නත්තල් කෑම මේසය රසවත් කරන Christmas Recipes

නත්තල් කෑම මේසය රසවත් කරන Christmas Recipes

නත්තල් කෑම මේසය රසවත් කරන්න විවිධ Christmas Recipes යොදාගන්න පුළුවන්. නත්තල් සමයේ Christmas Recipes කා අතරත් ජනප්‍රිය දෙයක්.

ඔයාලාත් මේ නත්තල් කාලේ Christmas Recipes ගැන සොයනවාද? විවිධ Christmas Recipes හදන්න අවශ්‍ය හැමදේම Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න.

නත්තල් සමය කියන්නේ කවුරුත් ප්‍රීතිමත් වෙන කාලයක්. නත්තල් දවස්වලට මුළු පරිසරයම නත්තල් සිරියෙන් බැබළෙනවා.  නත්තල සමරන්න යාළුවෝ, නෑදෑ හිත මිතුරන් හැමෝම එකට එකතු වෙන නිසාම නත්තල් සමයේ ගෙදරට අමුත්තන්  වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඉතිං මේ එන අයට හොඳින් සංග්‍රහ කරන්නත් එපැයි. කොහොමත් නත්තල් කාලෙට නිවෙස්වල විවිධ කෑම ජාති හදනවා.  ගෙදර අයට රසවිඳින්නත් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මේ රෙසිපි ටික අත්හදා බලමුද? මේ රෙසිපි හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

දැන් ඉස්සර වගේ Grocery Shopping කරන්න කඩවල් ගානේ යන්න ඕන නෑ. එදිනෙදා අත්‍යවශ්‍ය හැමදේම Daraz Mart වෙතින් ඔන්ලයින්ම සොයාගන්න.

නත්තල් කෑම මේසයට අවශ්‍ය පැණි රස කෑම ජාති වගේම පේස්ට්‍රි වර්ගත් ගෙදරදීම හදාගන්න මේ Christmas Recipes ට්‍රයි කරලා බලන්න.

Christmas Cake

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ස්ට්‍රෝබරි ජෑම් 75g
  • බ්රැන්ඩි කප් 1/2
  • කපාගත් කැන්ඩිඩ්පීල් 50g
  • කපාගත් චෙරි 100g
  • කපාගත් කජු 50g
  • කපාගත් පුහුල් දෝසි 50g
  • මුද්දරස්පලම් 50g
  • රේසින්ස් 50g
  • ඉඟුරු දෝසි 50g
  • බටර් 50g
  • ඔරේන්ජ් ජූස් කප් 1/2
  • සීනි 75g
  • රැලං 50g
  • බිත්තර 2
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1/2
  • රෝස් එසන්ස් තේ හැඳි 1/2
  • වැනිලා තේ හැඳි 1/2

සාදන ක්‍රමය :

  1. කපාගත් පළතුරු සියල්ලම සහ චෙරිවලින් කොටසක්, ජෑම්වලින් කොටසක්, ඔරේන්ජ් ජූස්, බ්‍රැන්ඩිවලින් භාගයක් බෝල් එකකට දමා හොඳින් අනාගන්න. අනාගත් පළතුරු පැය දෙකක් වසා තබන්න.
  2. සීනි, බටර්, බිත්තර හොඳින් බීට් කරන්න.
  3. පැය දෙකක් තැබූ පළතුරුවලට වැනිලා, රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, රුලං සහ බීට් කරගත් බිත්තර එකතු කර හොඳින් කලවම් කරන්න.
  4. ඔයිල් පේපර්ස් ලේයර් 4ක් දමාගත් තැටියකට දාන්න. සෙල්සියස් 160ට පැයක් පමණ බේක් කරන්න.
  5. බේක් කරගත් කේක් එක කොටස් කඩාගන්න. එයට ඉතුරු චෙරි, ඉතුරු බ්‍රැන්ඩි, ඉතුරු ජෑම් එකතු කරගෙන හොඳින් අනාගන්න.
  6. බටර් ගාගත් තැටියක දමා තද කර අනිත් පැත්ත හරවා කෑලි කපන්න.

