නැවුම් වෙනසකින් හැඩවෙන්න New Fashion Ideas

නැවුම් වෙනසකින් හැඩවෙන්න New Fashion Ideas

2023 New Fashion Ideas ගැන ඔයා හිතමින් ඉන්නවා නම් මේ උදාවෙන්නේ හොඳ අවස්ථාවක්. අලුත් වසරේ හැමදේම අලුත් වෙද්දි New Fashion Ideas සමඟින් විලාසිතාත් අලුත් කරගන්න.

New Fashion Ideas සමඟින් ඔයාගේ විලාසිතාවලට නැවුම් වෙනසක් එක් කරගන්න කැමතියිද? Daraz Makeover Madness වෙතින් හිත්ගත් විලාසිතා අඩුම මිලට තෝරගන්න.

Daraz Makeover Madness වෙතින් විලාසිතාවලට 70%ක් දක්වා වට්ටම්

අලුත් වසරේ අලුත් හැඩගැන්වීමකට ලෑස්තියිද? මේ දිනවල විශේෂ දීමනා රැසක් සමඟින් Daraz Makeover Madness අත්විඳින්න. මිලියන 7කට වැඩි නිෂ්පාදන අතරින් ඔයාට අවශ්‍ය හැමදේම දොරකඩටම. Daraz Voucher, Daraz Points භාවිතා කරලා වැඩි ඉතිරියක් ලබාගන්න. Credit හා Debit කාඩ්පත්වලින් Shop කරනවා නම්, තවත් වාසි හිමිවෙනවා. Master කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක් හා තෝරාගත් අනෙකුත් බැංකු කාඩ්පත් සඳහා අමතර 10%ක වට්ටමක්.

කාලයෙන් කාලයට විලාසිතා ප්‍රවණාතා වෙනස් වෙන නිසා New Fashion Ideas  ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. විලාසිතා ගැන කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තෝරව හැම කෙනෙක්ම උනන්දු වෙනවා. තාමත් ඔයා ඉන්නේ 2022 Old Fashion Trends එක්ක නම්, දැන් ඔයාගේ විලාසිතා අලුත් කරගන්න කා‌ලෙ හරි.  Daraz Makeover Madness වෙතින් David Jones, Laveena Saree’s, Yoo Brands, DSI, PG Martin, TFO, Trendy Clothing,Dilly & Carlo, Amante, Archer T-Shirt & Underwear, Randhi Garments, Bear Appeal, Jump Clothing වෙළෙඳ නාමවල විලාසිතා සඳහා 70%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි අවස්ථා හිමිකරගන්න.  නවතම ඇඳුම් පැළඳුම්, සපත්තු, බෑග් ඇතුළු උපාංග සමඟින් මේ වසරේ ඔයාගේ විලාසිතාවලට අලුත් වෙනසක් එක් කරගන්න.

Frocks For Girls

ගවුම් අඳින එක දැන් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක්. විවිධ මෝස්තර සහිත අලංකාර ගවුම් වෙළෙඳපොළේ තියන නිසා තෝරාගැනීම් රැසක් අතරින් තමන්ට ගැළපෙන කැමතිම ගවුම් විලාසිතා තෝරගන්න පුළුවන්. තාමත් පරණ විදියටම අඳින්න එපා. මේ අවුරුද්දේ ඉඳන් ටිකක් ස්ටයිලිෂ් විදියට අඳින් පටන් ගමු නේද? බලන්නකො සාමාන්‍ය ගවුමකට වඩා මේ වගේ ගවුමක කොයි තරම් නම් Fashionable ගතියක් තියනවාද කියලා.  මේ වගේ ගවුමක් ඔයාගේ‌ පෙනුමට ආකර්ෂණීයත්වයක් එක් කරනවා වගේම ඇඳගෙන ඉන්නත් හරිම පහසුයි. පාටියකට ඇඳගෙන යන්නත් වඩාත් සුදුසු ඇඳුමක් කියන්න පුළුවන්. සිහින් ශරීරයක් තියන කෙනෙක්ට Mini doll dress වඩාත් ගැළපෙනවා.

