Daraz 11.11 සේල් වෙතින් වට්ටම් සමඟින් Best Mobiles & Laptop Brands

Daraz 11.11 සේල් වෙතින් වට්ටම් සමඟින් Best Mobiles & Laptop Brands

අලුත් මොබයිල් හෝ ලැප්ටොප් එකකට මාරු වෙන්න හිතනවා නම් Best Mobiles & Laptop Brands ගැන හොයලා බලන්න වෙනවා. දවසින් දවස දියුණු වෙන තාක්ෂණයත් සමඟ Best Mobiles & Laptop Brands ගැන හැමදෙනාම උනන්දුයි.

ඔයාලාත් අලුතෙන් මිලදී ගන්න Best Mobiles & Laptop Brands සොයනවාද? විශේෂ වට්ටම් සහිතව Best Mobiles & Laptop Brands තෝරගන්න Daraz 11.11 සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න.

හිතාගන්න බැරි වාසි සමඟින් Daraz 11.11 නොවැම්බර් 11 සිට

සියලුදෙනා බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 දැන් අත ළඟයි.  ඔයාගේ Shopping සිහින සැබෑ කරමින් හිතේ හැටියට Shop කරන්න Daraz 11.11 සේල් නොවැම්බර් 11 සිට. 85%ක් දක්වා වට්ටම් අත්විඳින්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්, පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්.  දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න. Shop කරද්දි කාලය හා මුදල් වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් දීමනා ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000ට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අනඟි අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා අවස්ථා ඔයාට දිනාගන්න ලැබෙයිද කියලා උත්සාහ කරලා බලන්න Daraz 11.11 සමඟින් Shop කරන්න.

රුපියලයකට වටිනා තෑගි

එක රුපියලයකට iPhone 14 , වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

Computer & Laptops සඳහා 40%ක් දක්වා වට්ටම්

Daraz 11.11 වෙතින් Laptop සහ Computers සඳහා HP, Dell, Asus, Acer, CHUWI, Lenovo, Apple, Canon, MSI, Fantech, Armaggeddon, CHUWI, Jedel, Logitech, Prolink, Transcend, UGREEN, Kingston, Sandisk, Epson, Tp-Link වෙළෙඳ නාමවලට 40%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා Bundles.

HP Laptop

ලැප්ටොප් සඳහා ඉහළ කීර්ති නාමයක් අත්කරගෙන තියන විවිධ මාදිලියේ HP Laptop 11.11 සේල් එකෙන් තෝරාගන්න අවස්ථාව තියනවා. ඒ අතරින් වැඩ පහසුවෙන් හා වේගයෙන් කරගන්න ලැප්ටොප් එකක් හොයනවා නම් මෙය වඩාත් ගැළපේවි. දැන් අධ්‍යාපන කටයුතු වැඩිපුර සිදු කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමය හරහායි. ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන සිසුන්ටත්, ඔෆිස්වල වැඩ කටයුතුවල නිරත වන වෘත්තිකයන්ටත් මෙවැනි ලැප්ටොප්  එකක් භාවිතා කරන්න පුළුවන්. ඉහළ කොටිලියේ ස්පීකර්ස් සහ මයික්‍රෆෝන්ස් තියන නිසා අනර්ඝ ශබ්ද අත්දැකීමක් විඳගැනීමේ ඉඩකඩත් තියනවා.

Macbook Air

ලෝකයේ සුපතළ සන්නාමයක් දිනා තියෙන ඇපල් සමාගමෙන් නිකුත් කරන ලැප්ටොප් හඳුන්වන්නේ MacBook ලෙසයි.MacBook Pro එකට වඩා MacBook Air එකේ තිබෙන වෙනස තමයි සිහින් නිමාවකින් යුක්ත වීම.ඒ නිසා එහෙ මෙහෙ ගෙනියන්න පහසුයි. වර්ණ ඛාණ්ඩ 3ක් තියන නිසා ඔයා කැමති වර්ණයෙන් තෝරාගන්න පුළුවන්. ෆ්‍රැෆික් වැඩ කටයුතු වේගයෙන් කරගන්න මෙය හොඳම ලැප්ටොප් එකක්. චිත්‍රපටයක් නැරඹීමේදී ඉහළ quality එකක් තියනවා වගේම Application වේගයෙන් open වෙනවා. ඒ නිසා වැඩ කරගන්න හරිම පහසුයි.  ගේම්ස් ගහන්නත් කැමති අයටත් මේ ලැප්ටොප් එක වඩාත් සුදුසුයි. ඇපල් ලැප්ටොප් එකකට මාරු වෙන්න ආසාවක් තිබුණාත් ගාණ වැඩි එක තමයි හැමෝටම තියන ගැටලුව. ඒත් Daraz 11.11 සේල් එකෙන් මේ වගේ ලැප්ටොප් එකක් සුවිශේෂී වට්ටම් සමඟින් තෝරගන්න.

