අතේ ඇති ගාණට හරියන Grocery Shopping

අතේ ඇති ගාණට හරියන Grocery Shopping

අතේ ඇති ගාණට Grocery Shopping කරන්න හිතන ඔයාලාට සුබ ආරංචියක්. Daraz Makeover Madness වෙතින් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට විශේෂ වට්ටම්.

අතේ ඇති ගාණට හරියන්න Grocery Shopping කරන්නේ කොහොමද කියලා හිතනවාද? Grocery Shopping පහසු කරගන්න මේ උපක්‍රම දැනගෙන ඉන්න.

Makeover Madness වෙතින් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට විශේෂ වට්ටම්

2023 වසරේදී ඔයාගේ ජීවිතේ එදිනෙදා කටයුතු අලුත් විදියකට පටන් ගන්න කැමතිද? ජනවාරි 27 සිට Daraz Makeover Madness සමඟින් Shop කරලා අලුත් හැඩගැන්වීමක් එක්කරගන්න. ගෙදරදොර උපකරණ, විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, ක්‍රීඩා උපකරණ හා පොත්පත් ඇතුළු මිලියන 7කට වැඩි නිෂ්පාදන අතරින් ඔයාට අවශ්‍ය හැමදේම සුවිශේෂී වට්ටම් සමඟින් තෝරගන්න.

බජට් එකට හරියන Grocery Shopping කරන ක්‍රමයක්ය සොයනවා නම් Daraz Mart තමයි ඒ සඳහා හොඳම තැන. දැන් ඉස්සර වගේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ හොය හොයා සැරින් සැරේ කඩවල් ගානේ, වෙළෙඳසැල් ගානේ යන්න ඕන නෑ. Daraz Mart වෙතින් එදිනෙදා අවශ්‍ය Grocery Items වගේම Baby Products, Beauty Products ඇතුළු සියල්ල ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

Daraz වවචුර්ස් සමඟින් Grocery Shopping සඳහා වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කරන්න

Credit හා Debit කාඩ්පත්වලින් Shop කරලා වැඩි ඉතිරියක් ලබාගන්න. Master කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අනෙකුත් බැංකු කාඩ්පත් සඳහා අමතර 10%ක වට්ටමක්.

වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්

එකවර මුදල් ගෙවා මිලදී ගන්න අපහසු භාණ්ඩ පොලී රහිතව මාස 36ක් දක්වා ගෙවීමේ පහසුකම්. මෙම පහසුකම Daraz App එකෙන් විවිධ ප්‍රමුඛ පෙළේ බැංකු වෙතින් ලබාගන්න පුළුවන්.

Daraz Points Discounts ලබාගන්න

Daraz Points භාවිතා කරලා ගෙවීම් සිදු කරද්දි App එක පුරා මිලදී ගැනීම් සඳහා 10%ක වට්ටමක්. ඒ නිසා Grocery Shopping කරද්දි Checkout එකේදී Daraz Points මතක ඇතුවම භාවිතා කරන්න.

Bundle Offers

Daraz Martහි ඇති Bundle offers සමඟින් අඩු මුදලකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න.  ඇතැම් නිෂ්පාදන තොග වශයෙන් මිලදී ගැනීමෙන් වැඩ ඉතිරියක් ලැබීම ඔබට හිමිවෙන වාසියක්.

විවධ භාණ්ඩ වර්ග සඳහා වට්ටම්

Daily Essentials

නිවසට එදිනෙදා අත්‍යවශ්‍ය Grocery Items සඳහා 50%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

Laundry Essentials

රෙදි සේදීම සෑම නිවසකම නොවරදවාම කෙරෙන රාජකාරියක්. ඒ නිසා දිනපතා හෝ සතිපතා රෙදි සෝදන ද්‍රව්‍ය මිලදී ගන්න සිදුවෙනවා. කුණු පැල්ලම් ඉවත් කරලා ඇඳුම්වලට දීප්තියක් එක් කරන්න විවිධ විියේ රෙදි සෝදන ද්‍රව්‍ය අපි යොදාගන්නවා.  Surf Excel Sunlight, Diva, වැනි වෙළෙඳ නාම වෙතින් Laundry Essentials අඩුම මිලට මේ දිනවල මිලදී ගන්න.

Toilet Cleaner

සුන්දරත්වය වගේම පිරිසිදු බව නිවසක තියෙන්නම අවශ්‍ය දෙයක්. නිවසක සාලය, මුළුතැන්ගෙය, නිදන කාමර වගේම බාත්රූම් එකත් නිතර පිරිසිදුව තිබුණොත් තමයි විෂබීජ ඇතුළු වීම වැළකෙන්නේ. බාත්රූම් එක ගෙදර හැමෝම නිතර භාවිතා කරන අංගයක් නිසා පිරිසිදුව තියාගැනීම ගෙදර ‌හැමෝගෙම වගකීමක්. වැසිකිළිය පිරිසිදුව තියන්න උපාකාරී වන Toilet Cleaner වැනි කළමනා Airwick, Domex, Diva, Dettol, Harpic, Lysol වෙළෙඳ නාම වෙතින් මෙම සේල් එකෙන් වට්ටම් සහිතව සොයාගන්න.

