2023 පාසල් වැඩ ප්‍රබෝධයෙන් පටන් ගන්න Back to School Checklist ‍

2023 පාසල් වැඩ ප්‍රබෝධයෙන් පටන් ගන්න Back to School Checklist ‍

නිවාඩුවෙන් පසුව නව වසරේ පාසල් යන්න Back to School Checklist අවශ්‍ය දෙයක්. දරුවන්ගේ Back to School Checklist හොයාගන්න වැඩියෙන්ම මහන්සි වෙන්නේ දෙමාව්පියන්.

මේ දවස්වල Back to School Checklist ‍එක මිලදී ගන්න සොයනවාද? Daraz වෙතින් ඔයාලාට අවශ්‍ය Back to School Checklist ‍ පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න.

පහුගිය දවස්වල රටේ පැවති තත්වය සමඟ පාසල්වල වැඩ කටයුතු නිසියාකාරව කරගගෙන යන්න විවිධ බාධක මතු වුණා. ඒ නිසා අලුත් පාසල් වාර ආරම්භ වන කාල පවා වෙනස් වුණා. ඒ්ත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී දිගටම පවත්වාගෙන යන්න තමයි කවුරුත් උත්සාහ කළේ. මේ නව වසරේ අලුත් බලාපොරොත්තු රැසක් පොඳි බැඳෙගන අලුත් අවුරුද්ද පටන් ගනිද්දි දරුවන්ගේ අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න වෙනවා.

පාසල් වැඩ කටයුතු පවත්වාගෙන යන්න පාසල් පොත්පත් ඇතුළු උපකරණ ගණනාවක් අවශ්‍යයි. පාසල් යන්න දරුවන්ට වැඩිපුර ආසාවක් ඇති කරන්නේ Stationery Items හරහායි. අලුත් ලස්සන Stationeries ලැබුණාම පාසල් වැඩ ගැන වැඩි උනන්දුවක් ඇති‌ වෙනවා. අලුත් අවුරුද්දක් උදාවෙද්දි තමන්ගේ දරුවන්ගේ  පොත් ලැයිස්තුවේ තියන කළමනා සොයන්න දෙමාව්පියෝ හැමතැනම ඇවිදින්න පටන් ගන්නවා. ඒත් දැන් පාසල් පොත් ලැයිස්තුව මිලදී ගන්න ඒ තරම් මහන්සි වෙන්න ඕන නෑ. Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mall වෙතින් හොඳම ගුණාත්මක Stationery Items පහසුවෙන් ඔන්ලයින්ම තෝරාගන්න අවස්ථාව තියනවා.  

2023 වසරට අවශ්‍ය කරන Back to School Checklist Daraz Mall වෙතින්ම සොයාගන්න දැන්ම Shop කරන්න.

Exercise Books

පාසල් ලිපි ද්‍රව්‍ය අතර අභ්‍යාස පොත් අත්‍යවශ්‍යම දෙයක්. එක් එක් විෂයන්වලට අදාළව වෙන වෙනම සටහන් පොත් තියාගන්න වෙන නිසා පාසල් පොත් අතරට විවිධ වර්ගයේ අභ්‍යාස පොත් එකතු කරගන්න වෙනවා. තනි රූල්, කොඩු රූල්, CR පොත්, A3 ප්‍රමාණයේ පොත් ආදි විවිධ වර්ගයේ  පිටු ගණන්වල පොත් අවශ්‍ය පරිදි තෝරාගන්න පුළුවන්. ඇතැම් අභ්‍යාස පොත් විවිධ හැඩයන්ට අනූව ආකර්ෂණීය ලෙස නිර්මාණය කරලා තියෙනවා.  ආකර්ෂණීය අභ්‍යාස පොත් භාවිතා කිරීමෙන් පාසල් වැඩ කරන්න තියෙන උනන්දුව තව වැඩි වෙනවා.

A4 Bundles

එක් එක් විෂයන්වලට අදාළව පොත්පත් තිබුණාට A4 කඩදාසි පාසල් වැඩවලට නැතුවම බැරි දෙයක්. ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරද්දිත් හදිසි සටහන් ලියාගන්න A4 කඩදාසි ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඇගයීම් සඳහා පොත් පිංච සකස් කරන්නත් බොහෝ වෙලාවට භාවිතා කරන්නේ A4 කඩදාසි. සැරින් සැරේ ටික ටික A4 කඩදාසි ගන්නවාට වඩා A4 Bundle එකක්ම මිලදී ගත්තා නම් වඩාත් පහසුයි නේද?

