සුවදායි දිවියකට Daraz වෙතින් Gym Essentials

සුවදායි දිවියකට Daraz වෙතින් Gym Essentials

තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ඔයාත් Gym  යන කෙනෙක් නම්, Gym Essentials රැසක් අවශ්‍ය වෙනවා ඇති නේද? ප්‍රබෝධයෙන් Gym එකට යන්න උපකාරී වෙන්නේ Gym Essentials.

ඔයාලාත් GYM Essentials සොයනවාද? Gym යන්න අවශ්‍ය කරන Gym Essentials Daraz වෙතින් ඔන්ලයින්ම සොයාගන්න දැන් අවස්ථාව තියනවා.

“නිරෝගිකම උතුම්ම සැපතයි” යන කියමන අපි කවුරුත් අහලා තියනවා. ඇත්තෙන්ම හැම සැප සම්පතකටම වඩා වටින්නේ නිරෝගිකමයි. සුවබර දිවියක් පවත්වාගෙන යන්න විවිධ අය පිළිපඳින්නේ විවිධ පිළිවෙත්.  ඒ අතරින් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම ගැන කවුරුත් උනන්දුයි. ඊට අමතරව ශරීර සෞඛ්‍ය ගැන හිතන හැමකෙනෙක්ම ව්‍යායාම් කරන්නත් යොමුවෙනවා. තමන්ගේ ශරීරයේ හැඩය ලස්සනට පවත්වාගෙන යන්නත්, සුවබර දිවියක් සඳහාත් ව්‍යායාම් කිරීම ප්‍රයෝජනවත් වෙනවා.

තමන්ගේ Fitness එක ගැන ගොඩාක් දුරට හිතන අය නිතර Gym යන්න පුරුදුවෙලා ඉන්නවා. නිවසේ සිට දිනපතා ව්‍යායාම් කරනවාට වඩා Gym එකකට යාමෙන් එහි තියන උපකරණත් සමඟ ශරීරයේ සුවතාවය කෙරෙහි අලුත් වෙනසක් එකතු කරගන්න පුළුවන්. රැකියා කරන කාර්යබහුල පුද්ගලයන් පවා Gym යන්න කාලයක් වෙන් කරගන්නේ එය තමන්ගේ ශරීර සෞඛ්‍යයට වඩාත් යහපත් වෙන නිසායි.  උදේ වරුව හෝ සවස් කාලය තමයි බොහෝ දෙනා Gym එකට යන්න වෙන්කර ගන්නේ. Gym එකට යද්දි අපි අඳින සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන යන්න බෑනෙ. ඒ සඳහා ගැළපෙන ඇඳුම්, සපත්තු අඳින්න පළඳින්න වෙනවා. ඊට අමතරව බෑග්, වතුර බෝතල් ඇතුළු තවත් විවිධ කළමනා රැසක් අවශ්‍යයි. ඉතිං ඔයාත් දැනටමත් Gym යන කෙනෙක් නම් හෝ ළඟදි ඉඳන් Gym යන්න බලාපොරොත්තු වෙන‌වා නම් ඔයාට අවශ්‍ය Gym Essentials දැන් Daraz වෙතින් පහසුවෙන් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

Women’s Sport Pants

ව්‍යායාම් කරද්දි ඒ සඳහා අඳින්න වෙනම්ම කලිසම් තියනවා. Yoga Pants, Leggings වගේ විවිධ කලිසම් තමයි ව්‍යායාම්වලදී අඳින්නේ. කාන්තාවන් කොහොමත් විලාසිතා ගැන උනන්දු වෙනවානේ. විවිධ ගමන්වලට විවිධ විලාසිතා තෝරද්දි ඔයා Gym යන කෙනෙක් නම් ඊට අවශ්‍ය ඇඳුම් වෙන් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. සුවපහසුවෙන් ව්‍යායාම් කරන්න තමන්ගේ ශරීරයට ගැළපෙන මෙවැනි කලිසම් තෝරගන්න.

Ladies Sport Skinny

ශරීර සුවතාවල යෙදෙන්න සැහැල්ලු ඇඳුම් අවශ්‍යම දෙයක්.  Gym එකට යද්දි ඊට ගැළපෙන කලිසමක් සමඟින් Skinny එකක් ඇන්ඳාම වඩාත් සුවපහසු වෙනවා. සුවබර දිවියක් ගත කරන්න ව්‍යායාම්වල යෙදෙනවා නම් Gym එකට යන එකත් ඔයාගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා ඇති.  කොහේ ගියාත් ආකර්ෂණීය පෙනුමකින් හැඩවෙලා යන්න කාන්තාවන් කොහොමත් කැමතියිනේ. ඉතිං Gym එකට ගියාත් ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. විවිධ කලිසම් එක්ක මේ වගේ Skinnies වඩාත් සුවපහසු ඇඳුමක් වේවි.

