කාලය හා මුදල් ඉතිරි කරන Online Grocery Shopping

කාලය හා මුදල් ඉතිරි කරන Online Grocery Shopping

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න දැන් පහසුම ක්‍රමය Online Grocery Shopping කිරීමයි. මුදල් හා කාලය ඉතිරි කරගන්න බොහෝදෙනා තෝරගන්නෙත් Online Grocery Shopping ක්‍රමයයි.

ඔයාලාත් Online Grocery Shopping අත්දැකීම අත්විඳිනවාද? Online Grocery Shopping සඳහා දැන් ‌හොඳම හා පහසුම තැන Daraz Mart.

දෛනික කටයුතු පවත්වාගෙන යන්න අපිට Grocery Items රැසක් අවශ්‍යයි. ඔයා තාමත් Groceries ගන්න සැරින් සැරේ කඩවල් ගානේ දුවනවාද? එහෙමත් නැත්තම් බොහෝ දෙනෙක් මාසෙටම අවශ්‍ය කරන Groceries වෙළෙඳසැළකට ගිහින් එකවර මිලදී ගන්නවා. මේ විදියට Groceries ගන්න ගියාම වැඩි වෙලාවක් වෙළෙඳසැල්වල ගත කරන්න වෙනවා.  දවසේ පැය ගණන් ඒ වෙනුවෙන් වෙන් කරනවාට වඩා දැන් වඩාත් පහසුම හා ලාභදායිම ක්‍රමය වෙන්නේ Online Grocery Shopping කිරීමයි.

ගෙදරදොරේ වැඩයි, ජොබ් එකේ වැඩ කටයුතුයි සමඟ දැන් බොහෝදෙනා ගත කරන්නේ කාර්බහුල ජීවන රටාවක්. ඒ නිසා අපි හැම මොහොතෙම හිතන්න  ඕන අපේ  කාලවෙලාව වැඩිපුර ඉතිරි කරගන්න පුළුවන් ක්‍රම ගැනයි.  දැන් දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ Online ඔස්සේ මිලදී ගන්න ලැබීමෙන් කාලය වගේම මුදලුත් ඉතිරි කරගන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. එදිනෙදා අත්‍යවශ්‍ය වන විවිධ වර්ගයේ ගුණාත්මක නිෂ්පාදන Online ඔස්සේ සොයාගන්න ආකාරය හා ඒ හරහා මුදල් හා කාලය ඉතිරි කරගන්නේ කොහොමද දැනගන්න මේ ලිපිය කියවන්න.

Online Grocery Shopping මඟින් කාලය හා මුදල් ඉතිරි කරගන්න හොඳම ආකාර

ගමන් කිරීමට වැයවන කාලය හා වියදම ඉතිරි වීම

Online Grocery Shopping බොහෝදෙනා අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඒ හරහා කාලය වැඩිපුර ඉතිරි කර ගැනීමට හැකිවන නිසායි. සතියේ දිනයන් රැකියාවේ කටයුතුත් සමඟ කාර්යබහුල වෙන නිසා Groceries ගන්න Shopping යන්න යොදාගන්නේ සති අන්තයේයි. Groceries ගන්න ළඟම තියන වෙළෙඳසැලකට ගිහින් එන්න අඩුම විනාඩි 20ක් ගත වුණාත් ඒ විදියට මුළු අවුරුද්දටම විනාඩි 1040ක් වැය කරන්න සිදුවෙනවා.

Groceries ගන්න ඔයා වෙළෙඳසැලකට යනවා නම් තමන්ගේ පෞද්ගලික ‌වාහනයක හෝ ත්‍රීරෝද රථයක හෝ යන්න වෙන නිසා ප්‍රවාහන වියදමක් දැරීමට සිදු වෙනවා. ඒත් Groceries සියල්ල Online මිලදී ගැනීමෙන් ප්‍රවාහන වියදමත් ඉතිරි කර ගැනීමට හැකි වීම තවත් වාසියක්. මේ නිසාම කාලය හා මුදල් දෙකම ඉතිරි කරගන්න හොඳම විදිය Online Grocery Shopping කිරීමයි.

