Black Friday වෙතින් Bedroom Essentials සඳහා විශේෂ වට්ටම්

Black Friday වෙතින් Bedroom Essentials සඳහා විශේෂ වට්ටම්

නිදන කාමරයට අලුත් එළියක් එක්කර ගන්න විවිධ Bedroom Essentials අවශ්‍ය වෙනවා. හැමදාම තියන විදියට වඩා වෙනසක් එකතු වෙන්නේ Bedroom Essentials හරහායි.

ඔයාලාත් නිදන කාමරයට අලුත් Bedroom Essentials සොයනවාද? Black Friday වෙතින් නිදන කාමරයේ සුවපහසුවටත් අලුත් එළියක් එක්කරගන්නත් Bedroom Essentials ඇතුළු හැමදේම අඩුම මිලට සොයාගන්න පුළුවන්. 

Daraz වෙතින් Black Friday සඳහා විශේෂ වට්ටම්

Daraz සමඟින් Shop කරන ඔයාලාට වැඩියෙන් Shop කරලා වැඩියෙන් ඉතිරි කරන්න කාලයෙන් කාලයට විවිධ වාසි හා දීමනා හිමිවෙනවා.  දැන් ඒ අතරින් Black Friday වෙතින් පිරිනමන සුවිශේෂී වට්ටම් නොවැම්බර් 25 සිට නොවැම්බර් 28 දක්වා අත්විඳින්න.

එදිනෙදා ජීවන රටාවට අවශ්‍ය කරන බඩුභාණ්ඩ Black Friday වෙතින් පහසු මිලට සොයාගන්න. Swisstek Flagship Store එකෙන් 20%ක වට්ටමක්. Celcius වෙතින් 20%කට වැඩි වට්ටම් ලබාගන්න.

ඕනම නිවසක සාලය, මුළුතැන්ගෙය වගේම නිදන කාමරය කියන්නේ සුන්දරව හා සුවපහසුව තියාගන්න අවශ්‍ය තැනක්. දවස පුරා වෙහෙස මහන්සි වෙලා ගෙදර ආවාම ඒ වෙහෙස නිවාගන්නේ නිදන කාමරයට ඇවිත්. ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු ගොඩාක් වෙලාවට නිදහසේ කරන්නෙත් කාමරයේ සිටයි. ඒ විතරක් නෙවෙයි ගෙදරට අමුත්තන් ආවාමත් ඔයාගේ නිදන කාමරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා කාගේත් සිත්ඇඳගන්නා විදියට පිළිවෙළට හා සුන්දරව නිදන කාමරය නිර්මාණය කරගත්තොත් හොඳයි නේද? නිදන කාමරයට අලුත් එළියක් එක්කර ගන්න Bedroom Essentials උපකාරී වෙනවා. Black Friday වෙතින් විශේෂ වට්ටම් සමඟින් මේ සියල්ල මිලදී ගන්න අඟනා අවස්ථාවක් උදාවෙනවා.

Pillow

නිදන කාමරය තුළ සුව නින්දක් ලබන්නේ නිඳන ඇඳේයි. සුවපහසු නින්දක් ලබන්න නම් කොට්ටමෙට්ට ඔක්කොම පහසුවට තියෙන්න ඕන. නිදන කාමරයට පිට කෙනෙක් ඇතුළු වුණාමත් කෙලින්ම ඇස් යොමුවෙන්නේ නිදන ඇඳ දෙසටයි. ඒ නිසා නිදන ඇඳට පිරිසිදු ආකර්ෂණීය කළමනා එක්කර ගැනීම අවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි කොට්ටවල ඉක්මනින් විෂබීජ රැඳෙන නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරනවා නම් වඩාත් හොඳයි. ඔයාගේ නිදන කාමරයටත් මේ දවස්වල අලුත් කොට්ට ගන්න හිතනවා නම් සුවපහසු 100%ක් Cotton  කොට්ට Celcius වෙතින් තෝරගන්න.

Mattress Protector

සුව නින්දක් ලබන්න නිදන ඇඳේ සියලු කළමනා සුවපහසු වෙන්න එපැයි. මෙට්‍රස් එක පහසුවට තිබුණොත් තමයි හොඳට නින්ද යන්නේ. අපි නිඳන ඇඳට මෙට්‍රස් එකක් අලුතින් මිලදී ගන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්න. හැබැයි ඒ විදියට දිගු කාලයක් පාවිච්චි කරන්න නම් Mattress Protector එකක් භාවිතා කරන්නම වෙනවා.  මෙට්‍රස් එකට දූවිලි,විෂබීජ ඇතුළු වීම වළක්වලා දිගු කාලයක් පිරිසිදුව පාවිච්චි කරන්න Mattress Protector එක ප්‍රයෝජනවත් උපාංගයක්.