Pencil Cases

අලුත් පාසල් වාරයක් පටන් ගනිද්දි අලුත් පැන්සල් පෙට්ටියක් මිලදී ගන්න ගොඩාක් ළමයි පුරුදුවෙලා ඉන්නවා. දැන් ලස්සන ලස්සන පැන්සල් පෙට්ටි තියන නිසා පුංචි ළමයින්ගේ හිත මේවාට ඇඳිලා යන එක නවත්තන්න බෑ. අලුත් පැන්සල් පෙට්ටියක පැන්සල්,පෑන්, මකන ඇතුළු අඩුමකුඩුම ඔක්කොම ටික දාගෙන පාසල් යන්න පුංචි ළමයි කවුරුත් ගොඩාක් කැමැතියි. පැන්සල් පෙට්ට්ය ඇතුලේ තියන අනිත් උපකරණ ටික පරණ වුණාත් කමක් නෑ අලුත් පැන්සල් පෙට්ටියක් තියනවා නම් පොඩ්ඩන්ට ඒ ඇති ආසාවෙන් පාසල් යන්න. හැමදේම පිළිවෙළකට දාලා තියාගන්න පුළුවන් මේ වගේ සිත් ඇඳගන්නා විදියේ Pencil Case පොඩ්ඩන්ට වඩාත් ගැළපේවි. පාසල් යන වයසේ දරුවෙක්ට දෙන්න තෑගග්ක් හිතනවා නම් මේ වගේ දෙයක් හොඳ තෑගි අදහසක්.

Colour Pencils

වර්ණ ගැන්වීම මනස සංවර්ධනයටත් උපකාරි වෙන ක්‍රියාකාරකමක්. නිතර සටහන් ලියන්න මැලිකමක් දක්වන පොඩ්ඩන් වුණාත් පාට කරන්න නම් කැමතියි නේද? ඒ නිසා පාසල් යන වයසේ දූලා පුතාලාගේ පාසල් උපකරණ අතර පාට පැන්සල් කට්ටලත් නොවරදවාම තියන දෙයක්. විවිධ වර්ණ භාවිතා කරලා පින්තූර වර්ණ ගැන්වීමෙන් දරුවන් තුළ තියන කලාත්මක සිතුවිලිත් දියුණු වෙනවා. නිතර පාට කරලා පොඩ්ඩන් ඉක්මනට මේ පාට පැන්සල් පෙට්ටි නාස්ති කරන නිසා පරිස්සමෙන් පාව්ච්චි කරන්න පුරුදු කරන එක වඩාත් හොඳයි. නව වසරේ පාසල් යන්න අවශ්‍ය මෙවැනි උපකරණ දැන් Daraz Mall වෙතින් තෝරගන්න පුළුවන්.

Pencil Sharpeners

ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් සටහන් ලියන්න භාවිතා කරන්නේ පැන්සල්. ඉතිං පැන්සල් භාවිතා කරද්දි මකන සහ Sharpeners තියාගන්නම වෙනවා. මේ වගේ උපකරණ කොච්ච්ර ගත්තාත් මදි. විවිධ විදියේ ලස්සන මොස්තර සහිත මකන, කටර් දැක්කාම අලුත් ඒවා ඉල්ලලා පොඩ්ඩන්ගෙන් බේරුමක් නෑ. ඒ නිසා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න දෙන්න වැඩිපුර ගෙදර තියාගත්තාත් පාඩුවක් වෙන්නේ නෑ.

Pen Set

සටහන් සිත් ඇඳගන්නා විදියට ලියලා තියෙන තරමට තමයි ඒ සටහන් අ‌පේ මතකය තුළ රැඳෙන්නේ. පාසල් සිසුන් තමන්ගේ සටහන් පොත් සුන්දරව තියාගන්න කොහොමත් කැමතියි. ඒ නිසා ලස්සන පොත්, පැන්සල් විවිධ උපකරණ නිතර මිලදී ගන්න සොයනවා. සාමාන්‍යයෙන් සටහන් ලියන්න නිල් පෑන් භාවිතා කරාට ඊට අමතරව බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ කළු පෑන් හා රතු පෑන්. ඒත් සටහන් වඩාත් සිත් ඇඳගන්නා විදියට ලියන්න ඇතැම් දෙනා විවිධ පාටවල පෑන් යොදාගන්නවා. ඒ නිසා මේ වගේ පෑන් සෙට් එකක්ම තිබුණොත් වඩාත් ප්‍රයෝජනවත් වෙයි නේද? කැමති වර්ණ යොදාගෙන ඔයාගේ සටහන් වඩාත් ආකර්ෂණීය කරගන්න පුළුවන්.

