ගෙදරදොරේ පහසුවට 11.11 Sale වෙතින් Best Home Appliances

ගෙදරදොරේ පහසුවට 11.11 Sale වෙතින් Best Home Appliances

නිවසක වැඩ පහසු කරගන්නත් ගෙදරක් එළිය කරගන්නත් Best Home Appliances අවශ්‍යයි. නව නිවසකට පිවිසෙද්දිත් Best Home Appliances අලුතෙන්ම මිලදී ගන්න වෙනවා.

මේ දිනවල Best Home Appliances සොයනවාද? Daraz 11.11 Sale වෙතින් සුවිශේෂී වට්ටම් සමඟින් මේ හැමදෙයක්ම මිලදී ගන්න අවස්ථාවක් ළඟඳීම උදාවෙනවා.

වසරේ විශාලතම සේල් එක Daraz 11.11

සියලුදෙනා බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 සමඟින් Shop කරන්න ලෑස්තිද? නොවැමබ්ර් 11 සිට මෙම අනඟි දීමනා අත්විඳින්න සූදානම් වෙන්න. 85%ක් දක්වා වට්ටම් සමඟින් තවත් වාසි රැසක්. විලාසිතා, දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ඇතුළු සියල්ල අඩුම මිලට තෝරගන්න. මෙගා ඩීල්ස්, බැංකු වට්ටම් පමණක් නෙවෙයි One Rupee Game එකෙන් වටිනා තෑගිත්.

රු.1000ට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න

රු. 1000කින් පිටරටක සංචාරයක් දිනාගන්න ලැබෙනවා කියන්නේ හිතාගන්නත් බෑ නේද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරලා Spin the Wheel වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අවස්ථාවක් තියනවා. ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා සංචාරය ඔයාට හිමිවෙන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරලා බලන්න.  අඳහාගන්න බැරි මේ දීමනා විඳගන්න දැන්ම Daraz App එක ඩවුන්ලොඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේදී වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක්.

11.11 වෙතින් ගෘහ උපකරණ සඳහා 45%ක් දක්වා වට්ටම

11.11 සේල් වෙතින් LG, Innovex, Hisense, Abans, Geepas, Singer, ELBA, Unilever, Pureit, Arpico, Sisil, NIKAI, Universal, Pigeon, AIRSONIC, Nippon, Prestige, Kawashi, National, Samsung, Xiaomi MI, BROWNS, Ariston, Midea, Earth Star,Denb, Indesit, Surya, Krypton, Tecsonic, Sokany, Bowei, Panasonic, Bajaj, Taiko, Range, OLik, Black & Decker, Delmege, Richsonic, Sharp, Hafele, Midea, Ariston ඇතුළු වෙළෙඳ නාම සඳහා 45%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා මාසික වාරික ලෙසත් ගෙවීමේ පහසුකම්.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

ඔයාගේ නිවසේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් නිවසට අලුත් එළියක් එක්කර ගන්නත් Daraz 11.11 වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් Best Home Appliances මොනවාද කියලා අපි බලමු.

Washing Machine

ගෙදරදොරේ වැඩ කටයුතු අතර හැම කෙනෙක්ටම කරන්න වෙන වැඩක් තමයි රෙදි සෝදන එක. ‌රෙදි ගොඩගැහිලා කාමරවල රෙදි පිරිලා තිබුණාම මුළු ගෙදරම අපිළිවෙළ වෙනවා. දැන් ඉස්සර වගේ රෙදි හෝදන්න වැඩි මහන්සියක් වෙන්න ඕන නෑ. වොෂින් මෙෂින් එකක් තිබුණාම ගෙදර හැමෝගෙම රෙදි පිළිත්, ඇඳ ඇතිරිලි කොට්ට උර වගේ කළමනාත් හරිම පහසුවෙන් හෝදගන්න පුළුවන්. මේ දවස්වල හැමදේම මිල ගණන් වැඩිවෙලා තියන නිසා මේ කාලෙට වොෂින් මෙෂින් එකක් මිලදී ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. හැබැයි 11.11 සේල් එකෙන් ඔයාට වට්ටම් සහිතව වොෂින් මෙෂින් එකක් මිලදී ගන්න අවස්ථාවක් ලැබෙනවා.

Microwave Oven

මයික්‍රොවේව් අවන් එකක් කියන්නේ නූතන කුස්සියකට නැතුවම බැරි දෙයක්. කාර්යබහුල ජීවිතයක් ගත කරන හැමෝටම ගැළපෙනම උපකරණයක් තමයි මයික්‍රොවේව් අවන් එක. විශේෂයෙන්ම විවිධ වර්ගයේ කෑම උයන්නත් උයපු කෑම රත් කරන්නත් මයික්‍රොවේව් අවන් එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. කලින් දවසේ ඉතුරු වුණු කෑමක් වුණාත් මයික්‍රොවේව් එකක් තිබුණොත් පහුවදාට රත් කරලා කෑමට ගන්න පුළුවන් නිසා කෑම අහක යන්නෙත් නෑ.ඔයාගේ කුස්සියටත් 11.11 සේල් එකෙන් අලුත් මයික්‍රොවේව් අවන් එකක් මිලදී ගන්න.

