වැඩි ඉතිරියක් සමඟින් Online Grocery Shopping කරන්න පහසු ක්‍රම

වැඩි ඉතිරියක් සමඟින් Online Grocery Shopping කරන්න පහසු ක්‍රම

දිනපතා කටයුතු පවත්වාගෙන යන්න Online Grocery Shopping කරලා බඩුමුට්ටු සියල්ල එකතු කරගන්න පුළුවන්. දැන් Online Grocery Shopping කරන්න තමයි හැමෝම හුරුවෙලා ඉන්නේ.

වැඩි ඉතිරියක් සමඟින් Online Grocery Shopping කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද? Online Grocery Shopping කරන පහසුම ක්‍රම දැනගන්න මේ ලිපිය කියවන්න.

එදිනෙදා කටයුතු සඳහා Grocery Items රැසක් අවශ්‍ය වෙනවා. ඔයා Grocery Shopping කරන්නේ දිනපතාද? සතිපතාද? නැත්තම් මුළු මාසෙටම අවශ්‍ය Grocery Items එකවර වෙළෙඳසැළකට ගිහින් අරගෙන එනවාද? මේ කොහොම බඩුමුට්ටු ගත්තාත් ඉවුම් පිහුම් කටයුතු කරද්දි අවශ්‍ය කළමනා ඉවර වුණාම සැරින් සැරේ කඩවල් ගානේ දුවන්න වුණු අවස්ථාවලට හැමෝම මුහුණ දීලා ඇති.

ඔයා දිනපතා අත්‍යවශ්‍ය කළමනා ගන්න යන්නේ Grocery List එකක් හදාගෙනද? Grocery List එකක් හදාගත්තාම අත්‍යවශ්‍ය දේවල් මඟහැරෙන ප්‍රමාණය අඩුවෙනවා. දැන් වෙළෙඳසැලකට, කඩේකට ගිහින් දිනපතා අත්‍යවශ්‍ය බඩුමුට්ට්ටු ගන්නවාට වඩා ලේසිම ක්‍රමය Online Grocery Shopping කිරීමයි.  ඒ හරහා කාලය වගේම මුදලුත් ඉතිරි කරගැනීමට හැකිවෙනවා.

Online Grocery Shopping හරහා වැඩි ඉතිරියක් ලබාගන්නේ කොහොමද?

හැමදේම එකම තැනින් ගෙදරටම

Online Grocery හොයද්දි ලැබෙන ලොකුම වාසිය තමයි තමන්ට අවශ්‍ය බඩුමුට්ටු තියනවාද කියලා Search කරලා ඒ වෙලේම ඇණවුම් කිරීමට හැකිවීම. එදිනෙදා කටයුතු සඳහා නිවසකට විවිධ විදියේ කළමනා අවශ්‍ය වෙනවා. ඇතැම් වෙලාවට කඩේකට ගියාම අපිට අවශ්‍ය කරන හැමදේම ගන්න ලැබෙන්නේ නෑ. එහෙම වුණාම තැන් දෙක තුනකට යන්න සිද්ධ වෙනවා. හැබැයි Online Grocery Shopping කරද්දි අවශ්‍ය හැමදේම එකම තැනින් සොයාගැනීමේ අඟනා වාසිය ලැ‌බෙනවා හාල්, පිටි, සීනි, වගේ Groceries විතරක් නෙවෙයි රෙදි සෝදන ද්‍රව්‍ය, පිරිසිදුකාරක ද්‍රව්‍ය මේ හැමදේම ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක ඔයාට ලොකු පහසුවක් වේවි. ගෙදර පොඩි ළමයි එහෙම ඉන්නවා නම් නිතරම බිස්කට්, චොකලට් ජාති හොයනවා නේද? මේ Snacks වර්ගත් දැන් Online ගෙන්න ගත්තාම කඩේට යන්න වෙන වාර ගාණ තවත් අඩු‌ වෙනවා.

Groceries ගන්න ඔයා වෙළෙඳසැලකට යනවා නම් තමන්ගේ පෞද්ගලික ‌වාහනයක හෝ ත්‍රීරෝද රථයක හෝ යන්න වෙන නිසා ප්‍රවාහන වියදමක් දැරීමට සිදු වෙනවා. බඩු ගොඩාක් එකවර ගද්දි අතින් කටින් උස්සගෙන එන්න අමාරුයිනේ.  ඒත් Groceries සියල්ල Online මිලදී ගැනීමෙන් ප්‍රවාහන වියදමත් ඉතිරි වෙනවා. ඒ නිසා මුදල් වගේම ඔයාගේ මහන්සියත් වැය නොවන හොඳම ක්‍රමය  Online Grocery Shopping කිරීමයි.

