හිතට ගතට එලදායි Best Outdoor Activities

හිතට ගතට එලදාය Best Outdoor Activities

‍ගත හිත සැහැල්ලු කරගන්න Best Outdoor Activities ඔයාට උපකාරයක් වෙනවා. තමන්ගේ විවේක වෙලාව ඵලදායිව ගත කරන්නේ Best Outdoor Activities සමඟයි.

ඔයාත් මේ දවස්වල Best Outdoor Activities ගැන හිතනවාද? Best Outdoor Activities අතරට විනෝදාත්මක හා ත්‍රාසජනක ක්‍රියා එක්කර ගන්න පුළුවන්.

එක එක්කෙනා තමන්ගේ විනෝද කාලය ගත කරන්න විවිධ විනෝදාංශ තෝරගන්නවා.  ඒ අතරින් ඔයාගේ ජීවිතයට ඵලදායිත්වයක් එකතු කරගන්න පුළුවන් ක්‍රියාවල නිරත වෙනවා නම් වටිනවා නේද? ස්වභාවික සම්පත් රැසක් තියන ලංකාව වගේ රටක අපිට නිරත වෙන්න පුළුවන් එළිමහන් ක්‍රියාකාරකම් ගණනාවක් තියනවා. ත්‍රාසජනක වෙනස් අත්දැකීම් විඳින්න කැමති කෙනෙක්ට කඳු නැඟීම, කඳුවුරු බැඳීම වැනි ක්‍රියාවල නිරත විම තමන්ට තෘප්තියක් ගෙනදෙන ක්‍රියාවක් වේවි.    ඒ වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න ක්‍රියාශීලි දිවියක් ගත කරන්න කැමති අයට බයිසිකල් පැඳීම වැනි ක්‍රියා තෝරගන්න පුළුවන්.  ඔයා මේ හැමදේටමත් වඩා විනෝදයෙන් කාලය ගත කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් යාළුවෝ, නෑදෑයෝ එක්ක එකතුවෙලා විනෝද ගමන් යාම විනෝදාංශයක් කරගෙන ඇති. 

කඳු නැඟීම, කඳවුරු බැඳීම, බයිසිකල් පැඳීම, විනෝද ගමන් යාම වැනි මේ සියලු ගමන්බිමන් සඳහා විවිධ උපාංග අවශ්‍ය වෙනවා. ගමනක් යනවා නම් ඒ ගමනට ගැළපෙන සියලු අඩුමකුඩුමත් ලෑස්ති කරගන්න එපැයි.  දැන් ඔයාට අවශ්‍ය කරන ඒ සියලු උපාංග Daraz වෙතින් Online ඇනවුම් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?

ඔයාගේ හිතට වගේම ගතටත් ඵලදායිත්වයක් එක් කරන එළිමහන් ක්‍රියාකාරකම් හා ඊට අවශ්‍ය උපාංග මොනවාද කියලා අපි බලමු.

කඳවුරු බැඳීම

කඳවුරු බැඳීම නැතිනම් කෑම්පින්ග් කියන්නේ සංචාරයට හා එළිමහන් ක්‍රියාකාරකම්වලට කැමති බොහෝදෙනෙක්ගේ සිත් ඇඳගන්නා ක්‍රියාවක්. කඳුවුරු බැඳ රාත්‍රි කාලය ගත කිරීම ලංකාවේ ජනප්‍රිය දෙයක් වෙලා තියනවා. එය එක් අතකින් විනෝදයක් එක් කරනවා වගේම ත්‍රාසයක් එක් කරන ඇත්දැකීමක් වෙනවා.  යාළුවෝ සමඟ කණ්ඩායම් වශයෙන් කඳවුරු බැඳීමට එක් වෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ කට්ටිය සමඟ එළිමහනට ගිහින් ස්වභාවික සෞන්දර්යේ අසිරිය විඳින්නත් කඳවුරු බැඳීම වැනි ක්‍රියා හොඳම අදහසක්.