Beverages

කිරි තේ, ප්ලේන්ටියට එහා ගිය රසයක් සොයන අය විවිධ පාන වර්ග බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඇතැම් විට තේ එකට වැඩි රසයක් ලබාගන්නත් වෙනත් පාන වර්ගයක් එකතු කරගන්නවා. ඉතිං ඔන්න ගෙදර හැමෝගෙම කැමැත්ත අනූව අවශ්‍ය කරන  Vim, Horlicks, Viva, Dilmah, Pepsi, Nestle, Nestomalt, Pelwatte milk powder,  Sustagen වැනි පාන වර්ග විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න අවස්ථාව තියනවා.

Rice

දිනපතා ඉවුම්පිහුම් කටයුතු කරන්න අවශ්‍ය කළමනා සොයනවාද? අපේ රටේ ප්‍රධාන අහාරය වෙන්නේ බත් නිසා නිවසක නිතරම අතවශ්‍ය වන දෙයක් තමයි සහල්. සහල් වගේම උයන පිහන කටයුතුවලට අවශ්‍ය වන  විවිධ තෙල් වර්ග, ධාන්‍ය වර්ග මේ හැමදේම Daraz Mart වෙතින් සොයාගන්න පුළුවන්. Knorr, Araliya, Harischandra, CIC, N-Joy, Tess වැනි වෙළෙඳ නාමවලින් ඉවුම්පිහුම් කළමනා විශේෂ මිල අඩුකිරීම් සහිතව ගෙදරටම ගෙන්න ගන්න.

Spices

කෑම රසවත් කරන්න විවිධ කුළුබඩු යොදාගන්නවා. මිරිස්, ගම්මිරිස්, තුනපහ කුඩු, කහ කුඩු කුළුබඩු අතර වඩාත් ජනප්‍රියයි. ලාංකීය කෑමවලට බොහෝදෙනා ප්‍රිය කරන්නෙත් කුළුබඩු වර්ග දාලා කටට රසට කෑම හදන නිසායි. නියම රසයක් ලැබෙන්න නම් හොඳ කුළුබඩු තෝරගන්න වෙනවා. Wijeya වෙළෙඳ නාමයේ කුළුබඩුවලට Makeover Madness වෙතින් විශේෂ වට්ටම් ලබාගන්න.

Health & Beauty Products

රූපලාවණ්‍ය හා සෞඛ්‍ය නිෂ්පාදන සඳහා Makeover Madness වෙතින් 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Shampoo

නිවසක අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට ‌මුළුතැන්ගෙයි කළමනා විතරක් නෙවෙයි ගෙදර හැමෝම භාවිතා කරන රූපලාවණ්‍ය අයිතමයනුත් ඇතුළත් වෙනවා. පිරිපුන් කෙස් කළඹක් පවත්වාගෙන යන්න කවුරුත් භාවිතා කරන්නේ ෂැම්පු. දැන් වෙළෙඳපොළේ ෂැම්පු වර්ග ගණනාවක්ම තියන නිසා ෂැම්පු එකක් තෝරගනිද්දි තමන්ගේ කෙස් කළඹට ගැළපෙන වර්ගයක් තෝරගන්න වෙනවා.  විශ්වාසනීය වෙළෙඳ නාමයන්වල Loreal, Garnier, Lifebuoy, Dove, Dandex, සහ Kumarika ෂැම්පු හා කන්ඩිෂනර් Makeover Madnessවෙතින් අඩුම මිලට සොයාගන්න Shop කරන්න.

Skin Care

මුහුණ වගේම මුළු ශරීරයම සුසිනිඳුව තියාගන්න කැමතියි නේද?  ඒ සඳහා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන්න වෙනවා. බොහෝදෙනෙක් Body Lotion ආදිය පාවිච්චි කරන්නේ සම වේලීමෙන් ආරක්ෂා වෙන්නයි. ඔයාගේ සමට රැකවරණයක් ලබාදෙන Skin Care Products The Ordinary, Nivea, Janet, LuvEsence, Dettol, Vaseline, Lux, Goya, Velvet, Vivya, Veet, Nature’s Secrets වැනි වෙළෙඳ නාම වෙතින් අඩුම මිලට Daraz Makeover Madness එකෙන් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ලැබෙන එක කොයි තරම් නම් වාසියක්ද?

Cosmetics

කාන්තාවන් මේකප් කරන්න කොහොමත් ප්‍රිය කරනවා. ඒ නිසා කාන්තාවකගේ හෑන්බෑග් එකේ මේකප් බෑග් එකක් වරදින්නෙත් නෑ. ඉතිං මේ මේකප් බෑග් එකට අවශ්‍ය මේකප් බඩුමුට්ටු හොයන්න shop කරන්න හිතනවාද? මේකප් භාවිතා කරද්දි හොඳ කොලිටියේ නිෂ්පාදන තෝරාගන්න ඕන. ලිප්ස්ටික්, පවුඩර්, අයි ලයිනර් ඇතුළු මේකප් අයිටම්ස් British Cosmetics වැනි ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමවලින් අඩුම මිලට තෝරගන්න.

