නව වසරේ නිවසට නැවුම් එළියක් එක් කරන Electric Appliances

නව වසරේ නිවසට නැවුම් එළියක් එක් කරන Electric Appliances

නව වසරේ නිවස අලුත් කරගන්න Electric Appliances උපකාරී වෙනවා. Electric Appliances බොහෝදෙනෙක් භාවිතා කරන්නේ ගෙදරදොරේ වැඩ පහසු කරගන්නයි.

ඔයාලාත් නව වසරේ අලුත් Electric Appliances ගන්න හිතනවාද? දැන් Daraz වෙතින් ඔයාගේ නිවසට අවශ්‍ය Electric Appliances තෝරගන්න.

දන්නෙම නැතුව කාලය ගෙවිලා ගිහින් දැන් 2023 වසරටත් අපි පා තබලා තියනවා. අලුත් වසරක් පටන් ගන්නේ අලුත් බලාපොරොත්තු රැසක් සමඟයි. මේ නව වසරේ ඔයාගේ ජීවිතේ හැමදේම අලුත් කරගන්න හිතනවාද?  ඒ අතරින් තමන්ගේ ගෙදරදොරේ බඩුමුට්ටු අලුත් කරගන්න කවුරුත් කැමැතියිනේ. නිවසට නැවුම් එළියක් එක් වෙන්නේ නිවසේ උපකරණත් අලුත් වුණාමයි. මේ ගෘහ උපකරණ අතරට දැන් බොහෝ දෙනෙක් ඉලෙක්ට්‍රොනික් උපකරණ තෝරගන්නේ ගෙදරදොරේ වැඩ කටයුතු පහසු කරගන්නයි.

අලුත් ගෘහ උපකරණ මිලදී ගන්න කැමැත්තක් තිබුණාත් මේ දවස්වල මේවායේ මිල අධික වීමත්, අවශ්‍ය කරන උපකරණ හොය හොයා සාප්පු ගානේ Shopping කරන්න වෙලාවක් වෙන්කරගන්න අමාරු නිසාත්, ගොඩාක් දෙනෙක්ට අලුත් උපකරණ නිවසට ගන්න එක මඟ හැරෙනවා. ඒත් දැන් මේ හැමදේටම හොඳම විසඳුම වෙන්නේ Daraz.  ඔයාගේ නිවසට අවශ්‍ය උපකරණ Daraz වෙතින්  හරිම පහසුවෙන් සොයාගෙන ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියනවා. ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු නම් වාරික වශයෙන් ගෙවන්න ගන්න පුළුවන් නිසා ගාණ වැඩි උපකරණයක් වුණාත් ඔයාට අවශ්‍ය නම් හිත හිත ඉන්නෙ නැතුව ඕඩර් කරන්න.

මේ නව වසරේ අලුතින් විවාහා වෙලා නව නිවසකට යන්න හිතනවා නම්, ඒ අයටත් ගෘහ උපකරණ අලුතින්ම අවශ්‍ය වෙනවා. අලුත් දිවියට නැවුම් එළියක් එක්කර ගන්න ඔයාට අවශ්‍ය කරන Electric Appliances තෝරගන්න දැන්ම Daraz සමඟින් Shop කරන්න.

Smart TV

රූපවාහිනිය නරඹන වෙලාවට ගෙදර හැමෝම එකට එකතු වෙනවා. දවසම වෙහෙස මහන්සිවෙලා ගෙදර ආවාට පස්සේ ගෙදර කට්ටිය එක්ක පොඩි චැට් එකක් දාන ගමන් ටී.වී එක බලන්න ගොඩාක්දෙනෙක් හුරුවෙලා ඉන්නවා. දැන් සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට ටී.වී. තමයි හැමෝම අතර ජනප්‍රිය.  Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම, කැමැති වැඩසටහන් නරඹන්න ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගන්න ස්මාර්ට් ටී.වී. හරහා ඉඩ ලැබෙනවා. ඉතිං ඔයාගේ ගෙදර තාමත් තියනනේ පරණ ටී.වී එකක් නම් මේ නව වසරේ අලුත් LED ස්මාර්ට් ටී.වී. එකකට මාරු වෙමුද?

Popup Toaster

නවීන කුස්සියකට ටෝස්ටරයක් කියන්නේ අවශ්‍යම උපකරණයක්. ටෝස්ටරයකින් මූලිකවම කරන්නේ පාන් ටෝස්ට් කරන එක. ගොඩාක් අය ලේසියට හදාගන්න කෑමක් තමයි සැන්ඩ්විච්. පාන් ඇතුළට විවිධ ජාති දාලා සැන්ඩ්විච් හැඳුවාම ටිකක් වෙලා යද්දි ඒවායේ තියන රසය නැති වෙනවා. හැබැයි ටෝස්ට් කරොත් නම් කරස් සද්දයත් එක්ක රසවත් පාන් පෙත්තක මිහිර විඳින්න පුළුවන්. Pop-up ටෝස්ටරයක ටෝස්ට් වෙලා ඉවර වුණාම ඔටෝම Pop-up වෙනවා.  කුස්සියේ වැඩ පහසු කරන්න ටෝස්ටරය කදිම ඉලෙක්ට්‍රික් උපකරණයක්.

