Black Friday වෙතින් අඩුම මිලට Cool Tech Gadgets

Black Friday වෙතින් අඩුම මිලට Cool Tech Gadgets

එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න විවිධ Cool Tech Gadgets භාවිතයට ගැනෙනවා. කාර්යබහුල ජීවන රටාවත් සමඟ Cool Tech Gadgets දැන් නැතුවම බැරි දෙයක් වෙලා.

ඔයාලාත් පහසුවෙන් වැඩ කරගන්න Cool Tech Gadgets සොයනවාද? Daraz Black Friday වෙතින් අඩුම මිලට Cool Tech Gadgets මිලදී ගන්න කදිම අවස්ථාවක් උදාවෙනවා.

ටෙක් ගැජට්ස්වලට අඟනා වට්ටම්

හැමදාමත් ඔබ වෙනුවෙන් විවිධ වට්ටම් පිරිනමන Daraz වෙතින් Black Friday සඳහාත් හොඳම දීමනා ලබාදෙන්න සූදානම්. නොවැම්බර් 25 වැනි දා සිට Black Friday දීමනා Daraz සමඟින් අත්විඳින්න. කාර්යබහුල ජීවන රටාවකට හුරුවෙලා ඉන්න හැමදෙනාම එදිනෙදා වැඩ පහසු කරගන්නත් විනෝදාස්වාදය සඳහාත් විවිධ ටෙක් උපාංග භාවිතා කරනවා. දැන් මේ දවස්වල ඉලෙක්ට්‍රොනික් ගැජට්ස්වල මිල ගණන් වැඩිවෙලා නිසා අලුතින් උපාංග ගන්න කැමැත්තක් තිබුණාත් ගොඩාක්දෙනෙක් පසුබෑමට ලක්වෙලා ඉන්නවා. ඒත් දැන් Black Friday වට්ටම් සමඟින් ඔයාට අවශ්‍ය කරන ටෙක් ගැජට්ස් පහසු මිලට Daraz වෙතින් තෝරගන්න.

Brown & Company වෙතින් 40%ක් දක්වා වට්ටම්. Huawei වෙතින් ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් සඳහා 15%ක් දක්වා හා Baseus වෙතින් 50%ක් දක්වා වට්ටම්.

‌සිකුරාදා දිනයේදී රු. 500කට වැඩියෙන් ඉලෙක්ට්‍රොනික් උපකරණ මිලදී ගැනීමේදී 15%ක් දක්වා වට්ටම්. 

Crazy Flash Deals සමඟින් ඔබේ මුළු බිලට 20%ක් දක්වා වට්ටම් ලබාගන්න. අලුතින් Shop කරන්න එකතු වෙන අයට රු. 200ක වවුචරයක්. Daraz Points වෙතින් සිකුරාදා දිනයේදී ඇප් එක පුරා 20%ක වට්ටමක්.

Master Card එකෙන් Shop කරන ඔයාලාට අමතර 12%ක වට්ටමක්. අනෙකුත් බැංකු කාඩ්පත් සඳහා 10%ක වට්ටමක්.

Daraz Black Friday වෙතින් ඔයාට අවශ්‍ය කරන Cool Tech Gadgets වට්ටම් සමඟින් මිලදී ගන්න Shop කරන්න.

Smart TV

ටෙක් ගැජට්ස් අතර ස්මාර්ට් ටී.වී දැන් ජනප්‍රිය උපාංගයක්. ඉස්සර නම් නිවෙස්වල තිබුණේ සාමාන්‍ය රූපවාහිනියක්. ඒත් දැන් සාමාන්‍ය රූපවාහිනියකට එහා ගිය ස්මාර්ට් ටී.වී භාවිතා කරන්න කවුරුත් හුරුවෙලා. නාට්‍ය මාලා, විවිධ වැඩසටහන් නැරඹීමටත්, USB සම්බන්ධ කිරීමේ හැකියාවත්, Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම අත්දැකීමක් විඳින්න ස්මාර්ට් ටී.වී හොඳම තාක්ෂණික ගැජට් එකක්. ඔයාගේ නිවසට ස්මාර්ට් ටී.වී එකක් හොයනවා නම් Black Friday වෙතින් වට්ටම් සහිතව අලුත් ටී.වී එකක් ගන්න.