Asus Vivobook

Asus vivobook කියන්නේ ගෙවන මුදලට අනූව ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් ලැප්ටොප් වර්ගයක්. අඟල් 15.6ක වැඩි දියුණු කළ පුළුල් තිර තාක්ෂණය, විශේෂයෙන්ම පරිගණක ක්‍රිඩා, නිර්මාණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සිදු කරන අයට පහසුවක් වෙනවා. ඒ වගේම 2GB Nvidia ග්‍රැෆික් ප්‍රෙසෙසරයෙනුත් සමන්විත වන නිසා ග්‍රැෆික් කටයුතු කරන අයට කියාපුම ලැප්ටොප් විශේෂයක්. විශේෂ ගුණාංග සහිත නවතම මෙහෙයුම් පද්ධතිය වන windows 11 හි උපරිම අත්දැකීම මෙහිදී විඳගන්න පුළුවන්. මේ ලැප්ටොප් එක නිර්මාණය කරලා තියන්නේ පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් ඉතා සැහැල්ලු ආකාරයේ සිහින් නිමාවකින්. මෙහි බැටරි ආයු කාලයත් වැඩි නිසා එදිනෙදා කටයුතු පහසුවෙන් කර ගන්න මේ වගේ ලැප්ටොප් එකක් 11.11 එකෙන් ගමු නේද? 

Dell Inspiron

පහුගිය කාලයේ අපේ රටේ නිවසේ සිට වැඩ කිරීමේ හා අධ්‍යාපන කටයුතු කිරීමේ ක්‍රමය ජනප්‍රිය වුණා. Dell සමාගමෙන් නිකුත් වුණු Inspiron පවුලේ මෙවැනි ලැප්ටොප් විශේෂයෙන්ම හදලා තියන්නේ ගෙදර සිට වැඩ කරන අය සඳහා සහ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් වෙනුවෙන්මයි. ඔන්ලයින් වැඩ කරද්දි ගොඩාක්දෙනෙක්ට ඇතිවෙන ගැටලුවක් තමයි ලැප්ටොප් එක Stuck වීම Slow වීම වගේ කරුණු. ඉතිං ඒ ගැටලුවට මේ ලැප්ටොප් එක හොඳම විසඳුමක්. මෙහි තියන Ram එක නිසා  වැඩ කටයුතු වැඩි වේගයකින් කර ගැනීමේ පහසුව තියනවා. Full HD පුළුල් තිරයකින් ද සමන්විතයි. මේ ලැප්ටොප් එකත් එහෙමෙහෙ ගෙනියන්න පහසු විදියට බරකින් තමයි හදලා තියන්නේ.

Acer Laptop

ලැප්ටොප්වලට සුපතළ Acerහි 11 Generation එකට අයත් මේ ලැප්ටොප් එක මේ කාලයේ වට්ටම් සමඟින් මිලදී ගන්න ලැබීම ඔයාට ලැබෙන අනඟි වාසියක්. Intel Core i5-1135G7 ප්‍රොසෙසරය සමඟ වැඩ කටයුතු වඩාත් වේගයෙන් කරගන්න හැකියාව තියනවා. වැඩ කටයුතුවලට විතරක් නෙවෙයි ගේම් ගහන්න කැමති අයට Gaming සඳහාත් මේ ලැප්ටොප් එක කදිමෙට ගැළපෙනවා. ඒ නිසා හොඳ Gaming Laptop එකක් කියන්නත් පුළුවන්. Full HD IPS තිරය සමඟින් වැඩි දියුණු කළ තාක්ෂණික අත්දැකීම් රැසක් විඳගන්න මෙවැනි ලැප්ටොප් එකක් Daraz 11.11 වෙතින් තෝරගන්න.

හොඳම Mobiles තෝරගන්න 50%ක් දක්වා වට්ටම්

මොබයිල් ඇතුළු උපාංග සඳහා Daraz 11.11 වෙතින්  Xiaomi, Samsung, Realme, Apple, Hontinga, Nokia, Biruiqu, Huawei, ZTE, Vivo, Xiaomi Redmi, LENUO, BASEUS, UGREEN, Lereach, lthmy, TCL, Dudao, vantime, ThinkWay, Nillkin, Jizetin, Xiaomi MI, HCAXY, ETOP, KOKKO, OUKITEL, Greentel, Yoobao, Casinglee, ASPOR, OPPO, ShopMe™, Leweisi, Relaxtoo, GKK, UCUC, TEC MOBILES, E-Tel, BLKNAIM, BlueWow, Haylou, Infinix, Google, MTB, Panasonic, TechMobile, Zigo, Yahya™, BestGO, IPAKY, SONY, Micromax, MI, Global Deals, Tecno, TrendyDigital, BlackView., AUTAN, DAMILE, 9H, Miga Plaza, Generic, Universal, joyroom, Gearbong, PROLiNK, ZIME, Mcdodo, SSM, CURREN, MUMU, Qualcomm, Zuzg, OST, Remax, Estima, Items store, DoomHot, Salesbug, iTel, Airtel, Sharp, OEM, iFlashDeal, DASI, Anker, Dialog, Hutch වෙළෙඳ නාමවලට 50%ක් දක්වා වට්ටම් සහ නොමිලේ ඩිලිවරි.

