2022 වසරට ගැළපෙන Trending Accessory Styles

2022 වසරට ගැළපෙන Trending Accessory Styles

ආකර්ෂණීය පෙනුමකට විලාසිතාවලට අමතරව Trending Accessory Styles යොදාගන්නවා. කාලයෙන් කාලයට වෙනස්වන විලාසිතා අතරේ Trending Accessory Styles ජනප්‍රිය දෙයක්.

ඔයාලාත් සුන්දරව හැඩවෙන්න Trending Accessory Styles සොයනවාද? Daraz වෙතින් Trending Accessory Styles ඔන්ලයින් පහසුවෙන්ම සොයාගන්න.

විලාසිතා කරන්න කාන්තා පිරිමි භේදයකින් තොරව හැම කෙනෙක්ම ආස කරනවා. විවිධ විලාසිතා සොයාගෙන හැමදෙනාම Shop කරන්නේ හරිම උනන්දුවෙන් හා ආසාවෙන්. Shopping යන්න වැඩියෙන්ම කැමති නම් ඉතිං කාන්තා පාර්ශ්වය තමයි. Shopping ගිහින් වැඩිපුරම තෝරගන්නේ ඇඳුම් විලාසිතා. කොච්චර ඇඳුම් ගත්තාත් මදි කියලා හිතෙන්නේ විවිධ අවස්ථාවලට විවිධ ඇඳුම් අඳින්න වෙන නිසායි. සාමාන්‍ය ගමන්බිමන්වලට, ඔෆිස් එකට, උත්සව අවස්ථා වගේ එක් එක් අවස්ථාව අනූව අපි අඳින ඇඳුම වෙනස් කරගන්න වෙනවා.  ඒ වගේම තමයි ඇඳුම්වලට අමතරව පාවහන් හා හෑන්බෑග් විලාසිතා අතර තවත් ජනප්‍රියයි.

ඇඳුම් පැළඳුම්, බෑග් වැනි විලාසිතාවලට අමතරව තවත් විලාසිතා උපාංග රැසක් ආකර්ෂණීය පෙනුමක් සඳහා එක් කරගන්න පුළුවන්. මේ උපාංග හරහා ඇඳුම්වලට නව එළියක් ලැබෙනවා. ඔයා ඇඳගෙන ඉන්න ඇඳුමේ වටිනාකම තව වැඩි කරන්න උපකාරී වෙන්නේ ආභරණ වැනි විලාසිතා උපාංගයි. විවිධ ඇඳුම්වලට ගැළපෙන ආභරණ හොයාගෙන ඔයා Shopping යනවාද? දැන් Daraz Mall වෙතින් පහසු මිලට හොඳ කොලිටියේ ආභරණ විලාසිතා උපාංග ඔන්ලයින්ම මිලදීගන්න අඟනා අවස්ථාවක් තියනවා.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

Daraz Mall වෙතින් තෝරගන්න පුළුවන් ඔයාගේ ඇඳුම්වලට ගැළපෙන Trending Accessory Styles මොනවාද කියලා අපි බලමු.

Necklaces

දැන් රත්තරන්වල මිල වැඩි නිසා රන් ආභරණ පළඳින එක නම් ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා රන් ආභරණ වෙනුවට ගොඩාක්දෙනා භාවිතා කරන්නේ ඉමිටේෂන් ආභරණ.  ඒ වගේම තමයි දැන් අලුත් Trend එක වෙලා තියන්නෙත් ඉමිටේෂන් ආභරණ. විවිධ විදියේ මෝස්තර සහිත ආභරණ විලාසිතා තියන නිසා ඔයාගේ ඇඳුම්වලට ගැළපෙන්න තෝරාගන්නත් අඟනා අවස්ථාවක් තියනවා. ආභරණ අතරින් මාලයක් කියන්නේ වඩාත් සිත් ඇඳගන්නා ආභරණයක්. දැන් අලුත්ම Trending Style එක වෙලා තියන්නේ සිහින් මාලය සමඟින් තරමක් විශාල Pendant එකක් පැළඳීමයි. මාලය සිහින් වුණාත් Pendant එකේ හැඩය නිසා වැඩි ආකර්ෂණයක් එකතු වෙනවා. මේ වගේ සරල මෝස්තර සහිත මාල Daraz සමඟින් Shop කරලා තෝරගමු නේද?

