Daraz Mart වෙතින් කෑම රසවත් කරන Essential Cooking Spices

Daraz Mart වෙතින් කෑම රසවත් කරන Essential Cooking Spices

කෑමවලට වැඩි රසයක් එක්කර ගන්නේ Essential Cooking Spices සමඟයි. Essential Cooking Spices හැම නිවසකම කුස්සියට නැතුවම බැරි දෙයක්.

ඔයාාලත් ඉවුම්පිහුම් කටයුතුවලට Essential Cooking Spices සොයනවාද? Daraz Mart වෙතින් කෑම රසවත් කරගන්න Essential Cooking Spices ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

කුළුබඩු මඟින් ආහාරවල රසය, පාට, කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරනවා. අතීතයේ ඉඳලාම ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආහාර රසවත් කරගන්න උපක්‍රමයක් හැටියට කුළුබඩු යොදාගන්න පුරුදු වෙලා ඉන්නේ ඒ නිසායි. නිවසක ඉවුම්පිහුම් වැඩවලදී මුල්තැන ගන්නේ ගෙදර ගෘහණියන්. ඉතිං ගෙදර හැමෝටම ගැළපෙන්න විවිධ වර්ගයේ කෑම හදද්දි  ඒ කෑමවලට වැඩි රසයක් එක්කර ගන්න කුළුබඩු යොදාගන්නවා. ශ්‍රී ලාංකේය ආහාරවලට ගොඩාක්දෙනා ප්‍රිය කරන්නෙත් පදමට තුනපහ එහෙම දාලා කටට රසට හදන නිසායි.

ගෙදරට අවශ්‍ය කළමනා ගන්න Grocery Shopping යද්දි කුළුබඩු ජාතිත් අමතක කරන්නැතුවම ගන්න වෙනවා.  දැන් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පහසු කරන Daraz Mart වෙතින් රසට කෑම හදන්න අවශ්‍ය කුළුබඩුත් ඔන්ලයින්ම මිලදී ගන්න අවස්ථාව තියනවා. 

තුනපහ කුඩු

කෑමවල රසය පදමට ගන්න තුනපහ කුඩු අවශ්‍යම දෙයක්. ඇතැම් කාන්තාවන් නම් තුනපහ කුඩු ගෙදරදීම හදාගන්නවා. ඒත් දැන් ගෙවන කාර්යබහුල ජීවන රටාවත් එක්ක තුනපහ කුඩු ගෙදර හදාගන්න වෙලාවක් වෙන් කරගන්න අපහසුයි. ඒ නිසා තුනපහ කුඩු පැකට් ගන්න එක තමයි හොඳම දේ. කෑමවල රසය වැඩි කරන්න වගේම සුවඳට මේ තුනපහ යොදාගත්තාට තුනපහ ශරීරයේ ඕනෑම වේදනාවකට අපහසුතාවයකට විසඳුමක් ලබාදෙන ඖෂධ ගුණයක් සහිත දෙයක් කියලා අතීතයේ ඉඳන්ම මතයක් තියනවා.

ගම්මිරිස් කුඩු

ඇතැම් අය දැවිල්ල රසට කෑම කන්න වැඩි කැමැත්තක් දක්වනවා. මස්, මාළු වගේ ජාති උයද්දි මිරිස් රසය වැඩිකරගන්න ගම්මිරිස් යොදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතැම් එළවළු ජාතිවලටත් ගම්මිරිස් එක් කරනවා. සලාද ජාතිවලටත් රසය වැඩි කරන්න ලුණු සමඟ ගම්මිරිස් තමයි උඩින් ඉසින්නේ. කටට රසට කන්න කැමති අයගේ ගෙවල්වල කුස්සියේ ගම්මිරිස් කුඩු නම් වරදින්නේ නෑ. ගම්මිරිස් කුඩු, ගම්මිරිස් ඇට මේ දෙකම ඉවුම්පිහුම් රස කරගන්න කුළුබඩු අතරට එක්කර ගන්නම වෙනවා. ගම්මිරිස් ශරීරය තුළ උෂ්ණය පාලනය කරලා ආහාර ජීර්ණය පහසු කිරීමට ඉතා වැදගත් වෙනවා. රතු, කළු, සුදු ගම්මිරිස් වර්ග තුනක් ප්‍රධාන කොට භාවිතා කරාත් වැඩිපුර යොදාගන්නේ කළු ගම්මිරිස්.

