අලුත් වසරේ නිවසට අලුත් හැඩගැන්වීමක් එක් කරන Best Home Deals

අලුත් වසරේ නිවසට අලුත් හැඩගැන්වීමක් එක් කරන Best Home Deals

අලුත් වසරේ නිවසට අලුත් වෙනසක් එක්කර ගන්න Best Home Deals උපකාරී වෙනවා. Best Home Deals මඟින් නිවසේ වටිනාකම තව වැඩිකර ගන්න පුළුවන්.

2023 වසරේ නිවස අලුතින් හැඩගන්වන්න Best Home Deals සොයනවාද? Make-Over Madness එකේ Shop කරලා හොඳම Best Home Deals සොයාගන්න ලෑස්ති වෙන්න.

Make-Over Madness ජනවාරි 27 සිට අත්විඳින්න

හැමදාමත් ඔබ වෙනුවෙන් විවිධ වාසි රැසක් පිරිනමන Daraz වෙතින් 2023 වසර ආරම්භයේම Make-Over Madness සමඟ දීමනා රැසක් ලබාදෙන්න සූදානම්.  ජනවාරි 27 සිට Make-Over Madness සමඟින් Shop කරන්න අවස්ථාව උදාවෙනවා. විලාසිතා, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, ‌ඉලෙක්ට්‍රොනික්ස්,  ක්‍රීඩා උපකරණ ඇතුළු මිලියන 7කට වැඩි නිෂ්පාදන අතරින් අවශ්‍ය හැමදේම තෝරගන්න.  විවිධ නිෂ්පාදන සඳහා අඩුම මිල ගණන්. බැංකු වට්ටම් හා එකවර මුදල් ගෙවා මිලදී ගන්න අපහසු භාණ්ඩ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

නව වසරේ නිවසට අලුත් හැඩගැන්වීමක් එක්කර ගන්න කැමැතියිද? නිවස අලුත් වෙන්නේ ගෙදර තියන උපකරණත් අලුත් වුණාමයි.  මේ දවස්වල ගෘහ උපකරණවල මිල ගණන් ඉහළ ගිහින් තියන නිසා මිලදී ගන්න කැමැත්තක් තිබුණාත් අලුත් දෙයක් එක්කර ගන්න බැරි වෙනවා. ඔන්න එ නිසා නිවසට අලුත් උපකරණ මිලදී ගන්න හිතනවා නම් Make-Over Madness Sale එක තමයි හොඳම අවස්ථාව. නිවසක් හැඩගැන්වෙන්නේ නිවසට ඇතුල් වෙද්දිම නෙත ගැටෙන සාලය වගේම නිදන කාමරය, මුළුතැන්ගෙය ඇතුළු නිවසේ සියලුම අංගවලට අලුත් බඩුමුට්ටු එකතු වුණාමයි.  නිවසට අලුත් වෙනසක් එක්කර ගන්න Make-Over Madness වෙතින්  විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න පුළුවන් Bedding & Bath Items, Home & Living Items, Home Appliances මොනවාද කියලා අපි බලමු.

සුන්දර නිදන කාමරයකට Bedding & Bath Items

Make-Over Madness වෙතින් Celcius, The Bedsheet factory, southern smart, linberry, Halcyon, Mirani Mosquito Net,Comfort Linen Company (Pvt) Ltd වැනි වෙළඳ නාමවල Bedding & Bath Items සඳහා 60%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Pillows

