නත්තල් සිරියෙන් හැඩ කරන්න Daraz වෙතින් Christmas Accessories

නත්තල් සිරියෙන් හැඩ කරන්න Daraz වෙතින් Christmas Accessories

නත්තල හැඩ කරන්න විවිධ Christmas Accessories යොදාගන්නවා. නත්තල් කාලෙට හැමෝම අතර Christmas Accessories ජනප්‍රියයි.

මේ නත්තල් සමයේ ඔයාලාත් Christmas Accessories සොයනවාද? දැන් Daraz වෙතින් ඔන්ලයින් ඕඩර් කරලා Christmas Accessories ගෙදරටම ගෙන්න ගන්න.

අසිරිමත් නත්තල උදාවෙන්න තව ටික දවසයි තියන්නේ. හැමෝම ළඟම එන නත්තලට කඩිමුඩියේ සූදානම් වෙනවා. නත්තල් සමය කියන්නේ කවුරුත් විනෝදයෙන් ගත කරන කාලයක්. නත්තලට ආගම් භේදයකින් තොරව හැමෝම ලෑස්ති වෙන්නේ හරිම කැමැත්තෙන්. මේ කාලෙට විශේෂයෙන් සතුටු වෙන්නේ කුඩා දරුවන්. නත්තල් සීයා තෑගි ගෙනත් දෙනකන් ඔවුන් බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. නත්තලට රසවත් කෑමබීම නිවෙස්වල හදනවා වගේම මුළු පරිසරයම නත්තල් සිරියෙන් හැඩවෙද්දි තම තමන්ගේ නිවෙසුත් නත්තල් සැරසිලිවලින් අලංකාර කරගන්න හැමදෙනාම උනන්දු වෙනවා.

නත්තල් සැරසිලි අතර නත්තල් ගස නොවරදින දෙයක්. හැමතැනම නත්තල් ගස් දකින්න ලැබෙද්දි නිවෙස්වලටත් නත්තල් ගසක් එකතු කරගන්න පුංචි දරුවන් ආස කරනවා. තවත් විවිධ උපාංග යොදාගෙන පවුලේ හැමෝම සමඟින් එකතු වෙලා මේ නත්තල් ගස සරසන එක විනෝදජනක දෙයක් වෙනවා. නත්තල් කාලෙට ගෙදරට එන අමුත්තන් පිරිසක් වැඩිවෙන නිසා මේ කාලෙට ගෙදර අලංකාරව සරසගන්න එක ගැන අපිට කොහොමත් හිතන්න වෙනවා. නත්තල් සමයේ අවශ්‍ය වෙන අලංකාර නත්තල් සැරසිලි, නත්තල් සුබපැතුම්පත් ඇතුළු උපාංග හොය හොයා වෙ‌ළෙඳසැල් ගානේ තාමත් ඇවිදිනවාද? ඒත් දැන් ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ. නත්තල හැඩ කරන Christmas Accessories සියල්ල Daraz වෙතින් පහසුවෙන්ම ගෙදරට ගෙන්වා ගන්න කදිම අවස්ථාවක් තියනවා.

තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා මෙදා සැරේ නත්තලට අවශ්‍ය සැරසිලි උපාංග Daraz වෙතින් ඔන්ලයින්ම සොයගන්න.

Christmas Trees

නත්තල් ගස කියන්නේ නත්තල සමඟ විශේෂයෙන්ම බැඳුණු දෙයක්. නත්තල මතක් කරද්දි නත්තල් ගස අපි කාගේත් මතකයට නැඟෙනවා. නිවසක නත්තල් සැරසිලි අතරට නත්තල් ගස අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. නත්තල් සමය පටන් ගනිද්දිම ගෙදර නත්තල් ගසක් හදාගන්න වැඩියෙන්ම ආස කරන්නේ පුංචි දරුවන්. නත්තල් අසිරිය වැඩියෙන් දැනෙන්න ඇතැම් දෙනා විශාල නත්තල් ගස් තෝරගන්නවා. නිවසක ඇතුළාන්තයේ වගේම මිදුලේත් කෘතිම නත්තල් ගස් සවි කරන්න පුළුවන්. ඉතිං ඔයාගේ නිවසට ගැළපෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණයේ නත්තල් ගස් Daraz  වෙතින් තෝරගන්න.

