අලුත් අවුරුද්දේ නැවුම් වෙනසක් එක් කරන Home & Lifestyle Items

අලුත් අවුරුද්දේ නැවුම් වෙනසක් එක් කරන Home & Lifestyle Items

අලුත් අවුරුද්දේ නිවස නැවුම් කරගන්න Home & Lifestyle Items අවශ්‍ය වෙනවා. මේ අවුරුදු කාලේ නිවසට සිරියක් ගෙනදෙන්නේ Home & Lifestyle Items සමඟයි.

ඔයාලාත් නිවසට ගැළපෙන Home & Lifestyle Items සොයනවාද? මෙදා සැරේ අවුරුද්දට හොඳම Home & Lifestyle Items මිලදී ගන්න අඟනා අවස්ථාවක් තියනවා.

අවුරුදු වාසි වෙතින් Home & Lifestyle Items සඳහා විශේෂ වට්ටම්

අලුත් අවුරුද්දේ නිවසට අලුත් සිරියක් එක් කරගන්න කැමතියි නේද? අවුරුදු කාලේ කියන්නේ ගෙදරට අමුත්තන් වැඩිපුර එන කාලයක්. ඒ නිසා මේ කාලෙට ගෙදර පිරිසිදුව හා පිළිවෙළට තියාගන්න වෙනවා. අවුරුදු අසිරිය තව තවත් දැනෙන්න නිවසේ බඩුමුට්ටු අලුත් කරගන්න පුළුවන්. මෙදා අවුරුද්දට නිවසේ ගෘහ උපකරණ අලුත් කරගෙන ජීවන රටාවට අලුත් වෙනසක් එක්කර ගන්න.

හිතාගන්න බැරි වාසි සමඟින් Daraz අවුරුදු වාසි සේල් දැන් Live. මෙදා සැරේ අවුරුද්දට හිතේ හැටියට Shop කරන්න Daraz අවුරුදු වාසි වෙතින් ඔබ වෙනුවෙන්ම අනඟි දීමනා රැසක් හිමිවෙනවා. ඒ අතරින් ගෙදරදොරට අවශ්‍ය උපකරණ සඳහා මෙම වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම්.

Celcius, Browns and Company, Airsonic, Metropolitan, Quantum Fitness, Concept Store, Hunters, Hafele, Baseus, and Huawei.

නිවසට වෙනසක් එක්කර ගන්න වගේම ජීවන රටාව අලුත් කරගන්න මෙදා සැරේ අවුරුද්දට මිලදී ගන්න සුදුසු උපකරණ හා උපාංග මොනවාද කියලා අපි බලමු.

Pillows

නිවසක නිදන කාමරය අලංකාරව තියෙන්නම අවශ්‍ය තැනක්. අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් ඔයාගේ ගෙදරට නෑගම් ආවාම ළඟම හිතවතුන් ඔයාගේ නිදන කාමරේටත් එන්න පුළුවන්නේ. ඉතිං ඒ එද්දි ඔයාගේ කාමරය පිළිවෙළට තිබුණොත් හොඳයි නේද? නිදන කාමරයකට ඇතුල් වෙද්දිම කෙනෙක්ගේ ඇස් යොමු වෙන්නේ නිදන ඇඳ දෙසටයි. ඒ නිසා අලුත් අවුරුද්දේ හැමදේම අලුත් කරගනිද්දි නිදන ඇ‌ඳේ කොට්ට‌ මෙට්ටත් අලුත් කරගන්න. කොට්ට එහෙම ගොඩාක් කල් පාවිච්චි කරාම විෂබීජ හා දූවිලි ඇතුළු වීමේ ඉඩකඩත් වැඩියි. මේ කාලේ හොඳම වට්ටම් සමඟින් නිදන කාමරයට අවශ්‍ය උපාංග අලුතින් එකතු කරගන්න අමතක කරන්න එපා.

Smart TV

අලුත් අවුරුද්දේ නිවසේ බඩුමුට්ටු Upgrade කරගන්න අදහසක් තියනවාද?  තාමත් ගෙදර තියන්නේ පරණ ටී.වී එකක්ද? දැන් සාමාන්‍ය TV වෙනුවට Smart TV කරලියට ඇවිත්. ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නරඹද්දි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න Smart TV  වෙතින් ඉඩ හසර ලැබෙනවා.  Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගන්න Smart TV හොඳම ටෙක් ගැජට් එකක්. 50 inch Smart TV, 55 inch Smart TV, 65 Inch Tv, 75 inch TV වැනි තමන්ගේ නිවසට අවශ්‍ය ප්‍රමාණයේ Smart TV එකක් තෝරගන්න. රූපවාහිනිය නැරඹන එක ඔයාගේ ජීවන රටාවේ හුරුවෙලා ඉන්න විනෝදාංශයක් නම් Smart TV හරහා ඊට වෙනසක් එක්කර ගන්න පුළුවන්.

Home Décor

නිවසක් සුන්දර කරගන්න අලුත් ගෘහ උපකරණ වගේම Home Decor අවශ්‍ය වෙනවා.  මේ අවුරුදු කාලේ ගෙදරට අමුත්තන් ආවාම නිවසට ඇතුල් වෙද්දිම අවධානය යොමු වෙන්නේ නිවසක සාලය දෙසටයි. ඒ නිසා කවුරුත් දකින නිවසේ සාලය අලංකාරව තියාගන්න එක ගැන නිතරම හිතන්න වෙනවා. ගෘහ අලංකාරක අතර මේ වගේ Wall decor ආකර්ෂණීය වගේම ප්‍රයෝජනවත් උපාංග වේවි.