‍නිවසේ නිදන කාමරය සුන්දරව වගේම සුවපහසු විදියට සකසා ගැනීම අවශ්‍ය දෙයක් . නිදන කාමරයට ඇතුළු වෙද්දිම නිදන ඇඳ දෙසට අවධානය යොමුවෙනවා.  නිදන ඇඳේ සුවපහසු නින්දක් ලබන්න නම් කොට්ට මෙට්ටවල සනීපයක් දැනෙන්න ඕන. මෘදු, සුවපහසු කොට්ට හොයන ඔයාලාට Celcius වැනි වෙළෙඳ නාම වෙතින් මෘදු කොට්ට තෝරගන්න පුළුවන්. සමහර කොට්ටවල ගොරෝසු බව නිසාම ඔළුව තිබ්බාම හරියට නින්ද යන්නෙත් නෑ. ඒ නිසා මනසටත් ඇඟටත් සැහැල්ලුවක් දැනෙන්න නම් සිනිඳු කොට්ට පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ වගේම කොට්ටවල දූවිලි හා විෂබීජ රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා එකම කොට්ටය දිගු කාලයක් පාවිච්චි කරන්නැතුව කාලෙන් කාලෙට කොට්ට මාරු කරන එක වඩාත් හොඳයි. ඒ නිසා මේ නව වසරේ ගෙදර කොට්ට මෙට්ට අලුත් කරගමු නේද?

Bedsheets

නිදන ඇඳට දාලා තියන ඇඳ ඇතිරිලි ආකර්ෂණීය වුණාම මුළු කාමරයටම අලුත් එළියක් ඇති වෙනවා. ඒ නිසා  ලස්සන ඇඳ ඇතිරිලි ඔයාගේ නිදන කාමරයට එක්කර ගන්න. ඇතැම් වෙලාවට දවසම මහන්සි වෙලා නිදා ගන්න ආවාම හරියට නින්ද යන්නේ නැත්තෙන් Bedsheets සුවපහසු වුණේ නැති වුණාමයි. Bedsheet එකක් තෝරගනිද්දි හොඳ කොලිටි එකක් තියෙන Bedsheet තෝරගන්න ඕන.  ඔයාගේ නිදන කාමරයේ බිත්තිවල වර්ණයට අනූව ගැළපෙන්න විවිධ වර්ණ සහිත ආකර්ෂණීය Bedsheets මේ සේල් එකෙන් අඩුම මිලට සොයාගන්න.

Mosquito Nets

මඳුරු කරදරෙන් බේරෙන්න කාගේත් තේරීම වෙන්නේ මඳුරු දැලයි. නිදන කාමරයට අලුතින් උපාංග එක්කර ගනිද්දි  මඳුරු දැලක් මිලදී ගන්නත් අමතක කරන්න එපා. කාලයක් යද්දි මඳුරු දැල එහෙන් මෙහෙන් ඉරෙන්න ඇඳෙන්න ගත්තාම සිඳුරුවලින් මඳුරුවන් ඇතුල් වෙන්නත් පුළුවන්.  ඒ වගේම තමයි දැන් තියන මඳුරු දැල් ආකර්ෂණීය විදියට හදලා තියන නිසා නිදන කාමරයට මඳුරු දැලෙන් අලංකාරයක් එකතු කිරීමටත් පුළුවන් වෙනවා.මඳුරු කරදරෙන් බේරෙනවා වගේම මේ නව වසරේ ඔයාගේ නිදන කාමරයට නව අලංකාරයක් එක් කරගන්න විශේෂ වට්ටම් සමඟින් අලුත් මඳුරු දැලක් තෝරගන්න.

Duvets

සමහර කාලවලදී සීතල වැඩි වෙද්දි අපිට ඒක දරාගන්න අමාරුයි. සීතල වැඩි වුණාම සෙම්ප්‍රතීශියාව වගේ රෝග තත්වයන් වුණාත් හැදෙන්න පුළුවන්.  ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න තෝරාගන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්නත් පුළුවන්.  දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන මේ වගේ මෘදු Duvets සොයනවා නම් Daraz වෙතින් ඔයා කැමතිම වෙළෙඳ නාමවලින් මිලදී ගන්න.