Desktop Christmas Trees

වෙනස් විදියේ නත්තල් සැරසිලිවලට කැමති කෙනෙක්ට මේ වගේ උපාංග වටිනා දෙයක් වේවි.  ලීවලින් හදපු Desktop Christmas Tree එකක් ඔයාගේ කාමරයේ තියාගන්න කැමතිද? ඔයාගේ නිදන කාමරයේ හෝ සාලයේ මේසය මත විවිධ අත්‍යවශ්‍ය කළමනා තියෙන්න පුළුවන්. ඊට අමතරව මේ නත්තල් සමයේ මේ වගේ අලංකාර උපාංග තිබුණොත් නත්තල් අසිරිය තවත් ළඟින්ම දැනේවි. ඒ වගේම තමයි නත්තල් කාලෙට නෑදැ හිතමිතුරන්ට දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලාත් අපි හිතනවානේ. ඔන්න කෙනෙක්ට තෑගි කරන්නත් මේ වගේ දෙයක් වඩාත් සුදුසුයි. සිහිවටනයක් හැටියට හැමදාම මතකයේ රැඳෙනවා වගේම මේ නත්තල් කාලෙට හොඳින්ම ගැළපෙනවා.

Christmas Cookery Holders

නත්තල් කාලෙට ගෙදරට අමුත්තන් ආවාම රසවත් කෑම බීමවලින් අපි සංග්‍රහ කරනවා. කෑම බීමවල රසවත් බව වගේම අපි කෑමක් කෙනෙක්ට පිළිගන්වන විදියෙන් තමයි ඒ සංග්‍රහය තවත් සම්පූර්ණ වෙන්නේ. කෑම වේලකට නෑදෑ හිත මිතුරන්ට ආරාධනා කළාම අපි කෑම‌ මේසයත් අලංකාර විදියට සකස් කරන්න අවශ්‍යයි. ඉතිං මේ නත්තල් කාලේ කෑම මේසය නත්තල් සිරියෙන් හැඩ කරන්න මේ වගේ අයිටම්ස් කොතරම් නම් වටිනවාද කියලා හිතන්නකො. කෑම මේසයේ හැඳි, ගෑරුප්පු පිළිවෙළට තියන්න Mini Hats හැඩැති මේ Holders යොදාගන්න පුළුවන්. කෑම මේසය නත්තල් සිරියෙන් හැඩ කරන්න මේ වගේ අයිතමයන් වඩාත් ප්‍රයෝජනවත් උපාංග වෙනවා.

Santa Hats

නත්තල් තොප්පි පළඳින්නේ නත්තල් සීයා විතරක් නෙවෙයිනේ. දැන් නත්තල් කාලෙට හැමෝම නත්තල් තොප්පි පළඳිනවා. කුඩා ළමුන් විතරක් නෙවෙයි තරුණ, වැඩිහිටි අය අතරේත් නත්තල් තොප්පි ජනප්‍රියයි. නත්තල් සාදවලදී ගොඩාක්දෙනා නත්තලට ගැළපෙන ඇඳුම්වලින් සැරසෙද්දි නත්තල් තොප්පි එකතු කරගන්නත් අමතක කරන්නේ නෑ. නත්තල් සිරියෙන් හැඩවෙන්න නත්තල් තොප්පි අඟනා උපාංගයක්. මේ නත්තලේ ඔයාට අවශ්‍ය කරන නත්තල් තොප්පි Daraz එකෙන්ම ඕඩර් කරලා ගමු නේද?

Christmas Decoration Bows

නත්තල් ගස සරසන්න විවිධ උපාංග අවශ්‍ය වෙනවා. ඒ අතරට මේ වගේ අලංකාර Bows එකතු කරගන්න පුළුවන්. නත්තල් ගස එළිය කරන්න ඔයා කැමති වර්ණවලින් තෝරාගන්න. ඒ වගේම තමයි නත්තලට අපි කෙනෙක්ට තෑග්ගක් පිරිනමද්දි එය ආකර්ෂණීය විදියට ඔතන්න වෙනවා. නත්තල් තෑග්ගක් සිත් ඇඳගන්න විදියට සරසන්නත් මේ Bows එක් කරගන්න පුළුවන්.  ආකර්ෂණීය සැරසිලි උපාංග අතර මේ නත්තල් සමයේ මෙවැනි අයිටම්ස්  ගෙදරටම ගෙන්වා ගන්න ලැබෙන එක කොයිතරම් නම් පහසුවක්ද?

Fairy Lights

නත්තල් සැරසිලි අතර LED Lights වැඩි වශයෙන් භාවිතා වෙන උපාංගයක්. නත්තල් ගස සරසන්නත් මෙම ලයිට්ස් යොදාගන්නවා. නත්තල් ගස වැඩියෙන් ආලෝකමත් වෙන්නේ මෙම උපාංග හරහායි. ඒ වගේම නත්තල් සාද එළිය කරන්නත් මෙම Fairly Lights භාවිතා වෙනවා. නත්තල් සිරියෙන් පරිසරයම හැඩ කරන්න නත්තල් සැරසිලි අතරට මේ  වගේ කළමනා අත්‍යවශ්‍යයි.

