හැඩකාර පෙනුමකට ප්‍රමුඛ පෙළේ Cosmetic Products in Sri Lanka

හැඩකාර පෙනුමකට ප්‍රමුඛ පෙළේ Cosmetic Products in Sri Lanka

ප්‍රමුඛ පෙළේ Cosmetic Products in Sri Lanka සොයන ඔබට මෙය සතුටුදායක ආරංචියක් වේවි. Daraz වෙතින් ප්‍රමුඛ පෙළේ Cosmetic Products in Sri Lanka විශේෂ වට්ටම් සහිතව පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

ඔබ ප්‍රමුඛ පෙළේ Cosmetic Products in Sri Lanka සොයනවාද? එහෙනම් Cosmetic Products in Sri Lanka  ඔන්ලයින්ම මිලදී ගන්න ලෑස්ති‌ වෙන්න.

ශ්‍රී ලංකාවේ දැවැන්තම e-commerce වේදිකාව වන Daraz මෑතකදී රටේ අංක එකේ රූපලාවණ්‍ය නිෂ්පාදන හා සුවඳ විලවුන් අලෙවිසැලක් වන Exclusive Lines සමඟින් අත්වැල් බැඳගන්නා ලදි. මේ නිසාම පාරිභෝගිකයන්ට Daraz App එකේ Shop කරන ගමන් ලංකාවේ සන්නාමගත සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගන්න කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

හොඳම රූපලාවණ්‍ය ආලේපන සියලු පාරිභෝගිකයන්ට පිරිනමන්න Daraz හා Exclusive Lines අත්වැල් බැඳගනියි

Daraz, Exclusive Lines සමඟින් එක් වී ඇත්තේ Best Beauty Products in Sri Lanka පාරිභෝගිකයන්ට පහසුවෙන් ඔන්ලයින්ම සොයාගන්න අවස්ථාව සලසා දෙමිනි. Daraz යනු ඉලෙක්ට්‍රොනික්ස් උපකරණ, විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු සියල්ල එකම තැනකින් සොයාගත හැකි Shopping නැවතුම්පොළකි. පාරිභෝගිකයන්ට පහසු හා අනර්ඝ Shopping අත්දැකීමක් පිරිනමන Daraz මෙම හවුල්කාරිත්වයත් සමඟ ප්‍රමුඛ පෙළේ online cosmetics shopping in Sri Lanka අත්දැකීම විඳගන්න පාරිභෝගිකයන්ට ඉඩ ලබාදී තිබීම විශේෂත්වයක්.

හොඳම අවස්ථාව නම්, Daraz වෙතින් Exclusive Lines Store එකෙන් මිලදී ගැනීම් සිදු කරද්දි Daraz එකේ විවිධ සේල් කාලවලදී බැංකු වට්ටම්, මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම් හා තවත් විශේෂ දීමනා රැසක් හිමිවීමයි. හැඩකාර පෙනුමකට ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන හා සුවඳ විලවුන් Daraz App එකෙන් තෝරගෙන දොරකඩටම ගෙන්න ගන්න ලැබෙන එක කොයිතරම් නම් වාසියක්ද?

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් Daraz Sri Lankaහි කළමනාකාර අධ්‍යක්ෂ රඛීල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ, “ මෙම හවුල්කාරිත්වය මඟින් ලොව වැඩිම ඉල්ලුමක් තියන රූපලාවණ්‍ය නිෂ්පාදන තම නිවෙස්වලට පහසුවෙන්ම ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට ඉඩ සැලැස්වීම පිළිබඳ ඉතාමත් සතුටු වෙනවා. ග්‍රාමීය නාගරික බෙදීම නැති කිරීමට හැකි වී තිබෙන්නේ e-commerce හරහායි.  පාරිභෝගිකයන්ගේ වුවමනා සපුරාලීම සඳහා පහසු ප්‍රවේශයක් හා පුළුල් තෝරාගැනීම් සපයන අතර දිවයින පුරා සිටින කැපී පෙනෙන වෙළෙඳ සන්නාමකරුවන්ටද පාරිභෝගිකයන් වෙත ළඟාවීමට මෙවැනි සහායෝගීතා අවශ්‍ය වෙනවා. Daraz ඉදිරියටත් විලාසිතා, රූපලාවණ්‍ය වැනි වැඩි ඉල්ලුමක් සහිත භාණ්ඩ වර්ග පිරිනැමීම ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා’’ යනුවෙනි.