‍T Shirts For Girls

සාමාන්‍ය ගමන්බිමන් යද්දි අපි ඇඳගෙන යන්නේ සුවපහසු ඇඳුම්. හැබැයි සාමාන්‍ය ඇඳුම් තෝරගනිද්දි වුණාත් Trendy casual wear තෝරගන්න එපැයි. ‌ සාමාන්‍ය ඇඳුම් විලාසිතා අතර ඩෙනිමයි ටී ෂර්ට් එකයි වඩාත් ජනප්‍රියයි.  ඔයාගේ ඩෙනිම් එක්ක අඳින්න මේ වගේ ටී ෂර්ට් වඩාත් ගැළපෙයි නේද? කොලිටි Material එකක් තියන නිසා දවසම වුණාත් සුවපහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන්.  මේ දවස්වල විශේෂ වට්ටම් හිමිවෙන නිසා ඔයාට ගැළපෙන මෙවැනි විලසිතා අඩුම මිලට Daraz Fashion වෙතින් සොයාගන්න.

‍Sarees for Ladies

ඇතැම් කාන්තාවන් විවිධ විලාසිතා අතර සාරි විලාසිතාවන්ටත් ප්‍රිය කරනවා.  සමහර රැකියාවල ස්වභාවය අනූව දිනපතා සාරි අඳින්නත් සිදු‌ වෙනවා. ඒ වගේම දිනපතා සාරි අඳින්න අවශ්‍ය වෙන්නැති පිරිසට වුණාත් විශේෂ අවස්ථාවලදී සාරි අඳින්න වෙනවා. සාරියක් කියන්නේ සැබැවින්ම කාන්තාවකගේ පෙනුමට ගෞරවයක් එකතු කරන විලාසිතාවක්. සාරි විලාසිතා අතරේ බතික් සාරි, Cotton සාරි අලුත් Trend එකක් වෙලා තියනවා. ඒ නිසාම දැන් තරුණියන් පවා අලුත් trend එකේ සාරි විලාසිතා ගැන උනන්දු වෙනවා. දැන් ඉස්සර වගේ සාරි හොයන්න සාප්පු ගානේ මහන්සි වෙන්න ඕන නෑ. විවිධ මෝස්තර සහිත වර්ණවත් සාරි විලාසිතා Daraz Fashion සමඟින් Shop කරලා ගෙදරටම ගෙන්න ගන්න. Laveena Saree සඳහා Makeover Madness වෙතින් විශේෂ වට්ටම් හිමි වෙන නිසා කැමතිම සාරි අඩුම මිලට තෝරගන්න.

‍Sports Crop Tops

දැන් පිරිමි අය වගේම කාන්තාවනුත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා ශරීර සුවතාවල යෙදෙනවා. ඔයා ගෙදර ඉඳන්ම ව්‍යායාම් කරන කෙනෙක්ද? නැත්තම් ව්‍යායාම් කරන්න Gym එකට යනවාද? මේ කොහොම වුණාත් ශරීර සුවතාවල නිතර වෙන්න ඊට ගැළපෙන ඇඳුම් අඳින්න වෙනවා. මේ අවුරුද්දේ ඉඳන්වත් ඔයාගේ Lifestyle එක වෙනස් කරගන්න ව්‍යායාම් කරන්න හිතනවා නම් ඊට ගැළපෙන ඇඳුම් සොයාගන්නත් අමතක කරන්න එපා. Sports Pants, Skinny වගේම මේ වගේ Crop Top ඔයාට ව්‍යායාම්වල සැහැල්ලුවෙන් නිරත වෙන්න උපකාරී වේවි.

