Daraz වෙතින් නිවසටම Must Read Books in 2022

Daraz වෙතින් නිවසටම Must Read Books in 2022

කියවන්න උනන්දු වෙන අය Must Read Books in 2022 ගැන හොයලා බලනවා. දැනුම වැඩි කරගන්න  Must Read Books in 2022 වැදගත් දෙයක්. 

ඔයාත් පොත් ලෝලියෙක් නම් Must Read Books in 2022 මිලදී ගන්න සොයනවාද?  දැන් Daraz වෙතින් ඔන්ලයින්ම Must Read Books in 2022 නිවසටම ගෙන්වාගෙන කියවන්න අවස්ථාව තියනවා.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියමන අපි අහලා තියනවානේ. එය පැරණි කියමනක් වුණාට අදටත් වලංගු වටිනා කියමනක්. ඇත්තෙන්ම කියවීම තුළින් හැමකෙනෙකුගේම දැනුම වැඩි වෙනවා. අද කාලයේ තරුණ පිරිස පොත්පත් කියවීමෙන් බොහෝවිට ඈත්වෙලා තියනවා. ස්මාර්ට් ෆෝන් එකට ලැප්ටොප් එකට හුරුවෙලා නිසා ගොඩාක් වෙලාවට දවස ගත කරන්න තෝරගන්නේ සමාජ මාධ්‍යයි. සමාජ මාධ්‍යයේ සැරිසරලා දැනුම එකතු කරගන්නවා වගේම පොත්පත් කියවීමේ පුරුද්දත් තියාගන්න පුළුවන් නම් එය වටිනා දෙයක්. තාමත් වැඩිහිටි අය පොත්පත් කියෙව්වාත් තරුණ පිරිස තරුණ පිරිස තමයි පොත්පත් කියවීමෙන් ඈත්වෙලා තියන්නේ.

දැනුම වැඩි කරගන්න වගේම විවේකය ඵලදායිව ගත කරන්නත් පොත්පත් වඩාත් කදිමයි. ඉස්සර නම් පොත් සාප්පුවලට ගිහින් නිදහසේ පොත් තෝරන එක ඇතැම් අයගේ විනෝදංශයක් වෙලා තිබුණා. ඒත් දැන් හැමදෙනාම ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක පොත් සාප්පුවල වැඩි වෙලාවක් ගත කරන්න කාලයක් නැති තරම්. පොත් සාප්පුවලට ගිහින් පොත් තෝරන්න තියන මැලිකම පොත්පත් කියවීමෙන් ඈත්වෙන්න  එක හේතුවක්. ඒත් ඔයාලා දන්නවාද? දැන් කැමතිම පොත් සාප්පුවල පොත්පත් Daraz වෙතින් ඔන්ලයින් ඕඩර් කරලා නිවසකටම ගෙන්වා ගන්න පුළුවන්. M.D. Gunasena, Vijitha Yapa, Samudra, Jeya Books ඇතුළු පොත් සාප්පුවලට අයත් විවිධ වර්ගයේ පොත් Daraz වෙතින් මිලදී ගන්න ලැබීම ඔයාට ලොකු පහසුවෙක් වේවි.

විවේකී වෙලාවට කියවන්න Daraz වෙතින් සොයාගන්න පුළුවන් විවිධ පොත් වර්ග මොනවාද බලමු.

Educational Books

විෂයට අදාළ කරුණුවලට අමතරව දැනුම වැඩිකර ගන්න අධ්‍යාපනික පොත් කියවන්න පුළුවන්. විෂය නිර්දේශයට අදාළ පොත් පාසලෙන් ලැබුණාත් ඊට එහා ගිය දැනුමක් සොයන අයට අමතර පොත් වැදගත් වෙනවා. විශේෂයෙන් උසස් පෙළ වගේ තරගකාරි විභාගවලින් විශිෂ්ට ජයක් ලබන්න විශාල දැනුමක් එකතු කරගන්න අවශ්‍යයි. ඒ නිසාම විභාගවලට හොඳින් මුහුණ‌ දෙන්න අමතර දැනුමක් එක්කර ගන්න මේ වගේ පොත් අධ්‍යාපනය ලබන සිසුන්ට වඩාත් ප්‍රයෝජනවත්. තමන් හදාරන විෂයන්ට අදාළ අමතර  දැනුමක් එක් කරන අධ්‍යාපනික පොත් දැන් Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න ලැබෙන එක ඔයාගේ අධ්‍යාපනයට කොතරම් නම් පහසුවක්ද?

