නිවස පිළිවෙළට හා පිරිසිදුව තියාගන්න Perfect Advice

නිවස පිළිවෙළට හා පිරිසිදුව තියාගන්න Perfect Advice

නිවසක් පිරිසිදුව තියාගන්න නම් Perfect Advice අනුගමනය කරන්න වෙනවා. නිවසක් අලංකාර කරගන්න Perfect Advice උපකාරී වෙනවා.

ඔයාගේ නිවස පිළිවෙළට හා පිරිසිදුව තියාගන්න Perfect Advice ගැන හොයලා බලනවාද? මේ ලිපිය කියවලා නිවස පිළිවෙළට තියාගන්න Perfect Advice ගැන දැනගන්න.

ඔයාත් හැමවිටම නිවස ලස්සනට තියාගන්න වෙහෙසෙන කෙනෙක්ද? නිවසක් පිළිවෙළට තියාගැනීමේ වගකීම වැඩිපුරම පැවරෙන්නේ ගෙදර ගෘහණියකට. ගෙදර අස්පස් කරලා පිළිවෙළ කරගන්න ගෙදර අනෙකුත් සියලුදෙනාගේත් සහයෝගය අවශ්‍ය වෙනවා. පිළිවෙළට ඉන්න ඇතැම් අය ඉබේම හුරුවෙලා ඉන්නවා. ඒත් ඇතැම් අය නම් පිළිවෙළක් ගැන හිතන්නෙම නෑ. නිවසකට ඇතුල් වෙද්දි ඒ නිවස කාගේත් හිත් ඇඳගන්නා විදියට පිරිසිදුවට හා පිළිවෙළට තිබුණොත් තමයි ඒ නිවස ගැන පැහැදීමක් ඇතිවෙන්නේ. 

නිවසක් සුන්දර වන්නේ නිවසේ බඩුමුට්ටුවලින් පමණක් නෙවෙයි. අලුත් අලංකාර බඩුමුට්ටු නිවසට එළියක් ගෙනදුන්නාට නිවසක් අංග සම්පූර්ණ වෙන්න පිරිසිදු බව හා පිළිවෙළ බලපානවා. නිවස අපිරිසිදු නම්, ගෙදරක් කොයි තරම් වටිනා ගෘහ භාණ්ඩවලින් අලංකාර විදියට සරසලා තිබුණාට වැඩක් වෙන්නේ නෑ. ඒ වගේම තැන් තැන්වල  බඩුමුට්ටු එහෙමෙහෙ විසිරිලා තිබුණාම නිවසක් අපිළිවෙළ වෙනවා. පිළිවෙළ බව නිවසක තිබිය යුතුම දෙයක්.

නිවසක ගෘහණිය නිතර වෙහෙස මහන්සි වෙනවා වගේම පවුලේ අනෙකුත් දෙනාගේත් සහයෝගයෙන් හැමෝම එකතු වෙලා නිවසක් පිරිසිදුව හා පිළිවෙළට තියාගන්න උත්සාහ කරනවා නම් එය වඩාත් වටිනවා. නිවසකට ඇතුල් වෙද්දිම කාගේත් නෙත ගැටෙන සාලය වගේම මුළුතැන්ගෙය, නිදන කාමර, නාන කාමරය ඇතුළු සියලුම අංග පිළිවෙළට තියාගත්තාම තමයි මුළු නිවසම අලංකාර වෙන්නේ. ගොඩාක්දෙනා හිතන්නේ විශාල නිවසක් තිබුණොත් තමයි වැඩියෙන් සුන්දර කියලා. ඒත් පුංචි නිවසක් වුණාත් පිළිවෙළට පිරිසිදුව තිබුණොත් එය ඉබේම අලංකාර නිවසක් බවට පත්වෙනවා.

කාටත් ප්‍රියමනාප විදියට නිවසක් පිළිවෙළට හා පිරිසිදුව තියාගන්නේ කොහොමද කියලා අපි බලමු.

දිනපතා නිවස Mop කරන්න

නිවසක ඉන්න පවුලේ සාමාජිකයන් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ නිවස අපිරිසිදු වෙවෙඉඩකඩත් වැඩියි. විශේෂයෙන් ගෙදර පුංචි ළමයි එහෙම ඉන්නවා නම්, නිවසක් වැඩිපුර හැඩිවෙනවා. ඔවුන් නිවස පුරාවට සෙල්ලම් කරන්න පටන් ගනිද්දි නිවස අපිරිසිදු වෙන එක අහන්නත් දෙයක් නෙවෙයිනේ.  පුංචි සිඟිත්තන් කන බොන වයසට ඇවිත් කන්න බොන්න පටන් ගත්තාම කෑම බීම වුණාත් ගේ පුරාවට විසිරෙනවා.  ඒ නිසා නිතර නිවස පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. පුංචි ළමයි  බිම සෙල්ලම් කරන එහෙම නිසා නිවස අපිරිසිදු වෙලා තිබුණොත් විෂබීජ ඇතුල් විමේ අවදානමකුත් ඇති වෙනවා. ඒ නිසා දිනපතා නිවස Mop කිරීම දවසේ කාර්යක් බවට පත්කර ගන්න.  Mop කිරීමේ කටයුතුවලට Mop Baskets ඇතුළු උපාංග ඔයාගේ නිවසට මතක ඇතුවම එක්කර ගන්න.

