සුසිනිඳු සමකට ගැළපෙන Best Skincare Products

සුසිනිඳු සමකට ගැළපෙන Best Skincare Products

සම මෘදුව පවත්වාගෙන යන්න Best Skincare Products රැසක් අවශ්‍ය වෙනවා. ඒ නිසාමයි ලස්සනට ඉන්න කැමති කවුරුත් Best Skincare Products ගැන උනන්දු වෙන්නේ.

ඔයාගේ සමට ගැළපෙන Best Skincare Products සොයනවාද? දැන් Daraz Mart වෙතින් Best Skincare Products පහසුවෙන්ම සොයාගන්න.

වයස් භේදයකින් තොරව, ලස්සන වෙන එක ගැන කවුරුත් උනන්දු වෙන්නේ කාටත් ප්‍රියමනාප විදියට ඉන්නයි. හැමෝටම ස්වභාවිකව ලස්සනක් උරුම වෙලා තිබුණාට  ඒ ලස්සන තවත් වැඩිකර ගන්න විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරනවා. ලස්සනට පිරිසිදුව පිළිවෙළකට හිටියාම තමයි කාගේත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන්නේ. මුහුණ වගේම මුළු ඇඟම මෘදුව සුමුඳුව තියාගන්න කවුරුත් කැමතියිනේ. තරුණියන් කොහොමත් සම මෘදුව තියාගන්න විවිධ ආලේපන තෝරාගන්නවා.  ගොඩාක් අයට තියන ගැටලුවක් තමයි සම වේලීම. සම වේලුණාම සම ගොරෝසු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෘදු සමක්  පවත්වාගෙන යන්න උපකාර වෙන්නේ Best Skincare Products.      

මුහුණට, ඇඟට, තොල්වලට ගැළපෙන විවිධ විදියේ Best Skincare Products දැන් වෙළෙඳපොලේ තියනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරගනිද්දි අපි කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම Quality එක ගැන අපි හිතන්න ඕන. ඒ වගේම එක එක්කෙනාගේ සමේ ස්වභාවය වෙනස් නිසා තමන්ගේ සමට ගැළපෙන නිෂ්පාදන පාවිච්චි කරන්න වෙනවා. රූපලාවණ්‍ය  නිෂ්පාදන සොයන්න දැන් කඩවල් ගානේ දුවන්න ඕන නෑ. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම පහසු කරන Daraz Mart වෙතින් Best Skincare Products ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

ඔයාගේ සම මෘදුව තියාගන්න Daraz Mart වෙතින් මිලදී ගන්න පුළුවන් Best Skincare Products මොනවාද කියලා අපි බලමු.

Cool Gel Cream

වයසට ගියාට තමන්ගේ සම සුමුඳුව තිබුණොත් තමයි කාන්තාවකගේ මෘදු බව තවත් රැකෙන්නේ.  අපි‌ වැඩ කරන්නේ Air condition තියන ඔෆිස්වල නිසා සම නිතරම වේලෙන්න පටන් ගන්නවා. නිතර සම වේලීමෙන් ආරක්ෂා වෙන්න Vaseline වැනි Cool Gel Cream භාවිතා කරන්න පුළුවන්. Vaseline මඟින් සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. මෙහි අඩංගු විටමින් B3 නිසා සමේ දීප්තිය රැකදෙනවා. Vaselineහි Ice cool Gel Cream එකෙන් ඔයාගේ සම කූල් කරනවා. කාර්යබහුලත්වය නිසා පීඩනටය පත්වෙලා ඉන්න ඔයාලා මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා සම මෘදුව තියාගෙන කූල් එකේ ඉන්න කැමතියි‌ නේද?

Moisturizer Cream

දැන් ඉන්න කාන්තාවන් හැමෝම ගොඩාක් කාර්යබහුලයි. ඉස්සර වගේ ගෙදරට පමණක් සීමා වුණු ගෘහණියන් ඉන්නේ සුළු පිරිසක් විතරයි. වැඩි දෙනෙක් තමන්ගේ ගෘහ ජීවිතයේ කටයුතුත් එක්කම රැකියාවකත් නිරත වෙනවා.ඒ නිසාම බොහෝ කාන්තාවන් ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක්. ඉතිං මේ කාර්යබහුලත්වය නිසා තමන්ගේ රූ සපුව ගැන හිතන්න වෙලාවක් නැතුව යනවා. හැබැයි කාන්තාවන් කවුරුත් ලස්සනට ඉන්න ආසයි. තමන්ගේ සම ආරක්ෂා කරගන්න නම් Moisturizer Cream එකක් පාවිච්චි කරන්න වෙනවා. දිවා කාලයේත් ඔයාගේ සම වියළීමෙන් ආරක්ෂා කරගන්න විටමින් බහුලව අඩංගු Moisturizer Cream එකක් තෝරගන්න. මේ වගේ ක්‍රීම් එකක් ඕන සමකට ගැළපෙනවා. Moisturizer Cream එකකින් සම සිනිඳුව නැවුම්ව තියනවා. Vitamin E අඩංගු මෙවැනි ක්‍රීම් එකක් මඟින් සමට පෝෂණයක් ලබාදෙන නිසා සම තවත් පැහැපත් කරනවා.