Home Exercise Bikes

මෙදා අවුරුද්දේ ඔයාගේ ජීවන රටාවට අලුත් වෙනසක් එක්කර ගමුද?ඔයා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිතර හිතන කෙනෙක් නම්, Gym එකට ගිහින් ව්‍යායාම් කරන්න කැමතියි නේද? Gym එකට යන්න කැමති වුණාත් වෙලාවක් නැති එක තමයි ගොඩාක් අයට තියන ගැටලුව. ඒ නිසා ගෙදර ඉඳන්ම ව්‍යායාම් කරන්න ව්‍යායාම් උපකරණ අවුරුදු සේල් වෙතින් විශේෂ වට්ටම් සමඟින් සොයාගන්න.

Bluetooth Speaker

විනෝදයෙන් ඉන්න කැමති අයට ගැළපෙන උපකරණයක් තමයි Bluetooth Speaker එක. කට්ට්ය හැමෝම එකතු වෙලා පොඩි පාටියක් එහෙම දාන වෙලාවට මේ වගේ බ්ලූටූත් ස්පීකර් එකක් වටිනා උපකරණයක් වෙනවා. JBL Speaker එකක් Daraz අවුරුදු සේල් වෙතින් අඩුම මිලට මේ දිනවල සොයාගන්න. අවුරුදු කාලේ විනෝදාස්වාදයට ගැළපෙනම උපාංගයක් තමයි Bluetooth Speaker එක.

Home Theatre System

පවුලේ අයට සහ මිතුරන්ට විනෝදාස්වාදය සඳහා එක්වීමට ඉඩක් නිර්මාණය කරන උපකරණයක් තමයි Home Theatre Systems. අපි විනෝදයක් ලබන්න බොහෝ වෙලාවට තනි තනියෙන් සංගීතය රසවිඳින්න, විත්‍රපට, වැඩසටහන් නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ අවුරුදු නිවාඩු කාලේ ගෙදර හැමෝම එක්ක එකතු වෙලා අපූරු සිනමා අත්දැකීමක් විඳින්න හොඳ Sound System එකක් තියන මේ වගේ උපකරණ එක්කර ගන්න පුළුවන්.

Air Fryer

අවුරුදු කාලේ කියන්නේ විශේෂ කෑම බීම හදන කාලයක්. ගෙදරට එන අමුත්තන්ට හොඳින් සංග්‍රහ කරන්න විවිධ විදියේ රසවත් කෑම මේ කාලෙට හදන්න වෙනවා. ඔයා තාමත් පරණ තාලෙට උයන කෙනෙක්ද? මේ අවුරුදු කාලේ Air Fryer වැනි අලුත් උපකරණ කුස්සියේ වැඩ පහසු කරගන්න තෝරගන්න.

Blender

ගෙදරදොරේ කෑම හදනවාට අමතරව Juice, Smoothies හදන්න Blender එකක් පාවිච්චි කරනවා.  අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට විවිධ විදියේ රසවත් බීම වර්ග, කොෆි වර්ග,මිල්ක්ෂේක්, ස්මූතීස් හදලා සංග්‍රහ කරන්න මේ වගේ උපකරණයක් ඔයාගේ නිවසේ තියන එක වඩාත් ප්‍රයෝජනවත් නේද? Kitchen Items අලුත් කරගන්න හිතාගෙන ඉන්නවා නම් අලුත් උපකරණ අඩුම මිලට මිලදී ගන්න‌ හොඳම කාලේ තමයි අවුරුදු කාලේ.

Induction Cooker

දැන් ඉස්සරට වඩා ඉවුම් පිහුම් කටයුතු කරන්න පහසු ක්‍රම බොහෝදෙනා හොයාගෙන තියනවා. ඒ අතරින් Electric cooker ඉවුම් පිහුම් කටයුතු සඳහා එකතු කරගෙන තියන්නේ ගෑස් ලිපේ උයනවාට එය වඩාත් පහසු හා ඉක්මන් නිසායි. Induction Cooker වැනි ඉලෙක්ට්‍රික් උපකරණ තිබුණොත් බොහොම පහසුවෙන් ඉවුම්පිහුම් කටයුතු කරගන්න පුළුවන්. ඔයා තාමත් පරණ තාලෙට උයන කෙනෙක් නම් මේ අවුරුද්දේවත් ඔයාගේ ජීවන රටාව වෙනස් කරගමු නේද?

Dining Table

අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න රසවත් කෑම බීම හදනවා වගේම ගෙදරදොරේ උපකරණත් අලුත් වුණොත් නැවුම් වෙනසක් දැනේවි. සිංහල අවුරුද්ද වෙනුවෙන් කැවිලි, කිරිබත් පිරුණු රසවත් කෑම මේසයක් අපි පිළියෙළ කරනවා. හැබැයි අලුත් කැවිලිපෙවිලි එක්කම මේ කැවිලි සියල්ල පිළිවෙළට සකස් කරන,  Dining Table එකත් අලුත් වුණා නම් අවුරුදු සිරිය තවත් වැඩි වේවි. අවුරුදු කාලේ නෑදෑ හිත මිතුරන් සමඟ එකතු වෙලා කෑම බීම රස විඳින්න අලුත් Dining Table එකක් මේ කාලේ වට්ටම් සමඟින් මිලදී ගන්න අවස්ථාව තියනවා.

Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා මෙදා අවුරුද්දේ Home & Lifestyle Items අලුත් කරගන්න.

අවුරුදු ගමන්බිමන් යන්න අත්‍යවශ්‍ය දේවල් ගැන දැනගන්න 8 Things To Take With You On A One Day Trip ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php