අවුරුද්දට හිතවතුන්ට තෑගි කරන්න Avurudu Gift Ideas

අවුරුද්දට හිතවතුන්ට තෑගි කරන්න Avurudu Gift Ideas

අවුරුදු කාලෙට Avurudu Gift Ideas අපිට අමතක කරන්නම බෑ. අවුරුදු නෑගම් යනවා නම් Avurudu Gift Ideas ගැනත් හොයලා බලන්නම වෙනවා.

ඔයාගේ හිතවතුන්ට මෙදා සැරේ අවුරුද්දට දෙන්න Avurudu Gift Ideas ගැන මේ දවස්වල හිතනවාද? හොඳම Avurudu Gift Ideas ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

හොඳම වෙළෙඳ නාමවලින් හොඳම මිලට අඟනා තෑගි තෝරගන්න

අලුත් අවුරුදු කාලේ කියන්නේ අපි හැමෝගෙම හිත්වල සතුට පිරෙන කාලයක්. අවුරුදු අසිරිය පරිසරයෙන් දැනෙන්න පටන් ගන්නවාත් සමඟම හැමෝම අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා. අවුරුදු කාලේ පටන් ගනිද්දිම අපේ මතකයට නැඟෙන දෙයක් තමයි අවුරුදු තෑගි. නෑදෑ හිත මිතුරන් සමඟ අවුරුදු සමරද්දි මේ හැමෝටම තෑගි දෙන්නත් එපැයි. වැඩිහිටියන්ට, දරුවන්ට, නෑදෑයන්ට, මිතුරන්ට මේ හැමෝටම තෑගි දෙන්න වෙන නිසා මොන වගේ තෑග්ගක්ද සුදුසු කියලා ගොඩාක් වෙලාවට හිතාගන්න බැරි වෙනවා නේද?

හැමෝටම ගැළපෙන තෑගි හොයන්න මේ අවුරුදු කාලේ කඩවල් ගානේ යනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒත් දැන් ඔයා කැමතිම වෙළෙඳ නාමවලින් හැමෝටම හරියන හොඳම තෑගි Daraz Mall වෙතින් Online තෝරාගෙන ගෙදරටම ගෙන්නගන්න අවස්ථාව තියනවා. මේ දවස්වල Daraz අවුරුදු සේල්වලින් විශේෂ වට්ටම් හිමිවන නිසා අඩුම මිලට හොඳම වෙළෙඳ නාමයන් වෙතින් වටිනා තෑගි සොයාගන්න දැන්ම Shop කරන්න.

Daraz Mall වෙතින් ගුණාත්මක නිෂ්පාදන අඩුම මිලට. ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්. බැංකු කාඩ්පත් සඳහා 15%ක් දක්වා වට්ටම්.

අවුරුද්දට දෙමාව්පියන්ට/ දරුවන්ට තෑගි

අවුරුද්දට නෑගම් යද්දි පවුලේ ඉන්න තරුණ ගැහැණු ළමයෙක්ට දෙන්න අවුරුදු තෑග්ගක් ගැන හිතනවා නම් Beauty Items හොඳ තෑගි අදහසක්. තරුණියන් කොහොමත් මේකප් දාලා හැඩවැඩ වෙන්න කැමතියිනේ. ඒ නිසා මෙදා සැරේ අවුරුද්දට පවුලේ ඉන්න දුවලාට Viana වැනි වෙළඳ නාම වෙතින් හොඳ කොලිටියේ රූපලාවණ්‍ය බඩුමුට්ටු විශේෂ වට්ටම් සමඟින් තෝරාගෙන තෑගි කරන්න. ගොඩාක් වෙලාවට තරුණ පිරිමි ළමයින්ට දෙමාව්පියන් ඇඳුම් පැළඳුම් තෑගි කරනවා.  ස්ටයිලිෂ් Look එකක් තියන අවුරුදු කාලෙට අඳින්න ගැළපෙන මේ වගේ ෂර්ට්ස් පිරිමි ළමයින්ට දෙන අවුරුදු තෑගි අතරට එක්කර ගන්න පුළුවන්. තරුණයන්ගේ ඇඳුම් සඳහා ජනප්‍රිය නාමයක් දිනා තිබෙන Jump වැනි වෙළෙඳ නාම වෙතින් ස්ටයිලිෂ් ෂර්ට්ස්, ටී -ෂර්ට්ස් තෝරගන්න.

