රු. 1100ට අඩු මුළුතැන්ගෙයට අත්‍යවශ්‍ය Grocery Items

රු. 1100ට අඩු මුළුතැන්ගෙයට අත්‍යවශ්‍ය Grocery Items

මුළුතැන්ගෙය පිරෙන්නේ Grocery Items රැසක් එකතු වෙලායි. දිනපතා කටයුතු පවත්වාගෙන යන්න විවිධ Grocery Items අවශ්‍ය වෙනවා.

ඔයාලාත් මුළුතැන්ගෙයට Grocery Items ගන්න හැමවෙලේම කඩවල් ගානේ දුවනවාද? දැන් Daraz Mart වෙතින් එදිනෙදා අත්‍යවශ්‍යGrocery Items  පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න.

2022 වසර ඉවරවෙලා 2023 වසරටත් අපි පා තබලා තියනවා.  නව වසරක් පටන් ගන්නේ බලාපොරොත්තු රැසක් සමඟයි. අවුරුද්දෙන් අවුරුද්ද කොතරම් කාලය ගත වුණාත් අපේ වුවමනා එපාකම් නම් වෙනස් වෙන්නේ නෑ. දෛනික කටයුතු සඳහා Groceries ගන්න Shopping ගියාට හැමවෙලේම මොනාහරි දෙයක් මඟ හැරෙනවා නේද? කුස්සියේ ඉවුම් පිහුම් කටයුතු කරද්දි කොතරම් බඩු ගත්තාත් මදියි කියන ගතිය හිතට දැනෙනවා. කුස්සියක් අංග සම්පූර්ණ වෙන්නේ කුස්සියේ ගෘහ උපකරණ වගේම අවශ්‍ය කළමනා සියල්ලත් තිබුණාමයි.

ඔයා Grocery Shopping කරන්නේ මාසයකට වතාවක්ද? සතියකට වතාවක්ද? නැත්තම් දිනපතාද? ගොඩාක්දෙනා වෙළෙඳසැලකට ගිහින් මාසෙටම අවශ්‍ය බඩුමුට්ටු එකවර මිලදී ගන්නවා. ඒත් ඇතැම් අය නම් අවශ්‍ය වෙන විදියට සැරින් සැරේ තමයි එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ. ඒත් දැන් එදිනෙදා අත්‍යවශ්‍ය Grocery Items ගන්න ඒ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ. Daraz Mart වෙතින් දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ එක Click කිරීමකින් පහසුවෙන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාම රැසක් සමඟින් කුස්සියට අවශ්‍ය කළමනා දොරකඩටම.

තාමත් Daraz Mart එකේ Shop කරලා නැත්තම් දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Daraz Mart සමඟින් අනර්ඝ Grocery Shopping අත්දැකීමක් විඳගන්න. රු. 1100ට අඩුවෙන් Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් ඔයාගේ කුස්සියට අව්‍යවශ්‍ය භාණ්ඩ මොනවාද කියලා බලමු.

Rice

බත් කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරය. ඒ නිසා ලංකේය නිවසේවල මුළුතැන්ගෙයි හාල් නොවරදවාම තියන දෙයක්. ඇතැම් දෙනා ප්‍රධාන ආහාර වේල් තුනටම කන්නෙත් බත්. රතු කැකුළු, සුදු කැකුළු, සම්බා, නාඩු වැනි විවිධ වර්ගයේ හාල් ජාති කිහිපයක්ම අතරින් ඔයාගේ නිවසේ ඉන්න හැමෝම කන්න කැමති හාල් වර්ගයක් තෝරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට නිවසකට මාසෙටම අවශ්‍ය හාල් ප්‍රමාණය එකවර මිලදී ගන්නවා. බරට බරේ හාල් ‌පැකට් උස්සගෙන එන්න දැන් මහන්සි වෙන්න ඕන නෑ. Daraz Mart වෙතින් හාල් ජාතිත් ඔන්ලයින් ඕඩර් කරලා දොරකඩටම ගෙන්න ගන්න.

Sugar

සීනී, පිටි, තේ කොළ වැනි කළමනා කුස්සියකට නැතුවම බැරි Grocery Items. තේ, කෝපි වැනි පාන වර්ග හදන්න සීනි අවශ්‍යම වෙනවා. ඒ වගේම ඇතැම් ව්‍යාංජන රසවත් කරන්නත් සීනි යොදාගන්නවා.  විවිධ අතුරුපස වර්ග, කේක් ජාති මේ හැමදේටම සීනි කියන්නේ අවශ්‍යම දෙයක්.  පැණි රසට කන්න බොන්න නම් සීනි නැතුව කොහොමද? Grocery Shopping කරද්දි සීනි අමතක කරොත් පැණි රස කෑමබීම ඔයාට මඟහැරෙයි. ඒ නිසා Daraz Mart වෙතින් මතක ඇතුවම මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගෙන තියාගන්න.