Exclusive Lines වසර 20කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ආලේපන හා සුවඳ විලවුන් ක්ෂේත්‍රයේ රැඳී සිටින අතර කීර්තිමත් ජාත්‍යන්තර වෙළෙඳ නාම වන Montblanc, Hermes, MAC, Dior, Giorgio Armani, Clinique සහ Elizabeth Arden සඳහා බලයලත් දේශීය සිල්ලර වෙළෙඳකරු වේ.

Daraz වෙතින් Exclusive Lines Store එකෙන් සොයාගන්න පුළුවන් Cosmetic products in Sri Lanka මොනවාද කියලා අපි බලමු.

Makeup Essentials

Powder & Foundation

මේකප් එකක් දාන්න පටන් ගන්න කලින් මුහුණේ මුලින්ම ආලේප කරන්නේ ෆවුන්ඩේෂන්. ෆවුන්ඩේෂන් එක ගාලා ඊට උඩින් තමයි පවුඩර් පැක් එක යොදන්නේ. ඉතිං මේ දෙකම වෙන වෙනම්ම ගානවට වඩා පවුඩර් එකයි ෆවුන්ඩේෂන් එකයි දෙකම අඩංගු වෙලා තියන නිෂ්පාදනයක් තියන එක කොයි තරම් නම් පහසුයිද කියලා හිතන්නකො. ස්වභාවික, දීප්තිමත් පෙනුමකට මෙය කදිම ආලේපනයක්. Mac Cosmetics Price in Sri Lanka ඔබ සොයනවා නම් Daraz වෙතින් මෙම සන්නාමයේ නිෂ්පාදන තෝරගන්න.

Lipstick

ලිප්ස්ටික් කියන්නේ කාන්තාවන් නිතරම භාවිතා කරන රූපලාවණ්‍ය අයිතමයක්. තමන්ගේ ඇඳුම්වල පාටට හා තොල්වල පැහැයට ගැළපෙන්න විවිධ වර්ණයේ ලිපිස්ට්ක් තෝරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට රතු, රෝස, මෙරූන් වගේ පාට තමයි වැඩිපුර භාවිතා වෙන්නේ. ලිපිස්ටික් එකක් පාවිච්චි කරද්දි හොඳ Brand එකක ලිප්ස්ටික් තෝරගැනීම අවශ්‍යම දෙයක්. හොඳ කොලිටියේ Mac Lipstick Price දැන් Daraz වෙතින් සොයාගන්න.

Eye Liner

ඇස් ලස්සන කරන්න යොදාගන්න මේකප් අයිටම් එකක් තමයි අයි ලයිනර්.  අයි ලයිනර් එකකින් කරන්නේ ඇහැ වටේට ලස්සනට රේඛාවක් ඇඳීමයි. හොඳ අයි ලයිනර් එකක් හොයනවා නම් Kajal eyeliner price in Sri Lanka ගැන දන්නවාද? Exclusive Lines වෙතින් ඔයාට අවශ්‍ය අයි ලයිනර් තෝරගෙන සුන්දර පෙනුමකින් හැඩවෙන්න.

Eye Shadow

අයි ලයිනර්, අයිබ්‍රෝ පෙන්සිල් පාවිච්චි කරලා ඇස් දෙක ලස්සන කරාට ඇස්වල චමත්කාරය තවත් වැඩි කරලා පෙන්නන්න පුළුවන්  වෙන්නේ අයි ෂැඩෝවලින්.  අපි ඇහැට උඩින් ගාණ වර්ණවලට තමයි අයි ෂැඩෝ කියන්නේ. අයි ෂැඩෝ විවිධ පාටවලින් තියනවා. වෙඩින් එකකට, සාදයකට යද්දි ඇඳගෙන යන ඇඳුමේ පාටට ගැළපෙන්න තමයි අයි ෂැඩෝ යොදන්නේ. විවිධ පාටවල අයි ෂැඩෝ තියන සෙට් එකක් ගත්තාම ඇඳුමේ පාටට හරියන්න අයි ෂැඩෝ ගාලා ඇස් දෙක ලස්සනට මේකප් කරගන්න පුළුවන්.

Blush

මේකප් ජාති ඔක්කොම දාලා ඔයාගේ මුහුණ ලස්සන හැඩ කරගත්තාට පස්සේ කම්මුල්වලට තව දීප්තිමත් බවක් එකතු කරගන්න ඕන කියලා හිතෙනවා නම්, පාවිච්ච් කරන්න හොඳම රූපලාවණ්‍ය ආලේපනය තමයි Blush එක. දිගු වෙලාවක් ඔබේ මුහුණේ දිලිසෙන පෙනුමක් රඳවා තියාගන්න නම් හොඳ Blush එකක් තෝරගන්න වෙනවා. වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම කොලිටියේ රූපලාවණ්‍ය නිෂ්පාදන Exclusive Lines වෙතින් මිලදී ගන්න.

