෙන යනවා නම් ඒ දාපු මේකප් ඉවත් කරාට පස්සේ ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්.

Eye Cream

ශරීරයේ කොටස් අතරින් ඇස් නිතර වෙහෙසට පත්වෙනවා. ඇස් වටා සම වඩාත් සියුම් නිසා ඇස් වේලීමේ අවදානම වැඩියි. ඒ වගේම ඇස් වටේ කළු වීමෙන් මුහුණ අඳුරු පැහැයක් ගන්නවා. තමන්ගේ රූ සපුව ගැන උනන්දු වෙන අයට නිවැරදි ඇස් ආලේප භාවිතා කිරීම ගැන ඒ නිසා හිතන්න වෙනවා.  ඔයා කෙහේ ගියාත් තමන්ගේ රුව ලස්සනට තියාගන්න කැමැතියි නම් රූපලාවණ්‍ය නිෂ්පාදන අතරට හොඳ Eye Cream එකකුත් එකතු කරගන්න.

Shampoo

එහෙමෙහෙ ගමන් ගියාම, ට්‍රැවල් කරන්න ගියාම කොහේ නවාතැන් ගන්න වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. අද කාලේ හැමෝම වගේ ෂැම්පු එකක් තමන්ගේ කෙස් කළඹට භාවිතා කරනවා. හැම ෂැම්පු එකක්ම හැමෝගෙම කෙස් කළඹට ගැළපෙන්නේ නෑ. තමන්ගේ කොණ්ඩෙ ස්වභාවය අනූව ගැළපෙන ෂැම්පු එකක් තමයි ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ. තමන් භාවිතා කරන ෂැම්පු එක ගෙදර තිබුණාට කොහේහරි යද්දි අරන් යන්න ගොඩාක් දෙනෙක්ට අමතක වෙනවා. ගමනක් ගිහින් වෙනස් විදියේ ෂැම්පු එකක් පාවිච්චි කරාම කොණ්ඩයට හානියක් වෙන්න ඉඩ තියනවා. ඒ නිසා කොහේ ගමන්බිමන් ගියාත් තමන් පාවිච්චි කරන ෂැම්පු එක ඔයාගේ බෑග් එකේ තියාගන්න.

Body Spray

තමන්ගේ රූ සපුව සුන්දරව තියාගන්න හිතන අය සුවඳවත්ව ඉන්න එක ගැනත් නිතරම හිතනවා. ඇවිදින්න ගමන්බිමන් ගියාම රස්නය නිසා නිතර දහඩිය දාන්න වුණාත් පටන් ගන්නවා. එහෙම වෙලාවට Body Spray එකක් ළඟ තිබුණොත් ඒක ගාලා සුවඳවත් වෙන්න පුළුවන්. ඒ නිසා ට්‍රැවල් කරන්න යනවා නම්, ගමන්බිමන් නිතර යනවා නම් Body Spray එකක් ඔයාගේ බෑග් එකේ තියාගමු නේද?

Powder Pack

මේකප් දාන්න කාන්තාවන් කොහොමත් කැමැතියිනේ. හැමෝම හැම මේකප් අයිටම් එකක්ම පාවිච්චි කරන්නේ නෑ. ඇතැම් අය විවිධ විදියේ මේකප් භාවිතා කරද්දි තවත් සමහරු සරල, චාම් මේකප් තෝරගන්නවා. සරල මේකප් එකක් කරන‌ කෙනෙක්ට වුණාත් පවුඩර් පැක් එකක් නම් අවශ්‍ය වෙනවා. ගමන්බිමන් යන ඔයා ගාව ලොකු ලෙකු මේකප් අයිටම්ස් තිබුණේ නැති වුණාත් පවුඩර් පැක් එකක් තිබුණොත් පොඩි මේකප් එකක් දාලා ලස්සනට ඉන්න පුළුවන්. පවුඩර් පැක් එකක් අපි මුහුණට යොදන දෙයක් නිසා කොලිටි එක‌ හොඳ වෙන්නත් ඕන. හොඳම කොලිටි සහිත ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන Daraz Mall වෙතින් .

Lip Balm

කාන්තාවකගේ සුන්දර පෙනුමට තොල්වල පැහැය බලපානවා. තොල් වේලීමෙන් ආරක්ෂා වෙන්න හොඳම විසඳුම තමයි Lip Balm එකක් පාවිච්චි කරන එක. ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් Lip Balm එකක් ඔයාගේ ළඟ තියන එක ඔයාගේ තොල්වල ආරක්ෂාවට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.

Wet Wipes

ගමන්බිමන් යද්දි මුහුණට කුණු, දූවිලි එකතු වෙන එක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ගෙදරදී තුවායකින් මුහුණ පිස දැම්මාට යන යන තැන අපිට තුවා අරගෙන යන්න බෑනෙ. ඒ නිසා Wet Tissues ඔයාගේ බෑග් එකේ තියාගන්න එක වඩාත් සුදුසුයි.  මේ Wet Wipesවලින් මුහුණ පිස දැම්මාම කුණු දූවිලි ඉවත් කරලා මුහුණ නැවුම්ව තබනවා.

නිරත ට්‍රැවල් කරන ගමන් බිමන් යන ඔයාගේ බෑග් එකේ  මතක ඇතුවම මේ Travel Beauty Essentials තියාගන්න. Daraz Mall වෙතින්ම ඔයාට ගැළපෙන හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්න ගන්න දැන්ම Shop කරන්න.

පැහැපත් රූ සපුවකට අවශ්‍ය රූපලාවණ්‍ය කළමනා ගැන දැනගන්න පැහැපත් පෙනුමකින් හැඩවෙන්න අවශ්‍ය Best Beauty Care Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php