Washing Machine

ගෙදරදොරේ වැඩ කටයුතු අතර රෙදි සෝදන එක හැමෝටම කරන්න වෙන වැඩක්. තැන් තැන්වල කිලිටි රෙදි ගොඩගැහිලා තිබුණාම මුළු ගෙදරම අපිළිවෙළ වෙනවා. දැන් ඉස්සර වගේ රෙදි සෝදන්න මහන්සි වෙන්න ඕන නෑ. වොෂින් මෙෂින් එකක් තිබුණාම බොහොම පහසුවෙන් රෙදි සෝදගන්න පුළුවන්. ඔයාගේ ගෙදරට තාමත් වොෂින් මෙෂින් එකක් ගන්න බැරි වුණාද? නැත්තම් ගෙදර තියන පරණ වොෂින් මෙෂින් එක දැන් කැඩිලා අලුත් වොෂින් මෙෂින් එකක් මේ දවස්වල ගන්න හොයනවාද? එකවර මුදල් ගෙවලා ගන්න අපහසු නම් ටික ටික ගෙවන්න Daraz එකෙන් හොඳ කොලිටියේ වොෂින් මෙෂින් එකක් තෝරගන්න.  

Electric Oven

විවිධ විදියේ කෑම වර්ග හදන්න නවීන කුස්සියකට අවශ්‍යම උපකරණයක් තමයි මයික්‍රොවේව් අවන් එක. දැන් කාලේ හැමෝම ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. මේ කාර්යබහුලත්වය නිසාම ඉවුම්පිහුම් කටයුතු කරන්න ලොකු වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි.  ඒත් මයික්‍රොවේව් අවන් එකක් තිබුණොත් ගෙදර හැමෝටම රසවත් කෑම ජාති බොහොම පහසුවෙන් හදලා පිළිගන්වන්න පුළුවන්. ගෙදරට අමුත්තෙක් එක වෙලාවට වුණාත් කේක් ජාති, පුඩින් ජාති, පීසා, ෂෝර්ටීස් වගේ විවිධ කෑමවලින් සංග්‍රහ කරන්න මයික්‍රොවේවි අවන් එකක් මේ නව වසරේ ගත්තොත් හොඳයි නේද?

Coffee Machine

අපි කවුරුත් ප්‍රධාන ආහාර වේල්වලට අමතරව තේ හෝ කෝපි පානයට හුරුවෙලා ඉන්නවා. නිවසේ ඉඳන් එක දිගට වැඩ කරද්දි කම්මැලි ගතිය, මහන්සි ගතිය නිවාගන්නේ කෝපි එකක් පානය කරලායි.  කෝපි එකක් දැන් බිව්වා නම් හොඳයි කියලා හිතෙන වෙලාවට ඔයාම ගිහින් හදාගන්නවා වෙනුවට ගෙදර කෝපි මෙෂින් එකක් තිබුණොත් කොතරම් නම් පහසුයිද? ගෙදර අයට පහසුවෙන් පානය කරන්නත් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කොෆි මෙෂින් එකක් ව‌ගේ  උපකරණයක් නවීන නිවසකට වඩාත් ගැළපෙන උපකරණයක් වේවි.

Air Conditioner

නව වසරේ ඔයාගේ නිවස නවීකරණය කරගන්න හිතනවාද? වසරක් ගත වෙලා තව වසරක් උදාවෙද්දි අලුත් දෙයක් ඔයාගේ නිවසට එකතු කරගන්න පුළුවන් නම් එය වඩාත් වටිනවා. දැන් ගොඩාක් නවීන නිවෙස්වල වායු සමීකරණ යන්ත්‍ර සවි කරලා තියනවා.  ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක් නිසා  සීතල කාලගුණයකට වඩා උණුසුම් කාලගුණයක් සහිත දවස්වලට තමයි අපිට වැඩිපුර මුහුණ දෙන්න වෙන්නේ. අධික රස්නය ඇතැම් අයට දරාගන්න අමාරුයි.  ඒ නිසා වායු සමීකරණ යන්ත්‍රයක් තිබුණොත් යම් සහනයක් ගෙනදෙනවා. මේ නව වසරේ ඔයාගේ නිවසට වායු සමීකරණ යන්ත්‍රයක් මිලදී ගන්න හිතනවා නම් ඒ ගැන හොඳ දැනුවත්භාවයක් අවශ්‍ය වෙනවා. ඔයාගේ නිවස නැවුම් කරගන්න වායු සමීකරණ යන්ත්‍රයක් Daraz වෙතින් හොඳම මිලට සොයාගන්න. වායු සමීකරණ යන්ත්‍රයක අවශ්‍යතාවය තිබුණාත් මිල අධික වීමද ඔයාට තියන ගැටලුව? දැන් ඒ ගැන දුක්වෙන්න එපා. Daraz වෙතින් වාරික වශයෙන් ගෙවන්න ගන්න සහනයක් තියනවා.  