Translated Books

පොත් කියවීම විනෝදාංශයක් කරගත් අය විවිධ විදියේ පොත් වර්ග කියවන්න ආස කරනවා. ඒ අතරින් පරිවර්තන කෘති පොත් ලෝලීන් අතර වඩාත් ජනප්‍රියයි. ඇතැම් පොත් අපිව වෙනස් ලෝකයකට රැගෙන යනවා.  පරිවර්තන කෘති හරහා පාඨකයන්ට පිරිනමන්නේ අලුත් අත්දැකීමක්. ඔයාත් පරිවර්තන කෘති කියවන්න කැමති කෙනෙක්ද? පැරණි වගේම අලුත් රචක රචිකාවියන්ගේ පරිවර්තන කෘති දැන් Daraz වෙතින්ම තෝරගන්න.

Sinhala Novels

තමන්ගේ විවේක කාලය ගත කරන්න එක් එක් අය විවිධ විනෝදාංශ තෝරගන්නවා. ඒ අතරින් පොත් කියවීම ඔයාගේ විනෝදාංශ අතරට එකතු වෙලා තියනවාද? විනෝදාංශයක් හැටියට පොත් කියවන බොහෝදෙනාගේ තේරීම වෙන්නේ නවකතා පොත්. ආදරය, ‌සෙනෙහස පිරුණු පැරණි නවකතා අදටත් ජනප්‍රියයි. නවකතා කියපු සැණින් අපේ මතකයට නැඟෙන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතා හැම කෙනෙක්ම කියවිය යුතුම පොත් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔයාට තාමත් මෙවැනි පොත් කියවන්න බැරිවුණා නම් හරි නැවතත් මේ වගේ නවකතා කියවලා ඒ අත්දැකීම විඳින්න කැමති නම් මෙවැනි පොත් ඔන්ලයින්ම හොයාගන්න හොඳම තැන Daraz.

English Story Books

අද කාලේ ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. ඉංග්‍රීසි දැනුම වැඩිකර ගන්න හොඳම ක්‍රමය තමයි ඉංග්‍රීසි පොත් කියවීම. ඉංග්‍රීසි පොත් කියවද්දි පහසු ඉංග්‍රීසියෙන් ලියපු පොත් තෝරගත්තොත් ඉංග්‍රීසි විෂයට ආධුනික කෙනෙකුට වුණාත් තේරුම් ගැනීම පහසු වෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි සාහිත්‍ය හදාරනවා නම්, ඉංග්‍රීසි සාහිත්‍ය ගැන උනන්දු වෙනවා නම් එවැනි සිසුන්ටත් මේ වගේ පොත්  වඩාත් සුදුසුයි. ඒ නිසා ඔයා කියවන පොත් වර්ග අතරට ඉංග්‍රීසි කතා පොත් එකතු කරගන්නත් අමතක කරන්න එපා.

Religious Books

ආගම දහමට වැඩිපුර ළැඳි අය ආගමික පොත්පත් කියවන්නත් කැමත්තක් දක්වනවා. විශ්‍රාම දිවියක් ගත කරන බොහෝ වැඩිහිටියන් තමන්ගේ විවේකී වෙලාව ගත කරන්න පොත්පත් කියවන්න යොමුවෙනවා.  බොද්ධාගමට අදාළව වගේම වෙනත් විවිධ ආගම්වලට අදාළ පොත් මේ වෙද්දි ලියවිලා තියනවා.  ඔයාත් ආගමික පොත් කියවන්න කැමති කෙනෙක් නම් පොත් සාප්පු ගානේ දැන් යන්න අවශ්‍ය නෑ. Daraz වෙතින් ‌ඔන්ලයින්ම පොත් ගෙදරටම ගෙන්න ගන්න.

Historical Books

ඉතිහාසය ගැන විස්තර හොයන්න ඇතැම් දෙනා වැඩිපුර ආස කරනවා. තරුණ පිරිස අතරත් ඉතිහාසයට ඇලුම් කරන බොහෝදෙනක් ඉන්නවා.  ඉතිහාසය ගැන කරුණු හොයාගන්න තියෙන එකම විදිය ඉතිහාස පොත් කියවීමයි. අපේ රටේ ඉතිහාසය මුල්කරගෙන පොත් රැසක් ලියවිලා තියනවා. මහාවංශය, චූලවංශය, බෝධිවංශය, ථූපවංශ වැනි පොත් ලාංකික අපි කියවිය යුතුම පොත්. ඉතිහාසයට ඇලුම් කරන ඔයාලාට ඵෙතිහාසික තොරතුරු ඇතුළත් මෙවැනි පොත් Daraz එකෙන් ඔන්ලයින් සොයාගන්න කදිම අවස්ථාවක් තියනවා.