Skin Care

Body Cream

රූපලාවණ්‍ය ගැන උනන්දු වෙද්දි මුහුණ විතරක් නෙවෙයි මුළු ශරීරයටම සුන්දරව තියාගන්න එක ගැන හිතන්න වෙනවා.  මුළු ඇඟම සුමුඳුව තියාගන්න Body Cream එකක් උපකාරී වෙනවා. සම වේලීමෙන් ආරක්ෂා වෙන්න හොඳම විසඳුම තමයි Body Cream භාවිතා කරන එක.  දීප්තිමත් පෙනුමක් සමඟින් තරුණ බව රැකගන්න නිතර මෙවැනි රූපලාවණ්‍ය නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. ඕනම සමකට ගැළපෙන මෙවැනි Body Cream එකක් සම රැකගන්න Daraz වෙතින් තෝරගමු නේද?

Cleanser

ක්ලෙන්සර් එකකින් කරන්නේ මුහුණේ තියන කුණු, දූවිලි ඉවත් කරලා මුහුණ පිරිසිදු කරන එක. රූපලාවණ්‍ය ආලේපන භාවිතා කරලා මේකප් කරන්න පටන් ගන්න කලින් ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඒ වගේම තමයි මේකප් ඉවත් කරාට පස්සෙත් ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන්න පුළුවන්.  ඔබේ සමේ ආරක්ෂාව ගැන හිතලා හොඳම වර්ගයේ ක්ලෙන්සර් එකක් තෝරගැනීම වැදගත් වෙනවා. Daraz වෙතින් මෙවැනි රූපලාවණ්‍ය ආලේපන සොයාගන්න Shop කරන්න.

Double Serum Eye

ඇස්වල පෙනුම පවත්වාගෙන යන්න විවිධ ආලේපන අවශ්‍ය වෙනවා.  ඇස් රැලි වැටීම, ඇස් යට කළු වීම මුහුණේ සුන්දරත්වය අඩු වෙන්න බලපාන්න පුළුවන්. ඒ නිසා Double Serum Eye වැනි රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ඇස් සඳහා භාවිතා කිරීම වඩාත් සුදුසුයි. රැලි ඇතිවීම, කළු පැල්ලම් ඇතිවීම වළක්වා ඇස් වටා සම ශක්තිමත් කරනවා. ඔයාගේ තරුණ බව තවත් රැක ගන්න රූපලාවණ්‍ය නිෂ්පාදන අතරට මේ වගේ ඇස් ආලේපනත් එකතු කරගන්න අමතක කරන්න එපා.

Perfumes

Ladies Perfumes

විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන සමඟ භාවිතා වෙන තවත් දෙයක් තමයි සුවඳ විලවුන්. මේකප් භාවිතා කරලා කාන්තාවන් ලස්සනට හැඩවෙනවා වගේම සුවඳවත්ව ඉන්නත් එපැයි. දිගු වෙලාවක් ඔයා ගාවින් හොඳ සුවඳක් එන්න නම් Branded සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරන්න වෙනවා. Exclusive Lines වෙතින් සන්නාමගත සුවඳ විලවුන් තෝරගන්න අවස්ථාව තියනවා.

Men’s Perfumes

කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් හැඩට වැඩට ඉන්න කැමතියිනේ. ස්මාර්ට් එකට ඇඳ පැළඳගෙන ගිහින් ඔයා ගාව එන සුවඳ හරි නැති වුණොත් වැඩක් නෑනෙ. ඒ නිසාම තමයි සුවඳවත් සුවඳ විලවුන් පිරිමි ළමයි තෝරගන්නේ. ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්නත් ගොඩාක් වෙලාවට පිරිමි ළමයි හොඳ සුවඳ විලවුන් ගහගෙන යනවා. ගාණ ටිකක් වැඩි වුණාට Branded Perfume එකක් තමයි කාගේත් තෝරගැනීම වෙන්නේ.  ප්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් වර්ග Daraz එකේ Shop කරද්දි Exclusive Lines Store එකෙන් සොයාගන්න.

ආකර්ෂණීය පෙනුමකින් හැඩවෙන්න ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය ආලේපන හා සුවඳ විලවුන් සොයනවා නම් දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරගෙන Shop කරන්න. Exclusive Lines වෙතින් ඔබේ සිත්ගත් රූපලාවණය කළමනා තෝරගන්න.

නිතර ගමන්බිමන් යන අය ළඟ තියෙන්න අවශ්‍ය රූපලාවණ්‍ය අයිතමයන් ගැන දැනගන්න නිතර ගමන් යන අය ළඟ තියෙන්නම අවශ්‍ය Travel Beauty Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php