Refrigerator

ෆ්‍රිජ් එකක් නිවසකට නැතුවම බැරි උපකරණයක්. මස් මාළු, බිත්තර, එළවළු, බීම ජාති, අයිස්ක්‍රීම් මේ හැමදේම Store කරලා තියාගන්න Fridge එකක් අවශ්‍යම වෙනවා.  ගොඩාක් වෙලාවට Fridge එකක් තියන්නේ නිවසක කුස්සියේ. පොඩ්ඩො ඉන්න ගෙදරක නම් Fridge එකේ දොර නිතරම ඇරලා කන්න මොනවාද තියන්නේ කියලා බලනවා නේද? ඔයාගේ ගෙදරට අලුත් ෆ්‍රිජ් එකක් ගන්න දැන් කාලේ හරිද? ෆ්‍රිජ් එක පරණ වුණාම කරන්ට් බිලත් වැඩි වෙනවා.  ෆ්‍රිජ් එකක් කියන්නේ ප්‍රයෝජනවත් උපකරණයක් වගේම මුළුතැන්ගෙයට එළියක් එක් කරන උපාංගයක්. මේ වගේ අලංකාර ෆ්‍රිජ් එකක් මේ නව වසරේ ඔයාගේ නිවසට අලුතින් ගමුද?

කවුරුත් කැමති රසවත් වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් රසවිඳින්නයි.  Air Fryer ඒ සඳහා උපකාරී වෙන කුස්සියට අවශ්‍ය උපකරණයක්. Air Fryer මඟින් කාර්යන් රැසක් ඉටු කරනවා.  කෑම ජාති ටෝස්ට් කරන්න, ග්‍රිල් කරන්න, බැඳගන්න මේ හැමදේටම ප්‍රයෝජනවත්ය.  සැබැවින්ම මේ වගේ නවීන උපකරණ මඟින් ඉවුම් පිහුම් කටයුතු පහසු කරනවා.  නැවුම් එළවළු, මස් මාළු, පිසින්න බේක් කරන්න මෙය ප්‍රයෝජනවත් උපාංගයක්.

Vaccum Cleaner

නිවසක් කාගේත් සිත් ඇඳගන්නා විදියට අලංකාර වෙන්න අවශ්‍යයි වගේම පිරිසිදු වෙන්නත් ඕන. නිවස පිරිසිදුව තියාගන්න එක ගෙදර හැමෝගෙම වගකීමක්. ඒත් මේ ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ ගෙදරක ගෘහණිය.මේ නව වසරේ ඉඳලා නිවස පිරිසිදුව තියාගන්න එක ගැන වැඩියෙන් හිතමු නේද? නිවස සුන්දර කරගන්න විවිධ ගෘහ උපකරණ මිලදී ගනිද්දි නිවස පිරිසිදුව තියාගන්න උපකාරී වෙන උපකරණත් මිලදී ගන්න අමතක කරන්න එපා. Vaccum Cleaner එකක් තිබුණොත් බොහොම පහසුවෙන් නිවසේ තියන කුණු, දූවිලි ඉවත් කරන්න පුළුවන්. නිවසක් පිරිසිදු කරන්න ගොඩාක් වෙහෙස මහන්සි වෙනවාට වඩා මේ වගේ උපකරණ භාවිතා කරන එක ඔයාට පහසුවක් වේවි.

Water Heater

නිවසක මුළුතැන්ගෙයට, සාලයට, නිදන කාමරයට විතරක් නෙවෙයි නාන කාමරයටත් විවිධ ගෘහ උපකරණ අවශ්‍ය වෙනවා. සීතළ කාලෙට වතුර සීතළ වැඩි වුණාම නාන්න ඇඟ හෝදන්න උණු වතුර තමයි පාවිච්චි කරන්නේ. ඉතිං ලිපේ වතුර රත් කරලා උණු වතුර ගන්නවාට වඩා දැන් උණු වතුර ගන්න ලේසිම ක්‍රමය තමයි Water Heater එක. දැන් නවීන නිවෙස්වල නාන කාමරයේ Water Heater සවි කරලා තියනවා.  ඉතිං මේ නව වසරේ ඔයාගේ නාන කාමරයටත් Water Heater එකක්  සවි කරන්න හිතනවා නම් විශ්වාසනීය වෙළෙඳ නාමවලින් මෙවැනි උපකරණ Daraz වෙතින් සොයාගන්න.

නව වසරේ නිවසට නැවුම් එළියක් එක් කරගන්නත් නිවසේ වැඩ කටයුතු පහසු කරගන්නත් අලුත් Electric Appliances තෝරගන්න, අදම Daraz සමඟින් Shop කරන්න.  

කුස්සියේ වැඩ පහසු කරන මුළුතැන්ගෙයි උපකරණ ගැන දැනගන්න කුස්සියේ වැඩ පහසු හා පිළිවෙළ කරන Essential Kitchen Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php