Pasta

හැමදාම එකම විදියේ කෑම කන්න බෑනෙ. අපේ රටේ නිවෙස්වල වැඩිපුරම හුරුවෙලා තියන්නේ බත් කන්න. දිනපතා වේල් තුනටම බත් කන්න ගියොත් නම් එපා වෙනවා නේද? ඉතිං වෙනස් රසයකට නම්, වෙනස් විදියේ කෑම අත්හදා බලන්න වෙනවා. පැස්ටා පැකට් වගේ දේවල් මුළුතැන්ගෙයි තිබුණොත් පහසුවෙන් ආහාර වේලක් හදාගන්න පුළුවන් වෙනවා. පැස්ටා එකට එළවළු, බිත්තර, මස්මාළු මේ හැමදේම දාන නිසා පෝෂ්‍යදායි ආහාරයක් හරිම පහසුවෙන් හදාගන්න ලැබෙනවා.  බත් උයන්න වෙලාව මදි දවසට උදේට වැඩට යන්නත් මේ වගේ කෑමක් වැඩි වෙලාවක් යන්නැතුව ඉක්මනින් හදාගන්න පුළුවන්කම තියනවා.  ඒ නිසා පැස්ටා පැකට් වගේ කළමනාත් ඔයාගේ මුළුතැන්ගෙයි ගෙනත් තියාගන්න.

Cooking Oil

කුස්සියේ ඉවුම්පිහුම් කටයුතු කරන්න බඩුමුට්ටු රැසක් අවශ්‍යයි. තෙලේ බඳින්න, බේකිං කරන්න මේ හැමදේටම විවිධ තෙල් වර්ග යොදාගන්න වෙනවා. වෙජිටබල් ඔයිල්, පොල්තෙල්, ඔලිව් ඔයිල් වගේ විවිධ තෙල් වර්ග ඉවුම්පිහුම් කටයුතුවලදී වැඩිපුර භාවිතයට ගන්නවා. කටට රසට කන්න කැමති නම් තෙලේ දාලා බැඳලා රසට කෑම හදාගන්න එපැයි. ඉවුම්පිහුම් කටයුතු කරන ගෘහණියක් මේ වගේ බඩුමුට්ටු මුළුතැන්ගෙයට එකතු කරගන්න අමතක කරන්නේ නෑ.

Condiments

කෑම රසවත් කරගන්න විවිධ රසකාරක ඉවුම්පිහුම් කටයුතුවලදී යොදාගන්නවා. සෝස් වර්ග මේ අතර ජනප්‍රියයි. චිකන්, සොසේජස් වැනි කෑම ජාති හදද්දි සෝස් එහෙම දාලා ගත්තාම වැඩි රසයක් එකතු වෙනවා. ඒ වගේම නූඩ්ල්ස්, පැස්ටා වගේ කෑම ජාතිත් වැඩියෙන් රසවත් වෙන්නේ සෝස් දාලා ගත්තාමයි. කෑම වර්ග හදන්න විතරක් නෙවෙයි ෂෝර්ටීස් වගේ විවිධ පොඩි පොඩි ආහාරත් අපි කන්නේ සෝස් දලා. ඉතිං ඔන්න ඒ නිසා ඔයාගේ මුළුතැන්ගෙයි Condiments වර්ගත් තියාගත්තොත් හොඳයි නේද?

Spices

කටට රසට උයනවා නම් කුළුබඩු කොහොමද අමතක කරන්නේ? කුළුබඩු මඟින් ආහාරවල රසය, පාට, කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරනවා.  අතීත කාලයේ ඉඳලාම ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආහාර රසවත් කරගන්න උපක්‍රමයක් හැටියට කුළුබඩු යොදාගන්න පුරුදු වෙලා ඉන්නේ ඒ නිසායි. ගෙදර හැමෝටම ගැළපෙන්න විවිධ වර්ගයේ කෑම හදද්දි  ඒ කෑමවලට වැඩි රසයක් එක්කර ගන්න කුළුබඩු යොදාගන්නවා. ශ්‍රී ලාංකේය ආහාරවලට ගොඩාක්දෙනා ප්‍රිය කරන්නෙත් පදමට තුනපහ එහෙම දාලා කටට රසට හදන නිසායි. මිරිස් කුඩු, කෑලි මිරිස්, තුනපහ, ගම්මිරිස්, කහකුඩු, අබ මේ සියල්ල කුළුබඩු ගණයට ඇතුළත් වෙනවා. රසවත්ව කෑම හදන්න ඔයාගේ මුළුතැන්ගෙයට අවශ්‍ය තුනපහ වර්ග Daraz Mart වෙතින් මිලදී ගන්න.