Mother & Baby Products

පුංචි සිඟිත්තන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සඳහා Farlin, Kids Joy, Marvel, Baby Cheramy, Pears, Panda Baby, Velona Cuddles, Philips Avent, SoftLove, Swadeshi වෙළෙඳ නාම වෙතින් 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Baby Diapers

තමන්ගේ ආදරණීය සිඟිත්තන් ගැන හිතන දෙමාව්පියන් හැමවිටම තෝරගන්නේ බබාට සුවපහසු නිෂ්පාදන. පුංචි සිඟිත්තන් ඉන්න මව්වරුන් එදිනෙදා අවශ්‍ය බඩුමුට්ටු ලැයිස්තුවට සිඟිත්තන්ගේ කළමනාත් එකතු කරගන්න අමතක කරන්නේ නෑ. ළමා නිෂ්පාදන අතර ඩයපර්ස් කුඩා කාලයේ ඉඳලාම දරුවාට අවශ්‍ය වන දෙයක්. සිඟිත්තාගේ සුවපහසුවට වැඩි උරා ගැනීමක් සහිත තුනී ඩයපර්ස් තෝරාගන්න. ඩයපර්ස් දිනපතා අවශ්‍ය වන නිසා එකවර වැඩි ප්‍රමාණයක් තියන Pack මිලදී ගන්න එක වඩාත් වාසියි. නිසා Makeover Madness සේල් එකෙන් අඟනා වට්ටම් සමඟින් මෙම කළමනා පහසුවෙන්ම Order කරන්න.

Baby Cream

පුංචි සිඟිත්තන්ගේ සම හරිම සිනිඳුයි.  ඉතිං ඒ සිනිඳු සම තවත් සුසිනිඳු කරන්න ක්‍රීම් ජාති ගානවා නේද? පුංචි දරුවන්ට ක්‍රීම් ජාති තෝරගනිද්දි ඔවුන්ගේ සමට හිතකර නිෂ්පාදන තෝරගන්න එක ගැන හිතන්න වෙනවා. ඒ නිසා බාබාගේ සමට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යක් අඩංගු නැති ආරක්ෂිත වෙළෙඳ සන්නාම ලෙස දිගු කාලයක් විශ්වාසය දිනා තිබෙන නිෂ්පාදනම මිලදී ගන්න.

Baby Cologne

පුංචි පොඩ්ඩන්ව සුවපහසුවට තියනවා වගේම සුවඳවත්ව තියන්නත් එපැයි. පොඩ්ඩන් ගාවින් කිරි සුවඳක් අපිට කොහොමත් දැනෙනවා. ඊට අමතරව කොලෝන් ගාලා පුංචි බබාලාව තවත් සුවඳවත්ව තියන්න පුළුවන්. ඇඟ සෝදවලා, නාවලා ගෙනාවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම බබාගේ සුවඳ තවත් වැඩි වෙනවා. මේවා දිනපතා භාවිතා කරන නිසා සිඟිත්තන්ට අවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගනිද්දි මේ වගේ අයිට්ම්ස් වැඩිපුර අරගෙන තියාගත්තොත් හොඳයි නේද?

Herbal Soap

ළඳරු නිෂ්පාදන අතර බේබි සබන් අමතක කරන්නම බැරි දෙයක්.  සිඟිත්තන්ගේ සම රැකගන්න හිතකර බේබි සබන් වර්ගයක් තෝරාගන්න අවශ්‍යයි. බිළිඳු සම විෂබීජවලින් ආරක්ෂා කරලා මෘදු බව හා තෙතමනය රැකගන්න බේබි සබන් උපාකාරී වනවා. පුංචි බබාලා ඉන්න අම්මලාට සිඟිත්තන්ගේ කළමනා තෝරගන්න Shopping කරන්න යන්න වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි. ඒත් Daraz Mart වෙතින් මෙවැනි කළමනාත් ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක කොයි තරම් නම් පහසුවක්ද? ඒ වගේම Makeover Madness වෙතින් Baby Products සඳහාත් සුවිශේෂී වට්ටම් හිමිවන තව තවත් බලාගෙන ඉන්නැතුව මේ දවස්වලම Shop කරන්න.

Daraz එකේ Shop කරන හොඳම ක්‍රම දැන් ඔයා දන්නවා නේද? Daraz Makeover Madness සමඟින් දැන්ම Shop කරලා අතේ ඇති ගාණට නිවසට අත්‍යවශ්‍ය සියල්ල විශේෂ වට්ටම් සමඟින් දොරකඩටම ගෙන්න ගන්න.

Makeover Madness සමඟින් නිවසට අලුත් හැඩගැන්වීමක් එක්කර ගන්න අලුත් වසරේ නිවසට අලුත් හැඩගැන්වීමක් එක් කරන Best Home Deals ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php