Fridge

ෆ්‍රිජ් එකක් හැම නිවසකම තියන ගෘහ උපකරණයක්. මස්,මාළු, බිත්තර, එළවළු, බීම ජාති, අයිස්ක්‍රිම් මේ හැමදේම Store කරලා තියාගන්න Fridge එකක් අවශ්‍ය වෙනවා. හෑබැයි පාවිච්චි කරන ෆ්‍රිජ් එක පරණ වුණාම කරන්ට් බිලත් වැඩිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. ඔයාගේ ගෙදර තියන්නේ තාමත් පරණ ෆ්‍රිජ් එකක් නම් අලුත් ෆ්‍රිජ් එකකට මාරු වෙන්න 11.11 සේල් එක තමයි හොඳම අවස්ථාව.

Steam Iron

ගෙදරදොරේ උපකරණ අතරට Iron එකත් එදිනෙදා වැඩ පහසු කරන්න අවශ්‍ය උපකරණයක්. රෙදිපිළි සෝදගන්න වොෂින් මෙෂින් එකක් තිබුණාට ඒ ඇඳුම් පිළිවෙළකට ඇඳගෙන යන්න Iron එකකින් මඳින්න වෙනවා.  Shopping ගිහින් ඇඳුම් අරගෙන ආවාම මේ ඇඳුම් ඇඳගෙන යනකන් ඉවසිල්ලක් නෑ නේද? හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගත්තාට වැඩක් නෑ ඒ ඇඳුම් Iron කරලා පිළිවෙළකට ඇඳගෙන ගියේ නැත්තම්. ඇඳුම් iron කරාත් iron එක හරියට වැඩ වෙන්නේ නැත්තම් ඇඳුම මැඳලා කියලා පේන්නේවත් නැති වෙනවා. ඒ නිසා ඔන්න 11.11 සේල් එකෙන් Steam iron එකකුත් ගන්න.

Rice Cooker

ඉවුම් පිහුම් ගෙදරක ප්‍රධානම කටයුත්තක්. බත් උයන්න නම් දැන් ලේසිම විදිය තමයි රයිස් කුකර් එකක් පාවිච්චි කරන එක. ගෑස් ලිපේ බත් උයනවාට වඩා දැන් ගොඩාක් පුරුදු වෙලා ඉන්නෙත් රයිස් කුකර් එකේ බත් උයන්න. ඉක්මනින් උයාගන්න පුළුවන් වගේම රස්නයත් ගොඩාක් වෙලාවක් රැඳිලා තියෙනවා. රයිස් කුකර් එකෙන් එළවළු සහ මාළු ජාති වුණාත් රත් කරගන්න පුළුවන්. ඒ වගේම පැස්ටා, සුප් වැනි ආහාරත් හදා ගන්න ලැබීම තවත් වාසිදායකයි. තමන්ගේ පවුලේ ඉන්න පිරිස අනූව රයිස් කුකර් එකක් තෝරගන්න පුළුවන්.

Blender

ගෙදරදොරේ කෑම හදනවාට අමතරව Juice, Smoothies හදන්න බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවා. පළතුරු ජාති සාමාන්‍යයෙන් කැවෙන්නැති කෙනෙක්ට වුණාත් Juice හැඳුවාම පළතුරු ටිකක් ඇඟට එකතු වෙනවා. බලන්නකො මේ Magic bullet බ්ලෙන්ඩර් එක. food processor, blender, coffee grinder එකක් හැටියට මෙය භාවිතා කරන්න පුළුවන්. චොප් කරන්න, ග්‍රේට් කරන්න,බ්ලෙන්ඩ් කරන්න, ග්‍රයින්ඩින් කරන්න මේ හැමදේටම පහසුයි. විවිධ විදියේ රසවත් බීම වර්ග, කොෆි වර්ග,මිල්ක්ෂේක්, ස්මූතීස් හදලා ගෙදර අයටත් ගෙදරට එන අමුත්තන්ටත් සංග්‍රහ කරන්න මේ වගේ උපකරණයක් ඔයාගේ නිවසේ තියන එක වඩාත් ප්‍රයෝජනවත් නේද?

Toaster

ටෝස්ටරයකින් ප්‍රධානවම කරන්නේ පාන් ටෝස්ට් කරන එක. ගොඩාක් අය ලේසියෙන්ම හදාගන්න කෑමක් තමයි සැන්ඩ්විච්.  විවිධ වර්ගයේ සැන්ඩ්විච් අත්හදා බලන්න ටෝස්ටරය කදිම උපකරණයක්. පාන් ඇතුළට විවිධ ජාති දාලා සැන්ඩ්විච් හැඳුවාම ටිකක් වෙලා යද්දි ඒවායේ රසය නැති වෙනවා. හැබැයි ටෝස්ට් කරොත් නම් ගොඩාක් වෙලා වුණාත් ඒ සැන්ඩ්විච්වල රසවත් බවේ කිසි අඩුවක් නැතුවම තියාගන්න පුළුවන් වෙනවා. කරස් සද්දයත් එක්ක රසවත් සැන්ඩ්විචස් රස බලන්න ටෝස්ටරයක් 11.11 සේල් එකෙන් ගමුද?