Tents

කඳවුරු බැඳීමට යනවා නම් Tents අවශ්‍යම දෙයක්. කඳවුරු බැඳීමට යන පිරිසේ ප්‍රමාණයට අනූව Tents තෝරගන්න වෙනවා. අපි කඳවුරු බඳින්න ගියාම ඒ පරිසරයේ තත්වය කොහොම වෙයිද කියලා අපිට හිතාගන්න බෑනෙ. රාත්‍රී කාලයේදී Tent එකක් ඇතුලේ හැමෝම එකතු වෙලා විඳින නින්ද අපූරු අත්දැකීමක් ගෙනදෙනවා. ඉතිං අපහසුතාවයක් නැතුව රාත්‍රි කාලය ගත කරන්න හොඳ කොලිටියේ Tent එකක් තෝරගන්න.

BBQ Grill

කඳවුරු බඳින්න බොහෝදෙනා තෝරගන්නේ කැළෑබඳ ප්‍රදේශයක්. ඉතිං ඒ වගේ පරිසරයකට ගියාම කෑම බීම සොයාගැනීම අපහසු දෙයක් වෙනවා. දවස පුරා එහෙමෙහෙ ඇවිදලා කඳවුරු බැඳ රාත්‍රි කාලය ගත කරන්න ආවාම බඩගින්නත් අපිට වැඩියෙන් දැනෙනවා. ඔන්න ඒ නිසා BBQ Grill එකක් තිබුණොත් නියමයි නේද?

Backpack

කඳවුරු බැඳීමකට යද්දි අපිට බඩුමුට්ටු ගණනාවක් අවශ්‍ය වෙනවා. ඇඳුම් පැළඳුම්, ප්‍රථමාධාර, වතුර බෝතල්, අනංමනං කෑම ජාති මේ සියල්ල අත්‍යවශ්‍යයි. අපි කඳවුරු බඳින්න යද්දි විවිධ ප්‍රදේශවල සංචාරය කරන නිසා එහෙන් මෙහෙන් බෑග් එල්ලගෙන යන්න බෑනෙ. පහසුවෙන් ඇවිඳින්න නම් හොඳම දේ තමයි Backpack එකක අවශ්‍ය අඩුමකුඩුම සියල්ල දාගන්න එක. Backpack එක කරේ එල්ලගෙන යන නිසා අපහසුතාවයක් නැතුව ඔයාට ඇවිදින්න පුළුවන්.

Pillow

කොහේ ගියාත් සුවපහසු නින්දක් නම් අපි බලාපොරොත්තු වෙනවා. දවස පුරාම එහෙමෙහෙ ඇවිදලා කඳවුරු බැඳ රාත්‍රි කාලයේ නිදාගනිද්දි Tent එක ඇතුලේ ලොකු සුවපහසුවක් වෙනදා වගේ දැනෙන්න තියන ඉඩකඩඩ අඩුයි.  ඒ නිසා මේ වගේ සුවපහසු හුරුබුහුටි කොට්ටයක් එහෙම කෑම්පින්ග් යද්දි ගෙනියන්න අමතක කරන්න එපා.

කඳු නැඟීම

ඔයාත් ස්වභාව සෞන්දර්ය විඳින්න කැමති කෙනෙක්ද? සොබාදහම සමඟ සම්බන්ධ වීම ගතටත් මනසටත් ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමක් වෙනවා. සති අන්තයේ හෝ නිවාඩු දවස්වලට ස්වභාවික පරිසරයේ ඇවිඳින්න යන්න තෝරගැනීම ඉතා වැදගත් දෙයක්.  ස්වභාව දහමට ප්‍රිය කරන කෙනෙක් හැටියට කඳු තරණය කිරීම ශරීර සෞඛ්‍යයටත් යහපත් ක්‍රියාවක්. කඳු නැඟිමෙන් මානසික ආතතිය අඩු කරලා මනෝභාවය වැඩි දියුණු කිරීමටත් උපකාරී වෙනවා.

Hiking Stick

කන්දක් නඟින්න යන්න කලින් අපි යම් තරමක් සූදානම් වෙලා ගියොත් තමයි කඳු තරණය කිරීම පහසු වෙන්නේ. කඳු කියන්නේ සමතලා බිමට වඩා ඇවිදින්න අපහසු තැනක් කියලා අපි කවුරුත් දන්නවානේ. කඳු නඟිද්දි Hiking stick එකක් භාවිතා කිරීමෙන් බෑවුම් සහිත නැඟීම් හා බැසීම් පහසු කරනවා. ඔයා කඳු නඟින්න යනවා නම් Hiking stick එකක් මතක ඇතුවම ගෙනියන්න.