පෝලීම්වල රැඳී සිටීමට අවශ්‍ය නොවීම

Groceries ගන්න ළඟ තියන සිල්ලර බඩු කඩේට ගියාත් මුදල් ගෙවන්න වැඩි වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම වෙළෙඳසැලකට ගියාම නම් බොහෝ වෙලාවට දිගු වෙලාවක් බිල් ගෙවන පෝලීමේ රැඳී සිටින්න වෙනවා. ඔබට වැඩ ගොඩාක් කරන්න තියන කාලය පෝලිම්වල ගත කිරීමෙන් නාස්ති වෙනවා යන හැඟීම ඒ වෙලාවෙදි ඇති වෙනවා නේද? හැබැයි Online Grocery Shopping මඟින් ඔබට පෝලීම්වල රැඳී සිටීමට සිදුවන කාලය හා මහන්සිය සම්පූර්ණයෙන්ම ඉතිරි‌ වෙනවා. එක Click කිරීමකින් එදිනෙදා අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ සියල්ල දොරකඩටම ගෙන්න ගන්න.

ඩුමුට්ටු සොයන කාලය ඉතිරි වීම

අපි වෙළෙඳසැලකට යන්නේ විවිධ වර්ගයේ බඩුභාණ්ඩ මිලදී ගැනීමටයි. ඒ නිසා තමන්ට අවශ්‍ය කරන අයිතම විවිධ Storesවල සොයන්න සිදුවෙනවා. නමුත් Online ක්‍රමය ඔස්සේ Groceries මිලදී ගනිද්දි Storesවල නිෂ්පාදන සොයන කාලයත් ඉතිරි වෙනවා. App එක පුරා ඉහළට පහළට ගොස් හරිම පහසුවෙන් තමන්ට අවශ්‍ය හැමදේම සොයාගන්න පුළුවන්.

සතිපතා අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව App එකේ Save වීම

Daraz Mart වැනි Online Grocery Appsවල අමතර පහසුකම් සහිත විශේෂාංග තියන නිසා තමන් කලින් ඕඩර් කරපු භාණ්ඩ ලැයිස්තුව Save කර තබා ගැනීමේ හැකියාව තියනවා. ඒ නිසා සතිපතා ඕඩර් කරලා තියන්නේ මොනවාද කියලා ඒ ලැයිස්තුවෙන් දැනගෙන නැවතත් එම ලැයිස්තුවම ඕඩර් කිරීමේ පහසුකම ලැබෙනවා. ඔයාට තියන්නේ History එකට ගිහින් කලින් ඕඩර් කරපු භාණ්ඩ ලැයිස්තුව Select කරලා නැවත ඕඩර් කිරීමයි.

ඕනම තැනක සිට Shop කිරීමට හැකිවීම

වෙළෙඳසැලක් විවෘත කරලා තියන නියමිත කාලසීමාවක් තියන නිසා අපි වෙළෙඳැසළකට යනවා නම්, ඒ වෙලාව ඇතුළත ගිහින් Shop කරන්න ඕන. ඒත් Online Shopping ක්‍රමය මඟින් ඕනම වෙලාවක ඕනම තැනක සිට Shopping කිරීමේ පහසුව උදාවෙනවා. ඔබේ ලැප්ටොප් එකෙන්, ටැබ්ලට් එකෙන් හෝ ස්මාර්ට් ෆෝන් එකෙන් App එකට ගිහින් Grocery Shopping කරන්න පුළුවන්. ඔයාට කොහේහරි ගමනක් යන ගමන් වුණාත් පහසුවෙන්ම අවශ්‍ය Groceries සොයාගැනීමේ අවස්ථාව තියනවා. ගෙදර ඉන්න ගමන් වුණාත්, වැඩ කරන ගමන් වුණාත්, නිවාඩු පාඩුවේ ඉන්න ගමන් වුණාත් කොහේ හිටියාත් පහසුවෙන්ම Grocery Shopping කරන්න. ඔයාට අවශ්‍ය තරම් කාලය අරගෙන නිවසින් පිටතට යන්නේ නැතුව අවශ්‍ය හැමදේම ලේසියෙන්ම සොයාගන්න.