Compass Set

පාසල් සිසුන්ට නිතර ගණිත හා ජ්‍යාමිතික ගැටලුවලට විසඳුම් සොයන්න සිදුවෙනවා. විවිධ විදියේ ජ්‍යාමිතික හැඩතල ඇඳීමට අවශ්‍ය මෙවලම් මෙම කවකටු පෙට්ටියේ අඩංගු‌ වෙනවා. ලස්සන පාසල් උපකරණ අතර මේ වගේ ප්‍රයෝජනවත් පාසල් උපකරණත් එකතු කරගන්න අමතක කරන්න එපා.

Highlighters

පාඩම් වැඩවලට අදාළ සියලු සටහන්, පොත්වල ලියා ගත්තාට විශේෂයෙන් මතකයේ රඳවා ගත යුතු කරුණු ඒ අතර තියනවා. ඒ නිසාම විශේෂිත කරුණු මතකයේ රඳවා ගන්න Highlighters භාවිතයට ගන්නවා. විවිධ වර්ණයන් සහිත Highlighters යොදාගෙන සටහනක නෙත ගැටෙන්නම අවශ්‍ය කරුණු ලකුණු කර තියාගන්න පුළුවන්. සටහන් දිගට දිගට ලියාගෙන ගියාට අපිට ඒ හැමදේම මතකයේ තියෙන්නේ නෑ. නමුත් Highlighters හරහා සටහන්වලට විචිත්‍රවත් බවක් එකතු වෙනවා. නිතර මනසේ රැඳෙන්න අවශ්‍ය කරුණු මේ හරහා ධාරණය කරගන්න පුළුවන්. අලුත් දෙයක් ඉගෙන ගන්නා විට එය නැවත සටහන බැලූ විට මතකයට නඟා ගන්න Highlighter හරහා වර්ණවත් කර තබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. පොත් ලැයිස්තුවේ සටහන් කරලා තියන උපකරණවලට අමතරව මේ වගේ අයිටම්සුත් එකතු කරගන්න.  

Sticky Notes

පාසල් ලිපි ද්‍රව්‍ය අතර Sticky Notes දැන් හරිම ජනප්‍රියයි. විවිධ විෂයන්වලට අදාළව සටහන් පොත් ගොඩගැහිලා තිබුණාට මේ ඔක්කොම පාඩම් කරන්න වෙනවා නේද කියලා මතක් වෙද්දි කොහොන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ නේද? සටහන් පොතේ ලියාගන්න හැම කරුණක්ම මතකයේ තියාගන්න බෑනෙ. එක් එක් පාඩම්වලින් අපිට මතකයේ තබාගන්නම ඕන කරුණු Sticky Notesවල සටහන් කරලා පාඩමක් අවසානයේ ඒ පිටුවෙම අලවලා තියාගන්න පුළුවන්. Sticky Notes පාවිච්චි කිරීමෙන් පාඩම් වැඩවලට අලුත් අත්ඳැකීමක් එකතු කරනවා. පාට පාට Sticky Notes පාඩම්වල කරුණු විචිත්‍රවත්ව මතකයේ රඳවලා තියනවා. ඔයාගේ සටහන් අතරට අවශ්‍ය කරුණු මතකයේ තියාගන්න Daraz Mall වෙතින් Sticky Notes මිලදී ගන්න.

School Bags

නව වසරේ පාසල් යන්න අලුත් පාසල් බෑග් එකක් පුංචි දරුවන් ඉල්ලනම දෙයක්. පාසල් පොත්පත් ඇතුළු උපකරණ අලුතින් මිලදී ගත්තාට ඒ සියල්ලම දාගෙන යන පාසල් බෑග් එක පරණයි නම් පුංචි ළමයින්ගේ හිතට හරිනැති ගතියක් ඇති වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්දේ පාසල් බෑග් එකත් අලුත් කරගන්න පොඩ්ඩන් කොහොමත් කැමතියි. පාසල් බෑග් අතරේ මෙවැනි වර්ණවත් බෑග් එකක් තිබුණොත් පාසල් යන්නත් වැඩියෙන් ආස හිතේවි. අලුතින් පාසල් උපකරණ මිලදී ගන්නා අතරේ මේ වගේ අලංකාර බෑග් එකකුත් පොඩ්ඩො වෙනුවෙන්ම තෝරගන්න.

නව වසරේ අලුත් පාසල් උපකරණ සොයනවා නම් Daraz Mall වෙතින් හොඳම කොලිටියේ උපකරණ අඩුම මිලට සොයාගන්න. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න පටන් ගන්න.

අලුත් නිවසක නිදන කාමරය සුන්දර කරගන්න Daraz Mall  වෙතින් මිලදී ගන්න පුළුවන් උපාංග ගැන දැනගන්න අලුත් නිවසේ නිදන කාමරය සුන්දර කරගන්න Affordable Bedroom Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php