Home & Living Items සඳහා 50%ක් දක්වා වට්ටම්

ගෙදරදොර උපකරණවලට Phoenix, Laksela Lifestyle, Concept Store, Dankotuwa, Nilkamal, VTEC Home, VTEC Furniture, Fireworks වැනි වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

Living Room Tables

නිවසක  ගෘහ භාණ්ඩ පරණ වුණාම ඒ නිවසේ  තියන එළියත් අඩුවෙනවා. ඒ නිසාම නිවසට අලංකාරයක් එක්කර ගන්න කාලෙන් කාලයට අලුත් ගෘහ භාණ්ඩ එකතු කරගන්න  පුළුවන් නම් එය වඩාත් වටිනවා. මේ වගේ Table නවීන නිවසකට කදිමෙට ගැළපෙනවා. නිවසේ සාලයේ Sofa Table එකක් හැටියටත් Coffee Table එකක් හැටියටත් මේ ව‌ගේ මේස භාවිතා කරන්න පුළුවන්. මේ වගේ නවීන ගෘහ භාණ්ඩයක් මිලදි ගන්න ආසාවක් තිබුණාත් ගාණ නේද ප්‍රශ්නෙ? ඔන්න Make-Over Madness වෙතින් විශේෂ මිල අඩුකිරීම සහිතව හොඳම ගෘහ උපකරණ මිලදී ගන්න සූදානම් වෙන්න.

Dinner Set

ගෙදරට අමුත්තන් ආවාම රසවත් ආහාර වේලකින් සංග්‍රහ කරන එක ලාංකික අපේ පුරුද්දක්.  රසවත් කෑම බීම හදනවා වගේම අපි ඒ ආහාර නිසි විදියට පිළිගැන්නුවොත් තමයි ඒ සංග්‍රහය සම්පූර්ණ වෙන්නේ. කෑම මේසයක කෑම බීම පිළියෙළ කරලා පිළිගන්වන පිඟාන් කෝප්ප පරණයි නම් මේ අලුත් වසරේ එවැනි බඩුභාණ්ඩ අලුත් කරග්තොත් හොඳයි කියලා හිතිලා තියෙනවාද? මේ සේල් එකෙන් Dinner Set, Tea Set ඇතුළු සියල්ල විශේෂ මිල අඩුකිරීම් සමඟින් මිලදී ගන්න Shop කරන්න.

Drawer Set

නිවසක් සුන්දරව වගේම පිළිවෙළට තියෙන්න එපැයි. ගෙදර බඩු තැන තැන විසිරිලා තිබුණාම ඒ නිවසට ඇතුළු වෙන කෙනෙක්ට වුණාත් හිතෙන්න පුළුවන් මේ නිවස හරිම අපිළිවෙළයි කියලා.  ඒ නිසා ගෙදර එක් එක්කෙනාගේ පොඩි පොඩි බඩුමුට්ටු පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න මේ වගේ Drawer Set එකක් මේ සේල් එකෙන් ගමුද?

Chairs

නිවසක් අලුත් විදියට හැඩගන්වද්දි නිවසේ තියන මේස, පුටුත් අලුත් කරගන්න පුළුවන් නම් හොඳයි නේද? අලුත් මේස, පුටු ටිකක් එකතු කරගත්තාම නිවසට අලුත් එළියක් ඇති වෙනවා. ඒ වගේම මේස, පුටු අලුතෙන් තෝරගනිද්දි අලංකාර බව ගැන විතරක් හිතලා මදි. කල් පැවැත්මක් තියන හොඳ කොලිටියේ පුටු මේස තෝරගත්තොත් තමයි වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. Make-Over Madness සේල් එකෙන් ගෙදරට මෙවැනි බඩුමුට්ටු විශේෂ වට්ටම් සමඟින් තෝරගන්න.

ගෙදරදොරේ වැඩ පහසු කරන Home Appliances

LG,Innovex,LG,Hisense,Abans,Geepas,Singer,ELBA,Unilever,  Pureit, Arpico, Sisil, NIKAI, Universal, Pigeon, AIRSONIC, Nippon, Prestige, Kawashi, National, Samsung, Xiaomi MI, BROWNS ,Ariston, Midea,Earth Star, Denb, Indesit, Surya, Krypton, Tecsonic, Sokany, Bowei, Panasonic, Bajaj, Taiko, Range, OLik, Black & Decker, Delmege, Richsonic, Sharp, Hafele, Midea, Ariston වෙළෙඳ නාමවල ගෘහ උපකරණවලට 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්. මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