Mobiles

අලුතෙන් ෆෝන් එකක් ගනිද්දි ඒ ෆෝන් එකේ තියන විශේෂාංග, බැටරිය, මිල ගණන් මේ හැමදේ ගැනම හිතන්න ඕන. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වැඩ ටික පහසුවෙන් කරගන්නත් පුළුවන් වෙන්නත් එපැයි. ඇතැම් අය iPhone පාවිච්චි කරන්න වැඩි කැමැත්තක් දක්වද්දි තවත් පිරිසක් Android Phones භාවිතා කරන්න හුරු වෙලා ඉන්නවා. Android Phones විවිධ මාදිලිවලින් තෝරගන්න අවස්ථාව තියනවා. ඒ අතරින් විශ්වාසනීය වෙළෙඳ නාමයක් දිනා තිබෙන Huawei මොබයිල්ස් සඳහා Black Friday වෙතින් විශේෂ වට්ටම්.

Laptops

ලැප්ටොප් එකක් දැන් කාලේ කාටත් අවශ්‍යම උපාංගයක්. බාල, තරුණ,වැඩිහිටි වයස්‌ භේදයකින් තොරව හැම කෙනෙක්ගෙම අතේ දැන් ලැප්ටොප් එකක් නොවරදින දෙයක්. අලුත් ලැප්ටොප් එකකට මාරු වෙන්න මේ දවස්වල ඔයා හිතනවා නම් Black Friday වෙතින් හොඳ විශේෂාංග තියන ලැප්ටොප් එකක් අඩුම මිලට තෝරගන්න. එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු නම් වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද Daraz වෙතින් හිමිවෙනවා.

Smart Watches

ස්මාර්ට් වොව් එකක් කියන්නේ වෙලාව බලා ගැනීමට එහා ගිය වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම අත්දැකීමක් තිළිණ කරන ගැජට් එකක්. ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රීඩා කරන අයටත් ස්මාර්ට් වොච් නිතර ප්‍රයෝජනවත් වෙනවා. සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් මේ ස්මාර්ට් වොච්වලට හැකියාවක් තියනවා. ස්මාර්ට් වොච් එකෙන් අපිට කරගන්න අවශ්‍ය දේවල් මොනවාද, ෆෝන් එකත් එක්ක වැඩ වෙනවාද, බැටරි ලයිෆ් එක, පෙනුම වගේම ඔයාගේ බජට් එකට ගැළපෙනවාද කියන කාරණා ගැනත් අලුතින් වොච් එකක් ගනිද්දි අපි හිතන්න ඕන. මේ සියලු කාරණා ගැන හිතලා Black Friday වෙතින් ඔයාට ගැළපෙන වොච් එකක් ගමු නේද?

Wireless Headset

Noise Cancellation පහසුකම තියන හෙඩ්සෙට් එකක් ඔයා හොයනවාද? ස්ටූඩියෝ වැඩවලට මියුසික් වැඩවලට මේ වගේ Headset එකක් අවශ්‍යම උපාංගයක්. වටපිටාවේ ශබ්ද ඇහෙන්නේ නැතුව තමන්ගේම ලෝකයක නිදහසේ සංගීතය රසවිඳින්න මේ වගේ Headset එකක් වඩාත් ගැළපෙනවා. වයර් පටලැවෙන කරදරේත් නැතුව මේ වගේ Wireless Headset එකක් ඔයාගේ වැඩවලට වඩාත් පහසුයි නේද?

Phone Covers

අපි අලුතෙන් ෆෝන් එකක් ගත්තාට පස්සේ ඒ ෆෝන් එක ආරක්ෂා කරන එක ගැනත් හිතන්න ඕන. ෆෝන් එකට ආරක්ෂාවක් සපයන්න ෆෝන් කවර යොදාගන්නවා. ඒ අතරින් මේ වගේ Leather කවරයක් යෙදුවොත් ඔයාගේ ෆෝන් එකට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. කුණු, දූවිලි ඇතුළු වීම වළක්වන දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් කවර ඔයාගේ මොබයිල් එකේ වටිනාකම වගේම ආරක්ෂාව වැඩිකර ගන්න ඔයාගේ ‌ගැජට්ස් අතරට එකතු කරගන්න.

USB Adapter

Data transfer කරන්න USB Adapter එකක් වඩාත් ප්‍රයෝජනවත් ටෙක් උපාංගයක්. Macbook  Pro Air Notebook වැනි මාදිලිවලට මේ USB Adapter එක ගැළපෙනවා. සින්දු, Movies, Pictures මේ හැමදේම වේගයෙන් transfer කරන්න පුළුවන්. Ports 4ක් තියන නිසා ඵලදායි වැඩ කටයුතු සඳහා වඩාත් කදිමයි. Baseus වෙළෙඳ නාමයෙන් මෙවැනි වටිනා ගැජට්ස් Daraz Black Friday වෙතින් අඟනා වට්ටම් සහිතව මිලදී ගන්න.