කෑලි මිරිස්

වැඩියෙන් මිරිස් සැරට කෑම කන්න කැමති අය ඉන්න ගෙවල්වල ගෘහණියන්ට කෑම හදන්නේ වෙන්නේ හොඳට මිරිස් එහෙම දාලා තමයි. කෑලි මිරිස්, මිරිස් කුඩු මේ දෙවර්ගයම ආහාර සඳහා යොදාගන්න පුළුවන්. කෑම පිසීමේදී නිරත භාවිතා වන මිරිස් ආහාරවල රසය පාට වැඩි කිරීමට උපකාරී වෙනවා. තෙම්පරාදු එහෙම කරද්දි කෑලි මිරිස් වැඩි වශයෙන් අවශ්‍යයි. තෙම්පරාදු රසය පදමට එන්න නම් කෑලි මිරිස් නැතුවම බැරි දෙයක්. සැබැවින්ම මිරිස් නොයෙදූ ශ්‍රී ලාංකික ආාහර වේලක් නැති තරම්.  ලාංකික කෑම අතර මිරිස් හැම එළවළු, මාළු ජාතියකටම අනිවාර්යෙන්ම යොදාගන්නවා. විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් හොඳම කුළුබඩු Daraz Mart සමඟින් Shop කරලා සොයාගන්න.

උළුහාල්

එදිනෙදා ආහාර වේල් රසවත් කරගන්න මුළුතැන්ගෙයි බහුලව භාවිතා වන කුළුබඩුවක් හැටියට උළු හාල් හඳුන්වන්න පුළුවන්. රසය වගේම ආහාර සුවඳවත් කරන්න උළුහාල් යොදාගන්නවා. ඒ වගේම උළුහාල් කියන්නේ පෝෂ්‍යදායි ගුණයක් තියන කුළුබඩු වර්ගයක්. විටමින් C, පොටෑසියම්, යකඩ , කැල්සියම් , සින්ක් , කොපර්, සෙනිලියම් වැනි ඛනිජ වර්ග රැසක් උළුහාල්වල අඩංගු වෙනවා කියාලා ඔයාලා දන්නවාද? මෙම පෝෂණ ගුණවලට අමතරව ඖෂධීය ගුණ රැසක් ද උළුහාල් වල අන්තර්ගත වෙන නිසාම ආයුර්වේදයේ දී ද උළුහාල්වලට හිමිවෙන්නේ සුවිශේෂි වටිනාකමක්. දියවැඩියාව , ඇදුම , ආතරයිටීස් , අම්ල පිත්ත රෝගය, රක්තහීනතාව වැනි රෝග රැසක් සමනය කිරීමට උපකාරී වෙනවා.ආහාර රසවත් කරනවාට අමතරව නිරෝගී සෞඛ්‍යක් පවත්වාගෙන යන්නත්  උළුහාල් ප්‍රයෝජනවත් නිසා දිනපතා හදන ව්‍යංජනවලට උළුහාල් එකතු කරගන්න අමතක කරන්න එපා.

එනසාල්

එනසාල් කුළුබඩුවක් වගේම රසකාරකයක් හැටියටත් භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට විවිධ විදියේ සුවිශේෂී බත් වර්ග හදද්දි බත්වලට වැඩි රසයක් එක් කරන්න එනසාල් යොදාගන්නවා. එනසාල් පුංචි කුළුබඩුවක් වුණාට දැන් මිල නම් ඉතා ඉහළයි. හැබැයි ඉතිං අරපරිස්සමෙන් පාවිච්චි කරන්න එනසාල් පැකට් එකක් ඔයාගේ කුස්සියේ තිබුණොත් හොඳයි නේද? එනසාල් හොයාගන්න එකත් දැන් ටිකක් අපහසු දෙයක්. හැබැයි ඉතිං Daraz Mart වෙතින් ඔයා හදන කෑමවලට වැඩි රසයක් එක්කර ගන්න එනසාල් වගේ කුළුබඩුත් ඔන්ලයින්ම මිලදී ගන්න. 

ගොරකා

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රසකාරකයක් හැටියට වගේම ආහාර කල්තබා ගැනීමේ සහායකයක් ලෙසද ඉවුම්පිහුම් කරන අය අතර ජනප්‍රියයි. මාළු ඇඹුල්තියල් එහෙම හදනවා නම් ගොරකා කියන්නේ අවශ්‍යම දෙයක්.  මස් මාළු පිළියෙල කරද්දි ඇඹුල් රසය එක්කර ගන්න වගේම ජාඩි පිළියෙල කරද්දිත් ගොරකා බහුලව යොදාගන්නවා. ගොරකා කියන්නේ ආහාර රුචිය වඩවලා බඩගින්න ඇති කරන ඖෂධයක්. දිනපතා ගොරකා ආහාරවලට යොදා ගැනීමෙන් රෝග රැසකට පිළියමක් වෙන්න උපකාරී‌ වෙනවා. ශරීරයේ බර වැඩිවීමත් පාලනය කරගන්න පුළුවන්.