Earrings

කරාබු දෙකක් කාන්තාවකගේ කණේ වරදින්නේ නෑ. සාමාන්‍ය භාවිතයට රන් කරාබු පැළඳගෙන හිටියාට උත්සව අවස්ථාවකට යද්දි එහෙම විවිධ මෝස්තර සහිත කරාබු පළඳින්න කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා. දැන් අලුත්ම Trend එක වෙලා තියන්නේ රවුම් කරාබු. ටිකක් විශාල රවුම් කරාබු පළඳින එක දැන් තරුණ ගැහැණු ළමයි අතරේ වඩාත් ජනප්‍රියයි. මේ වගේ කරාබු ඕනම ඇඳුමකට ගැළපෙනවා. රන් හා රිදී පාට දෙකෙන්ම මේ වගේ කරාබු තිබුණොත් ඔයාගේ හැම ඇදුමකටම ගළපලා අඳින්න පුළුවන්. මෙවැනි කරාබු ඔයාගේ ඇඳුමට තව වටිනාකමක් එකතු කරනවා. උත්සව අවස්ථාවකටත්,සාමාන්‍ය ගමනකටත් මෙවැනි චාම් කරාබු වඩාත් කදිමයි.

Rings

විවාහා වුණාම මුදු පළඳින එක අපි දන්නා කාරණාවක්. ඒත් විවාහා නොවුණ අයත් මුදු පළඳින්නේ මුදු පැළඳීම ආභරණ විලාසිතා අතර ජනප්‍රිය දෙයක් නිසායි. මෘදු,සරල මුදු කාන්තාවකගේ දෑතට වැඩි සුන්දරත්වයක් එකතු කරනවා. ඇඳුමේ පෙනුමටත් නව එළියක් මුදු හරහා එක්වෙනවා. මුදු ආකාර කිහිපයකට පළඳින්න පුළුවන්. ඇඟිල්ලකට එක් මුද්දක් පළඳින අවස්ථාවත් තියනවා. ඊට අමතරව එකම ඇඟිල්ලේ ඇතැම් අය සිහින් මුදු දෙක,තුන පවා පළඳිනවා. කොහොම වුණාත් මුදු සිත් ඇඳගන්නා ආභරණයක් හැටියට ඔයාගේ විලාසිතාවලට නව එළියක් ගෙනදේවි. සිහින් ඇඟිලි හා මහත ඇඟිලි තියන අයට තමන්ගේ ඇඟිලිවලට ගැළපෙන්න විචිත්‍රවත් මුදු ආභරණ සොයාගන්න Daraz Mall සමඟින් Shop කරන්න.

Bracelets

මුදු,මාල,කරාබුවලට අමතරව Bracelets අනිවාර්යෙන්ම එක්කර ගන්න විලාසිතා උපාංගයක්.  ඉස්සර නම් බොහෝදෙනෙක් අත පිරෙන්න වළලු පළඳිනවා. කාලයක් වළලු කට්ටල පිටින් පැළඳීම විලාසිතාවක් වෙලා තිබුණා. ඒත් දැන් වළලු වෙනුවට බොහෝ දෙනෙක් තෝරගන්නේ Bracelets. බලන්නකො මේ වගේ සරල මෝස්තර තියන Bracelets ඔයාගේ අතට කොතරම් නම් ගැළපෙයිද කියලා. දැන් රටේ තියන තත්වය නිසා රන් Bracelets නම් කොහොමත් පළඳින්න බෑනෙ. හැබැයි එවැනි පෙනුමක් ගෙනදෙන මේ වගේ ආභරණ රන් ආභරණවලටත් වඩා ඔයාගේ පෙනුමට ආකර්ෂණයක් එකතු කරනවා. පාටියකට,වෙඩින් එකකට ලස්සන ඇඳුමෙන් සැරසිලි මේ වගේ ආභරණත් පැළඳුවාම කොතරම් හැඩකාර බවක් එකතු වෙයිද කියලා හිතන්නකො.