සතියකට වතාවක් Vacuum කරන්න

අපි දිනපතා නිවස පිරිසිදු කරාට නිවස තුළට දවසින් දවස කුණු, දූවිලි ඇතුල් වීම නම් වළක්වන්න බෑ. නිවසේ දූවිලි බැදෙන ප්‍රමාණය වැඩි වුණාම සෙම්ප්‍රතීශියාව වැනි රෝග තත්වයන් පවා හැදෙනවා. කොතරම් Mop කරලා පිරිසිදු කරාත් දූවිලි දිනපතා එකතු වීම කාටත් ගැටලුවක්. ඒ නිසා නිවස පිරිසිදුව තියාගන්න Mop කිරීමට අමතරව සතියකට වතාවක් හෝ Vacuum කරනවා නම් දූවිලි පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. දූවිලි කරදරෙන් බේරෙන්න දැන් බොහෝදෙනා Vacuum cleaner නිවසේ උපාංග අතරට එක්කර ගන්නෙත් ඒ නිසාමයි.

මුළුතැන්ගෙයි පිඟාන්, කෝප්ප පිළිවෙළට තබන්න

නිවසක පිරිසිදුවට හා පිළිවෙළට තියාගන්න අත්‍යවශ්‍ය තවත් අංගයක් තමයි කුස්සිය. කුස්සියේ නිතර පාවිච්චියට ගන්න පිඟාන් කෝප්ප එහෙමෙහෙ විසිරිලා තිබුණාම ඉබේම කුස්සිය හැඩි වෙනවා. එතකොට කවුරුහරි ගෙදරට ඇවිත් ඔයාගේ කුස්සියට ආවොත් අපිළිවෙළ ගතියක් දැනෙන්න පුළුවන්. ඒ නිසා බඩුමුට්ටු පිළිවෙළකට තියාගන්න Dish Rack එකක් ඔයාගේ කුස්සියට එකතු කරගන්න. පිඟාන්, කෝප්ප, හැඳි වගේ නිතර පාවිච්චි කරන බඩුමුට්ටු පිළිවෙළකට Dish Rack එකේ අඩුක් කරලා තියන්න පුළුවන්. බඩුමුට්ටු එහෙමෙහෙ විසිරිලා තිබුණාම අපිළිවෙළ ගතියක් ඇති වෙනවා වගේම හදිසි වෙලාවට අවශ්‍ය දේවල් හොයාගන්නත් අපහසුයි.  ඔයාගේ කුස්සිය පිළිවෙළට තියාගන්න මේ වගේ උපකරණ වඩාත් ප්‍රයෝජනවත් වේවි.

නිතර අවශ්‍ය කළමනා නිසියාකාරව අඩුක් කරන්න

හැමදේම පිළිවෙළකට තියාගන්න එක ගැන අපිට නිතරම හිතන්න වෙනවා. කුස්සියේ වැඩ කරද්දි කළමනා ගණනාවක් අවශ්‍යයි.  ඉවුම්පිහුම් කටයුතුවලට අවශ්‍ය කුළුබඩු අඩංගු බෝතල්, සීනි- පිටි – තේ කොළ ආදිය වෙන් කරලා තියන බෝතල් කුස්සියේ එහෙමෙහෙ තැතින් තැන තියන්න බෑනෙ. ඒ සියල්ල පිළිවෙළකට අඩුක් කරලා තියාගන්න ඔයාගේ මුළුතැන්ගෙයට මේ වගේ පුංචි Cupboard එකක් තිබුණා නම් වටිනවා නේද? උයන ගමන් අවශ්‍ය බඩුමුට්ටු තියන තැන් හොයාගන්න බැරුව අපහසුතාවයට පත්වුණු අවස්ථා ඕන තරම් ඇති නේද? කලබලෙන් උයන පිහන වෙලාවට අවශ්‍ය කළමනාත් හොයගන්න බැරි වුණාම ඒ වෙනුවෙන් තවත් වෙලාවක් වැය කරන්න වෙනවා. ඉතිං මේ ගැටලුවට හොඳම විසඳුම තමයි පුංචි Cupboard එකක් ඔයාගේ කුස්සියේ තියාගන්න එක. ඉවුම්පිහුම් කළමනා නිසියාකාරව අඩුක් කරලා තිබුණාම කුස්සියේත් පිළිවෙළ ස්වභාවයක් ඇති වෙනවා.