Bean Bag

සුවපහසුව වගේම නිදන කාමරයට අලුත් එළියක් එක්කරන උපාංග ගැන ඔයා හිතනවා නම් Beanbags කදිම දෙයක් වේවි. ‌තමන්ගේ කාමරයේ ඉඳලා ඔෆිස් එකේ වැඩ කටයුතු, පාඩම් වැඩ කරද්දි එක දිගට පුටුවක වාඩිවෙලා ඉන්නකොට ඒකාකාරී බවක් දැනෙනවා නේද? හැබැයි Beanbag එකක් ඔයාගේ නිදන කාමරයේ තිබුණොත් බොහොම සැහැල්ලුවෙන් වාඩිවෙලා නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන්.  විවේකී වෙලාවට සංගීතය රසවිඳින්න,චිත්‍රපට වැනි දේ නරඹන්න Beanbag එකක් කාමරේ තියන එක ඔයාට සුවපහසුවක් වේවි. Black Friday වෙතින් නිදන කාමරයට නැවුම් එළියක් එක්කරන මෙවැනි අයිතමයන් වට්ටම් සමඟින් මිලදී ගන්න.

Duvets

සමහර කාලවලදී සීතල තදින්ම දැනෙන්න පටන් ගනිද්දි ඒ සීතල දරාගන්න ටිකක් අමාරුයි. සීතල දේශගුණයක් තියෙද්දි සනීපෙට නින්ද නම් යනවා. හැබැයි සීතල වැඩි වුණාම සෙම්ප්‍රතීශියාව වගේ රෝග තත්වයන් වුණාත් හැදෙන්න පුළුවන්.  ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න නිදන කාමරයක තියෙන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. වොෂින් මෙෂින් එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්න පුළුවන්, දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන මේ වගේ මෘදු Duvets Celcius වැනි විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් තෝරගන්න.

Baby Cot Sheet

අලුත උපන් පුංචි සිඟිත්තන් ඉන්න නිදන කාමරයක් අලංකාර වගේම පිරිසිදුවට තියාගන්න ඕන. පුංචි බිළිදෙක් ඉපදුණාම නෑදෑ හිතමිතුරන් එහෙමත් බබාව බලන්න කොහොමත් එනවානේ. පුංචි සිඟිත්තාගේ ආරක්ෂාව ගැන හිතලා විවිධ කළමනා නිදන කාමරයට එක්කර ගන්න වෙනවා.  පුංචි බබාට Cot එකක් කාමරේ තියෙද්දි ඒ Cot එකේ බබාව නිකම්ම තියන්නේ නෑනෙ. Baby cot sheet ඇතුරුවාම පුංචි සිඟිත්තාට වැඩි ආරක්ෂාවක් සැපයෙනවා. ඒ වගේම විවිධ මෝස්තර සහිත ලස්සන Cot sheet දැන් තියන නිසා පුංචි බබා නිදන කාමරයේ මෙවැනි සුන්දර උපාංග තිබුණොත් කාමරයට තව එළියක් එක් කරනවා.

Bolster

ඔළුව තියාගන්න කොට්ටයට අමතරව තවත් කොට්ට වටේට තියාගන්න ඔයා කැමැති කෙනෙක්ද? එහෙනම් Bolster කොට්ට ඔයාට ගැළපෙනම දෙයක්. මේ වගේ කොට්ටයකින් වැඩි සුවපහසුවක් ලැබෙනවා වගේම නිදන ඇඳට මේ වගේ උපාංග හරහා නව එළියක් එකතු වෙනවා. හොඳ කොලිටියක් තියන කල්පැවැත්මක් සහිත නිදන කාමරයට අවශ්‍ය මෙවැනි උපාංග Celcius වෙතින් අඩුම මිලට Black Friday එකෙන් මිලදීගන්න ලෑස්තියි නේද?

Chair

නිදන කාමරයේ තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න සුවපහසු මේස, පුටු අවශ්‍යයි. එක දිගට පැය ගාණක් එකම තැන ඉඳන් වැඩ කරද්දි කොන්දෙ අමාරු වගේ තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. කොන්දෙ අමාරු හැදෙන්න බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ වැරදි ඉරියව්. ඒ නිසා හොඳ කොලිටියේ සුවපහසු පුටු තමන්ගේ නිදන කාමරයට එක්කර ගන්න වෙනවා.  Swisstek වෙතින් මෙවැනි අනර්ඝ පුටු තෝරාගන්න අවස්ථාව තියනවා. මෙවැනි නවීන පුටු ඔයාට සුවපහසුවක් ගෙනදෙනවා වගේම ඔයාගේ නිදන කාමරයට අලුත් එළියක් එක් කරාවි.

