සතියට අවශ්‍ය Daily Essentials Checklist එක දොරකඩටම

සතියට අවශ්‍ය Daily Essentials Checklist එක දොරකඩටම

නිවසක එදිනෙදා කටයුතු කරගෙන යන්න Daily Essentials Checklist එකක් අවශ්‍යයි. Daily Essentials Checklist එක එකතු කරගන්න වැඩියෙන් උනන්දු වෙන්නේ ගෙදර ගෘහණියන්.

ඔයාත් Daily Essentials Checklist එක ගන්නේ කොහෙන්ද කියලා හිතනවාද? දැන් Daraz Mart වෙතින් Daily Essentials Checklist ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න කදිම අවස්ථාවක් තියනවා.

නිවසක එදිනෙදා කටයුතු පවත්වාගෙන යද්දි අඩුමකුඩුම රැසක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දිනපතා වුවමනා කරන බඩුමුට්ටු ගන්න වෙළෙඳසැළකට යනවා නම් ලැයිස්තුවක් හදාගෙනම තමයි කවුරුත් Grocery Shopping කරන්න යන්නේ. හැබැයි ඉතිං කොච්චර ලැයිස්තු හදාගෙන ගියාත් එකක් දෙකක් හෝ මඟ හැරෙන අවස්ථා ඕන තරම් තියනවා නේද? ඒ වගේම දිනපතා ඉවුම්පිහුම් කටයුතු කරද්දි, ගෙදරට අමුත්තන් ආවාම එයාලාට සංග්‍රහ කරන්න වෙද්දි තව තව බඩුභාණ්ඩ එක්කර ගන්න අවශ්‍ය වෙනවා. කොහොම වුණාත් ගෙදරට වුවමනා කරන බඩුමුට්ටු ගන්න Shopping ගියාම බරට බරේ අතින් කරින් හැමදේම උස්සන් එන එක ලේසි දෙයක් නෙවෙයි.

දැන් Grocery Shopping කරන්න ඒ තරම් කරදර වෙන්න දෙයක් නෑ. ගෙදර ඉන්න ගමන් ඔයාට අවශ්‍ය කරන හැමදේම දොරකඩටම ගෙන්වා ගන්න පුළුවන්. Daraz Mart වෙතින් දැන් Grocery Shopping අත්දැකීම වඩාත් පහසු කරනවා. ඉවුම්පිහුම්වලට අවශ්‍ය කළමනා, පානයන් වර්ග, ධාන්‍ය වර්ග, බිස්කට් ජාති විතරක් නෙවෙයි රෙදි‌ සෝදන ද්‍රව්‍ය, රූපලාවණ්‍ය අයිතමයන් ඇතුළු දිනපතා අත්‍යවශ්‍ය සියල්ල ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක ඔයාට දැවැන්ත පහසුවක් වේවි. ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු සොය සොයා සැරින් සැරේ කඩවල් ගානේ, සාප්පු ගානේ ඇවිදින්නේ නැතුව දැන්ම Daraz Mart සමඟින් Shop කරන්න.

Beverages

උදෑසන අවදි වෙලා දවස ප්‍රබෝධයෙන් ගත කරන්න ගොඩාක් දෙනා තෝරගන්නේ කිරි තේ එකක්. තේ පානයට ලාංකික අපි කොහොමත් පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම ගෙදරට අමුත්තෙක් ආවාමත් සංග්‍රහ කරන්නේ තේ හෝ කෝපි පානයකින්. ඒ නිසා ගෙදරදොරේ කළමනා ලැයිස්තුවට පිටි වර්ග නිතර එකතු කරගන්න වෙනවා. පහුගිය දවස්වල පිටි වර්ග හොයාගන්න බැරුව ගොඩාක් දෙනෙක් අපහසුතාවයට පත්වුණා.  එත් දැන් Daraz Mart වෙතින් පිටි වර්ගත් ඔයාට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය කිරි තේ එකකට ප්ලේන්ටියකට එහා ගිය රසයක් සොයන අය නෙස්ටමෝල්ට්, මයිලෝ, හෝර්ලික්ස් වැනි පානයන්වලට ප්‍රිය කරනවා. තේ එකක් හදද්දිත් වැඩි රසයක් ලබාගන්න මෙවැනි පානයන්ගෙන් හැන්දක් එකතු කරගන්න පුළුවන්. මෝල්ට් රසයට කැමති නම් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් වැනි පානයනුත් චොකලට් රසයට කැමැති නම් මයිලෝ වැනි පානයනුත් ගෙදර අයගේ ප්‍රියතාවය මත ඔයාගේ ග්‍රොසරි ලැයිස්තුවට එක් කරලා තියාගන්න.