Brooches

Brooch එකක් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ගැළපෙන විලාසිතා උපාංගයක්. ඇඳුම්වල එළිය තව වැඩි කරන විසිතුරු ආභරණයක්. බොහෝවිට Brooch සාදා තියන්නේ රන් හෝ රිදීවලින්. Brooch එකක් ඇඳුමට සවි කරාම ඔයාගේ ඇඳුම දෙසට යොමුවෙන අවධානය තව වැඩි වෙනවා.  කොහේහරි උත්සව අවස්ථාවකට යද්දි ඇතැම් වෙලාවට ඔයා ඇඳලා ඉන්න ඇඳුම මදි වගේ කියාල හිතෙනවා නේද? එහෙම වෙලාවට හොදම දේ Brooch එකක් සවි කිරීම. එයින් ඔයාගේ ඇඳුමේ එළිය තව වැඩි වෙනවා. දැන් අලුත් Trend එකේ හැටියට Chain එකත් එකක්ම එන Brooch තමයි නවීන විලාසිතාව. පිරිමි පාර්ශ්වයට වෙඩින් එකකට යද්දි තමන්ගේ බ්ලේසරයට මෙවැනි අලංකාර Brooch එකක් එකතු ගත්තොත් වැඩි ආකර්ෂණයක් ලැබෙයි.

Hair Clips

කාන්තාවන් කාලයෙන් කාලයට විවිධ කොණ්ඩා මෝස්තර අත්හදා බලනවා. මේ කොණ්ඩා මෝස්තර සමඟම කොණ්ඩයට යොදන උපාංගත් ජනප්‍රියයි. සරල කොණ්ඩා මෝස්තරයක් තෝරගන්න කෙනෙකුට කොණ්‌‌ඩෙ සුන්දරත්වය වැඩි කරන්න මේ වගේ Hair Clips යොදාගන්න පුළුවන්. වෙඩින් එකකට එහෙම යද්දි කොයි වගේ කොණ්ඩ මෝස්තරයක්ද දාගන්නේ කියලා කාන්තාවන් හිතනවා. ඒ නිසාම විවිධ කොණ්ඩ මෝස්තර දාගන්න සැලූන් ගිහින් තමයි හැඩවැඩ වෙන්නේ. හැබැයි මේ වගේ Clips ඔයාගේ ළඟ තිබුණොත් ලස්සන චාම් කොණ්ඩ මෝස්තරයක් දාලා මෙවැනි Clips හරහා ඔයාගේ කොණ්ඩෙට සුන්දරත්වයක් එක්කර ගන්න පුළුවන්කම තියනවා. පාටියකට, වෙඩින් එකකට යද්දි එහෙම මේ වගේ Hair Clips ඔයා ළඟ අරන් තියාගන්න එක කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා දැනේවි.

Hair Bands

තරුණ ගැහැණු ළමයි අතරේ Hair bands ජනප්‍රිය දෙයක්. ගොඩාක් වෙලාවට කොණ්ඩෙ පහසුවෙන් තියාගන්න ලේසියෙන්ම දාගන්නේ Ponytail එකක්. ඉතිං Ponytail දාන්න නිතරම අවශ්‍ය වෙන්නේ හෙයාර් බෑන්ඩ්. එක එක ඇඳුමට එක එක පාට Hair Band දාන්න තමයි ගැහැණු ළමයි වැඩියෙන් කැමති. හැබැයි ලොකු හෙයාර් බෑන්ඩ්වලට වඩා දැන් බොහෝදෙනෙක් භාවිතා කරන්නේ සිහින් හෙයාර් බෑන්ඩ්.  හෙයාර් බෑන්ඩ් නිතර අවශ්‍ය වන උපාංගයක් නිසා මේ වගේ හෙයාර් බෑන්ඩ් සෙට් එකක්ම ගත්තා නම් වටිනවා නේද? මෙවැනි අලංකාර උපාංග Daraz වෙතින් ඔන්ලයින්ම සොයාගන්න.