Face Wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතරම මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා වැළකෙනවා. දවස පුරාම මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්න ඔයාගේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක් තෝරගන්න. මුහුණ හොඳින් පිරිසිදු කරද්දි ඉබේම ඔයාගේ සම මෘදු වෙන්න පටන් ගන්නවා.

Makeup Remover

කාන්තා පාර්ශ්වය මේකප් කරන්නේ නිතර හුරුවෙලා ඉන්න විනෝදාංශයක් වගෙයි. වෙඩින් එකකට පාටියකට යනවා නම් ලස්සනට මේකප් එකක් දාලා තමයි යන්නේ. ඒ වගේම ඇතැම් දෙනා දිනපතා ඔෆිස් යද්දිත් මේකප් දාන්න පුරුදු වෙලා ඉන්නවා. මේකප් දානවා වගේම එ් මේකප් ඉවත් වෙන්න මුහුණ හොඳට පිරිසිදු කරන එක ගැනත් හිතන්න වෙනවා. හරියට‌ මේකප් ඉවත් කරේ නැත්තම් ඒවා මුහුණේ රැඳිලා තිබිලා කුරුළෑ වැනි තත්වයන්  ඇතිවීමේ ඉඩක් මතුවෙනවා. මුහුණට දාන මේකප්වලින් ඉවත් කරන්න අමාරුම ඇස්වලට දාන මේකප්. ඉතිං ඇස්වලයි මුහුණෙයි මේකප් බොහොම පහසුවෙන් ඉවත් කරන්න Makeup Remover එකක් තමයි කදිම රූපලාවණ්‍ය නිෂ්පාදනය. ස්වභාවික ශාකසාර අඩංගු මේ වගේ Makeup Remover එකක් ඔයාගේ රූපලාවණ්‍ය අවශ්‍යතා අතරට එක්කර ගන්න.

Lip Balm

කාන්තාවකගේ මුහුණේ කැපී පෙනෙන අංගයක් තමයි දෙතොල්. ලොකුවට මේකප් දාන්නැති කෙනෙක් වුණාත් ලිප්ස්ටික් වැනි රූපලාවණ්‍ය නිෂ්පාදන නිතර භාවිතා කරනවා.  සුන්දර පෙනුමෙන් හැඩවෙන්න දිනපතා ලිප්ස්ටික් ගානවා නම් ලිප්ස්ටික් එකත් එකක්ම Lip Balm මිලදී ගන්නත් අමතක කරන්න එපා.  ලිප්ස්ටික් ගාලා ඊට උඩින් ලිප් Balm එකක් ගෑවාම තොල්වල දිදුලන පැහැයක් ඇතිවෙනවා. ඒ වගේම අපි නිතර අහලා තියනවා නේද කාන්තාවන් කියනවා තොල් වේලෙනවා කියලා? තොල් වේලෙන එකට හොඳම විසඳුම තමයි Lip Balm එකක් භාවිතා කරන එක.

Lip Scrub

තොල් සුමුඳුව ආකර්ෂණීයව තියාගන්න කැමතියි නම් Lip Scrub එකක් භාවිතා කරන්න වෙනවා.  Dead Skin Cells ඉවත් කිරීමට Lip Scrub උපකාරී වෙනවා. ටිකක් වයසට යද්දි තොල් රැලි වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මොයිස්චරයිසින් අඩංගු විටමින් E පෝෂ්‍ය පදාර්ථ සහිත Lip Scrub එකක් තෝරගන්න එක ඔයාට වඩාත් වටිනවා නේද කියලා හිතන්නකො. දෙතොල් සුමුඳුව තියාගන්න Lip Scrub එකක් මතක ඇතුවම භාවිතා කරන්න. 