‍Shirts For Men

ගැහැණු ළමයි නිතරම ආකර්ෂණීය විදියට අඳින්න හිතද්දි පිරිමි ළමයි කැමති තමන්ගේ පෞරුෂත්වය කැපී පේන විදියට අඳින්න. ඉතිං ඒ නිසාම ස්මාර්ට් පෙනුම වැඩි කරන විලාසිතා ගැන සොයනවා නේද? විශේෂයෙන් පාටියකට වගේ යනවා නම් පිරිමි ළමයි කලිසමත් එක්ක Casual Shirt එකක් තමයි අඳින්න තෝරන්නේ. නව විලාසිතා අතර මේ වගේ Printed shirts දැන් Trend එකක් වෙලා තියනවා. කොහේ ගියාත් ලස්සනට ඇඳගෙන යන්න කැමති අයට මේ වගේ වර්ණවත් ෂර්ට්ස් වඩාත් ගැළපෙනවා.

Men’s T shirts

පිරිමි ළමයි වැඩිපුරම හොයන්නේ සැහැල්ලු ඇඳුම්. කොහේ ගියාත් ඩෙනිමයි ටී ෂර්ට් එකයි දාගෙන පහසුවෙන් යන්න ගොඩාක් අය කැමැතියි. ටී ෂර්ට් එකක් ඇන්ඳාත් ඒක ස්ටයිලිෂ්  විඳියට අඳිනවා නම් තමයි වඩාත් හොඳ. නිකම්ම නිකං සාමාන්‍ය ටී ෂර්ට් එකකට වඩා අත්දිගට දාපු Crew neck එකක් තියන මේ වගේ ටී ෂර්ට්ස් ඔයාගේ ස්මාර්ට් ගතිය තව වැඩි කරන්න වඩාත් කදිමයි.

‍Slippers For Women

කාන්තා විලාසිතා අතර ඇඳුම් වගේම පාවහන් ගැනත් හැමකෙනෙක්ම උනන්දු වෙනවා. ඔෆිස් යද්දි, සාදවලට යද්දි අඩි උස සපත්තු දාගෙන ගියාට සාමාන්‍ය ගමන්බිමන්වලට දාගෙන යන්නේ Flat Slippers. Flat Slippers දැම්මාම කකුල් දෙකට අමුතුම සැහැල්ලු බවක් දැනෙනවා. හැබැයි ඉතිං සැහැල්ලු බව වගේම පෙනුම ගැනත්  හිතන්න එපැයි. කාන්තාවන් කොහොමත් අලංකාර විලාසිතා හොයන නිසා සෙරෙප්පු දෙකක් තෝරගත්තාත් එහි හැඩය ගැන හිතනවා. බලන්නකො මේ වගේ සෙරෙප්පු කකුල් දෙකට පහසුයි වගේම Straps එහෙම දාලා තියන නිසා ස්ටයිලිෂ් ගතියකුත් තියනවා.

‍Sneakers For Boys

පිරිමි ළමයින්ගේ සපත්තු විලාසිතා කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ අතර Sneakers දැන් බොහෝදෙනා පළඳින සපත්තු වර්ගයක්. සපත්තු දෙකක් තෝරගනිද්දි කකුල් දෙකට පහසුයිද කියලා තමයි මුලින්ම හිතන්න ඕන. Superior Quality Material එකකින් හදලා තියන නිසා මුළු දවසම වුණාත් මේ වගේ සපත්තුවක් දාගෙන ඉන්න පුළුවන්. සාමාන්‍ය ගමන්බිමන්වලට වගේම විශේෂ අවස්ථාවල දාගෙන යන්නත් මේ වගේ සපත්තුවක් වඩාත් සුදුසුයි. ව්‍යායාම්, ක්‍රීඩා කටයුතුවලටත් ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ සපත්තුවක් දාගෙන යද්දි ඔයාගේ පෙනුමටත් අමුතුම Look එකක් එකතු වෙනවා.