ඉවුම්පිහුම් කරන අතරතුර සැරින් සැරේ කඩවල් ගානේ යන වෙලාව ඉතිරි වීම

ඉවුම්පිහුම් කටයුතු කරද්දි විවිධ Kitchen Essentials අවශ්‍ය වෙනවා. අපේ රටේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත් නිසා හාල් කියන්නේ  ඉවුම්පිහුම් කටයුතුවලට අත්‍යවශ්‍යම දෙයක්.  බරට බරේ හාල් ගෝන් දැන් උස්සගෙන එන්න  ඕන නෑ. හාල් වගේ Grocery Items දැන් Online ඇණවුම් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හාල්, සීනි, පරිප්පු ආදිය වගේම ආහාර රසවත් කරන්න විවිධ කුළුබඩු යොදාගන්නවා. ගොඩාක් වෙලාවට ගෙදර ගෘහණියන්ට උයන අතරවාරයේදී තමයි ව්‍යාංජනවලට දන්න කුළුබඩු හොයද්දි ඉවරවෙලා කියලා මතක් වෙන්නේ.  ඔන්න එහෙම වුණාම කඩවල් ගානේ දුවන්න වෙනවා.  හැබැයි දැන් දිනපතා අවශ්‍ය කුළුබඩු සියල්ලත් කලින්ම ගෙන්නගෙන තියාගන්න Online Grocery Shopping හරහා අවස්ථාව ලැබෙනවා.

Bundles මිලදී ගැනීමෙන් වැඩි වාසියක්

Click to Buy

අපිට නිරන්තරයෙන් අවශ්‍ය වන බඩුමුට්ටුවලින් එක නිෂ්පාදනය ගානේ මිලදී ගන්නවාට වඩා Bundles පිටින් මිලදී ගත්තාම වැඩි ඉතිරියක් ලබාගන්න පුළුවන්.  අඩු මුදලකට වැඩි ප්‍රමාණයක් ලැබෙන එක ඔයාට ලැබෙන එක ලොකු වාසියක්.  Online Grocery Shopping කරද්දි Bundle Offers ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. Grocery Items වැඩිපුර ගෙනත් තියාගත්තාට වැඩි වෙන්නේ නම් නෑනෙ.

බැංකු කාඩ් මඟින් වැඩි ඉතිරියක්

ඔයා Online Shopping කරන්නේ කෑෂ්වලින්ද? කාඩ් එකෙන්ද? බැංකු කාඩ්වලින් Shop කරනවා නම් තව තව වැඩියෙන් ඉතිරි කරගන්න පුළුවන්. තෝරාගත් විවිධ බැංකු මඟින් බැංකු කාඩ්පත් සඳහා විවිධ වට්ටම් පිරිනමන නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරද්දි ඒ වට්ටම්වලින් වැඩි ඉතිරියක් ලැබෙනවා. මුදල්වලින් ගනුදෙනු කරනවාට වඩා බැංකු කාඩ් එකෙන් Grocery Items මිලදී ගන්න එක වැඩි ඉතිරියක් වගේම ඔයාට පහසුවක් වේවි.

විවිධ සේල් කාලවලදී විශේෂ වට්ටම්

Online Grocery Shopping කිරීමේ තවත් හොඳම වාසිය නම්, විශේෂ දීමනා හා වට්ටම් සමඟින් වැඩිපුර ඉතිරියක් ලැබීමයි. පාරිභෝගිකයන්ට අඩුම මිල ගණන්, තොග දීමනා හා විශේෂ ප්‍රවර්ධන කාලවලදී වට්ටම් ඇතුළු දීමනා රැසක් හිමිකර ගැනීමේ වාසිය මෙහිදී පවතිනවා. විවිධ මිල ගණන් සංසන්දය කිරීමෙන් තමන් ගෙවන මුදලට හොඳම වටිනාකමක් ලබා ගැනීමට මේ හරහා හැකිවෙනවා. සේල් කාලවලදී හිතාගන්නවත් බැරි වට්ටම් සමඟින් අඩුම මිලට හොඳම නිෂ්පාදන තෝරගන්න.

ඔයා දැනටමත් Online Grocery Shopping කරන කෙනෙක් නම්  මේ පහසු ක්‍රම අනුගමනය කරලා වැඩි ඉතිරියක් ලබාගන්න. ඒ වගේම තාමත් ඔයා Online Grocery Shopping කරන්න හුරුවෙලා නැත්තම් මේ ක්‍රම ගැනත් දැනුවෙත් වෙලා ඔයාගේ Grocery Shopping අත්දැකීම අලුත් කරගන්න. ගෙදරටම Grocery Delivery කරන Daraz Mart සමඟින් අනර්ඝ හා පහසු Grocery Shopping අත්දැකීමක් අත්විඳින්න.

මුළුතැන්ගෙයට අත්‍යවශ්‍ය Grocery Items ගැන දැනගන්න රු. 1100ට අඩු මුළුතැන්ගෙයට අත්‍යවශ්‍ය Grocery Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php