Foldable Table

කාමරේට වෙලා වැඩ කරන්න නම් හැමදේම පහසු විදියට සකසාගෙන තියාගන්න වෙනවා. ගෙදරදි ගොඩාක් වෙලාවක් ලැප්ටොප් එකේ වැඩ කරද්දි මේසයට හිරවෙලා වැඩ කරන්න වෙනවා. එහෙම එකදිගට මේසයක වාඩිවෙලා ලැප්ටොප් එකේ වැඩ කරද්දි වෙහෙසකාරි ගතියක් දැනෙන්න පුළුවන්. ඊට කදිම විසඳුමක් හැටියට මේ වගේ Foldable desk එකක් ගත්තොත් ඔයාට පහසු විදියට හසුරවාගෙන වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මේස හුරුබුහුටි නිසා කාමරයේ වැඩි ඉඩක් ඇහිරෙන්නෙත් නෑ. ඔයාට පහසුවෙන් වැඩ කරගන්න නිදන කාමරයටත් ආකර්ෂණයක් එක් කරන මෙවැනි උපාංග Black Friday වෙතින් හොඳම මිලට තෝරාගත්තොත් හොඳයි නේද?

Shoe Rack

කාන්තාවන් Shopping කරලා තෝරගන්න විලාසිතා අතර තවත් ජනප්‍රිය දෙයක් තමයි පාවහන්. ඒ නිසාම කාන්තා නිදන කාමරයක තියන අඩුමකුඩුම අතර වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි සපත්තු, සෙරෙප්පු. තැන තැන සෙරෙප්පු විසිරිලා තියද්දි කාමරයේ අපිළිවෙළ ගතියක් ඇති වෙනවා. ඉතිං ඒකට හොඳම විසඳුම තමයි Shoe Rack එකක් ඔයාගේ නිදන කාමරයේ තියාගන්න එක. සෙරෙප්පු සපත්තු ඔක්කොම මේ Shoe Rack එකේ පිළිවෙළකට පෙළගස්වලා තියන්න පුළුවන්. Shoe Rack එකේ පිළිවෙළට සපත්තු තියලා තිබුණාම විවිධ ගමන්බිමන් යද්දි අදාළ ගමන්වලට ගැළපෙන සපත්තු දෙක තෝරගන්නත් පහසුයි. කාමරය පිළිවෙළට තියාගන්න උපකාරයක් වෙන මෙවැනි උපකරණ නිසා ඔයාගේ නිදන කාමරය තවත් අලංකාර කරගන්න පුළුවන්.

Fanlight Window

දැන් නවීන නිවෙස්වල නිදන කාමරයේම නාන කාමරයත් සවි කරලා තියනවා. එය නිවසක සිටින අයට වඩාත් පහසුවක් වෙනවා. මේ නිසාම නිදන කාමරය වගේම නාන කාමරයත් ආකර්ෂණීය විදියට සකසාගෙන තිබීම අවශ්‍ය දෙයක්. වාතාශ්‍රය නිසියාකාරව ලැබෙන්න Fanlight window එකක් අනිවාර්යෙන්ම සවි කරන උපාංගයක්. පහසුවෙන් පිරිසිදු කළ හැකි කල්පැවැත්මක් සහිත මෙවැනි අයිතමයන් නිවසකට වඩාත් ප්‍රයෝජනවත් වේවි. මෙවැනි වටිනා උපකරණ Swisstek වෙළෙඳ නාමයෙන් පහසු මිලට මිලදී ගන්න Black Friday සමඟින් කදිම අවස්ථාවක් උදාවෙනවා.

මෙවැනි උපකරණ එකවර මුදල් ගෙවලා මිලදී ගන්න ඔයාට අපහසු නම් මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද Daraz සමඟින් Shop කරන ඔයාලට හිමිවෙනවා.

නිදන කාමරයට නව එළියක් හා පහසුවක් එක් කරන මෙවැනි Bedroom Essentials Daraz Black Friday වෙතින් විශේෂ වට්ටම් සමඟින් තෝරගන්න. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න.

Daraz Black Friday වෙතින් ටෙක් ගැජට්ස් සඳහා හිමිවන වට්ටම් ගැන දැනගන්න Black Friday වෙතින් අඩුම මිලට Cool Tech Gadgets ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php