Pulses

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට පරිප්පු වගේ අයිතමයන් වරදින්නෙත් නෑ.  දිනපතා ආහාර වේල් ගැන කතා කරද්දි පරිප්පු කා අතරත් ජනප්‍රිය දෙයක්. පරිප්පු කොච්චර කෑවාත් ගොඩාක්දෙනෙක්ට එපා වෙන්නේ නෑ. මස්, මාළු, බිත්තර මේ හැමදේ එක්කම ගැළපෙන කෑමක් තමයි පරිප්පු. රු.1100ට අඩුවෙන් ගන්න පුළුවන් භාණ්ඩ අතරට පරිප්පුත් එකතු වෙන නිසා වැඩිපුර අරගෙන තියාගත්තාත් වැඩිවෙන එකක් නම් නෑ.

Grains

උදේ ආහාරය සඳහා පෝෂ්‍යදායි කෑම වර්ග ගන්න ඔයා හිතනවා නම් ඒ සඳහා වැඩියෙන් සුදුසු ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග  කියන්නේ ශරීර සෞඛ්‍යයට ගුණදායක ආහාරයක්. ඒත් එදිනොද අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ගියාම ධාන්‍ය වර්ග මිලදී ගන්න අමතක වෙනාවා නේද?  මුං ඇට, කවුපි, කඩල වගේ ධාන්‍ය වර්ග‌ උදෑසන ආහර වේලට එකතු කරගන්න පුළුවන් නම් පුංචි ළමයින්ටත් වැඩිහිටි අයටත් වඩාත් ගුණදායකයි. ඒත් ඇතැම් වෙලාවට මේ වගේ ධාන්‍ය වර්ග වෙළෙඳසැල්වලින් සොයා ගන්න අපහසු වෙනවා.  ඒත් දැන් Daraz Mart වෙතින් මෙවැනි ධාන්‍ය වර්ගත් ඔන්ලයින්ම සොයාගන්න.

Noodles

පොඩි බඩගින්නක් ආව වෙලාවට ඉක්මනින් හදාගන්න ක්ෂණික නූඩ්ල්ස් වගේ දෙයක් ගෙදර තිබුණොත් හොඳයි නේද? අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත් වුණාට ඊට අමතරව නූඩ්ල්ස් වගේ කෙටි ආහාරවලට ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා. උයන්න කම්මැලි ගතියක් දැනෙන වෙලාවට වුණාත් නූඩ්ල්ස් වගේ දෙයක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ නිසා ගෙදරට Grocery items ගෙනෙද්දි මේ වගේ කළමනාත් එකතු කරගන්න.

Biscuits

අනංමනං කෑම කන්න කවුරුත් ආසයිනේ. Snacks ආහාර අතර හැමෝම කැමති දෙයක් තමයි බිස්කට්. ගෙදර පොඩ්ඩො එහෙම ඉන්නවා නම් බිස්කට් ජාති පිරිමහන්න වෙන්නේ නෑ. ගෙදරට බිස්කට් ජාති ගේන පමාවෙන් ඉවර වෙනවා. දැන් විවිධ රසයන් සහිත බිස්කට් ජාති තියන නිසා ගෙදර හැමෝම කැමති බිස්කට් ගෙදරට ගේන්න වෙනවා. ඒ වගේම තමයි ගෙදරට හදිසියේ අමුත්තෙක් ආවාම තේ හෝ කෝපි එකකින් විතරක් සංග්‍රහ කරන්න බෑනෙ. බිස්කට් වගේ දෙයක් තිබුණොත් තේ එකක් එක්ක බිස්කට් වගේ දෙයක් දෙන්නත් පුළුවන්. ඒ නිසා Daraz Mart වෙතින් ඔයා කැමති බිස්කට් වර්ග ගෙනත් තියාගන්න.

Beverages

ගෙදරදොරේ කළමනා ලැයිස්තුවට පාන වර්ගත් නැතුවම බැරි දෙයක්. සාමාන්‍ය තේ එකක් බොන්න බොහෝදෙනෙක් හුරුවෙලා හිටියාාට තේ එකකට එහා ගිය රසයන් සොයන අය  නෙස්ටමෝල්ට්, මයිලෝ, හෝර්ලික්ස් වැනි පානයන්වලට ප්‍රිය කරනවා. තේ එකක් හදද්දිත් වැඩි රසයක් ලබාගන්නත් මේ පානයන් එක්කර ගන්න පුළුවන්. මෝල්ට් රසයට කැමති නම් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් වැනි පානයනුත් චොකලට් රසයට කැමැති නම් මයිලෝ වැනි පානයනුත් ගෙදර අයගේ ප්‍රියතාවය මත ඔයාගේ Grocery Items අතරට එක්කර ගන්න.

Daraz Mart සමඟින් Shop කරලා රු. 1100ට අඩු මේ  Grocery Items පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න.

කෑම රසවත් කරගන්න Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් කුළුබඩු වර්ග ගැන දැනගන්න Daraz Mart වෙතින් කෑම රසවත් කරන Essential Cooking Spices ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php