Track Pants

පිරිමි ළමයි කොහොමත් කැමති සැහැල්ලු විදියට අඳින්න. ඒ නිසාම Gym එකට යද්දිත් ඒ වගේ සැහැල්ලු ඇඳුමක් තමයි ඒ අය තෝරගන්නේ. Joggers, Track Bottoms තමයි ව්‍යායාම් කරන්න වඩාත් සුදුසු. Gym එකට ගියාත් ස්මාර්ට් එකට ඇඳගෙන යන්න පිරිමි ළමයි හිතනවානේ. ඉතිං ඒ වගේ කලිසම් ඇන්ඳාම ස්මාර්ට් පෙනුමක් ලැබෙනවා වගේම ව්‍යායාම් කරන්නත් වඩාත් පහසුයි. දැන් ඔයාට අවශ්‍ය කරන මෙවැනි කලිසම් Daraz වෙතින් පහසුවෙන්ම සොයාගන්න.

Men’s Skinny

Gym එකට අඳින කලිසම් එක්ක ඔයාගේ පෞරුෂයට වඩාත් ගැළපෙන්න මේ වගේ Skinnies තෝරගමුද? සාමාන්‍යයෙන් ළඟපාතට යද්දිත් පිරිමි ළමයි මේ වගේ සැහැල්ලු විදියට අඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් ව්‍යායාම් කරන්නේ තමන්ගේ Fitness එක ගැන නිතර සිතන අයයි. Fitness එක ගැන හිතලා Gym එකට යද්දි ඊට ගැළපෙන ඇඳුම් මිලදී ගන්න වෙනවා.  විලාසිතා හොය හොයා Shopping කරන්න යන්න පිරිමි ළමයි වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. දැන් Daraz වෙතින් ඔයාට Gym එකට යන්න අවශ්‍ය විලාසිතාත් ගෙදරටම ගෙන්න ගන්න.

Caps

තමන්‌ගේ Fitness එක ගැන හිතලා ගාණට ඇඟ හදාගන්න තමයි ගොඩාක් දෙනෙක් Gym එකට යන්නේ. බොහෝ වෙලාවට තමන්ගේ පහසුවට තෝරගන්නේ ළඟම තියන Gym එකක්. වාහනයක යනවාට වඩා පයින්ම ඇවිදගෙන යන එක ශරීර සෞඛ්‍යයට වඩාත් හොඳ නිසා, Gym එකට ඇවිදගෙන යන්න බොහෝ අය හුරුවෙලා ඉන්නවා.  ඉතිං ශරීර සෞඛ්‍යය ගැන හිතලා Gym එකට යද්දි රූ සපුව ගැනත් අමතක කරන්නෙ බෑනෙ. අව්ව එහෙම තියන වෙලාවක Cap එකක් දාගෙන යන එක තමයි අව්වෙන් ආරක්ෂා වෙන්න තියන හොඳම විසඳුම. ඒ වගේම තමයි Cap එකක් දාගෙන යද්දි ඔයාගේ පෙනුමට Stylish ගතියකුත් එකතු වෙනවා.

Sport Shoes

ඇඳුම් වගේම Gym එකකට යනවා නම් ඊට සුදුසු සපත්තුත් පාවිච්චි කරන්න වෙනවා. ගොඩාක් වෙලාවට දණහිස්, යටිපතුල් වේදනා ඇතිවෙන්න තමන් පළඳින සපත්තුත් බලපානවා.   ඒ නිසා ව්‍යායාම් කරන ඔයාලා නිවැරදි සපත්තු දෙකක් තෝරා ගැනීමත් අවශ්‍ය දෙයක්. මේ සඳහා වඩාත් සුදුසු Sport Shoes. හොඳ කොලිටියේ සපත්තු අඩුම මිලට තෝරගන්න Daraz Mall සමඟින් Shop කරන්න.

Sport Socks

ක්‍රීඩා සපත්තු පාවිච්චි කරනවා නම් මේසුත් දාන එක ඔයාට වඩාත් පහසුවක් වේවි. ඇතැම් සපත්තු දැම්මාම කකුළට යම් අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි කකුලේ කැපීම් ඇතිවෙලා අලුත් සපත්තු පළඳින්න බැරි මට්ටමට ආව අවස්ථාවලට ඔයා මුහුණ දීලා ඇති නේද? ඊට හොඳම විසඳුම තමයි මේස් දෙක්ක දාන එක. ඔයා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා නිතර ව්‍යායාම් කරන කෙනෙක් නම්, Gym යන කෙනෙක් නම් මෙවැනි අවශ්‍ය කළමනා සියල්ල ඔයා ගාව තියාගන්න.   