Groceries දොරකඩටම ඩිලිවරි කිරීම

Groceries මිලදීගෙන බරට බරේ බඩුමළු උස්සගෙන එද්දි මහන්සියි නේද? බස්වල නම් මේ බඩුමළු උස්සගෙන එන්න හිතන්නවත් බෑ. ඒත් Online Grocery Shopping කරාම ඔයාට මේ කරදර මුකුත් නෑ. ඔබේ මහන්සියයි කාලයයි දෙකම ඉතිරි කරලා ඕඩර් කරන බඩුමුට්ටු සියල්ල දොරකඩටම ලැබෙනවා.

විශේෂ Online දීමනා හා වට්ටම්

Online Grocery Shopping කිරීමේ තවත් හොඳම වාසිය නම්, විශේෂ දීමනා හා වට්ටම් සමඟින් වැඩිපුර ඉතිරියක් ලැබීමයි. පාරිභෝගිකයන්ට අඩුම මිල ගණන්, තොග දීමනා හා විශේෂ ප්‍රවර්ධන කාලවලදී වට්ටම් ඇතුළු දීමනා රැසක් හිමිකර ගැනීමේ වාසිය පවතිනවා. මේ දවස්වල Daraz Mart එකේ Daraz පොළේ Shop කරලා එදිනෙදා අත්‍යවශය භාණ්ඩ සඳහා 60%ක් දක්වා වට්ටම් අත්විඳින්න. විවිධ මිල ගණන් සංසන්දය කිරීමෙන් තමන් ගෙවන මුදලට හොඳම වටිනාකමක් ලබා ගැනීමට මේ හරහා හැකිවෙනවා.

මීට අමතරව ඇතැම් Stores මඟින් නියමිත මුදලකට වැඩියෙන් මිලදී ගැනීමෙන් නොමිලේ ඩිලිවරි වාසි ද හිමිවෙයි. Daraz Mart එකේ Shop කරලා වැඩි වැඩියෙන් ඉතිරි කරගන්න.

Online Shopping කරද්දි බජට් එක ගැනත් කලින්ම තීරණය කරන්න පුළුවන්. පාරිභෝගිකයන්ට නිවසේ සිටම භාණ්ඩ Cart එකට එකතු කළ හැක්කේ තමන්ට අවශ්‍ය වූ විට පමණයි. වෙළෙඳසැලකට ගියාම අනවශ්‍ය දේවල් පවා මිලදී ගන්න හිත ඇඳිලා යනවා. නමුත් Online හරහා බොහෝ විට මිලදි ගන්නේ අත්‍යවශ්‍ය දේවල්ම පමණයි.

විවිධ වර්ගයේ නිෂ්පාදන එකම තැනින්

Daraz Mart වෙතින් 5000කට අධික නිෂ්පාදන රැසක්ම එකම තැනින්. එදිනෙදා Groceries Items පමණක් නෙවෙයි සිඟිත්තන්ට අවශ්‍ය ළඳරු නිෂ්පාදන, රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු හැමදේම දැන් Daraz Mart වෙතින් සොයාගන්න කදිම අවස්ථාවක් තියනවා.

සාමාන්‍යයෙන් වෙළෙඳසැලකට ගිහින් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නවා වෙනුවට Online Grocery Shoppingවලට මාරු වෙන්න ඔයා හිතනවා නම් අදහසක් දෙන්න තමයි මේ ලිපිය හඳුන්වාදුන්නේ. Daraz Mart එකේ Shop කරලා වෙළෙඳපොළේ තියන අඩුම මිල ගණන්වලට හොඳම නිෂ්පාදන සොයාගන්න. බැංකු වට්ටම්, මාසික ගෙවීමේ පහසුකම්, KOKO හරහා තුන් වතාවකට ගෙවීම් සිදු කිරීම ඇතුළු අමතර වාසි Daraz සමඟින් විඳගන්න.

සුසිනිඳු සමකට ගැළපෙන රූපලාවණ්‍ය අවශ්‍යතා ගැන දැනගන්න සුසිනිඳු සමකට ගැළපෙන Best Skincare Products ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php