නත්තල් සමයේ පහසු මිලට Home Appliances

නත්තල් සමයේ පහසු මිලට Home Appliances

නිවසක වැඩ කටයුතු පහසු කරගන්න විවිධ Home Appliances භාවිතා කරනවා. අලුත් Home Appliances මිලදී ගන්න දැන් හොඳම කාලයයි.

මේ නත්තල් සමයේ හොඳම මිලට Home Appliances සොයනවාද? Daraz Grand Christmas sale සමඟින් Home Appliances සඳහා විශේෂ වට්ටම් හිමිකර ගන්න.

Daraz Grand Christmas Sale දැන් අත්විඳින්න

මෙදා සැරේත් Daraz වෙතින් නත්තල් අසිරිය ඔබේ දොරකඩටම. 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Grand Christmas Sale දෙසැම්බර් 12 සිට. විලාසිතා, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන අතුරින් අවශ්‍ය හැමදේම තෝරගන්න.  බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Debit කාඩ් එකෙන් Shop කරද්දි අමතර 25%ක වට්ටමක් (කොන්දේසි සහිතයි). ඒ නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz එකේ අලුතින් Shop කරන්න එකතුවෙන අයට පළවෙනි මිලදී ගැනීමට රු. 200ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. තවත් සුවිශේෂී දිමනා හා පුදුම හිතෙන Deals අත්විඳින්න.

Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

One Rupee Game එකෙන් වටිනා තෑගි

එක රුපියලයකින් අඟල් 32 HD TV, Galaxy M10, වටිනා Casio Watch එකක් දිනාගන්න කැමතිද?

එහෙනම් Daraz App  එකෙන් Daraz Grand Christmas Sale සමයේ One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

ගෘහ උපකරණවලට 45%ක් දක්වා වට්ටම්

Daraz Grand Christmas Sale වෙතින් LG, Innovex, LG, Hisense, Abans, Geepas, Singer, ELBA, Unilever Pureit, Arpico, Sisil, NIKAI, Universal, Pigeon, AIRSONIC, Nippon, Prestige, Kawashi, National, Samsung, Xiaomi MI, Ariston, Midea, Earth Star, Den-b, Indesit, Surya, Krypton, Tecsonic, Sokany, Bowei, Panasonic, Bajaj, Taiko, Range, OLik, Black & Decker, Delmege, Richsonic, Sharp, and Hafele, Midea වෙළෙඳ නාම සඳහා 45%ක් දක්වා වට්ටම්.  නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

Fridge

ෆ්‍රිජ් එකක් දැන් කාලේ නිවසකට නැතුවම බැරි ගෘහ උපකරණයක්. නත්තල් කාලේ ගෙදර කෑම බීම කොහොමත් වැඩිපුර තියාගන්න වෙනවා. බීම ජාති, අයිස්ක්‍රීම් ජාති, මස්මාළු, බිත්තර, එළවළු මේ හැමදේම Store කරන්නේ ෆ්‍රිජ් එකේ. ඔයාගේ ගෙදර තාමත් තියන්නේ පරණ ෆ්‍රිජ් එකක් නම් කරන්ට් බිලත් වැඩි වෙනවා. ඒ නිසා අලුත් ෆ්‍රිජ් එකකට මාරු වෙන එක වඩාත් හොඳයි. මේ දවස්වල Daraz නත්තල් සේල් එකෙන් විශේෂ වට්ටම් හිමිවෙන නිසා පහසු මිලකට හොඳම ෆ්‍රිජ් එකක් ඔයාගේ නිවසට එක්කර ගන්න.

Microwave Oven

විවිධ විදියේ කෑම වර්ග හදන්න මයික්‍රොවේව් අවන් එකක් ප්‍රයෝජනවත් උපාංගයක්. නත්තල් කාලෙට ගෙදරට එන අමුත්තන්ට රසවත් කෑම ජාතිවලින් සංග්‍රහ කරන්න අපි කැමැතියිනේ. ඉතිං එක එක විදියේ කෑම වර්ග අත්හදා බලන්න ගැළපෙනම උපකරණයක් තමයි මයික්‍රොවේව් අවන් එක. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් ආස උණු උණුවෙන් කෑම කන්න. ඒත් එක එක්කෙනා ගෙදර එන වෙලාවන් වෙනස් නිසා හැමෝටම උණුවෙන් කන්න ලැබෙන්නේ නෑ. හැබැයි මයික්‍රොවේව් අවන් එකක් තිබුණොත් කලින් හදලා තිබුණ කෑම අපිට අවශ්‍ය වෙලාවට රත් කරලා උණුවෙන් කන්නත් පුළුවන්. තාමත් ඔයාගේ ගෙදර මයික්‍රොවේව් අවන් එකක් නැත්තම් මේ නත්තල් සමයේ මිලදී ගමු නේද?

Coffee Maker

නිතර කෝපි හෝ තේ පානයට අපි හුරුවෙලා ඉන්නවා.  ගෙදරට අමුතේතෙක් ආවාමත් අපි සංග්‍රහ කරන්නේ තේ හෝ කෝපි එකකින්. ඒ වගේම තමයි අපි දවසම මහන්සි වෙලා වෙහෙස නිවාගන්නත් ගොඩාක් වෙලාවට තෝරගෙන්නේ කෝපි පානය.  ඉතිං නිතරම කෝපි හදන ඔයාගේ ගෙදර Coffee Maker එකක් තිබුණොත් කොතරම් නම් පහසු වෙයිද?