Arm Sleeves

ගොඩාක් දෙනෙක් Arm Sleeves පළඳින්නේ විලාසිතාවක් හැටියටයි. ඒත් Arm Sleeves කියන්නේ විලාසිතාවලට එහා ගිය කාර්යක් ඉටු කරන උපාංගයක්.  මේවායින් මාංශ පේශි ද ස්ථාවර කරනවා. ව්‍යායාම් කරද්දි වැලමිටේ තුවාල ඇතිවීම වළක්වා ගැනීමට ද Arm Sleeves ඇඳ සිටීම උපකාරී වෙනවා. සැබැවින්ම සමට ආරක්ෂාවක් මේ හරහා සැපයෙනවා.

Bags

Gym එකට යද්දි බඩුමුට්ටු රැසක් අවශ්‍ය වෙනවා. අපි කොහේ ගියාත් අවශ්‍ය  කරන බඩුමුට්ටු පිළිවෙළට දාගෙන යන්න එපැයි. Gym එකකට යනකොට විවිධ කළමනා ගෙනියන්න වෙනවා. ඔයාට අවශ්‍ය කරන සියල්ල දාගෙන යන්න මේ වගේ බෑග් එකක් තිබුණොත් වඩාත් පහසුයි නේද? බෑග්  එකක් තෝරගනිද්දි ස්ටයිලිෂ් ගතිය වගේම වැඩි ඉඩක් තියනවාද කියලා හිතන්න ඕන. අවශ්‍ය සියල්ල දාගෙන ප්‍රබෝධයෙන් Gym එකට යන්න මේ වගේ ප්‍රයෝජනවත් බෑග් එකක් Daraz වෙතින් තෝරගන්න.

Water Bottles

අපිට කෑම නැතුව ඉන්න පුළුවන් වුණාත් වතුර කියන්නේ නැතුවම බැරි දෙයක්. ව්‍යායාම්වල යෙදෙද්දි ඇඟට මහන්සි ගතිය වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා. ව්‍යායාම් කරද්දි කොයි තරම් බඩගිනි ආවාත් අපිට කෑම කන්න නම් බෑනෙ. ඒත් Gym එකකට ගිහින් ව්‍යයාම් කරන අතරතුරේ බඩගින්නක්, තිබහා ගතියක් ආවොත් වතුර නම් බොන්න පුළුවන්.  ඒ නිසා ව්‍යායාම් කරන්න Gym යන ඔයාලා Gym එකට ගෙනියන බෑග් එකේ වතුර බෝතලයක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Face Towels

ජිම් එකට ගිහින් ව්‍යායාම් කරද්දි අපිට දහඩිය දාන්න පටන් ගන්නවා. අපි ජිම් එකට යනකොට සාමාන්‍යයෙන් ටවල් එකක් අරගෙන යන්නේ දහඩිය පිහිදාන්නයි. හැබැයි ඇත්තටම ටවල් එකක් හෝ රෙදි කෑල්ලක් තියෙන්න ඕන තවත් හේතුවක් තියෙනවා. ජිම් එකට ගියාට පස්සේ අපි එක එක මැෂින් පාවිච්චි කරනවානේ. එක්සයිස් මැෂින් එකක් පාවිච්චි කළාට පස්සේ අපිටත් දාඩිය දානවා. එහෙම දාඩිය දැම්මහාම මැෂින් එකේ ආම්ස්වල එහෙම දාඩිය ගෑවෙනවා. එතකොට අපි මැෂින් එකක් පාවිච්චි කරලා ආවට පස්සේ, තව කෙනෙක් මැෂින් එක පාවිච්චි කරන්න ගියහාම එයාලගේ අත්වල අපේ දාඩිය ගෑවෙනවා. මැෂින් එකක් පාවිච්චි කළාට පස්සේ ඒකෙ ගෑවෙන අපේ දාඩිය ටවල් එකෙන් පිහිදාන්න පුළුවන් නම් ඒක හොඳ පුරුද්දක්.Gym එකට යන ඔයාලා මේ වගේ අයිටම්සුත් ඔයාගේ බෑග් එකේ තියාගන්න එක වඩාත් වටිනවා.

නව වසරේ තමන්ගේ ක්‍රියා පිළිවෙත් අලුත් කරගන්න හිතන ඔයාලාට සුවදායි දිවියක් වෙනුවෙන් Gym යන්න පටන් ගන්න පුළුවන්.  Gym යන්න අවශ්‍ය Gym Essentials Daraz Mall වෙතින්ම තෝරගන්න දැන්ම Shop කරන්න.

2023 වසරට Daraz Mall වෙතින් මිලදී ගන්න පුළුවන් පාසල් පොත් ඇතුළු උපකරණ ගැන දැනගන්න 2023 පාසල් වැඩ ප්‍රබෝධයෙන් පටන් ගන්න Back to School Checklist ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php