විවිධ විදියේ විලාසිතාවලට කාන්තාවන් බොහෝ සෙයින් ප්‍රිය කරනවා. ඇඳුම් වගේම පාවහන් කාන්තාවන්ගේ හිත්ගත් විලාසිතාවක්. අවුරුද්දට අම්මාට හෝ මැදිවියේ නෑදෑ කෙනෙක්ට දෙන්න සුදුසු තෑග්ගක් තමයි සෙරෙප්පු දෙකක් හෝ සපත්තු දෙකක්. සුවපහසු, අලංකාර පාවහන් විලාසිතා DSI වැනි වෙළෙඳ නාම වෙතින් මිලදී ගන්න.  කාන්තාවකට හෝ තරුණියකට දෙන්න හොඳ තවත් තෑගි අදහසක් තමයි පර්ස් එකක්. නිතර ගමන් බිමන් යද්දි, Shopping යද්දි කාන්තාවකගේ අතේ පර්ස් එකක් නම් වරදින්නේ නෑ. සාමාන්‍යයෙන් මුදල්, බැංකු කාඩ්පත් වැනි අත්‍යවශ්‍ය කළමනා දාන්න තමයි පර්ස් එකක් පාවිච්චි කරන්නේ. ඒ නිසා පර්ස් එකක් ප්‍රයෝජනවත් තෑග්ගක් වෙනවා. ඒ වගේම තමයි විවිධ මෝස්තර සහිත අලංකාර පර්ස් වර්ග තියන නිසා එය ආකර්ෂණීය තෑග්ගක් වෙනවා. දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, අලංකාර පර්ස් අවුරුද්දට තෑගි කරන්න David Jones වැනි වෙළෙඳ නාමවලින් Daraz Mall වෙතින් සොයාගන්න.

තරුණ අයට තෑගි කරන්න ටෙක් ගැජට්ස්

තරුණ අයට අවුරුද්දට දෙන්න හොඳ තෑගි අදහසක් තමයි ටෙක් ගැජට්ස්. ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට මෙදා සැරේ අවුරුද්දට දෙන්න තෑග්ගක් හිතනවා නම් අලුත් ෆෝන් එකක් වට්ටම් සහිතව මේ දවස්වල තෝරගන්න පුළුවන්. ඒ වගේම පිරිමි ළමයෙක්මට Power Bank එකක් වගේ දෙයක් වටිනා තෑග්ගක් වෙනවා. අධ්‍යාපන කටයුතු සිදු කරන වයසේ කෙනෙක්ට ඉගෙනීම් වැඩවලට සහායක් වෙන Tab වැනි උපකරණත් වටිනා තෑගි අදහස් අතරට එක්කර ගන්න සුදුසුයි. Huawei, Dudao, TCL, ZTE, Baseus වැනි හොඳම වෙළෙඳ නාම වෙතින් ඉලෙක්ට්‍රික් හා ටෙක් ගැජටස් Daraz Mall වෙතින්ම මේ අවුරුදු කාලේ විශේෂ වට්ටම් සමඟින් Online මිලදී ගන්න.

නෑගම් යද්දි නිවසකට ගෙනියන්න තෑගි

අවුරුදු කාලේ විවිධ නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල්වලට නෑගම් යන්න සිදු වෙනවා. අලුත් අවුරුද්දේ ගෙදරකට යද්දි හිස් අතින් යන්න බෑනෙ. මොනාහරි දෙයක් අරගෙන තමයි අපි කවුරුත් යන්නේ. හැමෝම නෑගම් යද්දි හිතන්නේ මොන වගේ දෙයක්ද අරගෙන යන්නේ කියලායි. අවුරුදු කාලෙට ගෙදරකට ඇඳඇතිරිලි, ගෘහ අලංකාරක වගේ නිවසක් අලංකාර කරන කළමනා තෑගි හැටියට දෙන්න පුළුවන්. අවුරුදු කාලේ ගෙදරදොරේ ගෘහ උපකරණ ගොඩාක් වෙලාවට අලුත් වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්දේ ගෙදරකට යද්දි අලුත්  ඉලෙක්ට්‍රික් ගෘහ උපකරණයක් එහෙම දෙන්න පුළුවන් නම් වටිනා තෑග්ගක් වෙනවා. Waffle Maker, Toaster, Microwave වගේ කුස්සියට අවශ්‍ය නවීන උපකරණ කදිම තෑගි අදහසක්. Celcius, Airsonic වැනි වෙළඳ නාමවලින් අවුරුදු වාසි වෙතින් විශේෂ වට්ටම් සමඟින් මෙම උපකරණ තෝරගන්න. එ් වගේම නිවසකට ගෙනියන්න සාමාන්‍ය දෙයක් ගැන හිතනවා නම් Unilever වැනි වෙළඳ නාම වෙතින් Groceries Items ගෙනියන්නත් පුළුවන්.

මෙම Avurudu Gift Ideas ගැන හිතලා නෑගම් යන්න හොඳම තෑගි Daraz Mall හොඳම වෙළඳ නාම වෙතින් විශේෂ වට්ටම් සමඟින් තෝරගන්න.

අලුත් අවුරුද්දේ නිවසට අවශ්‍ය Home & Lifestyle Items ගැන දැනගන්න අලුත් අවුරුද්දේ නැවුම් වෙනසක් එක් කරන Home & Lifestyle Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php