Hand Mixer

නත්තල් කාලෙට කේක් ජාති, පුඩින් ජාති මේ හැමදේම වෙනදාට වඩා හදන්න වෙනවා. ක්‍රීම් විප් කරන්න, බිත්තර ගසා ගන්න, කේක් බැටර් සහ කුකී පිටි මිශ්‍ර කරන්නත්, සලාද සැරසිලි නිර්මාණය කරන්නත් Hand Mixer එකක් වඩාත් සුදුසුයි. ඒ නිසා මෙය නත්තල් කාලෙට අවශ්‍යම උපකරණයක් කියන්න පුළුවන්. කල්පැවැත්මක් සහිත හොඳම කොලිටියේ මෙවැනි උපකරණ ගන්න හොඳම අවස්ථාව තමයි Daraz නත්තල් සේල් එක.

Toaster

ගොඩාක් දෙනා ලේසියෙන්ම හදාගන්න කෑමක් තමයි සැන්ඩ්විච්. විවිධ වර්ගයේ සැන්ඩ්විච් අත්හදා බලන්න ටෝස්ටරය කදිම උපකරණයක්. පාන් ඇතුළට විවිධ ජාති දාලා සැන්ඩ්විච් හැඳුවාම ටිකක් වෙලා යද්දි ඒවායේ රසය නැති වෙනවා. හැබැයි ටෝස්ට් කරොත් නම් ගොඩාක් වෙලා වුණාත් ඒ සැන්ඩ්විච්වල රසයේ කිසි අඩුවක් නැතුවම තියාගන්න පුළුවන්. රසවත් සැන්ඩ්විච් හදලා ටෝස්ට් කරලා නත්තල් කාලෙට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වමු නේද?

Washing Machine

නත්තල් කාලෙට ගෙදරදොරේ වැඩ කටයුතු වෙනදාටත් වඩා වැඩි වෙනවා.  ඒ වැඩ කටයුතු අතර හැම කෙනෙක්ටම කරන්න වෙන වැඩක් තමයි රෙදි සෝදන එක. ‌රෙදි ගොඩගැහිලා කාමරවල රෙදි පිරිලා තිබුණාම මුළු ගෙදරම අපිළිවෙළ වෙනවා. මේ දවස්වලට ගෙදරට කට්ටියත් වැඩියෙන් එන නිසා නිවස පිළිවෙළට තියාගන්න අවශ්‍යයි.  දැන් ඉස්සර වගේ රෙදි හෝදන්න වැඩි මහන්සියක් වෙන්න ඕන නෑ.  වොෂින් මෙෂින් එකක් තිබුණාම ගෙදර හැමෝගෙම රෙදි පිළි, ඇඳ ඇතිරිලි කොට්ට උර වගේ කළමනාත් හරිම පහසුවෙන් හෝදගන්න පුළුවන්. මේ දවස්වල හැමදේම මිල ගණන් වැඩිවෙලා තියන නිසා වොෂින් මෙෂින් එකක් අලුතෙන් ගන්නවා කියලා හිතද්දි මුදල් නේද ගැටලුව? ඔයාට එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු නම් Daraz Grand Christmas Sale එකෙන් මාසිකව ගෙවන්නත් මෙවැනි උපකරණ මිලදී ගන්න කදිම අවස්ථාවක් තියනවා.

Steam Iron

නත්තල් කාලෙට Shopping ගිහින් විවිධ විදියේ ඇඳුම් ගන්නවා නේද? හැබැයි ඉතිං ඒ ඇඳුම් පිළිවෙළකට මැඳලා ඇඳගෙන ගියොත් තමයි ඇඳුම්වලට වැඩි එළියක් එක් වෙන්නේ. රෙදිපිළි සෝදගන්න වොෂින් මෙෂින් එකක් අවශ්‍යයි වගේම ඒ ඇඳුම් පිළිවෙළකට ඇඳගෙන යන්න Iron එකකින් මඳින්න වෙනවා. Iron එක හරියට වැඩ කරේ නැති වුණොත් ඇඳුම් මැද්දාට වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා හොඳ කොලිටියේ  Steam Iron එකක් මෙවර Daraz නත්තල් සේල් එකෙන් සොයාගන්න.

Water Heater

දෙසම්බර් මාසය අපි හඳුන්වන්නෙත් සීතළ දෙසැම්බරය කියලායි. මේ නත්තල් මාසයේ සීතළ අපිට තදින්ම දැනෙනවා. ඉතිං සීතළ වැඩි වුණාම ඇඟ සෝදනවා, නානවා කියන්නෙත් ඇඟට තව සීතළ වැඩි වෙන දෙයක්. හැබැයි දිනපතා ඇඟ සෝදන එක නාන එක අපේ පුරුද්දක්. සීතළ වතුර වෙනුවට මේ කාලෙට උණු වතුරෙන් නාන්න පුළුවන් නම් වඩාත් හොඳයි නේද? වතුර රත් කරලා උණු වතුර ගන්න එක ටිකක් වෙලා යන වැඩක්. ඒ නිසා උණු වතුර භාවිතා කරන්න තියන හොඳම විදිය තමයි Water Heater එකක් තියාගන්න එක. මේ නත්තල් කාලයේ විශේෂ වට්ටම් සමඟින් Water Heater එකක් Daraz එකෙන්  ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න.

Daraz Grand Christmas Sale සමඟින් Shop කරලා ඔයාගේ නිවසට අවශ්‍ය කරන ගෘහ උපකරණ පහසු මිලට තෝරගන්න. තව තවත් බලාගෙන ඉන්න එපා. දැන්ම Daraz නත්තල් සේල් එකේ Shop කරන්න.

නත්තල් සමයේ නිවසට අවශ්‍ය එදිනෙදා කළමනාවලට හිමිවෙන වට්ටම් ගැන දැනගන්න නත්තල් කාලේ අඩුම මිලට Daily Essentials ගෙදරටම ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php