Hiking Boots

අප රටේ නම් වැසි කලට මඩ තත්වයන් නිසා කඳු නැගීමේදි ලිස්සා යන්න වුණාත් පුළුවන්.  ඇතැම් කඳු නැගිමේදි දොල පාරවල්, ගස් ගල් මුල් උඩින් වැටිලා තියන පාරවල්වලත් යන්නට සිදු වෙනවා. සෙරෙප්පු දෙකක් දාගෙන වුණාත් කන්දක් නගින්න යන්න පුළුවන් වුණාට කකුලට සම්පූර්ණ ආවරණයක් තියෙන ට්‍රෙකින්වලටම හදපු බූට් දෙකක් තිබුණොත් එය අපේ ගමනට හයියක් වෙනවා. කඳු නඟද්දි ලිස්සා යාමේ අවදානම එයින් අඩු කරනවා වගේම ඔයාගේ කකුල් දෙකට ආරක්ෂාවක් ලබාදෙනවා.

First-Aid Bag

ගොඩාක් කඳු තියෙන්නේ වනාන්තරය සමඟ බද්ධ වෙලා. වනාන්තරයේ සර්පයන්, උරගයින් වැනි විසකුරු සතුන් ඉන්න පුළුවන්.  එවැනි සතෙක් දෂ්ට කිරීමේ අවදානමකට මුහුණ දෙන්න බලාගෙන තමයි කඳු තරණය කිරීම වගේ ක්‍රියාකාරකමක් තෝරගන්නේ. ඒත් එවැනි වෙලාවක පාවිච්චියට ගන්නට කුඩා හෝ ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යන එක කඳු නඟිද්දි අමතක නොකළ යුතු දෙයක්. ප්‍රථමාධාර සියල්ල දාලා ප්‍රථමාධාර බෑගයක් කඳු නඟිද්දි අරගෙන යන එක ඇඟට ගුණයි නේද?

බයිසිකල් පැඳීම

විනෝදාංශයක් හැටියට බයිසිකල් පැඳීම වගේ දෙයක් තෝරගන්න පුළුවන් නම් අපේ ශරීර සෞඛ්‍යට වඩාත් හිතකර වෙනවා. ගොඩාක් දෙනෙක් විවේකී වෙලාවට විනෝදාස්වාදය සඳහා බයිසිකලයක් අරගෙන වටේ රවුම් ගහන්න යනවා. හැබැයි දිනපතා ඇඟට ව්‍යායාමක් හැටියටත් බයිසිකල් පැඳීම තෝරාගත් පිරිසක් ඉන්නවා.

Bicycle

පහුගිය දවස්වල තිබුණ ඉන්ධන අර්බුදය නිසා බයිසිකල්වල මිල ගණන් නම් ඉහළ ගිහින් තියන්නේ.  ඔයා මේ දවස්වල බයිසිකලයක් ගන්න හිතනවා නම්, Online ගෙන්න ගන්න එක කොයි තරම් නම් පහසුවක් වෙයිද? අලුත් බයිසිකලයක් අරගෙන දවස ගානේ පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන බයිසිකල් පඳින්න පටන් ගන්න ඔයාට ශරීර සෞඛ්‍යට හිතකර ක්‍රියාකාරකමක් වේවි.

Helmet

බයිසිකලයක් පැඳගෙන යද්දි ඊට අවශ්‍ය ආරක්ෂිත උපාංග භාවිතා කරන්නත් අමතක කරන්න එපා. කෙටි පාරවල්වල බයිසිකල් පඳිනවා වගේම නගරබද ප්‍රදේශවල ඉන්න අයට බයිසිකල් පැඳගෙන යන්නෙ වෙන්නේ ප්‍රධාන පාරවල්වල. ඉතිං ඒ නිසා තමන්ගේ ආරක්ෂාවට හිස්වැඳුම් වගේ උපාංග පළඳින එක වඩාත් ආරක්ෂාකාරී පියවරක් වෙනවා.