නිදන කාමරයේ රෙදිපිළි පිළිවෙළකට තබන්න

නිවසක සාලය, මුළුතැන්ගෙය වගේම නිදන කාමරයත් පිළිවෙළකට තියාගන්න අපි උන්නදු වෙන්න ඕන. නිවසකට අමුත්තෙක් ආවාම ඔයාගේ කාමරයට එනකොට තැන් තැන්වල රෙදිපිළි, බඩුමුට්ටු විසිරිලා තිබුණාම මෙයාගේ කාමරේ නම් හරිම අපිළිවෙළයි කියලා හිතෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා කිලිටු රෙදි එහෙම දාලා තියන්න මේ වගේ Boxes ඔයාගේ කාමරේ තියාගන්න. ඔයාගේ කිලිටු රෙදිපිළි දාන්න පාවිච්චි කරන්න පුළුවන් වගේම, අනෙකුත් බඩුමුට්ටු අඩුක් කරලා තියන්නත් මේ වගේ Boxes වඩාත් කදිමයි. ඔයා නිතර භාවිතා කරන ඇඳ ඇතිරිලි, කොට්ට උර ආදියත් පිළිවෙළකට අඩුක් මේ වගේ Boxes ගැළපෙනවා. නිතර කාමරේ පිළිවෙළට තියාගන්න ඔයා හිතනවා නම් මේ වගේ උපාංග මතක ඇතුවම එකතු කරගන්න.

කාමරවල Dustbin තියාගන්න

අපි සාමාන්‍යයෙන් Dustbin තියන්නේ නිවසක කුස්සියේ හෝ නිවසින් පිටතයි. ඉඳුල්, පොලිතින්, කඩදාසි ආදිය සඳහා වෙන වෙනම්ම Dustbin දැන් නිවෙස්වල වෙන් කරලා තියනවා. හැබැයි අපි කාමරේ ඉඳන් මොනාහරි කෑවාම ඒ පැකට් එහෙම දාන්න කුස්සියට එවෙන්න නෑනෙ. එතකොට එවැනි දේවල් එහෙමෙහෙ විසි කරලා දානවා. එහෙම වුණාම තැන් තැන්වල ඉවතලන දේවල් තිබිලා කාමර අපිරිසිදු වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ නිසා හොඳම දේ තමයි පොඩි පොඩි Dustbin කාමරවල තියාගැනීම.

නාන කාමරයේ බඩුමුට්ටු පිළිවෙළට තබාගන්න

නිවසක හැම අංගයකටම වඩා හැමදෙනාම භාවිතා කරන නිවසේ බාත්රූම් එක පිළිවෙළට තියාගන්න එක අවශ්‍යම දෙයක්. සබන් වර්ග, දත් බුරුසු ආදිය බොහෝ වෙලාවට සින්ක් එක උඩ තමයි තියන්නේ.  සින්ක් එක උඩ බඩුමුට්ටු ගොඩගැහුණාම නාන කාමරයත් අපිළිවෙළ වෙනවා. හැබැයි මේ වගේ Wall Shelf එකක් තිබුණොත් නාන කාමරයේ කළමනා පිළිවෙළකට තියාගන්න පුළුවන්.

 නිතර භාවිතා කරන සපත්තු, සෙරෙප්පු පිළිවෙළකට තබන්න

කාන්තාවන් ඉන්න නිවසක වැඩිපුරම තියන දෙයක් තමයි සපත්තු, සෙරෙප්පු. Shopping යන යන සැරේට සපත්තු අරගෙන ඇවිත් කාමරයේ දැන් වැඩිපුරම තියන්නේ සපත්තු සෙරෙප්පු වෙන්නත් පුළුවන්. ඇඳුම්වල පාටවලට ගැළපෙන්න විවිධ වර්ගයේ සපත්තු නිතර මිලදීගෙන කාමරය පුරාවට ගොඩගැහිලා ඇති. කාන්තාවන් විතරක් නෙවෙයි ගෙදර ඉන්න පිරිමි පාර්ශ්වයත් පාවහන් භාවිතා කරන නිසා තැන තැන සෙරෙප්පු, සපත්තු විසිරිලා තියද්දි ගෙදරම අපිළිවෙළ වෙනවා. ඉතිං ඒකට හොඳම විසඳුම තමයි Shoe Rack එකක් නිවසේ තියාගන්න එක. ගෙදර හැමෝගෙම සෙරෙප්පු, සපත්තු ඔක්කොම මේ Shoe Rack එකේ පිළිවෙළකට පෙළගස්වලා තියන්න පුළුවන්. ගමනක් යද්දි ඒ ගමනට ගැළපෙන සපත්තු දෙකත් තෝරගන්න Shoe Rack එකේ පිළිවෙළට තියලා තියන එක  ගෙදරට පිළිවෙළක් එක් කරනවා වගේම ඔයාට පහසුවක් වෙනවා.

අපි  කියපු මේ උපදෙස් පිළිපැඳලා ඔයාගේ නිවස පිළිවෙළට හා පිරිසිදුවට තියාගන්න. මේ Perfect Advice අනුව නිවස පිළිවෙළට හා පිරිසිදුව තියාගන්න අවශ්‍ය කරන කල්පැවැත්මක් සහිත හොඳ කොලිටියේ උපාංග Daraz Mall වෙතින්ම තෝරගන්න.

නිදන කාමරයක් සුන්දර කරන උපාංග ගැන දැනගන්න අලුත් නිවසේ නිදන කාමරය සුන්දර කරගන්න Affordable Bedroom Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php