‍Women Bags

කාන්තාවන් හෑන්බෑග්වලට කොහොමත් ආසයිනේ. ඇඳුමේ පාටට විවිධ විදියේ හෑන්බෑග් එකතු කරගන්න ඇතැම් අය පුරුදු වෙලා ඉන්නවා. දැන් අලුත් Trend එකේ හැටියට ලොකු හෑන්බෑග්වලට වඩා හුරුබුහුටි ස්ටයිලිෂ් හෑන්බෑග් තමයි ගොඩාක් දෙනා පාව්ච්චි කරන්නේ. ඒ වගේම හෑන්බෑග් එකක් තෝරගනිද්දි කැල්පැවැත්ම ගැනත් හිතන්න වෙනවා. මිල වැඩිපුර දීලා හරි වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉක්මනින් කැඩෙන්නේ ඉරෙන්නේ නැති හෑන්බෑග් එකක් තෝරගන්න ඕන. Daraz Makeover Madness වෙතින් හොඳ කොලිටියේ Fashionable හෑන්බැග් අඩුම මිලට තෝරගන්න.

‍Backpacks

දැන් තරුණ පරපුරේ ගොඩාක් දෙනා බඩුමුට්ටු ඔක්කොම ලේසියෙන් දාගෙන යන්න පාවිච්චි කරන්නේ Backpack. නව විලාසිතා අතර Backpack ජනප්‍රිය බෑග් වර්ගයක්. ඔෆිස් යද්දිත් ලැප්ටොප් එකත් එක්ක අනෙකුත් අඩුමකුඩුමත් Backpack එකේ දාගෙන යන එක වඩාත් පහසුයි. මේ දවස්වල බෑග්වල මිල ගණන් ඉහළ ගිහින් තියන නිසා Backpack එකක් මිලදී වුවමනාව තිබුණාත් ගාණ තමයි නේද ප්‍රශ්නෙ? ඔන්න එහෙනම් මේ තමයි හොඳම දවස් ටික. Makeover Madness වෙතින් විශේෂ මිල අඩු කිරීම් සහිතව මෙවැනි බෑග් මිලදී ගන්න අවස්ථාවක් තියනවා.

‍Wallets

පිරිමි ළමයින්ගේ අතේ Wallet එකක් නම් වරදින්නේ නෑ. සල්ලි වගේම බැංකු කාඩ් මේ හැමදේම දාලා තියාගන්න හොඳ ඉඩකඩක් තියන Wallet එකක් අවශ්‍යයි.  මේ වගේ උපාංග අපි මිලදී ගන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන්.  ඒ නිසා හොඳ කොලිටියක් තියන Wallet එකක් තෝරගන්නත් අමතක කරන්න එපා.

‍Caps For Boys

පිරිමි ළමයින්‌ගේ විලාසිතා අතර නිතර භාවිතා වෙන දෙයක් උපාංගයක් තමයි Caps. යාළුවෝ එක්ක එකතු වෙලා ගමන්බිමන් යද්දි, ඇවිදන්න යද්දි Cap එකක් ගොඩාක් වෙලාවට දාගෙන යනවා. අව්වෙන් ආරක්ෂවා වෙන්නටත් වඩා පිරිමි ළමයි Caps දාන්නේ ස්ටයිල් එකට. ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා කැප් එකක් දැම්මාම ස්ටයිලිෂ් ගතියක් එකතු වෙනවා නේද? ඒ වගේම ක්‍රීඩා කටයුතුවලට හෝ Gym එකට යනවා නම් ඔයාගේ ඇඳුම් එක්ක Cap එකක් වඩාත් ගැළපෙනවා.

‍Daraz Makeover Madness සමඟින් Shop කරලා අලුත් වෙනසකට ඔයාට ගැළපෙන නැවුම් විලාසිතා සුවිශේෂී වට්ටම් සමඟින් තෝරගන්න.  Shopping කරන්න මහන්සියක් වෙන්නේ නැතුව සිත්ගත් විලාසිතා ගෙදරටම ගෙන්න ගන්න. ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ? දැන්ම Daraz Makeover Madness එකේ Shop කරලා නැවුම් වෙනසකින් හැඩවෙන්න.

අතේ ඇති ගාණට හරියන්න Grocery Shopping කරන්නේ කොහොමද දැනගන්න අතේ ඇති ගාණට හරියන Grocery Shopping ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php