Fiction Books

දැන් කාලේ තරුණ තරුණියන් පොත් කියවීමෙන් ඈත්වෙලා හිටියාට ප්‍රබන්ධ කතා කියවන්න නම් බොහෝදෙනෙක් කැමතියි. නවකතාවකට වඩා මෙවැනි පොත්වල තියන වෙනස තමයි පාඨකයා තුළ බියක්, කුතුහලයක් හා ත්‍රාසයක් ප්‍රබන්ධ කතා මඟින් එකතු කිරීමයි. ප්‍රියතම මනඃකල්පිත ලෝකයට ඇතුළු වෙලා වෙනස්ම විදියේ අත්දැකීමක් විඳින්න ප්‍රබන්ධ කතා උපකාරී වෙනවා. පර්සි ජැක්සන් සහ කැසැන්ඩ්‍රා ක්ලෙයාර් වැනි ප්‍රසිද්ධ කතුවරුන්ගේ  විවිධ වර්ගවල ප්‍රබන්ධ ඔයා කැමතිම පොත් අතරට එක්කර ගන්න. විවේකී වෙලාවට අමුතුම අත්දැකීමක් පොතකින් අත්විඳින්න ප්‍රබන්ධ කතා හොඳම තේරීමයි.

Horror Books

ඇතැම් අය ත්‍රාසජනක පොත්පත් කියවීමට ඇලුම්කමක් දක්වනවා.  ත්‍රාසය, භීතිය පිරි අභිරහස් කතා සහිත පොත් කියවන්න කැමති අය වෙනුවෙන් විවිධ පොත් වර්ග නිර්මාණය වෙලා තියනවා. පාසල් යන වයසේ දරුවන්, තරුණ පිරිස් විතරක් නෙවෙයි වැඩිහිටි අය පවා ඇතැම් වෙලාවට Horror Books  කියවන්නේ හරිම කුතුහලයෙන්. විනෝදංශයක් හැටියටත් මේ වගේ පොත් කියවන්න කැමති පිරිසක් ඉන්නවා.  මෙවැනි පොත් ගන්න පොත් සාප්පුවලට යන්න විදියක් නැතුවද ඔයා ඉන්නේ? ඔන්ලයින් ඕඩර් කරලා ඔයාගේ දොරකඩටම මේ පොත් ගෙන්න ගන්න Daraz එකේ Shop කරන්න.

Cookery Books

උයනපිහන එක දිනපතා කරන දෙයක් වුණාට සැබැවින්ම ඉවුම්පිහුම් කියන්නේ කලාවක්. ඇතැම් කාන්තාවන්ට දිනපතා උයන එක කරදරයක් හැටියට දැනුනාට සමහර අය නම් ඉවුම්පිහුම් කටයුතු කරන්නේ හරිම ආසාවෙන්. විවිධ විදියේ කෑම රෙසිපි අත්හදා බලන්න ඔවුන් වැඩිපුර ආස කරනවා. ඉතිං ඔයාත් ඉවුම්පිහුම් කලාවට කැමති කෙනෙක් නම් Cookery Books කියවන්න වඩාත් කැමති වෙයි. ඒ වගේම තමයි උයන්න දන්නැති කෙනේකට වුණාත් Cookery Books කියවලා උයන්න පුරුදු වෙන්න පුළුවන්.  අලුතින් විවාහා වෙලා අලුත් නිවසකට යන තරුණියක් ගාව Cookery Book එකක් තියාගත්තොත් වඩාත් හොඳයි නේද? ඔන්න එහෙනම් ඉවුම්පිහුම් පොත් කියවලා රසවත් රෙසිපි අත්හදා බලන්න.

Languages Books

සිංහල හා ඉංග්‍රීසි භාෂාවලට අමතරව තවත් භාෂා දැනගෙන තියන එක ඔයාගේ වෘත්තිය ජීවිතයට වටිනා දෙයක් වේවි.  දැන් බොහෝ දෙනා විවිධ භාෂා ඉගෙන ගන්න උනන්දු වෙනවා. පාසල් සිසුන්ටත් උසස් පෙළ සඳහා භාෂා හදාරන්න අවස්ථාව තියනවා. වෘත්තිය ජීවිතයට වැදගත් වෙන නිසා භාෂා හදාරනවා වගේම විවිධ භාෂා Passion එකක් හැටියටත් ඉගෙන ගන්න කැමති පිරිසක් ඉන්නවා.  භාෂාවන් ඉගෙන ගන්න කැමති අයට අත්වැලක් වෙන විවිධ භාෂා පිළිබඳ දැනුම ඇතුළත් පොත් ඔන්ලයින්ම මිලදීගෙන කියවන්න.

Daraz එකේ Shop කරලා ඔයාට අවශ්‍ය හැමදේම මිලදී ගන්න අතරතුරේ පොත්පතුත් දැන් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා කියලාත් අමතක කරන්න එපා. ඔයාගේ විවේකය ඵලදායිව ගත කරන්නත් අමතර දැනුමක් එක්කර ගන්නත් විවිධ වර්ගවල පොත් Daraz වෙතින්ම සොයාගන්න. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න.

පාසල් සිසුන්ට අවශ්‍ය වන පාසල් පොත් ඇතුළු උපකරණ ගැන දැනගන්න Stationery Items Checklist For Every Student ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php