Microwave Oven

මයික්‍රොවේව් අවන් එකක් කියන්නේ නවීන නිවසකට නැතුවම බැරි ගෘහ උපකරණයක්.  කාර්යබහුල ජීවිතයක් ගත කරන හැමෝටම මේ වගේ උපාංගයක් නිවසේ තියන එක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. විවිධ වර්ගයේ කෑම ජාති හදන්න මුළුතැන්ගෙයට මෙය කදිම උපකරණයක්. තාමත් ඔයාගේ ගෙදර මයික්‍රොවේවි අවන් එකක් නැත්තම් මේ සේල් එකෙන් විශේෂ වට්ටම් සමඟින් අලුත් මයික්‍රොවේව් අවන් එකක් තෝරගන්න.

Washing Machine

ගෙදරදොරේ වැඩ කටයුතු අතර රෙදි සෝදන රාජකාරිය හැම කෙනෙක්ටම කරන්න වෙනවා. දැන් ඉස්සර වගේ රෙදි හෝදන්න වැඩි මහන්සියක් වෙන්න ඕන නෑ.  වොෂින් මෙෂින් එකක් තිබුණාම ගෙදර හැමෝගෙම රෙදි පිළිත්, ඇඳ ඇතිරිලි කොට්ට උර වගේ කළමනාත් හරිම පහසුවෙන් හෝදගන්න පුළුවන්. මේ දවස්වල හැමදේම මිල ගණන් වැඩිවෙලා තියන නිසා මේ කාලෙට වොෂින් මෙෂින් එකක් මිලදී ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. හැබැයි Make-Over Madness වෙතින් වට්ටම් සහිතව වොෂින් මෙෂින් එකක් මිලදී ගන්න අවස්ථාව තියනවා.

Blender

ඉවුම්පිහුම්  කටයුතු පහසු කරගන්න මුළුතැන්ගෙයට විවිධ ගෘහ උපකරණ අවශ්‍යයි. කෑම ජාති හදනවාට අමතරව Juice, Smoothies හදන්න බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවා. චොප් කරන්න, ග්‍රේට් කරන්න,බ්ලෙන්ඩ් කරන්න, ග්‍රයින්ඩින් කරන්න මේ හැමදේටම බ්ලෙන්ඩර් එකක් නිවසේ තිබුණොත් පහසුයි. විවිධ විදියේ රසවත් බීම වර්ග, කොෆි වර්ග,මිල්ක්ෂේක්, ස්මූතීස් හදලා ගෙදර අයටත් ගෙදරට එන අමුත්තන්ටත් සංග්‍රහ කරන්න මේ වගේ උපකරණයක් ඔයාගේ නිවසට ප්‍රයෝජනවත් වෙයි නේද?

Iron

Shopping ගිහින් ඇඳුම් අරගෙන ආවාම ඒ ඇඳුම් ඇඳගෙන යනකන් ඉවසිල්ලක් නෑ නේද? හැබැයි ලස්සන ලස්සන ඇඳුම් ගත්තාට වැඩක් නෑ ඒ ඇඳුම් Iron කරලා පිළිවෙළකට ඇඳගෙන ගියේ නැත්තම්. ඇඳුම් iron කරාත් iron එක හරියට වැඩ වෙන්නේ නැත්තම් ඇඳුම් මැඳලා කියලා පේන්නේවත් නැති වෙනවා. ඔයාගේ ගෙදර තියන Iron එකත් දැන් පරණයි නම් අලුත් Iron එකකට මාරු වෙන්න කාලෙ හරි.

2023 වසරේ ඔයාගේ නිවසට අලුත් හැඩගැන්වීමක් එක්කර ගන්න Daraz Make -Over Madness සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න.

නව වසරේ නිවසට අලුත් එළියක් එක් කරන ගෘහ උපකරණ ගැන දැනගන්න නව වසරේ නිවසට නැවුම් එළියක් එක් කරන Electric Appliances ලිපියත් කියවන්න.  

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php