Power Bank

ස්මාර්ට් ෆෝන්, ඉයර්බඩ්ස්, ටැබ්ලට්ස් වැනි ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් නිතර පාව්චිචි කරන කෙනෙක් ළඟ Power Bank එකක් තියනේනම ඕන. තාමත් විදුලි කප්පාදුව තියන නිසා කරන්ට් ගියාම ලැප්ටොප්වල, ෆෝන්වල බැටරි බැස්සාම හැමෝම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඒ නිසා ලැප්ටෝප්,ෆෝන් චාර්ජ් කරගන්නත් Power Bank එකක් අවශ්‍යයි. කරන්ට් ගිය වෙලාවට හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් Power Bank එකක් ඔයාගේ ළඟ තියන එක වඩාත් වාසිදායකයි. ඒ නිසා අලුත් ටෙක් ගැජට්ස් හොයන ඔයාල Power Bank එකක් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Earbuds

වයර් තියෙන ජැක් එකෙන් ෆෝන් එකට සෙට්වෙන හෙඩ්සෙට් පාවිච්චි කරන පිරිසක් තාමත් හිටියාට දැන් තියන කාර්යබහුලත්වයත් සමඟ හරියන්නෙම වයර්ලස් හෙඩ්සෙට් තමයි. වයර් පටලැවිලා වයර් කැඩිලා හෙඩ්සෙට් විසි කරන්න සිද්ධවෙන අවස්ථාවලට ඔයාලාත් මුහුණදීලා ඇති නේද? ඒ නිසා වයර් පටලැවෙන කරදරේට හොඳම විසඳුම තමයි වයර්ලස් හෙඩ්සෙට් පාවිච්චි කරන එක. වයර්ලස් හෙඩ්සෙට් අතර දැන් ජනප්‍රිය වෙලා තියන්නේ ඉයර්බඩ්ස්ස් ඔන්ලයින් වැඩ කරද්දි මීටින්ස්වලට Connect වෙන්න, තමන්ගේ වැඩ පහසුවෙන් කරගන්න ඉයර්බඩ්ස් වඩාත් ප්‍රයෝජනවත් උපාංගයක්.  

සංගීතයත් සමඟින් බැඳිලා ඉන්න නිදහසේ සංගීතය රසවිඳින්න කැමති අයට ගැළපෙන්නෙත් මේ වගේ වයර්ලස් ඉයර්බඩ්ස්. ඒ වගේම තමයි  ඉයර්බඩ්ස්වල Call noise cancellation පහසුකමත් තියන නිසා අපි ඉන්න පරිසරයේ noises තිබුණාත් ඒවා ඇහෙන්නැතිව කතා කරන්න ලැබීම ලොකු වාසියක්. අලුතෙන් ඉයර්බඩ් එකක් තෝරගනිද්දි කණටත් පහසු ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් Earbuds පහසුම මිලට Daraz black Friday වෙතින් සොයාගන්න.

Phone Holder

අපි කොහේ ගියාත් ෆෝන් එක අරගෙන තමයිනේ යන්නේ. හැබැයි වාහනයක් පඳවගෙන යන වෙලාවට ෆෝන් එක තියාගන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් නේද? ඒකට හොඳම විසඳුම තමයි Phone Holder එකක් තියාගන්න එක.  ෆෝන් කවර දාලා Tempered glass දාලා කොතරම් ආරක්ෂා කරාත් ෆෝන් එක වැටුණොත් එහෙම මොනා වෙයිද කියලා හිතාගන්න බෑනෙ. ඉතිං ඒ නිසා මේ වගේ Phone Holder එකක් තිබුණොත් කාර් එක පඳවගෙන යද්දි ෆෝන් එක වැටෙන්නේ නැතුව වැඩි ආරක්ෂාවක් ලබාදෙන්න පුළුවන්.  ඒ නිසා ටෙක් ගැජට්ස් තෝරගන්න ගමන් ඒවා ආරක්ෂා කරන්නත් මෙවැනි උපාංග මතක ඇතුවම මිලදී ගන්න.

ඔයාට එදිනෙදා වැඩ කටයුතුවලට අවශ්‍ය විනෝදාස්වාදයට ගැළපෙන ටෙක් ගැජට්ස් විශේෂ වට්ටම් සහිතව Daraz Black Friday වෙතින් තෝරගන්න.  දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

Black Friday වෙතින් ගෘහ උපකරණ සඳහා හිමිවන වට්ටම් ගැන දැනගන්න Killer Deals on Home Appliances Up To 40% Off ලිපියත් කියවන්න

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php