ඇතැම් දෙනා උණුසුම් පාන සොයද්දි තවත් පිරිසක් සීතල පානයන්වලට ප්‍රිය කරනවා. තේ එකකින් කෝපි එකකින් ගෙදරට එන අමුත්තන්ට බොහෝ වෙලාවට සංග්‍රහ කරාට රස්නෙ ගතිය වැඩියෙන් තියන වෙලාවට කූල් බීම ජාතිවලින් සංග්‍රහ කරන්න වෙනවා. ඒ නිසා උණුසුම් පානවලට අමතරව ෆ්‍රිජ් එකේ කූල් කරලා තියාගන්න බීම ජාතිත් තියාගත්තා නම් හොඳයි නේද?

Pulses & Grains

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට පරිප්පු වගේ අයිතමයන් වරදින්නේ නෑ. දිනපතා ආහාර වේල් ගැන කතා කරද්දි පරිප්පු කා අතරත් ජනප්‍රිය දෙයක්. එළවළු, මස්මාළු හැමදේත් එක්කම පරිප්පුව ගොඩාක්දෙනාගේ ආහාර වේල් අතරට එකතු වෙනවා. කොච්චර කෑවාත් එපා වෙන්නැති කෑමක් තමයි කාටත් පරිප්පු.  ඒ නිසා එදිනෙදා බඩුමුට්ටු ලැයිස්තුවට පරිප්පු කවුරුත් එකතු කරගන්නවා.

උදෑසන ආහාරවේලට පෝෂ්‍යදායි ආහාර  ගන්න ඔයා හිතනවා නම් ඒ සඳහා වැඩියෙන් සුදුසු ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග  කියන්නේ ශරීර සෞඛ්‍යයට ගුණදායක ආහාරයක්. ඒත් එදිනොද අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ගියාම ධාන්‍ය වර්ග මිලදී ගන්න ගොඩාක් දෙනෙක්ට මතකයට එන්නේ නෑ.  මුං ඇට, කවුපි, කඩල වගේ ධාන්‍ය වර්ග‌ උදෑසන ආහර වේලට එකතු කරගන්න පුළුවන් නම් පුංචි ළමයින්ටත් වැඩිහිටි අයටත් වඩාත් ගුණදායකයි. ඒත් ඇතැම් වෙලාවට මේ වගේ ධාන්‍ය වර්ග වෙළෙඳසැල්වලින් සොයා ගන්නත් අපහසු වෙනවා.  ඒත් දන්නවාද දැන් Daraz Mart වෙතින් මෙවැනි ධාන්‍ය වර්ගත් ඔයාට ඔන්ලයින්ම සොයාගන්න පුළුවන්.

Cooking Supplies

ආහාර වේල් අතර බත් කියන්නේ ලාංකික අපිට නැතුවම බැරි දෙයක්. නිවසක ප්‍රධාන ආහාර වේල් සඳහා වැඩිපුරම ‌තෝරගන්නේ බත්. රතු කැකුළු, සුදු කැකුළු, සම්බා වගේ විවිධ හාල් මේ අතර බහුලව ආහාරයට ගැනෙනවා. හාල් ගන්න ගියාම ටිකක් අරගෙන මදිනේ. මුළු ගෙදරටම හරියන්න ගොඩාක් වෙලාවට සතියකට මාසයකට වගේ හාල් මිලදී ගන්න බොහෝදෙනා හුරුවෙලා ඉන්නවා. ඉතිං බරට බරේ හාල් පැකට් අරගෙන එන්න ඕන නෑ. දැන් Daraz Mart වෙතින් ඔයාට අවශ්‍ය කරන හාල් ජාතිත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම සීනි, තේ කොළ වගේ කුස්සියට නිතර අවශ්‍ය කළමනාත් Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්න ගන්න.  බත්වලට අමතරව ඉඳිආප්ප, පිට්ටු වගේ විවිධ ආහාර හදන්න හාල් පිටි, පාන් පිටි වගේ විවිධ කළමනා ගෘහණියන් නිතරම සොයනවා. මේ සියල්ල දැන් Daraz Mart එකේ තියන එක ඔයාට වඩාත් පහසුවක් වේවි.