Apple iPhone 14

ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න කවුද කැමති නැත්තේ? ආසාව තිබුණාට ගාණ තමයි හැමෝටම ප්‍රශ්නෙ.  ඇපල් සමාගමේ නවතම version එක තමයි iPhone 14.  ඔන්න Daraz 11.11 සේල් එකෙන් iphone 14 ෆෝන් එකක් හොඳ වට්ටමකට මිලදී ගන්න ඔයාට අවස්ථාව තියනවා.  ඇපල් ෆෝන්වල Application වේගයෙන් Open වෙන නිසා වැඩ කරන්නත් පහසුයි. අලුත් features  සමඟින් මෙහෙයුම් පද්ධතිය IOS 10 සමඟ භාවිතයට පහසු User friendly ෆෝන් එකක්.

Xiaomi Redmi 10A

Xiaomi වෙළෙඳ නාමයේ  Xiaomi Redmi 10A විශේෂාංග ගණනාවක් තියන Budget එකටත් හරියන ෆෝන් එකක්. මෙහි කැමරාවේ පසුපස ඇති Redmi 10A මෙගාපික්සල් 13 ක කැමරාවත් පසුපස කැමරා සැකසුම autofocus ද පවතිනවා. එය සෙල්ෆි ගැනීම සඳහා තනි ඉදිරිපස කැමරා සැකසුමකින් ද සමන්විතයි. අඟල් 6ට වැඩි  HD display එක නිසා වීඩියෝස් පැහැදිලිව නරඹන්න පුළුවන්.

Samsung Galaxy A12

Samsung මාදිලියේ විවිධ ෆෝන් අතරින් නවතම සංස්කරණයක් තමයි Samsung Galaxy A12 series එක. 128GB ROM එක නිසා වැඩිපුර දත්ත ගබඩා කිරීමේ හැකියාව තියනවා. වීඩියෝ, කැමරා, document ගොඩාක් තියාගන්න පුළුවන්. Application වේගවත්ව open වෙනවා. නවතම IPS තාක්ෂණය සමඟින් Display එකෙන් real full HD Color එකක් ලබාදෙනවා. ඕනම අවස්ථාවකදී මතක ධාරිතාව වැඩිකරගන්න memory card එකක් සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. Dual sim support කරනවා. වැඩි දියුණු කළ 5000mAh බැටරිය නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

OPPO A53

Mobile Brands අතරින් OPPO Brand එකත් දැන් ජනප්‍රියයි. OPPO A53 8.4 mm ඝනකම සහ 186 ග්‍රෑම් බරක් සහිතව අලංකාර මැට් නිමාවකින් යුක්ත වෙනවා. A53 බලගන්වන්නේ Qualcomm SM4250 Snapdragon 460 ප්‍රොසෙසරය හරහායි. octa-core CPU එකක් ඇති අතර එය මෘදුව වැඩ කටයුතු කරන්න ඉඩ සලසා දෙනවා. ඒ විතරක් නෙවෙයි 13MP ප්‍රාථමික කැමරාවක් සහ 16MP ඉදිරිපස කැමරාවකින්ද සමන්විතයි. කොලිටි ෆොටෝස් ගන්න වීඩියෝස් පටිගත කරන්න සුපිරි පහසුවක් ගෙනදෙනවා. විශාල බැටරිය නිසා දින ගණනක් පාවිච්චි කරන්න පුළුවන්.

VIVO Y1s

අපි අලුත් ෆෝන් එකකට මාරු වෙන්න හිතද්දි  වීඩියෝස්, ෆොටෝස්, ගේම්ස් Save කරන්න වැඩි ඉඩක් තියන ෆෝන් එකක් තමයි හොයන්නේ. ඒ සඳහා මේ ෆෝන් එක වඩාත් ගැළපෙනවා. ඒ වගේම තමයි ෆෝන් එක හරිම slim. අඟල් 6.5ක HD පුළුල් තිරයකින් සමන්විත වෙනවා. ඔයාගේ ෆෝන් එකේ Password එක වෙන කෙනෙක් දැනගත්තාම ෆෝන් එක Unlock කරන්න පුළුවන්කම තියනවා. ඒත් Vivo Y1sහි face access තියන නිසා  මුහුණ හඳුනාගෙන ඔයාට විතරයි Auto Unlock වෙන්නේ. ඒ නිසා ෆෝන් එකට වැඩි ආරක්ෂාවක් සපයනවා. මෙය පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ආකර්ෂණිය නිමාවක් සහිත ඇස ගැටෙන ෆෝන් එකක්.

ඔයා කැමතිම Best Mobiles & Laptop Brands හොඳම මිලට තෝරගන්න Daraz 11.11 සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න. දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.

විනෝදාස්වාදයට කැමති අයට Daraz 11.11 සේල් එකෙන් සුවිශේෂී වට්ටම් සමඟින් මිලදී ගන්න පුළුවන් ටෙක් ගැජට්ස් ගැන දැනගන්න විනෝදාස්වාදයට කැමති අයට Daraz 11.11 වෙතින් Unique Tech Gadgets ලිපියත් කියවන්න.   

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php