Rum Balls

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කුඩු කරගත් බටර් කේක් 450g
  • මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
  • ඩෙසිකේටඩ් කොකනට් කප් 1
  • කොකෝවා පවුඩර් කප් 1/2
  • රම් මේස හැඳි 2

සාදන ක්‍රමය :

  1. සරසා ගැනීමට අවශ්‍ය ඩෙසිකේටඩ් කොකනට් හැර අනෙක් සියල්ලම එකට මිශ්‍ර කරගන්න.
  2. කුඩා බෝල හදාගන්න. ඩෙසිකේටඩ් කොකනට්වලින් සරසනවා නම් එවෙලේම දවටා ෆ්‍රිජ් එකේ තියාගන්න.
  3. දියකරගත් චොකලට්වලින් සරසනවා නම් සාදාගත් රම් බෝල විනාඩි 30ක් කූල් කරලා චොකලට්වල දවටලා නැවත ෆ්‍රිජ් එකේ තියාගන්න.

Christmas Pudding

අවශ්‍ය ද්‍රව්‍ය :

  • රේසින්  100g
  • සුල්තානා 100g
  • පාන්පිටි  100g
  • කරන්ට්ස් 100g
  • චෙරි  80g
  • ආමන්ඩ් ඇට  10g
  • කජු  50g
  • ග්‍රේට්කරගත් දොඩම් පොතු තේ හැඳි 1 – 2
  • කැන්ඩිඩ් පීල් 50g
  • දුඹුරු සීනි 100g
  • පාන්කුඩු 40g
  • ස්පයිසස් තේ හැඳි 1/2
  • බටර් 100g
  • බිත්තර 2
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බ්‍රැන්ඩි කෝප්ප 1/2

සාදන ක්‍රමය :

  1. මුලින්ම බ්‍රැන්ඩිවලට කපාගත් පළතුරු සියල්ලම එකතු කර පැය 8ක් තබන්න.
  2. ඉන්පසුව තවත් පිරිසිදු බෝල් එකකට පාන්පිටි, බේකින් පවුඩර් සහ ස්පයිසස් සියල්ල එකතු කර කලවම් කරන්න.
  3. දැන් එම මිශ්‍රණයට බ්‍රැන්ඩිවල දාගත් පළතුරු සියල්ල, බිත්තර සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. ඉන්පසුව එයට දොඩම් පොතු, සීනි, පාන්කුඩු හා නට්ස් වර්ග එකතු කර කලවම් කරගන්න.
  5. බටර් ගාගත් පුඩින් මෝල්ඩ් එකකට ඔයිල් පේපර් එකක් අතුරා පුඩින් මිශ්‍රණය එකතු කර ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න.
  6. භාජනයකට වතුර 1/2ක් පමණ එකතු කර පුඩින් බෝල් එකක එහි බහා අඩු ගින්දරේ පැය 3-4ක් ස්ටීම් කරගන්න.

Breudher

අවශ්‍ය ද්‍රව්‍ය :

ඩෝ එකට

  • පාන් පිටි 200g
  • ඊස්ට් තේ හැඳි 1
  • මද රස්නෙ කිරි කෝප්ප 1
  • සීනි තේ හැඳි 2
  • ලුණු පින්ච් එකක්

බැටර් එකට

  • සීනි 100g
  • බටර් 100g
  • බිත්තර 2
  • සුල්තානා 50g
  • චෙරීස්  50g

ග්ලේස් අයිසින් එකට

  • අයිසින් ෂුගර් මේස හැඳි 2
  • වතුර ස්වල්පයක්
  • දෙහි යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය :

  1. මුලින්ම ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර පිපෙන්න තියන්න.
  2. ඉන්පසුව පාන්පිටිවලට ලුණු එකතු කර, කිරි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න. එය තෙත රෙදි කෑල්ලකින් වසා තබන්න.
  3. වෙනම බෝල් එකකට බටර්, සීනි හා බිත්තර එකතු කර බීට් කරමින් පිටි මෝලියට කලවම් කරන්න. මෙයට පළතුරු සියල්ලමත් මිශ්‍ර කරන්න.
  4. මිශ්‍රණය බටර් ගාගත් මෝල්ඩ් එකකට එකතු කර තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් 180°ට විනාඩි 40ක් බේක් කරගන්න.
  5. අයිසින් ෂුගර්වලට වතුර ටිකක් හා දෙහි යුෂ එකතු කර තරමක් තික් අයිසින් එකක් හදාගන්න. බෲදර් එක නිවුණට පස්සෙ මේ ග්ලේස් අයිසින් එක වක්කරගන්න.