Christmas Label Tags

නත්තල් කාලේ පටන් ගනිද්දි නත්තල් තෑගි ලැබෙනවා කියලා මතක් වෙද්දිත් හිතට සතුටක් දැනෙනවා නේද? පුංචි ළමයි නම් වැඩිපුරම නත්තලට ආස කරන්නේ නත්තල් තෑගි ලැබෙන නිසායි. නත්තල් සීයාගෙන් ලැබෙන තෑග්ගට අමතරව දෙමාව්පියෝ, නෑදෑයොන්ගෙනුත් මේ කාලෙට තෑගි ලැබෙනවායි කියලා ඔවුන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. තෑග්ගක් අතට ලැබුණාට පස්සේ ඒ තෑග්ග ඇතුළේ තියන්නේ මොනවාද කියලා අපි දකින්නේ පසුවයි. හැබැයි තෑග්ගක් ඔතලා තියන විදියෙන් තමයි තෑග්ග දැක්ක ගමන් අපේ හිත ඒ වෙතට ඇඳිලා යන්නේ. ඉතිං ඒ නිසා නත්තලට තෑගි දෙද්දි ඒ තෑගි ආකර්ෂණීය විදියට සරසලා දෙන්නත් අමතක කරන්න එපා. තෑගි අලංකාරව සරසන්න මේ වගේ Christmas Tags යොදාගන්න. මේ වගේ කළමනා දැන් Daraz වෙතින් මේ  නත්තල් කාලේ ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න.

Home Decorations

නත්තල් අසිරියට ගැළපෙන්න ඔයාගේ නිවසත් සුන්දරව නිර්මාණය කරගන්න කැමතියි නේද? මේ වගේ Decorations නිවසේ ඕනෑම අංගයකට යොදාගන්න පුළුවන්. නිවසේ සාලයේ, කාමරවල, මුළුතැන්ගෙයි බිත්තිවල මේ වගේ සැරසිලි සවි කරන්න. මෙැවනි සැරසිලි නත්තල් කාලේ ඔයාගේ නිවස නත්තල් සිරියෙන් එළිය කරන්න ප්‍රයෝජනවත් උපාංග වෙනවා. ගෙදරට අමුත්තන් අතුළු වෙද්දි ඔවුන්ගේ සිත්වලට නත්තල් හැඟීම දැනෙන්න ඔයාගේ නිවස නත්තලට ගැළපෙන්න සරසා ගන්න.

Christmas Cards

“සුබ නත්තලක් වේවා’’ යන්න නත්තල් කාලේ හැමෝගෙම පැතුමයි. ඒ නිසාම තමන්ගේ නෑදෑ හිතමිතුරන් අතරේ මේ සුබ පැතුම් බෙදාගන්නවා.  නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ දැන් සුබ පැතුම් යවන්න ක්‍රම රැසක් තිබුණාත් එදා පටන් කවුරුත් හුරුවෙලා හිටියේ සුබ පැතුම්පත් හුවමාරු කරන්නයි. තාමත් ඒ නිසාම සුබ පැතුම්පත් හුවමාරු කරන පිරිසක් ඉන්නවා. නත්තලට තෑගි දෙද්දි ඒ සමඟම සුබ පැතුම්පතක් දෙන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ඒ වගේම දුර ඉන්න කෙනෙකුටත් නත්තලට සුබ පතන්න සුබ පැතුම්පතක් යවන්න පුළුවන්.  අලංකාර නත්තල් සුබ පැතුම්පත් දැන් Daraz වෙතින් මිලදී ගන්න.

Window Stickers

පොඩ්ඩො නත්තල් සැරසිලිවලට වැඩියෙන් ආස කරනවා. ඒ නිසා පුංචි දරුවන් ඉන්න නිවෙස් තුළ කාමරවල මේ වගේ Window Stickers අලවලා නත්තල් අසිරියට ගැළපෙන්න සුන්දරව සරසන්න පුළුවන්. මේ ස්ටිකර්ස් බිත්තිවල ඇලෙව්වාට බිත්තිවලට කිසිඳු හානියක් වෙන්නෙත් නෑ. නිවෙස් විතරක් නෙවෙයි නත්තල් කාලෙට හැම කාර්යාලයක්ම නත්තල් සැරිසිලිවලින් හැඩ කරනවා. ඉතිං ඔයා වැඩ කරන ඔෆිස් එකටත් ගැළපෙන නත්තල් සැරසිලි සොයනවා නම් මේ වගේ Window Stickers කාර්යාල සරසන්නත් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් වෙළෙඳ සාප්පුවල ජනේලවල අලවන්නත් මෙවැනි ස්ටිකර්ස් වඩාත් සුදුසුයි.

ළඟම එන නත්තලට සූදානම් වෙන්න නත්තල් සැරසිලි උපාංග සොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි අපි Christmas Accessories හඳුන්වා දුන්නේ. මේ සියල්ල පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම  Daraz සමඟින් Shop කරන්න.

නත්තල් කෑම මේසය රසවත් කරන රෙසිපි ගැන දැනගන්න නත්තල් කෑම මේසය රසවත් කරන Christmas Recipes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php