කුරුඳු පොතු

කුළු බඩුවලින් කෑමවල රස, සුවඳ, පෙනුම වගේම ගුණදායක බවත් දෙගුණ තෙගුණ කරනවා. මේ අතරින් කුරුඳු කියන්නෙත් අපේ කෑමවල නොවරදින කුළුබඩු ජාතියක්.මස් ජාති එහෙම හදද්දි වැඩි රසයක් හා සුවඳක් එක්කර ගන්න කුරුඳු පොතු භාවිතා කරනවා. අපේ ගෙවල්වල කුස්සියේ කුරුඳු පොතු සුලබව තිබුණාට ගොඩාක් දෙනෙක් කුරුඳුවල තියන විශේෂ ගුණ ගැන දන්නේ නෑ. දියවැඩියාව, හදවත් රෝග, පිළිකා, බැක්ටීරියා හා වෙනත් ආසාදනවලට පමණක් නෙවෙයි මුඛ සෞඛ්‍යයටත් කුරුඳු වඩාත් යහපත්. මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන මතක ශක්තිය පවත්වාගෙන යන්නත් කුරුඳු මඟින් සහායක් වෙනවා. ඒ නිසා ඔයාගේ ව්‍යාංජනවලට රසය, සුවඳ වගේම ගුණ ගැන හිතලාත් කුරුඳු පොතු එකතු කරගන්න.

කහ කුඩු

ආහාර වර්ණ ගැන්වීමට කහ ප්‍රධාන වශයෙන් යොදාගන්නවා. බොහෝ මස්, මාළු හා එළවළු පිසිද්දි කහ ස්වල්පයක් යෙදීමෙන් වර්ණය හා  රසය වැඩිකර ගන්න පුළුවන්. ඒ වගේම කහ විෂබීජනාශකයක් හැටියටත් භාවිතා කරනවා. එළවළුවලට කහ කුඩු යෙදීමෙන් විෂබීජ නසන්නට හැකි වෙනවා. විශේෂ බත් වර්ග පිසින්නත් කහ යොදාගන්නවා. කහ බත් කවුරුත් අතර ජනප්‍රිය දෙයක්නේ. වැඩි ව්‍යංජන ප්‍රමාණයක් කිරට, මිරිසට, තෙලට පිසගැනීමේදී රසකාරකයක් ලෙස කහ කුඩු එකතු කර ගැනීම නිතර සිදුවෙන දෙයක්.  වර්ණකකාරකයක්, රසකාරකයක්, ඖෂධයක්‌ යන ගුණාංග තුනම එකට කැටි කරගත් කුළුබඩුවක් හැටියට කහ හඳුන්වන්න පුළුවන්. පහුගිය දවස්වල වෙළෙඳපොළේ කහ කුඩු සොයාගැනීම දුර්ලභ දෙයක් වුණා. ඒත් දැන් Daraz Mart වෙතින් කහ කුඩුත් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

කරාබු නැටි

ආහාර සුවඳවත් කරන්න කරාබුනැටි විශේෂයෙන් යොදාගන්නවා. මස් මාංශ හා මාළු වර්ග සදහා කරාබුනැටි අනිවාර්යෙන් එකතු කිරීම ලාංකිකයන්ගේ සම්ප්‍රදායක් බවට පත්වෙලා තියනවා. එළවලු වර්ග පිසීමේදී කරාබුනැටි යොදාගන්නේ ඉතා සුළු වශයෙන්. ආහාර සුවඳවත් කරගන්න කරාබු නැටි යොදාගත්තාට මෙයත් සෞඛ්‍යමය ගුණාංග රැසක් අඩංගු කුළුබඩුවක්.

අබ

ඉවුම්පිහුම් කටයුතු කරන්න යොදාගන්න කුළුබඩු අතර අබත් බහුලව භාවිතයට ගැනෙන දෙයක්. ව්‍යංජන රසවත් කරන්නත් අච්චාරු සඳහාත් අබ යොදාගන්නවා. පරිප්පු, කඩල ආදිය පිසිද්දි අබ ටිකක් දැම්මාම තෙම්පරාදුව වඩාත් රසවත් වෙනවා. අඹ, ඇඹරැල්ලා ව්‍යංජන සඳහා ද අබ යොදා ගැනීම තව රසයක් එක් කරනවා. ආහාර පිසින්න  කුළුබඩුවක් ලෙස යොදාගන්න අබත් ශරීර සෞඛ්‍යයටත් ගුණදායකයි.

ඔයාගේ මුළුතැන්ගෙයට අවශ්‍ය කුළුබඩු Select by Daraz, Wijaya, CBL, My spice, Ruhunu, William Grinding Mills වැනි ඔයා කැමතිම වෙළෙඳ නාමවලින් Daraz Mart වෙතින් සොයාගන්න පුළුවන්. කෑම හදද්දි අවශ්‍ය වන කුළුබඩු හොයන්න සැරින් සැරේ කඩවල් ගානේ දුවන්නැතුව මේ සියල්ලත් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්වා ගන්න එක ඔයාට කොයි තරම් නම් පහසුවක්ද කියලා හිතන්නකො. ඔයාත් අදම අනර්ඝ Grocery Shopping අත්දැකීමක් විඳින්න Daraz Mart සමඟින් Shop කරන්න.

Daraz Mart වෙතින් සතියට අවශ්‍ය කළමනා සොයාගන්න අදහසක් ගන්න සතියට අවශ්‍ය Daily Essentials Checklist එක දොරකඩටම ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php