Snacks

ප්‍රධාන ආහාරවේල්වලට අමතරව අනංමනං කෑම කන්න කවුද කැමති නැත්තේ? බිස්කට්,චොකලට්, ටිප්ටිප්, චිප්ස් ජාති වගේ Snacks කෑම ජාති ගන්න සැරින් සැරේ දැන් කඩවල් ගානේ දුවන්න ඕන නෑ. Daraz Mart වෙතින් තෝරාගැනීම් රැසක් අතරින් ඔයා‌ වැඩියෙන් ප්‍රිය කරන Snacks ගෙදරටම ගෙන්න ගන්න.  ගෙදර පොඩ්ඩො එහෙම ඉන්නවා නම් කොහොමත් නිතර Snacks ජාති හොයනවානේ. චොකලට් ජාති, බිස්කට් වගේ පොඩි පොඩි කෑම කන්න පොඩ්ඩො වැඩියෙන් ආසයි. ඒ වගේම ගෙදරට අමුත්තන් ආවාමත් තේ එකක් බීම එකකින් විතරක් සංග්‍රහ කරන්න බෑනෙ. තේ එකත් එක්ක බිස්කට් වගේ දෙයක්වත් අඩුම ගානේ දෙන්න වෙනවා. ඒ නිසා බිස්කට් ජාති එහෙම වැඩිපුර Stock කරලා තියාගත්තාට පාඩුවක් වෙන්නේ නෑ. කවුරුහරි ගෙදරට ආවාම බිස්කට් ගන්න කඩේට යනවාට වඩා මේ වගේ කළමනා වැඩිපුර ගෙදර තියාගන්න එක කොයි දේටත් හොඳයි.  ගෙදර පොඩි අය ඉන්කොට බිස්කට් වගේ ජාති ඉක්මනින්ම ඉවර වෙනවා. ඒ නිසා කොච්චර බිස්කට් ජාති එහෙම තිබුණාත් මදි වෙනවා. විවිධ රසයන් සහිත බිස්කට්, චොකලට් ඇතුළු Snacks කෑම Daraz Mart වෙතින්ම ගෙන්න ගමු නේද?

Laundry Supplies

ගොඩාක් වෙලාවට හැම කෙනෙක්ම නිවසක පිටත ආකර්ෂණය ගැන තමයි හිතන්නේ. ගෙදරක පිටත අලංකාරය වගේම ඇතුළතත් පිරිසිදුව, පිළිවෙළට තියාගන්න එක තමයි වඩාත් වටින්නේ. ගෙදරක් අපිළිවෙළ වෙන එක අවස්ථාව තමයි ගේ පුරාවට කිලිටු ඇඳුම් ගොඩ ගැසිලා තිබීම. ඒ නිසා නිවසක් පිරිසිදුව තියාගන්න නම්,  කිලිටු ඇඳුම් ගොඩගහලා තියන්නේ නැතුව ඒවා හොඳින් හෝදලා ගේ පිරිසිදුව පිළිවෙළට තියාගන්න වෙනවා. රෙදි සේදීම ගෙදර සියලුදෙනාටම කරන්න සිද්ධ වෙන දෙයක්.  දැන් Laundry Items සියල්ලත් Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. 

මූලික රෙදි සෝදන සැපයුම් අතර ඩිටර්ජන්ට්, බ්ලීච් සහ රෙදි මෘදුකාරක ඇතුළත් වෙනවා.ඔයාට තියන්නේ සංවේදී සමක් නම්, සුවඳ හෝ ඩයි එකතු නොකළ ඩිටර්ජන්ට් මිලදී ගැනීම ගැන සලකා බලන්න වෙනවා. ඩිටර්ජන්ට් කුඩු, දියරමය ද්‍රව්‍ය, Comfort වැනි කුණු පැල්ලම් යවන ද්‍රව්‍ය මේ සියල්ල මිලදී ගන්න හොඳම තැන Daraz Mart.

Personal Care Items

රූපලාවණ්‍ය කළමනා ගැන වැඩිපුරම උනන්දු වෙන්නේ කාන්තා පාර්ශ්වය තමයි. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳසැල්වලට ගියාම තමන්ගේ රූපලාවණ්‍ය අඩුමකුඩුම ටිකත් එ් ලැයිස්තුවටම එකතු කරගන්නවා. විශේෂයෙන් ෆේස් වොෂ්, බොඩි ලෝෂන්, ෂැම්පු, ක්‍රීම් ජාති වගේ අයිටම්ස් තමයි නිතර පරිහරණය කරන රූපලාවණ්‍ය කළමනා අතරට එක්වෙන්නේ.  මේ වගේ දේවල් ඉක්මනින් ඉවර වෙන නිසා සතියකට වතාවක් හෝ මාසයකට වතාවක් හෝ මිලදී ගන්න සිදු වෙනවා. ඒ නිසා මේ සියල්ලත් දැන් Daraz Mart වෙතින්ම සොයා ගන්න ලැබෙන එක කොයි තරම් නම් පහසුවක් වෙයිද?වැඩි කාලයක් පාවිච්චි කරන්න එකවර වැඩි ප්‍රමාණයක් ඕඩර් කරන්න.

දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පහසු කරන Daraz Mart වෙතින් ඔයාගේ Daily Essentials Checklist එක මිලදී ගන්න. ගෙදර ඉඳන් පහසුවෙන්ම Grocery Shopping කරන්න.

Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් පානයන් වර්ග පිළිබඳ දැනගන්න සීතල කාලේ උණුසුම් රස මිහිරක් විඳින්න Best Hot Beverages ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php