Facial Pack

සුමුඳු සමකට උරුමකම් කියන්න මුහුණ සුසිනිඳුව තියාගන්න අවශ්‍යයි. මුහුණේ ළප කැළැල් ඉවත් කරලා, මුහුණ පැහැපත් කරන්න Facial Pac එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් Daraz Mart වෙතින් ඔයාට ගැළපෙන මේ වගේ ක්‍රීම් ජාති හොයගන්න. ඔයා කාර්යබහුල කෙනෙක් නම් ෆේෂල්වලට යන්න වෙලාවක් නෑ නේද?  හැබැයි ෆේෂල්වලට නොගියාත් ගෙදර ඉඳන්ම ලස්සන වෙන්න පුළුවන්. Luvesence වෙතින් හඳුන්වා දී තියන Cleansing Facial ඔයාගේ මුහුණ පිරිසිදු කරලා පැහැපත් කරන්න උපකාරී වෙනවා. කිරි සාරය අඩංගු නිසා මුහුණට නැවුම් බවක් එක් කරනවා. Daraz Mart වෙතින් ඔන්ලයින්ම මෙවැනි අයිටම්ස් තෝරගන්න.

Face Scrub

ඔයාගේ සම සුමුඳුව තියාගන්න ආයුර්වේද ගුණ පිරි රූපලාවණ්‍ය නිෂ්පාදන සොයනවාද? ස්වභාවික ශාකසාර අඩංගු Face Scrub එකක් ඔයාගේ මුහුණ සුමුදුව තියලා තවත් පැහැපත් කරනවා.  සඳුන් මී පැණි අඩංගු මේ වගේ Face Scrub එකක් ඔයාට වටිනා රූපලාවණ්‍ය නිෂ්පාදනයක් වේවි.

Shower Gel

මුහුණ විතරක් නෙවෙයි මුළු ඇඟම නැවුම් සුමුඳුව තියාගන්න කැමතියි නේද? ෂවර් ජෙල් එකක් තෝරගන්න එක ඔයා හිතනවාටත් වඩා ඇඟට නැවුම් බවක් එකතු කරන දෙයක් වෙනවා. දවස පුරාවටම මහන්සි වෙලා ඒ මහන්සියෙන් මිඳෙන්නේ වොෂ් එකක් දාගත්තාට පස්සෙයි. හිත ගත සැහැල්ලු වෙන්න වොෂ් එකක් දාද්දි ෂවර් ජෙල් එකක් භාවිතා කරන එක ඔයාගේ ගතටත් හිතටත් සහනයක් එක් කරන දෙයක්  වෙනවා. දවස පුරා විවිධ වැඩවලට එහෙමෙහෙ ගියාම අපේ ශරීරයට විෂබීජ ඇතුල්වීමේ ඉඩකඩත් වැඩි වෙනවා. විෂබීජ ඉවත්කරලා ශරීරය සෞඛ්‍ය සම්පන්නව තියන්න ෂවර් ජෙල් එකක් වඩාත් උපකාරී වෙනවා. වෙළෙඳපොළේ තියන විවිධ වර්ගයේ ෂවර් ජෙල් අතරින් ඔයාගේ ශරීරයට ගැළපෙන ෂවර් ජෙල් එකක් Daraz Mart වෙතින් තෝරගන්න.

Herb active for Men

කාන්තා පාර්ශ්වය විතරක් නෙවෙයි පිරිමි අයත් සුන්දරව ඉන්න කැමතියිනේ.  කාන්තාවන් කොහොමත් විවිධාකාරයේ රූපලාවණ්‍ය නිෂ්පාදන  කාලයෙන් කාලයට භාවිතා කරනවා.දැන් පිරිමි ළමයිනුත් ඉස්සරට වඩා  තමන්ගේ රූ සපුව ගැන වැඩියෙන් හිතනවා.  ඒ නිසා වෙළෙඳපොළේ පිරිමි ළමයින් වෙනුවෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක්ම හඳුන්වාදී තිබෙනවා. නිතර රැවුල කපන නිසා පිරිමි ළමයින්ගේ මුහුණ ගොරෝසු වීමේ ඉඩකඩ වැඩියි.  ඒත් තමන්ගේ සුසිනිඳුව තියනවා නම් පිරිමි ළමයිනුත් කැමතියි‌ නේද? ඔන්න එහෙනම් මෘදු සමක් පවත්වාගෙන යන්න මේ වගේ ක්‍රීම් ජාති තෝරගන්න අවස්ථාව තියනවා.

Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mart වෙතින් සුසිනිඳු සමකට ගැළපෙන මේ Best Skincare Products ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

නිතර ගමන් යන අයට අත්‍යවශ්‍ය රූපලාවණ්‍ය අයිතම ගැන දැනගන්න නිතර ගමන් යන අය ළඟ තියෙන්නම අවශ්‍ය Travel Beauty Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php