Television

ගෙදර හැමෝම එකතු වෙන අවස්ථාවක් තමයි රූපවාහිනිය නරඹන වෙලාව. මුළු දවසම මහන්සි වෙලා ගෙදර ආවාම ගෙදර හැමෝම විවේකයක් ගන්න එකට එකතු වෙන්නේ රූපවාහිනිය නරඹන වෙලාවට. ගොඩාක් වෙලාවට රූපවාහිනිය තියන්නේ නිවසක සාලයේ නිසා ගෙදරට එන කෙනෙක්ගේ වුණාත් රූපවාහිනිය නෙත ගැටෙනවා. පරණ තාලයේ රූපවාහිනී වෙනුවට නව තාලයේ රූපවාහිනී දැන් කරලියට ඇවිත්. ගෙදර ටී.වී එක දැන් පරණයි කියලා හිතෙනවා නම් අලුත් ටී.වී එකක් 11.11 සේල් එකෙන් විශේෂ මිල අඩුකිරීම් සමඟින් තෝරගන්න.

Pressure Cooker

Pressure cooker එකක් භාවිතා කරලා උයද්දි කාලය ඉතිරි කරගන්න වගේම ගෑස් ඉතිරි කරගන්න පුළුවන්. මස් මාළු, එළවළු, සුප් ජාති මේ සියල්ල රසවත්ව හා ඉක්මනින් හදාගන්න මෙය කදිම උපාංගයක්. පුඩිමක් වගේ දෙයක් සාමාන්‍යයෙන් හදන්න වැඩි කාලයක් ගත වෙනවා.  හැබැයි ප්‍රෙෂර් කුකර් එකක් තිබුණොත් නම් ඉතාම කෙටි කාලයක් ඇතුළත steam කරගන්න පුළුවන් හින්දා අමුත්තෙක් ආවාත් ඉක්මනින් අතුරුපසක් හදලා සංග්‍රහ කරන්න අවස්ථාව තියනවා. ධාන්‍ය වර්ග කියන්නේ ශරීරයට ගුණදායක ආහාරයක් වුණාට ගොඩාක් අය උදේට ධාන්‍ය වර්ග එහෙම හදන්න අදිමදි කරන්නේ තම්බන්න ගොඩාක් වෙලා යන නිසායි. හැබැයි pressure cooker එකක් තිබුණොත් ඉක්මනින් ධාන්‍ය වර්ගත් තම්බගන්න පුළුවන්.  ඒ නිසා ඉවුම්පිහුම් වැඩ ලේසි කරගන්න pressure cooker එකක් ගෘහ උපකරණ අතරට එක්කර ගන්න.

Hand Mixer

Hand Mixer එකත් ගෙදරට අවශ්‍ය ගෘහ උපකරණ අතර මුළුතැන්ගෙයි තියෙන්න අවශ්‍ය දෙයක්. කේක් ජාති, පුඩින් ජාති වැනි කෑම ජාති හදන්න මෙය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ක්‍රීම් විප් කරන්න, බිත්තර ගසා ගන්න, කේක් බැටර් සහ කුකී පිටි මිශ්‍ර කරන්නත්, සලාද සැරසිලි නිර්මාණය කරන්නත් වඩාත් සුදුසුයි.  Mashed potatoes හදන්නත් භාවිතා කිරීම ජනප්‍රිය දෙයක්.  ඒ නිසා විවිධ විදියේ කෑම ජාති අත්හදා බලන්න කැමති ගෘහණියකගේ නිවසේ Hand Mixer එකක් තියාගන්නම වෙනවා.

Water Filter

වතුර උණු කරලා පානය කරන එක ශරීරයට වඩාත් ගුණදායකයි. ඉස්සර වගේ ගෑස් එකේ වතුර උණු කර කර ඉන්න බෑනෙ. දැන් ගොඩාක් නිවෙස්වල වතුර ෆිල්ටර්ස් තමයි පහසුවට භාවිතා කරන්නේ. ඉතිං තාමත් ඔයාගේ නිවසේ වතුර ෆිල්ටරයක් නැත්තම් ළඟදීම පටන් ගන්න Daraz 11.11 සේල් එකෙන් මිලදී ගන්න ලෑස්ති වෙන්න.

නොවැම්බර් 11 සිට ආරම්භ වන Daraz 11.11සේල් එකෙන්  ගෙදරට අවශ්‍ය ගෘහ උපකරණ ඇතුළු සියල්ල හොඳම වට්ටම් සමඟින් මිලදී ගන්න කදිම අවස්ථාව තියනවා. වෙන කොහේවත් නැති හිතාගන්න බැරි දීමනා අත්විඳින්න Daraz 11.11 සමඟින් Shop කරන්න දැන්ම සූදානමින් ඉන්න. 

කුස්සියේ වැඩ පහසු හා පිළිවෙළ කරන උපකරණ ගැන දැනගන්න කුස්සියේ වැඩ පහසු හා පිළිවෙළ කරන Essential Kitchen Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php