Choco Balls

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඔරියෝ බිස්කට් ලොකු පැකට් 1
  • ක්‍රීම් චීස් 150g
  • චොකලට් 100g

සාදන ක්‍රමය :

  1. ඔරියෝවල මැද ක්‍රීම් එක අයින් කරලා බිස්කට් එක කුඩු කරගන්න.
  2. දැන් එයට ක්‍රීම් චීස් දාලා කලවම් කරලා අයින් කරපු ක්‍රීම් ටික සහ මෙල්ට් කරගත්ත චොකලට් ටික එකතු කරල බෝල හදාගන්න.
  3. උඩින් ස්ප්‍රින්කල්ස් ඉසගෙන ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියලා කෑමට ගන්න.

Sausage Pastry

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සොසේජස් 200g
  • පෆ් පේස්ට්‍රි  500g පමණ
  • පාන් පිටි ස්වල්පයක්
  • ලොකු ළුෑණු ගෙඩියකින් 1/2
  • ලුණු ස්වල්පයක්
  • කෑලි මිරිස් ස්වල්පයක්
  • තෙල් මේස හැඳි 2

සාදන ආකාරය :

  1. ළුෑණු ඉතාම සිහින්ව කපා ගන්න. සොසේජ් කරල කොටස් 3කට පමණ කපා ගන්න.
  2. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට සොසේජ් දමන්න.
  3. තෙම්පරාදු වී ගෙන එන විට එයට ළුෑණු, ලුණු, කෑලි මිරිස් දමා කලවම් කරගන්න.
  4. දැන් පාන්පිටි ස්වල්පයක් ඉසගත් පෘෂ්ඨයක් මත පෆ් පේස්ට් ඩෝ එක දමා රෝලින් පින් එකකින් තුනී කර අඟල් 3 දිගට සහ අඟල් 1 1/2 පමණ පළලට කැබැලි කපා ගන්න.
  5. මේ කැබැල්ලක් ගෙන එහි මැඳ දිගට සොසේජ් කැබැල්ලක් තබා වටේට ඔතා ගන්න.
  6. සොසේජ් කැබල්‍ලේ කොන් දෙක පේස්ට්‍රිය දෙපසින් මතුව ‌තිබිය හැකියි. දැන් මේවා මධ්‍යම උෂ්ණත්වය සහිත උඳුනක විනාඩි 10ක් බේක් කරගන්න.

Croissant

අවශ්‍ය ද්‍රව්‍ය :

  • හැම් 200g
  • චෙඩාර් චීස් කප් 3/4
  • චොප් කරගත් ළූණු
  • ලුණු
  • ගම්මිරිස්
  • පේස්ට්‍රි ශීට් එකක්

 සාදන ක්‍රමය :

  1. හැම් සහ චෙඩාර් චීස් කුඩා කැබලි කපාගන්න. ළූණු, ලුණු, ගම්මිරිස්  සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
  2. පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ පරිදි තුනී කරගෙන තරමක් දිගට ත්‍රිකෝණ කපාගන්න. සාදාගත් ළූණු මිශ්‍රණය, කපාගත් හැම් සහ චීස් එක කෙලවරකින් තබා ත්‍රිකෝණයේ උල් පැත්තට රෝල් කර ක්‍රසන්ට් හැඩයට හදාගන්න.
  3. බිත්තරයක් තරමක් ගසාගෙන බ්‍රශ් එකකින් පේස්ට්‍රි එක මත තවරා සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15 – 20ක් බේක් කරගන්න.

Mini Pizza

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පෙති පාන් අවශ්‍ය පමණ
  • තක්කාලි සෝස්
  • පොඩිවට කපාගත් සොසේජස්
  • පොඩිවට කපාගත් තක්කාලි, බෙල්පෙපර්
  • ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්

සාදන ක්‍රමය :

  1. පාන් පෙතිවල වාටි කපා ඉවත් කරගන්න.
  2. ඊට උඩින් තක්කාලි සෝස් තවරාගෙන සොසේජස් සහ අනිත් ද්‍රව්‍ය අවශ්‍ය විදිහට පාන් පෙත්ත උඩට දාගන්න.
  3. උඩින් ග්‍රේට් කරගත්ත චීස් ටිකක් දාලා සෙල්සියස් අංශක 200ට රත් කරගත්ත අවන් එකක චීස් ටික දියවෙනකන් විනාඩි 5ක් පමණ බේක් කරගන්න.

මෙදා සැරේ නත්තලට කෑම ජාති කඩෙන් ගන්නවාට වෙනුවට Daraz Mart වෙතින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගෙන මේ රසවත් කෑම වර්ග ගෙදරදීම හදලා රසවිඳින්න.

Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් කුළුබඩු වර්ග ගැන දැනගන්න Daraz Mart වෙතින් කෑම රසවත් කරන Essential Cooking Spices ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php