Watches

කාන්තාවකගේ දෑතේ අත් ඔරලෝසුවක් නොවදරවා තියන දෙයක්. ගොඩාක් දෙනෙක් අත් ඔරලෝසු පුරුද්දට වගේත් පළඳිනවා. වෙලාව බලා ගන්නවාට වඩා විලාසිතාවක් හැටියට තමයි බොහෝ දෙනෙක් අත් ඔරලෝසු පළඳින්නේ.ඇඳුමට ගැළපෙන්න  විවිධ වර්ණවල අත්ඔරලෝසු පළඳින එක ලේසි දෙයක් නෙවෙයි. අපි ඇතැම් වෙලාවට රන් ආභරණ පළඳිනවා. තවත් වෙලාවට රිඳී ආභරණ තමයි පළඳින්නේ. ඉතිං රන් රිඳී දෙවර්ගයම මිශ්‍ර වුණු මේ වගේ අත් ඔරලෝසුවක් ගත්තොත් ඕනම ඇඳුමකට පළඳින්න පුළුවන්. විශ්වාසනිය වෙළෙඳ නාම සහිත මෙවැනි වටිනා උපාංග Daraz Mall වෙතින්ම මිලදී ගන්න.

Scarfs

දැන් ගැහැණු ළමයින්ගේ විලාසිතා අතර Scarf භාවිතයක් ජනප්‍රිය දෙයක්. තමන්ගේ ඇඳුම වර්ණවත් මදි කියලා හිතෙනවා නම් අමතර සුන්දරත්වයක් එකතු කරගන්න වර්ණවත් Scarf යොදාගන්න පුළුවන්. තනි වර්ණයේ ඇඳුමකට විවිධ වර්ණ අඩංගු Scarf අලුත් පෙනුමක් එකතු කරනවා. නවීන විලාසිතා උපාංග ගැන ඔයා උනන්දු වෙනවා නම් දැන් Scarf එකකුත් ඔයා ළඟ තියාගන්න අමතක කරන්න එපා.

Belts

අපි අඳින කලිසම් ටිකක් ලොකුයි වගේ නම් ඇඟේ ගානට ෆිට් කරගන්න Belt එකක් යොදාගන්නවා. ඒත් දැන් ගොඩාක්දෙනෙක් Belt අඳින්නේ ස්ටයිල් එකට. Trendy Accessory Styles අතර Belt බොහෝ දෙනෙක් භාවිතා කරන ජනප්‍රිය උපාංගයක් වෙලා. දැන් විවිධ මෝස්තර සහිත විවිධ වර්ණවල Belt තෝරාගන්න අවස්ථාව තියනවා. බ්ලවුස්, ෂර්ට්ස් කලිසමට යට කරලා අඳිනකොට වර්ණවත් Belt පැළඳුවාම ඔයාගේ ඇඳුමට ආකර්ෂණීයත්වයක් එකතු වෙනවා.

විලාසිතා ගැන උනන්දු වෙලා ඔයාලට ඇඳුම් පැළඳුම්වලට අමතරව තවත් සුන්දර හැඩවෙන්න අදහසක් දෙන්න තමයි Trending Accessory Styles හඳුන්වා දුන්නේ. Daraz Mall සමඟින් Shop කරලා ඔයාලට ගැළපෙන නවීන විලාසිතා උපාංග තෝරගන්න.

TikTok විලාසිතා Trends ගැන දැනගන්න Hottest TikTok Fashion Trends You Need to Know ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php