Water Bottle

බයිසිකල් පැඳගෙන යද්දි අපිට මඟදි මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. ඒ මහන්සිය නිවාගන්න හොඳම විදිය තමයි වතුර ටිකක් බොන එක. බයිසිකල් පැඳගෙන යන ගමන් එහෙමෙහෙ වතුර හොයන්න බෑනෙ. ඒ නිසා ඔයාගේ බයිසිකලේම වතුර බෝතලයක් සවි කරගෙන තියාගන්න එක වඩාත් පහසුයි. මහන්සි ගතියක් දැනුනාම තිබහා නිවාගන්න වතුර ටිකක් බිලා refresh වෙන්න. 

විනෝද ගමන් යාම

විනෝදයට කැමති අය හිත මිතුරන් එක්ක එකතු වෙලා නිතර ට්‍රිප් ප්ලෑන් කරගන්නවා. ඇතැම් වෙලාවට දවස ගත කරන්න Day out එකක් තෝරගන්න අවස්ථාත් තියනවා. ඒ වගේම සමහර පිරිස් දවස් ගණන් විනෝද චාරිකා යොදාගන්නවා. කොහොම වුණාත් විනෝද චාරිකාවක් යනවා නම් කෑමබීම, ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි තවත් බඩුමුට්ටු ගණනාවක් අවශ්‍ය වෙනවා.

Foldable Chair

හොටෙල් එකකට ගිහින් දවසක් ගත කරනවා වෙනුවට, ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳින්න තමයි බොහෝදෙනා පික්නික් යන්න හිතන්නේ. ඉතිං ලස්සන පරිසරයකට වෙලා ස්වභාව සෞන්දර්ය විඳින ගමන් කට්ටිය එක්ක සෙට් වෙලා පොඩි චැට් එකක් දාගෙන ඉන්න Foldable Chairs තියෙන එක වටිනවා.

Picnic Mat

විනෝද ගමනක් යද්දි ගොඩාක් වෙලාවට කට්ටිය එකතු වෙලා විවිධ කෑම වර්ග හදාගෙන යනවා. හොටෙල් එකකට ගිහින් කෑම කන එක අපිට කොහොමත් කරන්න පුළුවන් දෙයක්නේ. හැබැයි ඒ වගේද පික්නික් එකක් ගිහින් එළිමහන් පරිසරයක කට්ටිය එකතු වෙලා කෑමබීම රසවිඳන එක. මුහුදු වෙරළට එහෙම ගියාමාත් ඒ අවට පරිසරය විඳින්න අපි කැමැතියිනේ.  ඒ නිසා එළිමහන් පරිසරයට ගැළපෙන Mat වඩාත් ප්‍රයෝජනවත් උපාංගයක්.

Sunglasses

විනෝද ගමනක් යදිදි ස්ටයිල් එකට ඇඳලා පැළඳලා යන්න කවුද කැමති නැත්තේ?  සැහැල්ලු විදියට ඇඳලා Sunglasses දෙකකුත් දැම්මාම ඔයාගේ පෙනුමට අමුතුම ගතියක් ඇති වෙනවා. ස්ටයිල් එකට විතරක් නෙවෙයි අව්වෙන් ආරක්ෂා වෙන්නත් හොඳම ක්‍රමය තමයි අව් කණ්නාඩි පැළඳිම.  ඒ නිසා විනෝදගමන් යද්දි Sunglasses දෙකකුත් ඔයාගේ විලාසිතා උපාංග අතරට එක්කර ගන්න.

ත්‍රාසජනක හා විනෝදාමත්මක එළිමහන් ක්‍රියාකාරකම් සමඟින් ඔයාගේ කාලය ඵලදායිව ගත කරන්න. Best Outdoor Activities සඳහා අවශ්‍ය ‌මේ සියලු උපාංග Daraz සමඟින් Shop කරලා හොයාගන්න.

අලුත් පාසල් වාරෙට අවශ්‍ය පොත්පත් හා උපකරණ ගැන දැනගන්න Book List For The New Term ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php